07 බෝනස් කොටස
🌹පලිගත් විවාහය

🌹”ශා…..අද නම් කෑම ටික මරු. කොහොමද මෙච්චර හොදට උයන්න ඉගන ගත්තෙ?……….”

රෑට කෑම කාලා ඉවර වෙලා රවිශ්ක මගෙන් එහෙම ඇහුවා.අද මමනෙ කෑම ඉව්වෙ.

“පොඩි කාලෙ ඉදන්ම අම්මා උයනකොට මං ලගට වෙලා බලන් ඉන්නවා.ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම මට හොදට උයන්න පුලුවන්………”

“ආ…..ඒක නෙවෙයි ලබන සතියෙ සදුදා ඉදන් කෝස් එකේ වැඩ පටන් ගන්නවා. ඔයාට මොනවා හරි ඕනි දෙයක් තියනවා නම් කියන්න………”

“ඔයාට ගොඩාක් පිං රවිශ්ක මට මෙහෙම උදව් කරනවට………”

“පිස්සු කෙල්ල දැන් නිදා ගන්න.ආ…… අමතක වුනානෙ.හෙට මං ගෙදර එන්න ටිකක් රෑ වෙයි.යාලුවෙකුගේ පාටියක් තියනවා.බය නැතුව ඉන්න. සිරිදාසයි ගුණසීලියි ඉන්නවනේ………”

මං ඔලුව වනලා හා කිව්වා.ඊට පස්සෙ ගුඩ් නයිට් කියලා රවිශ්ක කාමරෙන් ගියා.මාත් ලයිට් එක ඕෆ් කරලා නිදා ගත්තා.

🌹🌹

“මහත්තයා අද ගෙදර එන්න පරක්කු වෙනවා කිව්වා නේද නෝනා?………”

“ඔව් නැන්දෙ.යාලුවෙකුගේ පාර්ටියක් කියලා කිව්වා………”

හවස තේ බොන අතරතුරේ ගුණසීලි නැන්දා මගෙන් එහෙම ඇහුවා.තව දවස් තුනකින් මගෙ කෝස් එකේ වැඩ පටන් ගන්න නිසා මං හිටියෙ ගොඩාක් සන්තෝශෙන්.පහට විතර නාගත්තු මං කාමරේට ඇවිත් ජනේලෙන් එපිට බලාගෙන හිටියා.රවිශ්ක නොහිටියා නම් අද මගෙ ජීවිතේට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.

මගේම අප්පච්චී මාව ප්‍රතික්ෂේප කරද්දී රවිශ්ක මාව එයාගෙම නිවසේ නතර කරගෙන උදව් කරා.රෑ නවය වුනත් නිදි මතක් දැනුනේ නෑ.රවිශ්ක නම් තවම ගෙදර ආවෙ නෑ. පැයක් විතර යනකොට ගේට් එක පැත්තෙන් වාහනේක සද්දයක් ඇහුනා. මං ජනේලයක් ඇරලා බැලුවා.ඇවිත් තිබුනේ රවිශ්ක.මං කාමරෙන් එලියට ඇවිත් බැලුවා.රවිශ්ක හිටියෙ හොදටම බීලා.මෙහෙම බීලා මේ මනුස්සයා වාහනේ කොහොම ඩ්‍රයිව් කරගෙන ආවද මන්දා.

“අද නම් මහත්තයට හොදටම වැඩියි වගේ නෝනා………”

එහෙම කිව්වෙ ගුණසීලි නැන්දා. රවිශ්ක වැනි වැනිම කාමරේට ගියා.

“නැන්දෙ සිරිදාස මාමට එන්න කියන්නකො……….”

එහෙම කියලා මං රවිශ්කගෙ කාමරේට ගියා.රවිශ්ක ඇදට වැටිලා හොදටම නිදි.මං කුස්සියට ගිහින් දෙහි ගෙඩියක් මිරිකගෙන ඇවිත් රවිශ්කගේ යටි පතුල් වලින් හිසෙහි ඇතිල්ලුවා. සපත්තු දෙක ගලවලා කමිසයත් ගලවලා ෆෑන් එක දැම්මා.

