මං ලගම පුටුවක් උඩ ඉදගෙන වතුර වීදුරුවක් අතේ තියාගෙන හිටපු කෙනා දැකලා මගෙ බිය දෙගුණ තෙගුන වුනා. කටේ කෙල පවා හිදිලා ගියා.බියෙන්ම මාව වෙව්ලන්න ගත්තා.

“ර……රවි…..රවිශ්ක………”

මං ළග හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි රවිශ්ක.එදා මං රශ්මිකත් එක්ක ගෙදරින් ආපු දවසෙ තමයි මං අන්තිමට රවිශ්කව දැක්කෙ.ඊට මාස තුනකට පස්සෙ මට ආරංචි වුනා රවිශ්කගෙ අම්මයි තාත්තයි ඉන්ග්ලන්ඩ් වලදී ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා කියලා.දෙයියනේ……… ඉස්සෙල්ලා මං පාර දිගේ දුවගෙන එද්දී මං ඉස්සරහට ආවෙ රවිශ්කගේ😥😥 කාරෙකද?මං දිහා බලාගෙන හිටපු රවිශ්ක වතුර වීදුරුව ස්ටූල් එක උඩින් තියලා ඇදෙන් වාඩි වුනා.මගෙ පපුව බියෙන් ගැහෙන්න ගත්තා.මං කෑ ගහන්න හදනකොටම රවිශ්ක මගෙ කට තද කරලා වැහුවා.දෙයියනේ……. රවිශ්ක මාව මෙහාට ගෙනාවෙ මගෙ ජීවිතේට අනතුරක් කරන්නද?😭😭😭

“කෑ ගහන්න එපා දිනේත්‍රා මං තමුසෙට කරදර කරන්න නෙවෙයි මෙහාට ගෙනාවෙ.මං තමුසෙට මොකුත් කරන්නෙ නෑ………”

එහෙම කියලා රවිශ්ක මගෙ කට අතෑරියා.මගෙ ඉහින් කනින් දාඩිය ගලන්න පටන් ගත්තා.

“අනේ පින් සිද්ද වෙයි රවිශ්ක මට යන්න දෙන්න.අනේ මං ඔයාට කිසිම වරදක් කරලා නෑනෙ……..”😭😭

“මේ අහන්න දිනේත්‍රා.ඉස්සෙල්ලා මට කියන්න ඔයාට මොකද වුනේ කියලා? මං ෆැක්ට්‍රි එකේ ඉදන් ගෙදර යද්දී තමයි අර රස්තියාදුකාරයො ඔයාගෙ පස්සෙන් පන්නනවා දැක්කෙ.උන් මගෙ කාරෙක එනවා දැකලා පැනලා දිව්වා. කාරෙකෙන් බැහැලා ඇවිල්ලා මං බැලුවා කව්ද කියලා.ඔයාට දැකලා මට පුදුම හිතුණා.ඔයාව උස්සගෙන කාරෙකට දාගෙන මං මෙහාට අරන් ආවෙ ඔයා හිතනවා වගේ පහත් වැඩකට නෙවෙයි දිනේත්‍රා………”

ඒත් මං කොහොමද රවිශ්කව විශ්වාස කරන්නෙ?මගෙ විශ්වාසය උපරිමේටම දිනාගෙන මං පණ වගේ ආදරේ කරපු රශ්මික මාව රැවැට්ටුවා කියලා මතක් වෙද්දී මට මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැරි තත්වෙකුයි උදා වෙලා තිබ්බෙ.

“ඔයා මාව විශ්වාස නොකරන එක ගැන මං පුදුම වෙන්නෑ දිනේත්‍රා.මිනිස්සු හැමදාම එක වගේ ජීවත් වෙන්නෑ. ඉස්සර මාත් ජීවත් වුනේ මොන විදියටද?අම්මගෙයි තාත්තගෙයි මරණෙන් පස්සෙ හැම දෙයක්ම වෙනස් වුනා.මං දැන් කාටවත්ම කරදරයක් නැතුව මගෙ පාඩුවෙ ජීවත් වෙනවා. රශ්මික ඔයාට කරපු දේවල ගැන මං දන්නවා දිනේත්‍රා………”

“ඔ….ඔයා කොහොමද ඒ ගැන දන්නෙ රවිශ්ක?……..”

