ගෙදරට ආපු ගමන්ම මූණ අත පය හෝදගෙන සැහැල්ලු කොට කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇද ගත්තා.දුලීකා නැන්දා ගෙනත් දීපු දොඩම් බීම වීදුරුව බිව්වට පස්සෙ නම් ඇගට මාර ෆිට් ගතියක් දැනුනෙ.

“නෝනට මොකක්ද එකපාරටම හැදුනු අසනීපෙ.ගෙදරත් හොදට හිටියනෙ……..”

“අනේ එහෙම ලොකු අසනීපයක් හැදුනෙ නෑ නැන්දෙ.මොකක් හරි කාපු කෑමක් ඇලජික් වුනා.දැන් හොදයි……..”

“නෝනා මොනවද රෑට කන්න උයන්න ඕනි?………”

“කන්නත් බෑ වගේ අප්පා.බඩගින්නකුත් නෑ.මොනවහරි සැරට හදන්නකො……..”

“හා නෝනා……..”

හිස් වීදුරුවත් අරගෙන දුලීකා නැන්දා පල්ලෙහාට ගියාට පස්සෙ මං බෑග් එකේ තිබිච්ච ඇදුම් ටික අල්මාරියට ඇහිරුවා. අපාරාදෙ…..මෙහෙ කෙහෙල් මල් අසනීපයක් හැදුනනෙ.නැත්නම් තව දවස් දෙකතුනක් නුවරඑළියෙ ඉදලා එන්න තිබුනා.

බැල්කනියට ගිහින් මං නිකමට වගේ පල්ලෙහා බැලුවා.දේෂාන් මහත්තයා පුටුවක් උඩ වාඩි වෙලා ලැප් එකේ මොකක්දෝ වැඩක් කර කර ඉන්නවා.නිකමටවත් වටපිට බලන්නෙ නෑනෙ මේ මෝඩයා.😁😄ටිකක් වෙලා කල්පනා කරපු මං කාමරේ අයිනෙ තිබ්බ මල් පෝච්චියෙන් පොඩි ගල් කැටයක් අතට අරගෙන දේෂාන් මහත්තයා දිහාට ගැහුවා.ඒක ගිහින් වැදුනේ දේෂාන් මහත්තයගෙ උරහිසේ.ටක්ගාලා ගැස්සිලා වගේ බැලුවා මං ඉන්න දිහා.මං විරිත්තුවා.😊ටිකක් වෙලා මං දිහා බලන් හිටපු දේෂාන් මහත්තයා බ්ලොක් ගල් බාගයක් විතර සයිස් ගලක් අරගෙන මට බොරුවට ගහන්න වගේ හැදුවා.

කම්මැලිකමක් දැනුනු හින්දා මං ටීවි එක දාගෙන ස්කූබිඩූ කාටුන් එක බැලුවා.ඒක නම් ශෝක් කාටූන් එක අප්පා.😀😀ෂැගී, ස්කුබී හොල්මන් අල්ලන්න ගිහින් බය වෙන හැටි නම් මරු.👻😀මං හරිම ආසයි කාටූන් බලන්න.

“බබා කාටුන් බලනවද?………”😁😁

මගෙ පුටුවෙ කොනක වාඩි වෙන ගමන් දේෂාන් මහත්තයා එහෙම ඇහුවා.

“මං ආසයි කාටුන් බලන්න.ශෝක් අනේ………”

“දැන් පහත් පහු වෙලා.තමුසෙ තාම වොශ් එකක් දා ගත්තෙ නෑ නේද?රෑ වෙලා නාගෙන හදා ගන්නවකො තව ලෙඩක්………”😠😠

මේ යකා මෙතන කෑ ගහනවා මට හරියකට කාටූන් එකවත් බලාගන්න නෑ. ටීවි එක ඕෆ් කරලා තරහෙන්ම මං කාමරේට ඇවිත් ටවල් එකත් බාතෲම් එකට ගියා නා ගන්න.පැයක් විතර අරගෙන හොදට නා ගත්තා.ඊට පස්සෙ නම් ඇගේ තිබිච්ච අමාරු ගතිය නැති වෙලා ගියා.ඒ පාර දේෂාන් මහත්තයා දොරට ගහන්න පටන් ගත්තා.

