මැර හිතකට ලං වී

💙”දැන් තමුසෙගෙ කසන ලෙඩේ හොදයිද?………”

උදේ නැගිටපු ගමන්ම දේෂාන් මහත්තයා මගෙන් එහෙම ඇහුවා.

“දැන් නම් හොදයි මහත්තයා.ඒ ක්‍රීම් එකට අඩු වුනා………”

එහෙම කියලා මං සීට් එක කකුලෙ ඉදන් බෙල්ල ගාවටම පොරව ගත්තා. නැගිටින්න හිතුනෙම නෑ.

“මොකද තමුසෙ නිදා ගන්න හදන්නෙ?නැගිටිනවා.තමුසෙ නුවරඑළි ට්‍රිප් එකක් ආවෙ නිදාගන්නද?……..”

මං පෙරවගෙන හිටපු සීට් එක අදින දේෂාන් මහත්තයා ඇද්දා.ඔව් ඉතිං වෙනදාට මේ යකාව උදේ පාන්දර නැගිට්ටවන්න මට යුද්දයක් කරන්න ඕනිනෙ.අද එයා කෑ ගහලා මාව නැගිට්ටවනවා.මේකාට නම් මොකද ඉතිං.😁😊

“අනේ මහත්තයා තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ අප්පා……..”

“බෑ බෑ.වෙනදාට තමුසෙ මට නිදා ගන්න දෙන්නෙ නෑ.අටට යන්න තිබ්බ ට්‍රිප් එකට පාන්දර පහේ ඉදන් නැගිට්ටෙව්වා……..”

දේෂාන් මහත්තයා ඇදෙන් බිමටම ඇදලා දැම්මා.පුදුම සීතලක් දැනුනේ.තාම උදේ හතයිනෙ වෙලාව.

“ගිහිල්ලා ඇග හෝදගන්නවා……..”

“අනේ මහත්තයා මට බෑ සීතලයි……..”

“යකෝ උණු වතුරෙන් තොට ඇග හෝදන්න කිව්වෙ……..”😁😄

දේෂාන් මහත්තයා මාව බලෙන්ම බාතෲම් එකට තල්ලු කරා.මං හිතින් බැන බැනම බාතෲම් එකට ගිහින් උණු වතුරෙන් ඇග හෝද ගත්තා.ඊයෙ ඉස්සො වඩේ කාලා ඇගේ පලු දාලා ක්‍රීම් ගාන්න සිද්ද වුන නිසානෙ අද උදේම ඇග හෝදන්න වුනේ.ටවල් එකත් ඇගේ පටලවගෙන මං කාමරේට ආවා.දේෂාන් මහත්තයා හිටියේ බැල්කනියට වෙලා කාටදෝ මන්දා කෝල් කරමින්.මං බෑග් එක ඇරලා අත් දිග බ්ලව්ස් එකකුයි සැහැල්ලු දිග කලිසමකුයි ඇද ගත්තා.

“මොනවද උදේට කන්නෙ?………”

“ඉස්සො වඩේ කමු………”😂😁

“ඇයි ආයෙ කස කසා ඉන්නද?……..”😠😠

“අනේ නෑ මහත්තයා.මට නම් කන්න බෑ වගේ උදේම………”

එවලෙම වගේ හොටෙල් එකේ සේවකයෙක් ඇවිත් තේ ගෙනාවා.

“තේ බීලා ඉන්න……..”

මාත් ඔලුව පීරගෙන තේ එක අරගෙන බැල්කනියට ඇවිත් බොන්න ගත්තා. හොටෙල් එක පල්ලෙහා ලස්සන ස්විම්පූල් එකක් තිබ්බා.

“අපි දෙන්නත් නාමුද ඒකෙ……..”

දේෂාන් මහත්තයා මගෙන් ඒ ස්විම්පූල් එකට අත් දික් කරලා මගෙන් ඇහුවා.

“අනේ මට නම් ඒකෙ නාන්න බෑ මහත්තයා.මාව ඕකෙ ගිලිලා මැරෙයි.මට පීනන්නත් බෑ……..”

“තමුසෙ ගමක ඉදලාවත් පීනන්න බැරිද ඕයි?……..”

“ගමේ හැමෝටම පීනන්න බෑනෙ මහත්තයා………”

මං අහක බලාගෙන තේ බොන ගමන්ම එහෙම කිව්වා.

“මට නම් බඩගිනියි ඕයි.උදේට මොනවා හරි කාලම ඇවිදින්න යමු.තමුසෙට කන්න මොනවද ඕනි?………”

පව්නෙ ඉතිං දේෂාන් මහත්තයා.මට කන්න බෑ කියලා හිතුනත් කෑවා.මං දන්නවා මං උදේට කෑව් නැත්නම් දේෂාන් මහත්තයා විතරක් කන්නෙත් නෑ. කොච්චර බැන්නත් මේ නපුරා මට හරිම ආදරෙයි.😀😊😚

“මහත්තයා කන දෙයක් ඕඩර් කරන්න……..”

