දැන් නම් හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්.මං හිතුවෙ ඇමැන්ඩා දේෂාන් මහත්තයව මගෙන් උදුර ගනියි කියලා.කොච්චර කෑ ගැහුවත් නපුරු වුනත් මට දේෂාන් මහත්තයගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න බෑ.දේෂාන් මහත්තයා මාව කොහේ හරි ට්‍රිප් එකක් එක්කන් යන්නනෙ හිටියෙ.මේ ප්‍රශ්නෙ හින්දා ඒක යන්නත් බැරි වුනා.
“මහත්තයා………”
“හ්ම්ම්………”
“මේ…..අපි කොහේ හරි යමුකො.මට මේ ගේ අස්සෙම හිර වෙලා ඉදලා එපා වෙලා තියෙන්නෙ………”
“දැන් තමුසෙට කොහෙද යන්න ඕනි?…….”
යකෝ මං මූට මහත්තයා කියලා කතා මූ මට තමුසෙ තමුසෙ කියලනේ කතා කරන්නෙ?ටිකක් ආදරෙන් කතා කරන්නවත් දන්නෑනෙ මේ ගොං වස්සා.😁😊මං ටිකක් වෙලා කල්පනා කරා.
“අපි නුවරඑළියේ යමුකො මහත්තයා.මං එහෙ ගිහිල්ලාම නෑ.අනේ……..”
“තමුසෙ ස්කෝලෙ ට්‍රිප් එකකවත් නුවරඑළි ගිහින් නැද්ද?……..”
“දහය වසරෙදි අපේ පන්තියෙ හැමෝම නුවරඑළියේ ට්‍රිප් එකක් ගියා.මාමයි නැන්දයි මාව යැව්වෙ නෑ……..”😫😫
“ලබන සතියෙ යමු නුවරඑළි……..”
“අනේ හා………”😀😀
සතුට වැඩි කමට මං දේෂාන් මහත්තයගෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නා.දේෂාන් මහත්තයටත් හිනා ඉතිං මගෙ දැගලිල්ලට.
💕💞
මං ඉතිං ඇගිලි ගැන ගැන බලං හිටියා නුවරඑළියෙ යන්න තියන දවස උදා වෙනකල්.කොහොමින් කොහොම හරි දවසින් දවස ගෙවිලා ඒ දවසත් උදා වුනා. පාන්දර හතරට විතර නැගිටලා මං ලෑස්ති වුනා.දේෂාන් මහත්තයා නම් තාමත් හොදටම නිදි.දැන් ඉතිං මේ යකාව ඇහැරවන්න වෙනම යුද්ධයක් කරන්න වෙයි.නිදි කුබ්බා.😁😁
“මහත්තයා…..මහත්තයා නැගිටින්නකෝ……..”
“මොකද යකෝ?නිදා ගන්න දීපන්කො.නිදි මතයි……..”😠😠
“අනේ මහත්තයා අපිට යන්න පරක්කු වෙයී………”
මට බැන බැනම දේෂාන් මහත්තයා ඔරලෝසුව දිහා බැලුවා.තාම වෙලාව පහයි දහයයි.
“උඹට මොංගල්ද ගෑනියෙ.තාම පහයි දහයයි වෙලාව.අපි යන්නෙ උදේ අටට. තව වෙලාව තියනවා……..”😠😠
මට එහෙම කියලා දේෂාන් මහත්තයා අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.ඔව් ඉතිං ඇත්තනෙ අටට යන්න තියන එක මං හතරෙ ඉදන් ලෑස්ති වෙලානෙ.තව ගොඩාක් වෙලාව තියනවනේ.
හතට විතර නැගිටලා දේෂාන් මහත්තයා ලෑස්ති වුනා.ටික වෙලාවකින් දුලීකා නැන්දා කාමරේ ලගට ඇවිත් කතා කරා.
“එන්න නැන්දෙ……..”
“මහත්තයා……මේ ඇමැන්ඩා කියලා නෝනා කෙනෙක් ඇවිල්ලා මහත්තයාව හම්බෙන්න ඕනිලු……..”