“ඔයාගෙ ඩිවෝස් නඩුවට කතා කරපු ලෝයර් මගෙ හොද යාලුවෙක්.එයා තමයි මට ඔයා ගැන සේරම විස්තරේ කිව්වෙ.රශ්මික ඔයාට ආදරේ කරන්නෙ බොරුවට කියලා මට මුල ඉදන්ම තේරුනා.මං ඒ ගැන ඔයාට නොකිව්වෙ ඔයා කවදාවත් මාව විශ්වාස නොකරන හින්දා………”

“මට රශ්මික ගැන ආයෙත් මතක් කරන්න එපා රවිශ්ක.මගෙ මුලු ජීවිතේම විනාශ වුනා………”

“ඔයාගෙ හිත රිදුනා නම් මට සමාවෙන්න දිනේත්‍රා.දැන් ඔයා උගෙන් ඩිවෝස් වෙලානෙ ඉන්නෙ.ඔයාට පුලුවන් ජීවිතේ ගැන අලුතෙන් හිතන්න.මේ ලෝකෙ ඩිවෝස් වෙච්චි එකම ගෑනි ඔයා නෙවෙයිනෙ.ඊටත් වැඩිය අසරණ වෙච්චි අය ඉන්නවා………”

“මටත් ආයෙත් ජීවිතේ ගැන අලුතින් හිතන්න බෑ රවිශ්ක.මට දැන් කාත් කවුරුවත්ම නෑ.අම්මා අප්පච්චි අයියා…….ඒ හැමෝම දාලා මං එදා රශ්මික ගාවට ආපු එක ගැන මං අදටත් පසු තැවෙනවා………”😭😭

ඇඩූ කදුලින් මං එහෙම කියද්දී රවිශ්ක මගෙ ඇස් වල කදුලු පිස දැම්මා.

“ඔයාට ඕනිම දේකට මං ඉන්නවා දිනේත්‍රා.ඊයෙත් මට ඔයාගෙ තාත්තව මුණ ගැහුනා.එයා තාමත් ඔයත් එක්ක ඉන්නෙ තරහින්………”

අප්පච්චිගෙ ගල් හිත මං වෙනුවෙන් උණු වෙන්නෙ නෑ.අම්මා වුනත් ගොඩාක් අසරණයි.ඒ හැම කෙනෙක්ම මට නැති වුනා.😭😭😭

“ඔයා කැමති කාලයක් මෙහෙ ඉන්න දිනේත්‍රා.මගෙන් ඔයාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ.අපි බලමු මොනවද කරන්න පුලුවන් කියලා………”

“මං ගෙදර ගිහින් අප්පච්චිගෙ කකුල් දෙක අල්ලලා වැදලා සමාව ඉල්ලනවා රවිශ්ක………”

“කරන්න පුලුවන් දෙයක් කියන්න දිනේත්‍රා.අප්පච්චී කවදාවත් ඔයාට සමාව දෙන්නෑ.පොඩ්ඩක් ඉන්න මං ඔයාට කෝල් එකක් අරන් දෙන්නම් එයත් එක්ක කතා කරන්න………”

එහෙම කියලා රවිශ්ක මට කෝල් එකක් අරන් දුන්නා.හැගෙන හදවතින් මං ෆෝන් එක කනේ තියා ගත්තා.

“හෙලෝ………”📲

දෙයියනේ…..😱😱අවුරුද්දකට විතර පස්සෙයි මං අප්පච්චිගෙ කටහඩ ඇහුවෙ.😭😭

“අ…අප්පච්චි ම…මං දිනේත්‍රා……..”😭📲

“දිනේත්‍රා….මොකටද උඹ මෙහාට කෝල් ගත්තෙ.අපේ දුව මීට අවුරුද්දකට කලින් මැරුණා කියලයි අපි හිතා ගත්තෙ.මං මේ උඹට හොදින් කියන්නෙ උඹ මීට පස්සෙ මෙහාට කෝල් කරන්නවත් මගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්නවත් එපා……..”😡📲

