රවිශ්ක,මා මුහුණත් හිසත් වසාගෙන උන් ශල්වාර් රෙද්ද අයින් කරා.මා අදුනා ගත් විගසම අම්මාත් අප්පච්චීත් පුදුමයෙන් පුදුමයටම පත් වුනා.එයාලා හිතනවා ඇති රශ්මිකත් එක්ක ගිය මං කොහොමද රවිශ්කව කසාද බැන්දෙ කියලා.එක්වරම මා වෙත පැමිණි අම්මා මාව බදාගෙන අඩන්න පටන් ගත්තා.
“අනේ මගෙ රත්තරං දුවේ ඔයාව දැක්ක කල්.මගෙ දුව සන්තෝශෙන් ඉන්නවා නේද?……….”
ඒකට උත්තරයක් දෙන්න කලින් අප්පච්චිගෙ කටහඩ අවදි වුනා.
“රවිශ්ක පුතා,කරුණාකරලා කියනවද කොහොමද මේ දේවල් සිද්ද වුනේ කියලා.දිනේත්‍රා කොහොමද ඔයාව මැරි කරේ?එයා රශ්මිකත් එක්කනෙ ගියේ……..”
“ඔව් මං ඒ හැම දෙයක්ම කියන්නම් අංකල්.රශ්මික මුල ඉදන්ම කරේ දිනේත්‍රාව රවට්ටපු එක.ඌට ඕනි කරේ අංකල් මාස අටක් තිස්සෙ ඌට රිද්දපුවට දිනේත්‍රාගෙන් පලි ගන්න. ඒකයි ඌ බොරු ආදරයක් පෙන්නලා දිනේත්‍රාව කසාද බැන්දෙ.ඒ කසාදෙන් එක දවසක්වත් දිනේත්‍රා සතුටින් ඉදලා නෑ.ඌත් හරියටම මාස අටක් දිනේත්‍රාගෙන් පලි ගත්තා.දිනේත්‍රාට රශ්මිකගෙන් ඩිවෝස් වෙන්න උදව් කරලා තියෙන්නෙ රශ්මිකගෙ අම්මා……….”
සිද්ද වෙච්චි හැම දෙයක්ම රවිශ්ක අප්පච්චිට කිව්වා.මං අප්පච්චිගෙ දෙපා මුල වාඩි වුනා.😭🙏
“පුලුවන්නම් මේ මෝඩ කෙල්ලට සමාව දෙන්න අප්පච්චී.මං ඔයාලගෙ හිත් නොසෑහෙන්න රිද්දුවා.ඒකට මට දඩුවම් ලැබුනා අප්පච්චී.රශ්මික මට කවදාවත් සැනසීමෙන් ජීවත් වෙන්න දුන්නෑ.ගුටි කනවා බැනුම් අහනවා ඉවරයක් නෑ.රශ්මිකට ඕනි වෙලා තිබිලා තියෙන්නෙ අප්පච්චී ඌට දීපු වද හිංසා වලට මගෙන් පලි ගන්න………”😭😭🙏
“නැගිටින්න දුවේ……….”
අප්පච්චි මාව නැගිට්ටවලා එයාගෙ පපුවට තියා ගත්තා.
“මං කරපු වැරදි වලට ඌ පලි ගත්තෙ ඔයාගෙන්ද?ඌ මහ තිරිසනෙක්………”
අප්පච්චී මට සමාව දීපු එක ගැන මං ගොඩාක් සන්තෝශ වුනා.නිවසේ පඩිපෙල බැහැගෙන ආවේ සොදුරු තරුණියකි.ඇය ගැබිනියක් බව මට පෙනුනාය.කව්ද මේ🤔🤔ඇය සිනාසීගෙනම මා වෙත ආවාය.
“දු,මේ ඔයාගෙ නෑනා.මෙනුලි………”
අනේ දෙයියනේ අයියා කසාද බැන්දද? මං දන්නෙවත් නෑ.මං මෙනුලි අක්කාව වැලදගෙන සුභ පැතුවා.
“දූ,ඔයාලා අද මෙහෙ ඉන්න………”
“අනේ අද නම් ඉන්න බෑ ආන්ටි.මගෙ යාලුවො වගයකට ඩිනර් එකට එන්න කිව්වා.අපි වෙන දවසක එන්නම්.හවස් වෙන්න කලින් යන්නත් ඕනි………”
“එහෙනම් ලන්ච් එකට ඉදලා යන්නකො………”
රවිශ්කත් අප්පච්චීත් කතා බහ කරන අතරතුරේ මාත් අම්මාත් මගේ කාමරේට ගියා.මීට වසර දෙකකට පමණ පෙර මා මේ නිවසෙන් පිටව යන අවස්ථාවේ මගේ කාමරය එලෙසම අදත් ඒ අයුරින්ම දිස් වේ.මා ඇදෙන් වාඩි වූයෙමි.අම්මාත් මා අසලින්ම වාඩි වූවාය.