ඇමැන්ඩා😡😡ඒ ගෑනි මොකටද දේෂාන් මහත්තයව හොයාගෙන එන්නෙ?මට ආවෙ ලොකු කේන්තියක්.මං දේෂාන් මහත්තයගෙ මුහුණ දිහා බලනවත් එක්කම දේෂාන් මහත්තයාත් මගේ මුහුණ දිහා බැලුවා.
“මොකද බං ඔහොම බලන්නෙ?……..”
“මොකටද ඇමැන්ඩා මෙහෙ එන්නෙ?……..”😠😠
“මං කොහොමද දන්නෙ?එනවා යන්න බලන්න……..”
දේෂාන් මහත්තයා මගෙ අතිනුත් අල්ලගෙන පඩිපෙළ බැහැලා පල්ලෙහාට ගියා.ඇමැන්ඩා තව පිරිමි කෙනෙක් එක්ක සාලෙට වෙලා හිටියා.මට නම් කේන්තියි මේ ගෑනිගෙ මුහුණ දකිද්දි.
“හායි දේෂාන් මං ආවෙ ඔය දෙන්නටම මගෙ වෙඩින් එකට ඉන්වයිට් කරන්න. මේ මං මැරි කරන්න ඉන්න රයන්.රයන් මේ ඉන්නෙ දේෂාන්.මේ එයාගෙ වයිෆ් අහිංසා………”
අම්මෝ ඇති යාන්තං ඇමැන්ඩා කසාද බදිනවද?හොද වෙලාවට මේ ගෑනිගෙ මොලේ පෑදිලා තියෙන්නෙ.මං හිතුවෙ ඇමැන්ඩා නිසා ලොකු විනාශයක් වෙයි කියලනේ.
“අපි එහෙනම් යන්නම් දේෂාන්.යන්නම් අහිංසා………”
💞💕
“අම්මෝ ඇති යාන්තං……..”
කාමරේට ආපු ගමන්ම දේෂාන් මහත්තයා එහෙම කිව්වා.
“ඇයි මහත්තයා?………”
“නෑ ඉතිං ඔය ගෑනි මගෙ පස්සෙන් එන එක නැවැත්තුවෙ නැත්තං තමුසෙ මාව මරාගෙන කන්න හදනවනේ………”😁😊
අටහමාරට විතර මායි දේෂාන් මහත්තයයි නුවරඑළි යන්න පිටත් වුනා. අපි දෙන්නා විතරයි ට්‍රිප් එක ගියේ. ඩ්‍රයිවර් කෙනෙක්වත් ගත්තෙ නෑ.දේෂාන් මහත්තයා තමයි කාරෙක ඩ්‍රයිව් කරේ. පාන්දර තිස්සෙ ඇහැරිලා හිටපු නිසාද මන්දා මට විටින් විට නින්දත් ගියා.
“මොකද ඕයි තමුසෙ නිදි?තමුසෙ ට්‍රිප් එකක් එමුයි කිව්වෙ නිදා ගන්නද?කොයි වෙලේ බැලුවත් නිදියන එකමයි වැඩේ………”
“අනේ මහත්තයා ඊයෙ රෑ මට හරියට නින්ද ගියේ නෑ.ඒකයි මේ වෙලාවට නිදිමත හැදෙන්නෙ………”
“එපා තමුසෙ නිදා ගන්න.මටවත් හරියට නිදා ගන්න දුන්නෙ නෑ.පාන්දරම ඇහැරෙව්වා……..”
ඊට පස්සෙ මං බෝතලේ අරගෙන මුහුණ හෝදගත්තා.මං දැක්කා දේෂාන් මහත්තයා සැරින් සැරේ මගෙ මුහුණ දිහා බලනවා.දැන් මේකා මගෙ මූණ දිහා බලාගෙන වාහනේ ඩ්‍රයිව් කරොත් අපිට යන්න වෙන්නෙ නුවරඑළියට නෙවෙයි කනත්තට.😁😂
“මහත්තයා පාර දිහා බලාගෙන යමු. නැත්නම් වාහනේ හැප්පෙයි කොහේ හරි……..”