“ඇයි මහත්තයා?……..”

“තමුසෙ ඕක ඇතුලෙ නානවද පැල වෙනවද?ඉක්මනට නාගෙන එනවා ඕයි. රෑ වෙනකල් වතුරෙ ඉන්න එපා……..”😠

“නාලා ඉවරයි මහත්තයා කෑ ගහන්න එපා බොරුවට……….”

මේකාගෙ වැඩේ ඉතිං මට ඕන එකටයි එපා එකටයි බනින එකනෙ.නෑවත් වැරදියි කාටුන් බැලුවත් වැරදියි.හිතින් බනින ගමන්ම මං ඔලුව පිහදාගෙන කාමරේට ආවා.

“මොන සබන්ද ඕයි තමුසෙ ගෑවෙ?………”

“බේබි සබන්………”

“මාර සුවදයි ඕයි තමුසෙ ගාව.දැන් තමුසෙගෙ අසනීප හොදද?………”

“දැන් හොදයි මහත්තයා.මං හිතන්නෙ නුවරඑළියෙ දේශගුනේ මට ඔරොත්තු දුන්නෑ.ඒකයි අසනීප වෙන්න ඇත්තෙ………”

අල්මාරිය ඇරලා ඇදුමක් ගන්න ගමන් මං එහෙම කිව්වා.දේෂාන් මහත්තයා පිටි පස්සෙන් ඇවිත් මාව බදාගෙන මගෙ පිටට මුහුණ තියාගෙන හේත්තු වෙලා හිටියා.

“අනේ මහත්තයා පොඩ්ඩක් එහාට යන්නකො මට ඇදුමක් ඇද ගන්න………”

මං එහෙම කිව්වත් දේෂාන් මහත්තයා අහකට ගියේ නෑ.මාව තුරුල් කරගෙනම හිටියා.ඕනි දෙයක් වෙච්චාවෙ කියලා හිතලා මාත් ඒ උණුසුමටම තව තවත් ගුලි වුනා.මාව දෝතට අරන් ඇදෙන් තිබ්බ දේෂාන් මහත්තයා මගෙ සිරුරට බර වුනා.වෙනදා නොදැනෙන අපහසුතාවයක් මට දැනෙන්නට වුනා.

“නුවරඑළියේ ගියා ටික දවසක් ඉදලා එන්න සීතලේම.කොහෙද ඉතිං ගිය පළවෙනි දවසෙම කසන ලෙඩක් හදාගෙන පලු දාගෙන ඇග පුරාම ක්‍රීම් ගාන්න වුනා.අනික් දවසෙ මොකක් හරි ජරාවක් කාලා වමනෙ දාන්න ගත්තා……..”

“අනේ මහත්තයා මං මොකුත් ජරාවක් කෑවෙ නෑ.මහත්තයට ඔල්මාදෙ……..”

“මොකක්?කාටද ඔල්මාදෙ?………”😠😠

දේෂාන් මහත්තයා මගෙ කට තදින් මිරිකුවා.

“ඌයි….අනේ නෑ මහත්තයා.අනේ සොරි………”

“සොරි රිදුනාද මැණිකට?………”

පොල් මිරිකනවා වගේ කට මිරිකලා දැන් අහනවා රිදුනද කියලා😠මේ යකාට මගෙ කටින් වැරදිලා වචනයක් පිටවුනත් එහෙම අහු වෙන්නෙ එක්කො මගෙ කන් දෙක.එහෙම නැත්නම් මගෙ කට.

“ඔව් රිදුනා තමයි………”😠😠

“සොරි මැණික.කෝ ඔහොම ඉන්නකෝ………”