එහෙම කියලා අප්පච්චී දඩාස් ගාලා කෝල් එක කට් කරා.මං හොදටම ඇඩුවා.😭😭😭

“මං ඔයාට කිව්වනෙ දිනේත්‍රා අප්පච්චිගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඔයා දුක් වෙන්නැතුව ඉන්නකො.මං ඔයාට උදව් කරන්නම්………”

“මට තේරෙන්නෙ නෑ රවිශ්ක මං මොනවා කරන්නද කියලා………”

“ඔයා ඉන්නෙ තාම මේ දේවල් ගැන කතා කරන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි දිනේත්‍රා.ටික දවසක් රෙස්ට් කරන්න.අපි හිමිහිට කල්පනා කරමු ඔයාට මොනවද කරන්න පුලුවන් කියලා.මෙහෙ වැඩට සිරිදාස කියලා වයසක මනුස්සයෙකුයි එයාගෙ නෝනා ගුණසීලි යි ඉන්නවා.අර කාමරේ මං ඉන්නවා.ඔයාට ඕනිම දෙයක් මට කියන්න.මෙතන බාතෲම් එක තියනවා.දැන් පාන්දර හතරයි වෙලාව. ඔයා නිදා ගන්න………”

එහෙම කියලා මට සීට් එක පොරවලා රවිශ්ක කාමරෙන් ගියා.මගෙ හිතට එක එක අමුතු දේවල් දැනෙන්න වුනා. රශ්මික නිසා මට කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ.ඒත් රවිශ්ක මට උදව් කරන්න හදන්නෙ ඇත්තටමද?මං කොහොමද එයාව විශ්වාස කරන්නෙ?රවිශ්කගෙ අතීතය ගැන මං හොදටම දැන දැනත් මට බෑ එයාව විශ්වාස කරන්න.

අප්පච්චී මට කවදාවත් සමාවක් දෙන්නෙ නෑ.ඒ ගෙදර පැත්ත පලාතටවත් මාව වැද්ද ගන්නෙ නෑ.මට යන්න තැනක් නෑ.රවිශ්ක හොරෙන් මෙතනින් ගියත් මං කොහෙද යන්නෙ? රශ්මිකගෙන් බේරෙන්න මං ඒ ගෙදරින් පැනලා පාර දිගේ දුවද්දී රවිශ්කව හම්බුනේ නැත්නම් මට අර රස්තියාදුකාරයින්ගෙ ගොදුරක් වෙන්නයි සිද්ද වෙන්නෙ.රවිශ්ක මගෙ ජීවිතේ බේර ගත්තා.මට ඒකට එයාට ස්තූති කරන්නත් බැරි වුනා.කල්පනා කර කර ඉදලා මට නින්දයද්දී පාන්දර පහමාරත් පහු වෙලා.උදේ නැගිටිද්දී වෙලාව දහයට විතර ඇති.

“හොද නින්ද නේද මැඩම්ගෙ.ගුඩ් මෝනිං………”

හිනා වෙමින් මං ගාවට ඇවිත් රවිශ්ක එහෙම ඇහුවා.එයාගෙ අතේ කෑම පිගානකුත් හිතුණා.

“ගුඩ් මෝනිං රවිශ්ක.මට ගොඩාක් වෙලා නින්ද ගියා……….”

“ආ….මූණ කට හෝදගෙන කෑම කාලා ඉන්න.මං රශ්මිකගෙ ගෙදර තිබ්බ ඔයාගෙ බඩු ටික යාලුවෙක්ට කියලා ගෙන්න ගත්තා.ඔයාගෙ බෑග් එක ඇති අතන………”

“ඔයාට ගොඩාක් පිං ඊයෙ මාව බේර ගත්තට……….”