පැය හතරක ගමනකින් පස්සෙ අපි දෙන්නා නුවරඑළියට ආවා.චිත්‍රපටි වල, ටෙලි නාට්‍ය වල,කතා පොත් වල දැකපු නුවරඑළිය අද තමයි මං ඇත්තටම දැක්කෙ.කාරෙකෙන් බැහැලා මං හරිම ආසාවෙන් වටපිට බැලුවා.ඒ තරමටම මං ඒ පරිස්සරයට වශී වෙලයි හිටියෙ.
“අහිංසා…..එනවා ඕයි මේ බෑග් ටික හොටෙල් එකෙන් තියලා මොනවා හරි කාලම එමු.මට බඩගිනියි………”
දේෂාන් මහත්තයා මාවත් ඇදගෙනම වගේ ඒ හොටෙල් එක ඇතුලට ගියා.රූම් එකෙක් බෑග් ටික තියලා කාලා ඉවර වෙලා අපි එලියට ආවා.
“අනේ මේ පැත්ත ගොඩාක් ලස්සනයි මහත්තයා.මට හිතෙනවා මෙහෙ පදිංචි වෙන්න……..”
අවට පරිස්සරය ගැන මට දැනුනේ ඒ තරම්ම සුන්දරත්වයක්.
“ඇයි තමුසෙට වෙන මොකුත් හිතෙන්නෙ නැද්ද?……..”
යකෝ මේ වගේ වෙලාවකවත් මේ මිනිහට බැරිද මට ආදරෙන් කතා කරන්න.කොයි වෙලේ බැලුවත් මට කතා කරන්නෙ ඕයි,ගෑනියෙ,තමුසෙ,මොංගලී කියලයි.එහෙම නැත්නම් හරකි,එළදෙන, වැස්සි,හූනි,ගෙම්බි……කියලා සත්තු වත්තෙ ඔක්කොමගෙ නම් වලින් කතා කරනවා.ආදරේට එක සැරයක් කතා කරපං වස්තු,සුදු මැණික කියලා. ආසාවටවත් එහෙම කතා කරන්නෙ නෑ.
“මොනවද තමුසෙ කල්පනා කරන්නෙ?……..”
“අනේ මහත්තයා ඔයා මට හැම වෙලේම කතා කරන්නෙ තමුසෙ,ඕයි,ගෑනියෙ කියලනේ.ටිකක්වත් ආදරෙන් කතා කරන්නකො අනේ……..”
“එහෙම කතා කරන්නෙ ආදරේටනෙ මැණික………”😁😚
මගෙ කර වටේට අත යවලා තුරුල් කරගනිමින් දේෂාන් මහත්තයා එහෙම කිව්වා.
“එතකොට සත්තුන්ගෙ නම් කියලා කතා කරන්නෙත් ආදරේටද?……..”😫😚
“ආදරේ වැඩි වෙනකොට මට එහෙම කියවෙනවා මැණික………”😚😚
මාර ආදරයක් තමයි ඒක.කොහොම හරි කමක් නෑ ඉතිං මේ පිස්සා මට ආදරෙයිනෙ.😘😘
අපි ගොඩාක් තැන් වල තුරුල් වෙලා අත්වැල් බැදගෙන කතා කර කර ඇවිද්දා. අපි දෙන්නා වගේ තවත් ජෝඩු ජෝඩු ගොඩාක් හරි හැමතැනකම හිටියා.පාක් එකට එද්දී මං දැක්කා මනුස්සයෙක් කරත්තෙක තියාගෙන ඉස්සො වඩේ විකුණනවා.ඒ සුවද එද්දී නම් ඉවසගන්න බෑ.😋😋හැබැයි මට ඉස්සො වැඩිය කන්න බෑ ඇලජික්.කමක් නෑ වැඩිය කන්නැතුව ටිකක් කනවා.
“මහත්තයා අර අතනින් ඉස්සො වඩේ අරන් දෙන්නකෝ……..”
මං පොඩි එකෙක් වගේ ඒ ඉස්සො වඩේ කරත්තෙ දිහාට අත දික් කරලා එහෙම කිව්වා.
“ඔහොම ඉන්නවා මං අරන් එන්නම්……..”