“නෝනෙ………”

“සිරිදාස මාමෙ රවිශ්කට මේ සරම අන්දවන්නකො.බොනවා කියලා මෙහෙම බොන්න ඕනිද?කෙලින් හිටගන්නවත් බැරුව කොහොම ආවද මන්දා වාහනෙත් අරගෙන……….”

එහෙම කියලා මං මගේ කාමරේට ඇවිත් නිදා ගත්තා.

☁️🌥️⛅🌤️

හෙට ඉදන් ට්‍රේනිං පටන් ගන්න නිසා මං ඇදුමක් එහෙම අයන් කරලා සූදානම් කර ගත්තා.මාස හයකින් තමයි ජොබ් එක ස්තීර වෙන්නෙ.උදේ තේ බීලා ඉවර වෙලා මං පල්ලෙහාට ගිහිල්ලා මිදුල අතු ගෑවා.

“අනේ නෝනෙ කෝ ඉදල දෙන්න මං අතු ගාන්නම්……..”

“අනේ මට අතු ගාන්න පුලුවන් නැන්දෙ. වැඩක් නොකර නිකන් ඉන්න කම්මැලියි අප්පා……….”

“ඒක නෙවෙයි නෝනා,නෝනා කවද්ද රවිශ්ක මහත්තයව කසාද බදින්නෙ?……….”

ගුණසීලි නැන්දා අහපු දෙයින් මාව නිකන් ගැස්සුනා වගේ දැනුනා.ඇයි මෙයා මගෙන් එහෙම දෙයක් ඇහුවෙ? රවිශ්ක ගුණසීලි නැන්දට මොනවා හරි කියලද?

“මෙ….මේ රවිශ්ක නැන්දට මොනවා හරි ඒ ගැන කිව්වද?……….”

රවිශ්ක කවදාවත් මගෙන් එහෙම දෙයක් ගැන අහලා නෑ.ගිණි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියනවා වගේ ආයෙමත් කසාදයක් ගැන හිතන්න මං බයයි.

“එහෙම මොකුත් නම් කිව්වෙ නෑ නෝනා.ඒත් මහත්තයා හැමදාම ෆැක්ටරියට යන්නෙ නෝනව හොදට බලා ගන්න කියලා.නෝනා ගැන හොදට හොයලා බලනවා.මහත්තයා නෝනට ගොඩාක් ආදරෙයි……….”

අනේ දෙයියනේ……මටත් නිකමට හිතුණා රවිශ්ක මට ආදරේ කරනවද කියලා.ඒත් කවදාවත් රවිශ්ක මට එහෙම යෝජනාවක් කරලා නෑ.මට මෙච්චර උදව් කරලා මගෙ ජීවිතේ බේර ගත්තෙ රවිශ්ක මාව බලාපොරොත්තුවෙන්ද?🤔🤔

මිදුලෙ ඉතුරු ටිකත් අතු ගාලා මං බාතෲම් එකට ගිහිල්ලා මූණ අත පය හෝද ගත්තා.දැන් වෙලාව දහයටත් කිට්ටුයි.රවිශ්කගේ කාමරේට ගියත් තාම එයා ඇහැරිලා නෑ.එවලෙම වගේ
ගුණසීලි නැන්දා තේ ගෙනත් දීලා ගියා.

“රවිශ්ක…..රවිශ්ක……….”

මං දෙතුන් සැරයක් කතා කරාට පස්සෙ රවිශ්ක නැගිට්ටා.

“අප්පා……මං මෙච්චර වෙලා නිදාගෙනද?ඊයෙ නම් ටිකක් වැඩු වුනා……..”

ඔරලෝසුව දිහා බලලා එහෙම කියපු රවිශ්ක අමුතුවෙන් වගේ එයා දිහා බැලුවා.

“කව්ද මගෙ ඇදුම් මාරු කරේ?………”😁

“සිරිදාස මාමා……….”

“ඔලුව රිදෙනවා අප්පා………”

“බිව්වම එහෙම තමා.මං පෙනඩෝල් දෙකක් ගේන්නද?……….”

“හා ගේනවකො.මං ඇග හෝදගෙන එන්නම්………”

මං මගෙ කාමරේට ගිහින් පෙනඩෝල් දෙකකුයි වතුර වීදුරුවකුයි ගෙනල්ලා ස්ටූල් එක උඩින් තිබ්බා.ඒක තියලා එන්න හදනකොට මං දැක්කා කණ්ණාඩි මේසෙ උඩ ෆයිල් එකක් තියනවා.මං නිකමට වගේ ඒක පෙරලලා බැලුවා.