“දැන් කාලා ඉන්න.ඔයාට ගොඩාක් බඩගිනිත් ඇති දැන්………”

දින කිහිපයකට පසුව👇👇👇👇

මේ විදියට දින කිහිපයක්ම ගත වුනා. රවිශ්ක ගෙදර එන්නෙ රෑ වෙලා.මං හිතුවට වඩා රවිශ්ක මාව හොදට බලා ගත්තා.කවදාවත් මං දිහා නරක විදියට බැලුවෙ නෑ.කිසිම නරක යෝජනාවක් කරේ නෑ.කලින් තිබුන් අවිශ්වාසය සැකය වෙනුවට මගෙ හිතේ රවිශ්ක ගැන විශ්වාසයක් ඇති වෙන්න පටන් ගත්තා.ඒත් මට හැමදාම මෙහෙ ඉන්න බෑනෙ.

“ඔයාට පුලුවන් නම් මට මොකක් හරි ජොබ් එකක් හොයලා දෙන්නකෝ රවිශ්ක.හැමදාම මට ඔයාට බරක් වෙලා ඉන්න බෑනෙ………”

“අනේ ඔව් ඔව් මගෙ අත පය රිදෙනවනෙ ඔයාව උස්සන් ඉදලා. මෙන්න මෙහාට වෙලා ඉන්නවා දිනේත්‍රා.මට තමුසෙව බරක් නෙවෙයි……..”😠😠

රවිශ්ක ගියාට පස්සෙ මං ගෙදර වැඩට ඉන්න ගුණසීලිව හොයාගෙන ගියා.

“ආ නෝනෙ,නෝනෙට මොනවහරි ඕනිද?………”

“මොකුත් එපා නැන්දෙ.මට ටිකක් කම්මැලි හිතුණා……..”

මං නිකමට වගේ රවිශ්ක ගැන ගැන ගුණසීලි නැන්දගෙන් ඇහුවා.

“මහත්තයා හරිම හොදයි නෝනා. ඉස්සර වගේ නෙවෙයි.අම්මයි තාත්තයි මැරුණට පස්සෙ මහත්තයා සෑහෙන්න වෙනස් වුනා.දවස ගානක් හරියට කෑමක් බීමක් නොකා නොබී ඇඩුවා. ලොකු නෝනා මහත්තයව යහමගට ගන්න කොච්චර උත්සහ කරාද?………”

රවිශ්ක එච්චරටම වෙනස් වෙලාද?හරිම පුදුමයිනෙ.ඉස්සර රවිශ්ක ජීවත් වෙච්චි විදියට මට නම් රවිශ්කගෙ මේ වෙනස් වීම ගැන හිතා ගන්න අමාරුයි.

“මහත්තයා කලින් හැමදාම වගේ ගෙදරට ආවෙ හොදටම බීලා බීලා.ඒත් දැන් ටික දවසක ඉදලා මහත්තයා ගෙදර එන්නෙ හොද සිහියෙන්……….”

💕💕💕

“ආ…..මං ඔයාට පොඩි ජොබ් එකක් හොයා ගත්තා.නහයෙන් අඩ අඩානෙ හිටියෙ ජොබ් එකක් කරන්න ඕනි කියලා……….”

රවිශ්ක මට ජොබ් එකක් හොයාගෙන තිබුනා.ඒක මට ගොඩාක් ලොකු සතුටක් වුනා.

“අනේ කොච්චර දෙයක්ද?මොකක්ද ඒ ජොබ් එකක්ද?………”

“ප්‍රයිවට් හොස්පිටල් එකක නර්සින් ජොබ් එකක්.මාස හයක් විතර ට්‍රේනිං ඉන්න වෙයි.ලොකු දුරක් නෑ කිලෝමීටර් එකහමාරක් විතර වගේ තියෙන්නෙ………”

“එහෙනම් හොස්ටල් ඇතිනෙ?……….”

“හොස්ටල්???………”

මං හොස්ටල් තියනවද කියලා ඇහුවම රවිශ්ක මොකද මෙච්චර පුදුම වුනේ?

“ඇයි?මට පුලුවන් හොස්ටල් එකක නවතින්න……..”

“ඔයා හොස්ටල් එකක නවතින්න ඕන්නෑ.මං උදේට ෆැක්ට්‍රියට යන ගමන් ඔයාට ගිහින් දාන්නම්.පහයි දහයට ඔයාව ගන්න එන්නම් එච්චරයි……….”

