ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ්-19 රෝගය සඳහා සාර්ථක එන්නතක් නිපදවීම පසුගිය සිකුරාදා ආරම්භ කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මෙරට තුළ කොවිඩ් එන්නත් නිපදවීම සඳහා හැකියාව තහවුරු වී ඇති බැවින් එම එන්නත නිපදවීමේ කටයුතු සාර්ථක වනු ඇති බවය.
විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම එන්නත නිපදවීමෙන් පසුව එහි ප්‍රතිඵල ලබාගැනීමට තවත් මසක පමණ කාලයක් ගතවනු ඇති බවත් මෙම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය ලබා දෙනුයේ සෞඛ්‍ය සේවකයන්ට සහ කොවිඩ් මර්දන කටයුතු සඳහා එක්ව සිටින ආරක්ෂක හමුදා සහ පොලිස් සාමාජිකයන්ට බවද වෛද්‍යවරයා කීය.
එන්නත්කරණ ක්‍රියාවලිය ඇරඹුණු පසු ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටලු හඳුනාගැනීම සඳහා පසුගිය සති අන්තයේදී පෙරහුරු වැඩසටහන් කිහිපයක් පැවැත්වූ බවද කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.