ඒකෙ තිබ්බෙ මගෙ කෝස් එකේ අයදුම් පත්‍රය.ඒක පුරවලා තිබ්බෙත් රවිශ්කමයි.කෝස් එකේ සම්පූර්ණ මුදල රුපියක් තිස්දාහයි. ඒකත් රවිශ්ක ගෙවලා තිබුනා.මගෙ නම උපන් දිනය උස……ඒ හැම දෙයක්ම රවිශ්ක හරියටම ලියලා තිබුනා.

ඊට පල්ලෙහායින් ලියලා තිබුනු දේ දැක්කම මාව ගැස්සිලා වගේ ගියා.ඒකෙ මගෙ විවාහක අවිවාහක බව ලියන තීරුවෙ රවිශ්ක ලියලා තිබ්බෙ මං විවාහකයි කියලා.භාරකරුවාට රවිශ්ක දාලා තිබ්බෙත් එයාගෙ නමමයි. භාරකාරයාට මට ඇති නෑදෑකමට රවිශ්ක දාලා තිබ්බෙ එයා මගෙ සැමියා කියලා.දෙයියනේ…ඇයි රවිශ්ක එහෙම දෙයක් දැම්මෙ.රවිශ්කගෙ හිතේ මං ගැන ආදරයක් ඇති වෙලාද?

“දිනේත්‍රා?………”

මං ගාවට ආපු රවිශ්ක මං දිහායි ෆයිල් එක දිහායි බැලුවා.එයා දැන ගන්න ඇති මං ෆයිල් එක බලපු බව.

“ර….රවිශ්ක මේ ඔයා ඇයි………”

“මෙහෙන් වාවි වෙන්නෙකො……….”

රවිශ්ක මාව එයා ගාවින් වාඩි කරවගත්තා.

“ඔයා මෙහාට ඇවිත් මාස හයක් හතක් විතර වෙනවනේ.මං ගැන ඔයා හොදට දන්නවනේ.මං මේ ගැන ඔයාට අද කියන්න හිටියේ……….”

“මෙ…..මට තේරෙන්නෙ නෑ ඔයා මොනවද කියන්න හදන්නෙ කියලා………”

“මං කැමතියි දිනේත්‍රා ඔයාව කසාද බදින්න.ඔයා හිතලා බලලා තීරණයක් ගන්න.ඔයා මට අකමැති වුනා කියලා මං ඔයාව මෙහෙන් පන්නන්නෙ නෑ. මගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙත් නෑ.මං ඔයාට ආදරේ කරන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයි.මීට අවුරුදු හයකට විතර කලින් ඉදලා.ඒ කාලෙ මං හිටියෙ ඇමරිකාවෙ.අපේ ගෙදරින් ඔයාට මාව ප්‍රපෝස් කරත් ඔයා අන්තිමට රශ්මිකව මැරි කරානෙ. ඒත් මං ඔයාට ආදරේ කරා දිනේත්‍රා.

ඊට පස්සෙ මට ප්‍රපෝසල් කීයක් නම් එන්න ඇත්ද?මං ඒ හැම එකකටම බැහැ කිව්වෙ ඔයා නිසා.මගෙ හිතේ ඔයාට තියන තැන වෙන කෙනෙකුට දෙන්න බෑ දිනේත්‍රා.මීට කලින් මං මේ ගැන ඔයාට කිව්වා නම් ඔයා මං ගැන වැරදියට හිතන්න තිබ්බා ඒකයි මං සද්දෙ නැතුව හිටියෙ.දැන් ඔයා මං ගැන ඇත්තම දන්නවනේ……….”

එහෙම කියලා රවිශ්ක මගෙ ඇස් දිහාම බලාගෙන හිටියා.රවිශ්ක දැන් හොද මනුස්සයෙක් කියලා මට තේරෙනවා.ඒත් විවාහ ජීවිතයක් ගැන හිතනකොට මට දැනෙන්නෙ මහා බයක්.ඒ රශ්මික මට සලකපු විදිය නිසා වෙන්න ඇති.