“එහෙනම් නූඩ්ලස් කමු……..”

“හ්ම්ම් හා……..”

ටිකක් වෙලා යද්දී හොටෙල් එකේ සේවකයෙක් අපිට උදේ කෑමට නූඩ්ලස් ගෙනත් දුන්නා.මායි දේෂාන් මහත්තයයි නූඩ්ලස් කෑවා.මට කන්න අප්පිරිය හිතුනත් මං බඩගින්නෙ ඉන්න බැරි නිසා කෑවා.

“මං පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් එන්නම්.තමුසෙ එකෙන් අත හෝදගෙන ඉන්නවකො………”

මට එහෙම කියලා දේෂාන් මහත්තයා පල්ලෙහාට ගියා.මං වතුර එකක් බීලා ඇදෙන් හාන්සි වුනා.නුවරඑළියේ ලස්සන ලස්සන තැන් වල ඇවිදින්න කියලා හිතාගෙනයි අපි දෙන්නා ලෑස්ති වුනේ. මගෙ ඇග රිදෙන්න පටන් ගත්තු නිසා මං ටිකක් ඇදෙන් ඇල වුනා.අප්පිරියාවෙන් අකමැත්තෙන් නූඩ්ලස් ටික කාපු නිසාද මන්දා මට වමනෙ යන්න වගේ ආවා.🤢 කටත් අල්ලගෙන මං ඉක්මනට බාතෲම් එකට දිව්වා.කාපු නූඩ්ලස් ටික සේරම මට වමනෙ ගියා.🤮කැස්ස හැදිලා උගුර හොදටම දැවිල්ල ගත්තා.

“අහිංසා…..ඇයි මේ මොකද ඔයාට වුනේ?………”

මාව අල්ලගෙන බය වෙලා වගේ දේෂාන් මහත්තයා මගෙන් එහෙම ඇහුවා. වමනෙ ගිහිල්ලා උගුරට දැනුනු දැවිල්ල ගතිය නිසා මගෙ ඇස් වලටත් කදුලු පිරුනා.මාව හරියට මත් වෙලා වගෙයි දැනුනෙ.

“මට වමනෙ ගියා මහත්තයා.හරිම අමාරුයි ඇගට.උගුරත් දැවිල්ලයි………”

“ඒ මොකද එකපාරටම වමනෙ ගියේ?ඊයෙ කාපු ඉස්සො වඩේ නිසාද?………”

“අනේ දන්නෑ මහත්තයා මට කලන්තෙයි වගේ………”

මං හිටියේ දේෂාන් මහත්තයගෙ ඇගට හේත්තු වෙලා.ඇගට හරියට පණත් නෑ.

“ගොඩාක් අමාරුයිද අහිංසා?………”

මගෙ පිටයි පපුවයි අත ගාන ගමන් දේෂාන් මහත්තයා එහෙම ඇහුවා.

“නෑ මහත්තයා.අනේ මාව කාමරේට එක්කන් යන්න……..”

බොහොම අපහසුවෙන් මං එහෙම කිව්වා.දේෂාන් මහත්තයා මගෙ මූණ කට හෝදවලා මාව හරහට වඩාගෙනම කාමරේට ගෙනිහින් ඇදෙන් තිබ්බා.ඊට පස්සෙ මගෙ ඔලුව අත ගෑවා.

“කාපු ඔක්කොම වමනෙ ගියානෙ.මං වෙන මොනව හරි කන්න ඕඩර් කරන්නද?……..”

“කන්න නම් බැහැ මහත්තයා.ගොඩාක් අප්පිරියයි.මට බොන්න මොනවහරි ගෙනත් දෙන්නකෝ.ලෙමන් හොදයි……..”

ඊට පස්සෙ දේෂාන් මහත්තයා හොටෙල් එකේ සේවකයෙකුට කියලා මට බොන්න ලෙමන් එකක් ගෙනත් දුන්නා.ඒක බිව්වට කටේ තිබ්බ අප්පිරිය ගතියයි සෙවල ගතියයි ටිකක් විතර නැති වෙලා ගියා.

“ඉන්න මං ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්නම්………”

“එපා ඕන්නෑ මහත්තයා.දැන් හොදයි වගේ………”

“ඒ වුනාට තමුසෙගෙ මුහුණෙ ලෙඩ පාටයි.ඇගත් නිකන් සුදුමැලි වෙලා වගේ. තමුසෙ මොනවහරි ජරාවක් කන්න ඇති. ඒකනෙ වමනෙ ගියේ………”😠😠

මට මෙතන අසනීප වෙලා ඉන්නවා.මූ ඒකටත් නැති දේවල් කියලා මට බනිනවා.😠😥

“අනේ බනින්න එපා මහත්තයා මං එහෙම මොකුත් කෑවෙ නෑ.අපි දැන් ඇවිදින්න යමු……..”

