පලිගත් විවාහය
😘අගහරුවාදා උදෑසන නවයයි විස්සට යෙදුනු සුභ මොහොතින් මමයි රවිශ්කයි විවාහ වුනා.අපි වෙඩින් එකක් ගත්තෙ නෑ.රෙජිස්ටාර් කෙනෙක්ව නිවසට ගෙන්නලා අපි කසාද බැන්දෙ.අපි වෙනුවෙන් සුභ පතන්න හිටියෙ රවිශ්කගෙ යාලුවො කිහිප දෙනෙකුයි සිරිදාස මාමයි ගුණසීලි නැන්දයි විතරයි.
“දිනේත්‍රා…..ඔයාට අප්සට් වගේද වෙඩින් එකක් ගත්තෙ නැති එකට?……….”
“අනේ නෑ රවිශ්ක.මෙහෙම හොදයි. ඔයාට ගොඩාක් පිං.මං හිතුවෙ නෑ මට මෙහෙම ජීවිතයක් ලැබෙයි කියලා.මං හිතුවෙ මං තනිවෙයි කියලා……….”
රවිශ්කගෙ පපුවට තුරුල් වෙලා මං එහෙම කිව්වා.රෑ හතට විතර අපි දෙන්නා ඩිනර් එකට අපි දෙන්නා බීච් හොටෙල් එකට ගියා.
“හෙට රෑට ගෙදර පුංචි පාර්ටියක් තියනවා.මගෙ යාලුවො තුන් හතර දෙනෙක් එනවා.ඔයාට පුලුවන්ද ගුණසීලිත් එක්ක ඩිනර් එක ලෑස්ති කරන්න………”
“හා.රවිශ්ක.මට පුලුවන්………”
“අපි දැන් යමු………”
😘😘
ගෙදර ආපු ගමන්ම රවිශ්ක බාතෲම් එකට රිංග ගත්තා.මාත් කුස්සියට ගිහින් වතුර එකක් බීලා ගුණසීලි නැන්දත් එක්ක කතා කර කර හිටියා.
“මහත්‍තයා දැන් නම් ගොඩාක් සතුටින් ජීවත් වෙයි………”
ගුණසීලි නැන්දා මං දිහා බලලා සතුටු මුහුණකින් එහෙම කිව්වා.ගුණසීලි නැන්දයි සිරිදාස මාමයි අපිට දරුවන්ට වගේ සළකනවා.
“නැන්දෙ හෙට රෑ කෑමට රවිශ්කගෙ යාලුවො ටික දෙනෙක් එනවා.අපි දෙන්නා කෑම හදමු………”
“අනේ හා නෝනෙ.මං උදෙන්ම මාකට් එකට ගිහින් එලවලු මාලු එහෙම අරන් එන්නම්……….”
“ඒක හොදයි නැන්දෙ.යනකොට මටත් කියන්න මාත් එන්නම්………”
වෙලාව නවයාමරටත් කිට්ටුයි.බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.ඒ පාර රවිශ්ක කාමරේ ඉදන් කෑ ගහනවා.
“දිනේත්‍රා………”
“ඇයි රවිශ්ක?………”
“ඉක්මනට එනවකෝ ඕයි.තමුසෙ ඕක ඇතුලෙ පැල වෙනවද?………”
අනෙ අම්මපා මූට තියන හදිස්සියක්😁😀😆 මට නිදහසේ නා ගන්නවත් දෙන්නෑ.හොද වැඩේ කියලා හිතාගෙන මං ටිකක් වැඩිපුර වෙලා අරගෙන නා ගත්තා.
“එනවකෝ ඕයි ඉක්මනට.නැත්නම් මං එනවා ඇතුලට………”😁😁
“පොඩ්ඩක් ඉන්නවා මනුස්සයෝ ඔලුව පිහදාගෙන එන්නම්………”😆😆
ඔලුව පිහදාගෙන ටවල් එකත් පටලගෙන මං කාමරේට ගියා.රවිශ්ක මං දිහා බලාගෙන හිටියේ මනමාල විදියට හිනා වෙමින්.මට නම් ලැජ්ජයි වගේත්.මං ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.ඇදෙන් නැගිටලා මං ලගට කිට්ටු වුනු රවිශ්ක මගෙ නිකටෙන් උස්සලා ඇස් දිහාම බලාගෙන හිටියා. මගේ දෙව්ර දිගේ දෑත් ගෙනියපු රවිශ්ක මගෙ කම්මුලට හාදුවක් දුන්නා.සත්තයි මුලු ආත්මයම හිරි වැටුනා වගේ දැනුනා.