එහෙම කියලා දේෂාන් මහත්තයා මගෙ දෙතොල් සිප ගත්තා.ඒ දෙතොල් වල උණුසුම මගේ දෙකම්මුල් පුරාත් ගෙල පුරාත් හොදින් දැනෙන්නට වුනා.ඒ උණුසුමට තව තවත් ගුලි වූ මට වෙනදාට නොදැනෙනෙ අපහසුවක් වේදනාවක් දැනුනා.ඒත් මා ඒ බව ඔහුට නොකීවේ මේ සුන්දර අනුරාගී මොහොතෙන් මට මිදෙන්නට නොසීතූ නිසාය.අඩ හෝරාවක් පමණ ගෙවී යන්නට විය.එක් වරම බඩ කලතගෙන ඔක්කාරෙට🤢 එන්නට විය.ඉක්මනින් දේෂාන් මහත්තයව පැත්තකට තල්ලු කරමින් ටවල් එකත් ගත දවටා ගත් මා බාතෲම් එකට දුව ගියෙමි.රාත්‍රී ආහාරය එහෙම් පිටින්ම වමනෙ යන්නට විය.🤮🤮

“අහිංසා……මට ඇත්ත කියනවා තමුසෙ මට හොරෙන් මොනවහරි අගුණ දෙයක් කෑවද?ඇයි තමුසෙට මෙහෙම වමනෙ යන්නෙ?……..”

මාව වත්තන් කරගෙන මුහුණ කට සෝදවාගෙන කාමරේට රැගෙන එමින් දේෂාන් මහත්තයා මගෙන් එලෙස විමසුවා.

“අනේ මං එහෙම මොකුත් කෑවෙ නෑ මහත්තයා.මහත්තයා කාපු දේවල්ම තමයි මාත් කෑවෙ………”

කබඩ් එක ඇර ගව්මක් ගෙන එය මට ඇන්දවූ දේෂාන් මහත්තයා මගෙ ඔලුව පීරුවේය.

“යමු හොස්පිටල් එකට………”

“අනේ ඕන්නෑ මහත්තයා.මට නම් බෙහෙත් බොන්න බෑ……..”

“ආ……තමුසෙ මේ බෙහෙත් ගන්න ඕන්නෑ කියන්නෙ ලෙඩේ හොද වෙලා නෙවෙයි බෙහෙත් බොන්න වෙනවටද?……..”😠😠

ඒක මං කිව්වා නෙවෙයි කියවුනා.දේෂාන් මහත්තයට තරහ ගියා.

“අනේ මහත්තයා බෙහෙත් ඕන්නෑ……..”

“නෑ නෙවෙයි යමු ඩොක්ටර් කෙනෙක් ගාවට.සමහර විට මොකක් හරි කෑමක් ඇලජික් වෙලා ඇති.තමුසෙ ඉතිං හැම මළ ජරාවක්ම කනවනෙ.එදා ගෙදර ගිය දවසෙ ලොවියි,අඹයි,නාරනුයි සේරම කාලා බඩේ අමාරුවක් හදා ගත්තා.අද මොකක් හරි මගුලක් කාලා වමනෙ යනවා.බෙහෙත් ගේන්න යමුයි කිව්වම බෑ කියනවා බෙහෙත් බොන්න කම්මැලි කමට පොඩි එකෙක් වගේ………”😡😡

මේ යකා මට මෙහෙම බනිනකොට නැති ලෙඩත් හැදෙනවනේ.අසනීපයක් හැදුනමවත් මූට බැරිද මට ටිකක් ආදරෙන් කතා කරන්න.😥😥

“තමුසෙ මොනවද කල්පනා කරන්නෙ?එනවා ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න. මෙතන පොඩි එකෙක් වගේ කෑ ගහන්න හදන්න නම් එපා………”😡😡

ඔව් මං පොඩි එකෙක් තමයි.තාම මට අවුරුදු දහ අටනෙ.දේෂාන් මහත්තයා දිහා බලලා රවලා මං අහක බලා ගත්තා. මගෙ අතින් ඇදගෙන ඇවිත් මාව කාරෙකට දාපු දේෂාන් මහත්තයා රියදුරු අසුනේ වාඩි වුනා.


“මේ ටෙස්ට් එක කරලා බලන්න.පැය බාගයක් විතර යයි රිපෝට් එක එන්න.අතෙන්ට වෙලා වාඩිවෙලා ඉන්න. රිපෝට් එක ආවම මෙතන ඉන්න ඩොක්ටර්ට පෙන්නලා බලාගන්න……..”

මාව පරීක්ෂා කරපු ලේඩි ඩොක්ටර් එහෙම කිව්වා.රිපෝට් එක එනකල් මායි දේෂාන් මහත්තයයි පුටුවකට වෙලා වාඩි වෙලා හිටියා.