“ඔහොම ලෙඩ මර ගාතෙ තමුසෙට ඇවිදින්න යන්න බෑනෙ.අපි අද ඉදලා හෙට ඇවිදින්න යමු……..”

“අනේ නෑ මහත්තයා මට දැන් හොදයි.අපි ඇවිදින්න යමු අනේ……..”


මල් වත්ත දිගේ ඇවිදලා ඇවිත් අපි දෙන්නා දිය ඇල්ලක් ගාව නතර වුනා. මගෙ ඇගට කලින් දැනුනු පණ නැති ගතියයි අපහසුතාවයයි ආයෙමත් දැනෙන්න වුනා.ඒත් මං ඒ බවක් දේෂාන් මහත්තයට දැනෙන්න ඉඩ හැරියෙ නෑ. එහෙම වුනොත් මේ යකා මට බනියි ඉස්සෙලා ඩොක්ටර් කෙනෙක් ගෙන්නන්නත් දුන්නෙ නෑනෙ.

“නාමුද අහිංසා පල්ලෙහාට ගිහින්.මරු ඕයි……..”

“අනේ මහත්තයා ඔයා නාන්නකො.මට නම් බෑ හරිම සීතලයි.උදේ ඇගත් හේදුවනේ……….”

“තමුසෙ තාම අසනීපෙන් නේද ඉන්නෙ?………”

“න්…..නෑ මහත්තයා.ඉස්සෙල්ලා වමනෙ ගිය හින්දා වෙන්න ඇති මේ………”

“එහෙනම් මැණික අපි හෙට උදෙන්ම ගෙදර යමු.ඔහොම අසනීප ගතියෙන් ඉන්නැද්දී මෙහෙ ඉන්න බෑනෙ………”

මාත් ඒකට බෑ කිව්වෙ නෑ.ටිකක් වෙලා ඇවිදපු අපි දවල් වෙලා හොටෙල් එකට ආවා.ආපු ගමන්ම මං නිදා ගත්තා.ආපහු ඇහැරෙද්දී හවස තුනට විතර ඇති.

“මාර නින්ද නේද මැඩම්?තමුසෙ නම් ඉපදිලා තියෙන්නෙ නිදා ගන්නමද කොහෙද……..”😂🤣

“මං එච්චර වෙලා නිදා ගත්තද මහත්තයා?………”

“නෑ…..නෑ…..පැය තුනයි නිදා ගත්තෙ………”

“මහත්තයා අපි හෙට ගෙදර යනවද?……..”

“ඔව් අපි හෙට යමු.තමුසෙ අසනීපෙන් ඉන්නැද්දී ට්‍රිප් ඇවිල්ලා විනෝද වෙන්න බෑනෙ.අපි පස්සෙ දවසක වෙන කොහෙ හරි යමු…….”


පහුවදා උදේම අපි දෙන්නා ගෙදර එන්න පිටත් වුනා.ඇගේ තිබ්බ රෝගී බවෙහි නම් කිසිම අඩුවක් තිබ්බෙ නෑ.මං ඒ බවක් දේෂාන් මහත්තයට දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ.මොන ලෙඩක්ද දන්නෑනෙ.ඊට පස්සෙ විටමින් නෑ කියයි අරක නෑ මේක නෑ කියයි.බෙහෙත් අහුරු පිටින් බොන්න දෙයි.පුංචි කාලෙ ඉදන්ම මං බෙහෙත් බොන්න කැමතිම නෑ.ඉස්සර අම්මා ඉන්න කාලෙ වුනත් මට බෙහෙත් බොන්න දුන්නම මං අම්මට හොරෙන් බෙහෙත් ටික විසික් කරලා දානවා.

“ඇත්ත කියනවා අහිංසා තමුසෙට මොකක්ද හැදිලා තියන අසනීපෙ?තමුසෙගෙ මූණත් එක්ක අමුතු වෙලා…….”😠😠

“මට මොකුත් අසනීපයක් නෑ මහත්තයා. මහත්තයට පිස්සු…….”😠😁

“කාටද පිස්සු?…….”

අම්මෝ මූට ඒකත් ඇහුනද?හොදට වෙලාවට කාරෙක ඩ්‍රයිව් කරන ගමන් හිටියෙ.😁😂

💙💜️

පැය කිහිපයකින් අපි දෙන්නා ගෙදරට ආවා.

“ආ මහත්තයලා කලින්ම ඇවිල්ලා වගේ. අපි හිතුවෙ තව ටික දවසක් ඉදලා එයි කියලා……..”

අපිව දැකපු ගමන්ම දුලීකා නැන්දා එහෙම ඇහුවා.

“අහිංසාට ටිකක් අසනීප වුනා දුලීකා. ඒකයි ඉක්මනට ආවෙ…….”

මතු සම්බන්දයි

Advertisment