මාව ඒ තුරුලට ගත් රවිශ්ක සෙමින් සෙමින් මා ඇද උන් ටවල් එකේ ගැටය වෙත දෑත් ගෙනියමින් එය ලිහා බිම පතිත වන්නට ඉඩ හැරියා.මගේ ගෙල දෙපසට හාදු තැවරූ රවිශ්ක මා සයනය මතට තල්ලු කරා.විදුලි ලාම්පුව නිවා දමමින් ඇද උන් කෙටි ශෝට උනා දමා මසිරුරට බරවූ රවිශ්ක ඒ දෙතොල් වල පහස මගෙ සිරුර පුරාම රැදෙව්වා. අනුරාගී හෝරාවන් කිහිපයට පසුව මසිරුරෙන් ඉවත් වූ ඔහු අනෙක් පසට හැරුනේ ෆෑන් එක ක්‍රියාත්මක කරමිනි.
“දිනූ……..”
“රවී………”
“ආදරෙයි මැණිකෙට……….”
“මාත් ගොඩාක් ආදරෙයි මහත්තයෝ……….”
“දැන් නිදා ගන්න.එකටත් කිට්ටුයි……….”
මටත් සීට් එක පෙරවූ රවිශ්ක ඔහුත් පොරවාගෙන නිදා ගත්තා.
😘😘
පසුදා උදෑසන මා අවදි වන විට වෙලාව නවයයි තිහ වී තිබුනි.රවිශ්ක මගේ පපුව මතින් අතක් දමාගෙන කකුලක් මගේ ඇග උඩින් දාගෙන හොදටම නිදි. මං ටිකක් වෙලා ඒ මුහුණ දිහා බලාගෙන හිටියා.මං කවදාවත් හිතුවෙ රවිශ්ක මගෙ ජීවිතේට එයි කියලා.එදා මං රශ්මිකගෙන් බේරෙන්න පාර දිගේ දුවගෙන ආපු වෙලාවෙ රවිශ්ක ආවෙ නැත්නම් අර රස්තියාදුකාරයින්ගේ ගොදුරක් වෙන්නයි මට සිද්ද වෙන්නෙ. රවිශ්ක මගෙ ජීවිතේ බේරගත්තා.මගෙ ඇග මත තිබූ රවිශ්කගෙ අතයි කකුලයි පසෙකට කෙරූ මං ඒ සුදු මූණ සිප ගත්තා.ඊට පස්සෙ නැගිටින්න හදනකොටම රවිශ්ක මගෙ අතින් ඇද්දා.දෙයියනේ මේ යකා නිදාගෙන නෙවෙයිද හිටියෙ?🤦🤦
“කිස් එකක් දීලා හිමිහිට මාරු වෙන්න නේද හැදුවෙ ආ?………”
“අනේ අතාරින්නකො රවිශ්ක.දැන් වෙලාව නවයහමාරත් පහු වෙලා………”
මං එහෙම කිව්වත් රවිශ්ක මාව අතෑරියේ නෑ.නිරුවත් ළමැද වසාගෙන හිටපු සීට් එකෙන් අදින්න හැදුවා.මං තද කරලා සීට් එකෙන් අල්ල ගත්තා.
“මොකෝ ලැජ්ජ හිතුනද ආ?😉😊දැන් වහ ගත්තට වැඩක් නෑ.ඊයෙ මං දැක්කා සේරම ටික……….”😁😆😃
සෙමින් රවිශ්කගෙ උරහිසට පහරක් එල්ල කර මං ටවල් එකත් පටලවගෙන බාතෲම් එකට ගිහින් ඇග හෝදගෙන කාමරේට ඇවිත් ඇදුමක් ඇද ගත්තා.
“ඒයි මොකෝ මේ තාමත් නිදි?නැගිටිනවා දැන් දහයත් පහු වෙලා………”
බොහොම අමාරුවෙන් මං රවිශ්කව නැගිට්ටෙව්වා.මටත් විරිත්තලා😉😉 කාමරෙන් ගිය රවිශ්ක දිහා බලාගෙන ඉද්දී මටත් හිනා.😃😃ඔලුව පීරගෙන මං කුස්සියට ගියා.