“ආන් අර වගේ බෙහෙත් ගොඩාක් තමයි තමුසෙට බොන්න හම්බෙන්නෙ………”😁

නර්ස් කෙනෙක් ලග රාක්කෙක තිබුනු විවිධ වර්ගයේ බෙහෙත් පෙති පිරුනු බෝතල් වගයක් පෙන්නලා දේෂාන් මහත්තයා එහෙම කිව්වා.ඒ බෙහෙත් පෙති දකිනකොටත් මට වමනෙට වගේ එනවා.

“අනේ මහත්තයා විහිලු කරන්න එපා.මට නම් එච්චර බෙහෙත් ගොඩක් බොන්න………”

“හරි හරි.තමුසෙ බෑ කිව්වට මං දන්නවා පොවන හැටි………”

ඔව් ඉතිං.මට දෙකතුනක් ඇනලා පොවයි. හැල ගෙම්බා😁🤣😄එතකොටම දේෂාන් මහත්තයගෙ වයසෙම වගේ මනුස්සයෙක් ඔලුව පලාගෙන හොස්පිටල් එකට එක්කන් ආවා බෙහෙත් දාන්න.අම්මෝ😱😱ඒ මනුස්සයගෙ ඔලුවෙන් ලේ වැක්කෙරෙනවා.මං දේෂාන් මහත්තයගෙ මුහුණ දිහා බලනවත් එක්කම දේෂාන් මහත්තයත් මගෙ මුහුණ දිහා බැලුවා. මූට මොකක් හරි මතක් වුනා වගේ.😁😆

“ඇයි තමුසෙ මං දිහා ඔහොම බලන්නෙ?………”😠😀

“න්…..නෑ නිකන් මහත්තයා……..”

එතකොටම නර්ස් කෙනෙක් අපි ගාවට ආවා.

“මෙන්න සර් රිපෝට් එක.අර කාමරේ ඩොක්ටර් ගාවට යන්න………”

දේෂාන් මහත්තයා මගෙ අතිනුත් අල්ලගෙන ඒ කාමරේට ආවා.ඩොක්ටර් අපිට වාඩි වෙන්න කිව්වා.

“මේ දේෂාන් නේද?………”

“ඕ….හෝ…..මේ රංජීව නේද?උඹව දැකපු කල් බං.අන්තිමට අපිට ලෙඩ්ඩු කරලා උඹ ඩොක්ටර් වුනා නේද?සතුටුයි මචං උඹ ගැන……….”🤝🤝

ඒ ඩොක්ටර් දේෂාන් මහත්තයගෙ හොදම යාලුවෙක්.දෙන්නා ආගිය තොරතුරු කතා බහ කරන ගමන්ම දේෂාන් මහත්තයා මාවත් එයාගෙ යාලුවට අදුන්වලා දුන්නා.

“කවද්ද බං උඹලා මැරි කරේ?අපි දන්නෙවත් නෑ……..”

“දැන් මාස හයක් විතර වෙනවා බං. කොහොමද උඹගෙ ෆැමිලි ලයිෆ් එක?……..”

“මං මැරි කරලා දැන් අවුරුදු පහක් වෙනවා.කොල්ලොම තුන් දෙනෙක් ඉන්නවා………”

දෙන්නා කතා බහ කරන අතරතුරේ ඩොක්ටර් රංජීව රිපෝට් එක බැලුවා. රිපෝට් එක බලපු ඩොක්ටර් රංජීවගේ මුහුණේ තිබුනේ සතුටුදායක සිනහවක්😀😀යකෝ….මනුස්සයෙකුට ලෙඩක් හැදුනම සතුටු වෙන ඩොක්ටර් කෙනෙක්ව මං ඔය දැක්කාමයි.😁🤣

“කන්ග්‍රැජුලේශන් මචං දීපන් අපිට පාටියක්………”😀😀

“ඇ…..ඇයි බං?……..”

“උඹේ වයිෆ් ප්‍රෙග්නන්ට් මචං.ඔන්න දෙන්නටම මගේ සුභ පැතුම්…….”🤝🤝💐

“අම්මෝ………”😀😀😱

දේෂාන් මහත්තයා අම්මෝ කියලා පපුවට අත තියා ගත්තු විදියට මාත් බය වුනා.