“රවිශ්ක පුතා ඔයාට හොදට සළකනවා නේද දූ?………”
“අනේ ඔව් අම්මා.ඉස්සර වගේ නෙවෙයි රවිශ්ක දැන් ගොඩාක් වෙනස්.එයා හරිම හොදයි.මාව ගොඩාක් හොදට බලා ගන්නවා.එදා මට රවිශ්කව හම්බුනේ නැත්නම් අද මං ජීවතුන් අතරත් නැති වෙයි……….”
සිදූ වූ සියල්ලම මං අම්මාත් සමග පැවසුවා.
“කොහොම හරි කමක් නෑ.ඔයාලා දෙන්නා සන්තෝශෙන් ඉන්නවා නම් අපිට ඒ හොදටම ඇති………”
“රවිශ්ක හම්බුනේ මගෙ ලොකු වාසනාවකට අම්මෙ.හැබැයි එයා වෙලාවකට හරිම සැරයි අනේ………..”😃😃
“එහෙම නැතුව බෑනෙ.මාත් දන්නවනේ මේ කටට බ්‍රේක් නෑ නෑ කියලා.මිනිහා පොඩ්ඩක් සැරට ඉන්න ඕනි………”😆😆
“ඕං ඉතින් අම්මත් ගත්තා බෑණගෙ පැත්ත………”🤨🤨
ටිකක් වෙලා අම්මත් එක්ක කතා කර කර හිටපු මං මෙනුලි අක්කා ඉන්න කාමරේට ගියා.
“අක්කේ………”
“ආ…..එන්න නංගී.අයියා අද වැඩනෙ……….”
“දැන් මාස කීයද අක්කෙ?……….”
“මාස හතරයි………”
“අවුරුදු දෙකකට විතර පස්සෙයි මං මෙහාට ආවෙ.එදා වගේමයි කිසිම දෙයක් වෙනස් වෙලා නෑ………”
“මට ඔයා ගැන දිනේශ් කිව්වා.මට නම් ඔයා ගැන දුකයි නංගි.ඒත් දැන් ඔයා සතුටින්නෙ ඉන්නෙ……….”
“ඔව් අක්කෙ.රවිශ්ක මගෙ ජීවිතේට ආවෙ නැති වෙච්චි හැම සතුටක්ම අරගෙන……….”
ලන්ච් එකටත් ඉදලා මමයි රවිශ්කයි ගෙදර ආවා.
“යාලුවො කීයටද එන්නෙ රවිශ්ක?……..”
“හතට විතර එයි………”
“මං ගිහින් කෑම ටික හදන්න ගන්නම් ගුණසීලි නැන්දත් එක්ක………”
මායි ගුණසීලි නැන්දයි රෑට කෑම සූදානම් කරලා මේසෙට ඇරියා.රෑ හතට විතර රවිශ්කගේ යාලුවො හතර දෙනා ආවා.
“ආව්ශ්…..මචං බලපන්කො මුගෙ මූණෙ තියන සිරියාව.පහුගිය කාලෙ හෙන ගහපු පොල් කරටිය වගේ තිබ්බ මූණ දැන් හරියට පුර හද වගේ……….”😆😃
රවිශ්කගෙ යාලුවො රවිශ්කට විහිලු කරන්න පටන් ගත්තා.මට නම් හොදටම හිනා.
“නංගි ඔන්න තරහ වෙන්න එපා ඈ.අපි පොඩ්ඩක් සප්පායම් වෙනවා මූත් එක්ක………”
රවිශ්කගේ යාලුවෙක් මත්පැන් බෝතලයක් හා වීදුරුවක් අතට ගනිමින් මට එහෙම කිව්වා.මං හිනා වෙලා එතනින් ගියා.
“මචං වයිෆ් උඹත් එක්කත් තරහ වෙලා වගේ.පොඩ්ඩක් තේරුම් කරලා දීලා වරෙන්………”
මං කාමරෙට ඇවිත් ඇදෙන් වාඩි වුනා. එයාලා හිතේ මං තරහ වෙලා එතනින් ආවා කියලා.රවිශ්කත් මං පස්සෙන්ම කාමරේට ආවා.
“තරහද දිනූ?අදට විතරයිනෙ මැණික. කමක් නැද්ද?……….”
“හ්ම්ම්………”
මං හා කිව්වම රවිශ්ක මාව තුරුල් කරගෙන කම්මුලක් සිපගත්තා.මා ඇද උන් බ්ලව්ස් එකේ බොත්තම් කිහිපයක් ගලවා විවර කර ඒ මත දෙතොල් තැබූ ඔහු ඒ ළමැද පුරා දෑගිලි රැගෙන ගියා.