“ආ…..නෝනෙ මං මේ ලෑස්ති වුනේ මාකට් එකට යන්න.නෝනා එනවද?මං කතා කරේ නෑ නෝනා නිදි හින්දා………”
“කමක් නෑ නැන්දා යන්න.මං ඉන්නම්………”
ගුණසීලි නැන්දට සල්ලි දීලා ගේන්න අවශ්‍ය බඩු ලිස්ට් එකත් ලියලා දුන්නා.
රවිශ්කටයි මටයි තේ හදාගෙන මං කාමරේට ආවා.
“රවී තේ බොන්න……..”
රවිශ්කට තේ එක දීලා මාත් තේ එක බිව්වා.
“ඔයාගෙ තාත්තට කිව්වා මං ඊයෙ මැරි කරා කියලා……..”
“මොකක්??අප්පච්චි මොකද කිව්වෙ රවිශ්ක?එයා දන්නවද මං ගැන?………”
“මං මැරි කරේ ඔයාව කියලා කිව්වෙ නෑ.මං හෙට අප්පච්චිටයි අම්මටයි මෙහෙ රෑ කෑමට ඉන්වයිට් කරා.ඔයාම හදන්නකෝ………”
මගෙ හිතට ලොකූ සතුටක් දැනුනා.මට හිතුණා අප්පච්චි මට සමාව දෙයි කියලා.ඒ ගැන මට විශ්වාසයක් දැනුනා.
“අප්පච්චී මාත් එක්ක තරහින්ද දන්නෑ තාමත්……….”
“මං මැරි කරේ ඔයාව කියලා දැන ගත්තම අප්පච්චී ඔයත් එක්ක තරහ වෙන එකක් නෑ.මං කියන්නද වැඩක් අපි දෙන්නා දැන් යමුද ඔයාලගෙ ගෙදර………”
“මේ දැන්????………..”😱😱
“ඔව්.අද ඔයාගෙ අප්පච්චි ගෙදරනෙ ඉන්නෙ……….”
“අනේ හා………..”😃😃
මං ටක්ගාලා ලෑස්ති වුනා රවිශ්කත් එක්ක අපේ ගෙදර යන්න.
“මොනවද අරන් යන්නෙ ගෙදරට………”
“මොනවා හරි ගම්මුකො………”
මගින් අප්පච්චි කන්න ආසම ස්ට්‍රෝබෙරි අයිසින් කේක් එකක් ගත්තා.ගේ ගාවටම එද්දී මං හොදට වටපිට බැලුවා.ගේට් එක ගාවදී රවිශ්ක කාරෙක නැවැත්තුවා.
“ආ මේක මෙහෙම දා ගන්න………..”
රවිශ්ක මං ඇදන් හිටපු ශල්වාර් එකෙන් මගෙ ඔලුවත් එක්ක මුහුණත් වැහුවා.ගෙයි මිදුලෙන් වාහනේ නැවැත්තුවට පස්සෙ රවිශ්ක මගෙ අතින් අල්ලගෙන ගෙයි දොරකඩට ගියා.මගෙ පපුවත් එක්ක ගැහෙන්න පටන් ගත්තා.එකපාරටම අම්මගෙයි තාත්තගෙයි රුව නිවසේ දොරකඩින් පෙනුනා.රවිශ්ක හිටියෙ මගෙ අතින් අල්ලගෙනයි.අතේ තිබ්බ පාර්සලේ රවිශ්ක අම්මගෙ අතට දුන්නා.
“මේ මගේ නෝනා මිස්ටර් සූරියආරච්චි……….”
“මෙයා මුස්ලිම්ද?ඇයි මුහුණ වහගෙන ඉන්නෙ?……..”
එහෙම ඇහුවෙ අම්මා.මගෙ ඇස් වලින් කදුලුත් වැටුනා.අපි දෙන්නට ගේ ඇතුලට එන්න කියපු අම්මයි අප්පච්චි සාලෙන් වාඩි වුනා.
“අනේ ඉතිං රවිශ්ක පුතා මැරි කරා කිව්වම අපිටත් සන්තෝශ හිතුණා.කෝ ඉතිං අපිට මෙයාගෙ මූණ පෙන්නන්නෙ නැද්ද?මොකක්ද නම?………”
“නම…..දිනේත්‍රා.දිනේත්‍රා සූරියරච්චි……….”
“මොකක්????…………”😱😱
මතු සම්බන්දයි