“ඇයි…..ඇයි බං උඹට හාට්ටැක් එකක්වත් හැදුනද?………”😁🤣😂

“න්….නෑ….නෑ බං.තැන්ක්‍යූ බං.මට එකපාරටම හිතා ගන්න බැරි වුනා. එහෙනම් අපි දැන් යන්නම්………”

“හරි බං.මේ බේත් ටික එලියෙන් අරන් පලයන්………”

බෙහෙත් තුණ්ඩුවත් අරගෙන එලියට ඇවිත් බෙහෙත් ටිකත් අරගෙන අපි කාරෙකට නැග්ගා ගෙදරට එන්න. දෙයියනේ සැරින් සැරේට මට මේ විදියට අසනීප වුනේ මං ප්‍රෙග්නන්ට් නිසාද?මට සතුටකුත් එක්ක පුංචි බයකුත් දැනුනා තාම අවුරුදු දහ අටක් වෙච්චි මං අම්මා කෙනෙක් වෙන්න යනවා කිව්වම.දේෂාන් මහත්තයා නම් හිටියේ උතුරා යන තරම් සතුටකින්.මගින් වාහනේ නවත්තලා මට කෑම ජාති ගොඩාක් පලතුරු ජාති ගොඩාක් අරන් දුන්නා.තියන පෙරේතකමට දුන්න දුන්න හැම එකම මං බදා ගත්තා.😀😋


“මැණික……ඔයාට ගොඩාක් පිං මට මෙහෙම සතුටක් ලබා දුන්නට.මට දැනෙනවා ජීවිතේ සම්පූර්ණයි කියලා……..”

ලොකු භක්තියකින් පරිස්සමට මගෙ කුස සිප ගන්න ගමන් දේෂාන් මහත්තයා එහෙම කිව්වා.මං කවදාවත් දැකලා නෑ දේෂාන් මහත්තයා මේ තරම් සතුටින් ඉන්නවා.ඒ සතුට මගේ ජීවිතේට නැවුම් මිහිරක් එක් කරා.

“මැණිකට කන්න ආස ඕනම දෙයක් කියන්න මං ගෙනත් දෙන්නම්………”

“ම්ම්ම්…..ඉස්සො වඩේ ගෙනත් දෙන්න………”😂🤣😁

ඒ පාර නම් දේෂාන් මහත්තයා මං දිහා රවලා බැලුවා.හැබැයි තරහින් නෙවෙයි හරිම ආදරණීය විදියට.

“ඔන්න පුතේ අම්මා තාත්තිගෙන් පාරක් කන්න තමයි හදන්නෙ ඕන්නැති දේවල් ඉල්ලලා……..”😂😀

මං දන්නවා මං දැන් මොන වැරැද්දක් කරත් දේෂාන් මහත්තයා මට එක පාරක්වත් ගහන්නෙ නෑ.

“මං විහිලුවක් කරේ.මහත්තයා මට ගොඩාක් කෑම ජාති අරන් දුන්නනෙ.


“මහත්තයා…..ඔයා අම්මට කිවුවද එයා ආච්චි කෙනෙක් වෙන්න යනවා කියලා………”

“හ්ම්ම්.අම්මා දැන් මෙහෙ එන ගමන් ඉන්නෙ………”

“අනේ ශෝක්නෙ………”😀😀

පැය කිහිපයක් යද්දී දේෂාන් මහත්තයගෙ අම්මා ආවා.මං දුවලා ගිහින් අම්මව බදා ගත්තා.

“හා….හා දැන් ඔය දැගලිල්ල අඩු කරගන්න වෙයි දුවේ.පුතා ඔයා මගෙ දුවව හොදට බලා ගන්නවා නේද?……..”

“අම්මේ…..මේ ඔයාගෙ දුව නෙවෙයි ලේලි. මං ඔයාගෙ බෑනා නෙවෙයි පුතා……..”😂😁

“ඕන් මෙයාගෙ තියන ඉරිසියාව නේද අම්මේ?……..”

මතු සම්බන්දයි