“දැන් ඇති රවී.ඔයා යන්න යාලුවො ගාවට.නැත්නම් එයාලා කඩාගෙන බිදගෙන කාමරේට එයි………”
රවී කාමරෙන් ගියාට පස්සෙ මං බාතෲම් එකට ගිහින් ඇග හෝදගෙන ආවා.එයාලගෙ පාටිය ඉවර වෙද්දී රෑ දහය විතර වුනා.රවිශ්ක වැනි වැනීම කාමරේට ආවා.
“ඔ….ඔයා කෑවද දිනූ?………”
“ඔව් රවිශ්ක.එන්න නිදා ගම්මු දැන් හොදටම රෑ වෙලා………”
“මට වොශ් එකක් දා ගන්න ඕනි………”
“දැන් දහයත් පහු වෙලා රවී.හෙට නා ගන්න……….”
“බෑ අප්පා.දැන්ම වොශ් එකක් දාන්න ඕනි.දාඩියයි වගේ………”
අනේ අම්මපා මේ මනුස්සයාට පිස්සුද? වෙලාවක් අවේලාවක් නෑ නාන්න. කියන දේ නම් පොඩ්ඩක්වත් අහන්නෑ මේකා.😠😠මාවත් ඇදගෙන බාතෲම් එකට ගිය රවිශ්ක දොර වැහුවා.
“ඇයි මාව මොකටද ඔයා තනියම නා ගන්න……..”
“බෑ.අපි දෙන්නම නාමු………”
“මං නෑවා හවස……..”
“කමක් නෑ ආපහු සැරයක් නාමු………”
“අනේ මාව අතාරින්න රවිශ්ක.අනේ මට නාන්න බෑ.ඔය අනේ මාවත් තෙමෙනවා අප්පා……….”
මං එපා කියද්දීම රවිශ්ක මගෙ අතින් ඇදගෙන ශවර් යටට ගිහින් ශවර් එක ඇරියා.ඉන්න බෑ සීතලට තොල කට වෙව්ලනවා.මං අහක් වෙන්න හැදුවත් රවිශ්ක මගෙ ඉන වටේට අත යවලා හෙලවෙන්නවත් බැරි විදියට මාව බදා ගත්තා.
“අනේ ඇති රවිශ්ක දැන්.අනේ සීතලයි අප්පා.හෙම්බිරිස්සාව හැදෙයි මට මේ වෙලාවෙ වතුරෙ ඉදලා……..”
ශවර් එක ඕෆ් කරපු රවිශ්ක සීතලට වෙව්ලන මගේ දෙතොල් ඒ දෙතොල් වලට ග්‍රහණය කර ගත්තා.වතුරට තෙත බරිත වී ඇගටම ඇලී තිබූ මා ඇද උන් රෑ ඇදුම උරහිසින් පැන්නූ රවිශ්ක ඒ දෑත් මගේ සිරුර පුරා රටා මවද්දී මගේ දෑත් ඒ පිට පුරා එතුනා. රවිශ්කගේ දෙතොල් මගේ ගෙල පුරාත් ළමැදේත් ඉන් පහලටත් දිවයද්දී මා උන්නේ ඔහුගේ මේ ආදරණීය පහසට මත් වීය.ටවල් එක අතට ගත් රවිශ්ක මගේ ඔලුව පිස දමා එය මට ඇන්දවීය.
“ඉක්මනට කාමරේට ගිහින් පිහදාගෙන ඇදුමක් ඇද ගන්න.නැත්නම් හෙම්බිරිස්සාව හැදෙයි………”
කාමරේට පැමිණි මම ඉක්මනින් පිසදමාගෙන ඇදුමක් ඇද ගත්තා. ඔරලෝසුවේ වේලාව රාත්‍රී එකොලයි විස්ස ලෙස සටහන්ව තිබුනා.🕚සීට් එක බෙල්ල ගාවටම ඇද ගත් මං නිදා ගන්නට හදද්දී රවිශ්කත් ඇදට ආවා.
“තමුසෙට මෙච්චරම සීතලයිද?……..”
“න්….නෑ රවිශ්ක නිදි මතයි……..”
මගේ සීට් එකම පොරවා ගත් රවිශ්ක මාවත් තුරුල කරගෙන නිදා ගත්තා.
💖💖
“හචීන් හචීන්……….”
ඕන් පටන් ගත්තා උදේ පාන්දරම. නැගිට්ටා විතරයි කිඹුන් හතර පහක්ම ගියා.හෙම්බිරිස්සාව වගේ.නහයත් බර වෙලා.
“මොකද උදෙන්ම කිඹුන් යන්නෙ. හෙම්බිරිස්සාව වගේද?………”
තේ කෝප්ප දෙක අරගෙන කාමරේට එමින් රවිශ්ක මගෙන් එහෙම ඇහුවා.