“මෙ…..මට…..මට ආපහු විවාහයක් ගැන හිතන්න බයයි රවිශ්ක.මං ඩිවෝස් වෙච්චි ගෑනියෙක්.ඔයාට මට වඩා හොද කෙල්ලෙක්ව හොයා ගන්න පුලුවන්………”

“මට හොද කෙල්ලො ඕන්නෑ දිනේත්‍රා. ඔයා මට ආදරෙයි නම් මට ඒ ඇති.ඔයා ඩිවෝස් වුන එක මට ප්‍රශ්නයක් නෙවෙයි.මාත් ඉස්සර හොද මනුස්සයෙක් නෙවෙයිනෙ.මට කියන්නකො ඔයාගෙ තීරණේ?……….”

මගෙ හිතේ රවිශ්ක ගැන ආදරයක් ඇති වුනත් ඒක කියාගන්න තරම් ශක්තියක් මට නෑ.මං නිහඩව බිම බලා ගත්තා.

“නිහඩව ඉන්න එක ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි නර්ස් නෝනා……..”😀😆😉

රවිශ්ක හදන්නෙ මාව හිනාගස්සන්න. මං හිමිහිට ඇදෙන් නැගිටලා ජනේලෙ ගාවට ගියා.රවිශ්කත් මං ගාවට ආවා.

“කියන්නකෝ……..”

“මොනවද?………”

“මට ආදරෙයි කියලා………”

“හ්ම්ම්……..”

“හ්ම්ම් කියලා බෑ.කියන්න ඕනි………”

“ආදරෙයි……..”

“කාටද?……..”

“ඔයාට……..”

“කොච්චරක්ද?………”

“ගොඩාක්………”

“මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මැණික………”

රවිශ්ක මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අත ගෑවා.

“රවිශ්ක……..”

“ම්ම්ම්………”

“මං විතරයි ඔයාගෙ හරිද?පිට ගෑනුත් එක්ක මොකුත් බෑ……..”

“ඉස්සර හිටපු රවිශ්ක නෙවෙයි මැණික දැන් ඉන්නෙ.මට ඕනි ඔයාව විතරමයි.ඒත් එක වැරැද්දක් තියනවා කියන්න…….”

“ඒ මොකක්ද?……..”

“ඔයාට මතකද මීට අවුරුදු දෙකකට විතර කලින් මායි අම්මයි තාත්තයි ඔයාගෙ ගෙදර ආපු වෙලාවෙ ඔයා කියපු දෙයක්………”

“ඒ මොකක්ද රවිශ්ක?……..”🤔🤔

“අපෙ අම්මා කිව්වෙ අපි දෙන්නගෙ කසාදෙ වෙන්න කලින් ඔයාව මෙඩිකල් චෙකප් එකකට දාන්න ඕනි කියලා.ඒ වෙලාවෙ ඔයා මං ගැන කියපු දේ මතකද?………”

ඔව් මට මතක් වුනා මං කියපු දේ.එදා මං රවිශ්කගෙ අම්මට කිව්වෙ තමුන්ගෙ ලේලිගෙ පිරුසිදුකම හොයන්න කලින් තමුන්ගෙ පුතා කෙල්ලො කී දෙනෙකුගෙ පිරිසිදුකම නැති කරාද කියලා බලන්න කියලනෙ.

“ඔ….ඔව් රවිශ්ක……..”

“ඒක වැරදියි දිනේත්‍රා.මාත් එක්ක හිටපු එකියක්වත් පිරිසිදු එවුන් නෙවෙයි. කාගෙ හරි උවමනාවකට කාගෙ හරි අතින් අනාථ වෙච්චි එවුන්……..”

“මට සමාවෙන්න රවිශ්ක……..”

“හරි මැණික.අපි දැන් ඒ හැම දෙයක්ම අමතක කරලා දාමු.ආ…තව දෙයක් තියනවා කියන්න.ඔයාගෙ කොස් එකේ වැඩ පටන් ගන්නෙ හෙට නෙවෙයි ලබන සතියෙ සදුදා.මං සතියක් කල් ඉල්ලුවා.ඊට කලින් අපි මැරි කරමු.අර ෆයිල් එකේ තියෙන්නෙත් අපි මැරි කරලා කියලනෙ……..”

මතු සම්බන්දයි