විනාඩි පහක් යන්නත් දේෂාන් මහත්තයා ඉස්සො වඩේ කවරයක්ම අරන් ආවා.ඒක දකිද්දී මට අර ඇලජික් වෙන එක මතක් වුනේ නෑ.පෙරේතකම යන්නත් එක්ක ඉස්සො වඩේ හයක්ම කෑවා.
“තව අරන් දෙන්නද?……..”
“දැන් ඇති මහත්තයා.හොදටම බඩ පිරුනා……..”
දිය ඇල්ලක් ලග තිබුනු දේවාලෙකටත් අපි දෙන්නා ගියා.ගිහින් වැද පුදාගෙන ඉවර වෙලා එලියට සාත්තර කියන ගෑනු අය කීප දෙනෙක්ම අපිට හම්බුනා.මටත් හිතුණා සාත්තරයක් අහන්න.
“මහත්තයා අපිත් සාත්තරයක් අහමුකෝ……..”
“හ්ම්ම්………”
එහෙම කියලා මං ඒ ගෑනු කෙනාට අත දුන්නා.ඒ ගෑනු කෙනා මගෙ අත දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.
“ෂා……ෂා……මේක මාර වාෂනාවන්ත අතාක්නෙ නෝනා.මේ අතේ ඇටියට නෝනා පුංචි කාලෙදිම නෝනා පුංචි කාලෙදි ශෑහෙන්න දුක් විදිනවා.ඇබැයි යීට පස්සෙ නෝනගෙ මාතියා අම්බුනාම නෝනට කිරි ඉතිරෙනවා.හරීම වාශනාවන්ත අහිංෂක නෝනෙක් මේ මාත්තයට ලැබිලා තියෙන්නෙ……..”
ඒ ගෑනු කෙනා දේෂාන් මහත්තයා දිහා බලලා එහෙම කිව්වා.තව හුගාක් දේවල් කිව්වට පස්සෙ දේෂාන් මහත්තයත් අත දීලා සාත්තරයක් බැලුවා.
💕💞
රෑ වීගෙන එද්දී අපි හොටෙල් එකට එන්න පිටත් වුනා.මගෙ මූණයි ඇගයි අත් දෙකයි කසන්න ගත්තා.ඉස්සෙල්ලා කාපු ඒවයෙ ප්‍රථිඵල තමයි.තියන පෙරේතකමට ඉස්සො වඩේ කෑවනෙ. බැරිම තැන මං අත් දෙකෙන්ම මුහුණ කහන්න පටන් ගත්තා.
“මොකද කහඹිලියා ගෑවුනාද තමුසෙ ඔහොම කසන්නෙ?………”
ඇලජික් වෙලා ඇග පුරාම පලු දාලා.ඉන්න බෑ කසනවා.
“මේ මොකද මේ තමුසෙගෙ ඇග හැමතැනකම පලු දාලා?මොකද වුනේ තමුසෙට?……….”
“අනේ මහත්තයා බනින්න නම් එපා.මට ඉස්සො කෑවම ඇලජික් වෙලා මෙහෙම පලු දානවා.අනේ ඉන්න බෑ අප්පා කහනවනේ……..”😭😭
“මොන මගුලකටද හු#### යෙ එහෙනම් ඒවා කෑවෙ.වෙන මොනවහරි ඉල්ලුවනම් අරන් දෙනවනේ.ඔහොම හිටපං මං ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න……..”
විනාඩි පහලොවක් විතර යද්දී ලේඩි ඩොක්ටර් කෙනෙක් කාමරේට ආවා.
“බය වෙන්න දෙයක් නෑ.ඇලජික් වෙන කෑම මීට පස්සෙ කන්න එපා.මේ ක්‍රීම් එක පලු තියන තැන් වල ගාන්න එතකොට හරි යයි………”
ඩොක්ටර් ගියාට දේෂාන් මහත්තයා මට බනින්න ගත්තා මං පෙරේතකමට කෑවා කියලා.
“අනේ මහත්තයා බනින්න එපා අනේ.මං පව් නැද්ද?……..”
“නෑ තමුසෙ පව් නෑ.කෝ මෙහාට හැරෙනවා මේ ක්‍රීම් ටික ගාන්න……..”
මතු සම්බන්දයි💞