“වගේ නෙවෙයි හෙම්බිරිස්සාව තමයි……හචීන්…..මං කිව්වා රවී ඔයාට මාව නාවන්න එපා කියලා.දැන් හොදටම හෙම්බිරිස්සාව………”😥😥
“මේ තේ එක බීලා ඉන්නකො.මං ගුණසීලිට කියන්නම් කොත්තමල්ලි හදලා දෙන්න කියලා.හවස් වෙනකොට අඩු වුනේ නැත්නම් යමු බෙහෙත් ගේන්න………”
“හචීන්………”
කිඹුන් යනවා ඉවරයක් නෑ.දැන් නම් හොදටම හෙම්බිරිස්සාව.පැය බාගයක් විතර යද්දී ගුණසීලි නැන්දා ගෙනත් දිපු කොත්තමල්ලි වීදුරුව බිව්වා.
හවස් වෙලාත් හෙම්බිරිස්සාව අඩු වුනේ නැති හින්දා රවිශ්ක මාව බෙහෙත් ගේන්න එක්කන් ගියා.
💝💝
කාලය ඉක්මනින් ගෙවිලා ගියා.මං හොස්පිටල් එකේ නර්සින් කෝස් එකේ වැඩ පටන් ගත්තා.මාස හයකුත් ගෙවිලා ගියා.මං දැන් ඒ පෞද්ගලික රෝහලේම හෙදියක් විදියට සේවය කරනවා.උදේ හතහාමාරට මාව හොස්පිටල් එකට ගිහින් දාන රවිශ්ක හවස පහට ඇවිත් මාව එක්කන් යනවා.
උදේ පහමාරට නැගිටලා ඇග හෝදගත්ත මං කාමරේට ඇවිත් සුදු පාට යුනිෆෝම් එක ඇද ගත්තා.රවිශ්ක හිටියේ ඇදට වෙලා ෆෝන් එක ඔබ ඔබා.
“දිනූ……..”
“ඇයි රවී?………”
“ඔයාට හැමදාම ඔය ජොබ් එක කරන්න ඕනිද මැණික?………”
රවිශ්ක එහෙම අහද්දී මගෙ හිත දුකින් බර වුනා.මං මේ රස්සාවට ගොඩාක් ආදරෙයි.ඒත් රවිශ්ක කැමති නැද්ද මං මේ ජොබ් එක කරනවට.මං අසරණ දෑසින් රවිශ්ක දිහා බැලුවා.😫😫
“අම්මෝ කරනවා දිගටම ඔය ජොබ් එක.කමක් නෑ.ඒක ඇහුවා විතරයි මූණ බිම ගෑවෙන තරමට එල්ල ගත්තා………”😠😠
රවිශ්කට කේන්ති ගිහිල්ලද කොහෙද. දැන් නම් මට බැනුම් අහන්න වෙනවා ශුවර්.මං ගිහින් රවිශ්ක ගාවින් වාඩි වෙලා ඒ උරහිසේ හිස තියා ගත්තා.එයා සද්දෙ නැතුවම හිටියා.
“ඔයා මාත් එක්ක තරහද රවී?සල්ලි හම්බ කරන්න තියන ආසාවට නෙවෙයි මං ඒ ජොබ් එක කරන්නෙ.නර්සින් වලට මං පුංචි කාලෙ ඉදන්ම ආසයි.ඒක මගෙ හීනයක් රවී.ඔයා අකමැතියි නම් මං ඊලග මාසෙ අස්වීම භාර දෙන්නම්. අනේ ඉතිං තරහ වෙන්න නම් එපා………”😥😥
“ඔයාගෙ ආසාව නම් මං බල කරන්නෙ නෑ මැණික.ඔයා ජොබ් එක කරන්න.මං කිව්වෙ මං හම්බ කරන සල්ලි හොදටම ඇති අපිට ජීවත් වෙන්න.ඔයා සතුටින් නම් ඒ ජොබ් එක කරන්න කමක් නෑ මැණික මං තරහ නෑ……….”
අම්මෝ ඇති යාන්තම් මං හිතුවෙ රවිශ්ක මාත් එක තරහ වෙලා කියලා. මං ඒ කම්මුලක් තද කරලා සිප ගත්තා. ඒ පාර නම් රවිශ්කගෙ මුහුණෙන් හිනාවක් මතු වෙලා ආවා.
“මගෙ චූටි නර්ස් නෝනා මේ යුනිෆෝම් එකට හරිම ලස්සනයි.අරලිය මලක් වගේ………”
“මං එච්චරටම ලස්සනයිද?………”
“හ්ම්ම්.ගොඩාක් ලස්සනයි.දැන් යමු පරක්කු වෙයි ඔයාට……….”
මතු සම්බන්දයි