“හ්ම්ම්.ඔයාට කරදරයිනෙ රවිශ්ක………”

“කොහෙත්ම නෑ………”

එහෙම කියලා රවිශ්ක කාමරෙන් ගියා. රවිශ්ක හදන්නෙ මට උදව් කරන්න. එයා මට පොරොන්දු වුනා මට උදව් කරනවා කියලා.මං රවිශ්ක ඉන්න කාමරේට ගියා.එයා කාමරේ හිටියෙ නෑ.

එකපාරටම බාතෲම් එකේ දොර ඇරෙන සද්දෙ ඇහුනා.මං ටක්ගාලා හැරිලා බැලුවා.රවිශ්ක හිටියෙ කොටම කොට ටවල් එක පිටින්.මං ටක්ගාලා අහක බලා ගත්තා.

“ඒඒඒඒයි කොල්ලෙක් ඉන්න කාමරේට එනකොට කතා කරගෙන එන්න දන්නැද්ද?මේ ගෑනු ළමයින්ට නම් කිසිම හැදියාවක් නෑ………”😁😆😀

රවිශ්ක එහෙම කියද්දී මට හිනා යන්න ඔන්න මෙන්න හිටියෙ.මං හිටියෙ කට තද කරගෙනයි.

“අනේ සොරි රවිශ්ක.මං හිතුවෙ ඔයා කාමරේ ඇති කියලා.මං යන්නම්………”

“එපා ඔහොම අහක බලාගෙන ඉන්නවා.මං ටක්ගාලා ඇද ගන්නම්……..”😁😊

“හ්ම්ම් දැන් හරි……..”

එහෙම කියලා රවිශ්ක මං ගාවට ආවා. අම්මෝ සෙන්ට් සුවද.මේ යකා සෙන්ට් බැරල් එකක් විතර හලාගෙන වගේ.

“ඔයාට ගොඩාක් පිං රවිශ්ක.ඔයා හිටියෙ නැත්නම් මට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.ඔයා මේ කරන උදව් වලට මං කොහොම ණය ගෙවන්නද කියලා හිතා ගන්න බෑ………”

“උයන්න පුලුවන්ද?……….”

“ඔව්.පුලුවන්………..”

“එහෙනම් අද රෑ කෑම ඔයා හදන්න.බත් උයලා පපඩම් බැදලා අඹ මාළුව හදලා චිකන් කරියකුයි අල බැදුමකුයි. පුලුවන්ද?……….”

“පුලුවන්.මං හදන්නම්………”

එහෙම කියලා මං යන්න හැදුවා.

“ඔහොම චුට්ටක් ඉන්නකො………”

“ඇයි රවිශ්ක?……….”

“ඔයා සතුටින් නේද?………”

මං ඔව් කියලා ඔලුව වැනුවා.

“එහෙනම් ජීවිතේ ගැන ආයෙත් පාරක් අලුතින් හිතන්න.හිත ගිය කෙනෙක් එහෙම ඉන්නවා නම් මට කියන්න.මං උදව් කරන්නම්………”

රවිශ්ක එහෙම අහනකොට මගෙ හිතට පහු ගිය අතීතය මතක වෙලා දුකින් පිරිලා ගියා.ආයෙත් විවාහයක් ගැන නම් හිතන්න මට කොහෙත්ම බෑ. රශ්මික මගෙන් ඩිවෝස් වුනේ මුලු පිරිමි සංහතිය ගැනම කලකිරවලා.

“ඕං ඉතිං ආයෙමත් දුක් වෙන්න පටන් ගත්තා.අඩන්න එපා ඉතිං.අඩන්න තරම් දෙයක්ද මං කිව්වෙ?………”

“මේ තනිකඩ ජීවිතේ මට ගොඩාක් නිදහස් රවිශ්ක.ආයෙමත් මට කසාදයක් ගැන නම් හිතන්න බෑ.ඔයාට මාව වදයක් නම් මං මෙහෙන් යන්නම්……..”😢😥

“මට ඔයාව වදයක් නෙවෙයි දිනේත්‍රා. අයැම් සොරි මං ආයෙ ඔයාට ඒ ගැන මොකුත්ම කියන්නෙ නෑ……..”

මතු සම්බන්දයි💕💕💕💕💕

Advertisment