හෂාන් අයියේ..

ම්ම්…

අද කොහේ හරි යමු…

ඉතින් කොහේද යන්නේ…

කොහේ හරි කමක් නැ අනේ..හැබැයි ටිකක් දුර..

මේකි කිවුවොත් ඔය වගේ කතාවත් තමා..මගේ පොකට් එකට ටට්ටු වෙන..😂

දුරක නේ…

ඔවු..ඔවු..අනේ..මට ඔයාට කියන්න ගෝඩක් දේවල් තියනවා..

ම්ම්..එහෙනම් අපි යමු park එකට..

මෝඩයා park එක තියෙන්නේ මේ ලගනේ..අනික මන් කැමති නැ park යන්න.park එකේ සිකුරිටි කාරයා මන් දිහා බලන්නේ කන්න වගේ…

ඒකනම් ඇත්ත..park එකේ සිකුරිටි කාරයා හිතාගෙන ඉන්නේ වු ඉස්කෝලෙක පින්සිපල් කියලා..පොඩ්ඩක් කෙල්ලෙක් ඉක්ක ලන් වෙලා වැඩක් කරගන්න බැ ලගට ඇවිත් බෙරිහන් දෙනවා..”මෙතන තව මිනිස්සු ඉන්නවා..ආදරේ කරන්න ඕනනම් එළියට යනවා” කියලා..පවු අප්පා අපේ ජිවිත අත්තටම..😭

එහෙනම්..අපි…film එකක් බලන්න යන්..මන් දැක්කා සැවෝයි එකේ මරු Film එකක් දාලා තියනවා..

මේ මතක නැත්ත ගිය පාර වෙච්ච දේ..අම්මෝ තව පොඩ්දෙන් මට වෙන්නේ ලැච්චාව ඉවසගන්න බැරුව පොලව පලන් යන්න..

සිරාවටම..එදා තවපොඩ්ඩෙන් අපි දෙන්නා එතන වැඩිහිටියන්ට පමනයි film එකක් පෙන්නනවා.පට්ට ගේමක් දිලා අත එලියට ගත්තේ..මේ ඔක්කොටම වගකියන්න ඕනේ අර හිටපු ගමන්ම ටෝච් ගහන මැන්…😡

එහෙනම්..අපි..beach යන්..කිසිම අවුලක් නැනේ..

අනේ මේ ඔයාට ඕන්නම් යන්න..මටනම් බැ..අනික හැමදාම ඕවැ යන්න පුලුවන්ද අනේ..මතකනේ එදා..

අපොයි..කොහේද ඉතින් නිදහසේ කෙල්ලෙක් අරන් වැටකෙයියා පදුරක් අස්සටවත් යන්න නැනේ..කරුමෙට එතෙන්ටත් පනිනවා පොලිසියෙන් හරියට හිරෙන් පැන්න දරුණු අපරාද කාරයෙක් අල්ලන්න වගේ.😭

එදා එහෙම උනාට සුදු අද එහෙම වෙන එකෙක් නැ..

අම්මෝ මේ..එදා වුගෙන් බේරුනේ අනු නමයෙන්..වු මගේ අතිනුත් අල්ලුවා එක්ක..අනික ඔයා ගාව අද සල්ලි තියනවද..

දාහක් විතර තියේ..

අනේ මේ එදා යාන්තම් බේරිලා ආවා එද්දාස් පන්සියක් වුට දිලා..ඕකත් දං දෙන්න කැමතිනම් යන්..

එහෙනම් යන්න තැනක්නම් තියනවා..මාරම තැනක්..අපි දෙන්නට නිදහසේ කතා කරන්න පුලවන්..කවුරුත් එන්නේ නැ අපිට කොක්ක දාන්න..

අන්න ඒවගේ තැනක්නම් මරු අයියේ..

ඔන්න එහෙනම් මන් කියනවා.හැබැයි බනින්න බැ..

බනිනවද නැද්ද කියලා මන් තිරනය කරන්නම් ඔයා කියන්නකෝ..

අපි යන්..Room..

ඔන්න කිවුවා ඉතින් කතාවක්..හරක් පැටියා..

ඇයි සුදු..එතෙන්දි අපි දෙන්නා විතරනේ..

ඒ වෙලාවෙදි අපි දෙන්නා විතරක් උනාට ඉට පස්සේ කිදෙන් බලයිද දන්නේ නැනේ..අනික මට තාම දහඅට සම්පුර්නත් නැ..මටනම් බැ ඕවා අරන්චි උනාට පස්සේ එල්ලිලා මැරෙන්න..

බලාගෙන ගියාම ඉතින් ඒ කතාවේ වැරද්දකුත් නැ.room එක ඇතුලට යන අපි එළියට එන්නේ දන්නෙම නැතුව නලුවෝ වෙලා,room එකේ අයිති කාර අයියා ඩිලෙක්ටර් කෙනෙක් කරලා..😂

ආසියාවේ අශ්චර්‍ය කියලා හැමතැනකම බෝට් ලැලි ගහලා තිබ්බට කොල්ලෙකුට කෙල්ලෙකුට පාඩුවේ එලියට බැහැලා ආදරේ කරන්න බැරි අමුතුම රටක් තමා මේ..මෙහේ ඉන්න මහත්තුරු ඉතින් හැමතිස්සෙම අහිංසක කොල්ලො කෙල්ලො ටික අල්ලන් රෙද්ද උස්සන් කැ ගහන්නේ සමාජ ගරුත්වය රුකපල්ලා කියලා..ඒත් ඉතින් මේපාරත් google එකේ ලංකාව sex කියන එකෙන් එක..වැඩිය හිතන්න දේකුත් නැ ඉතින්..එළියේ සමාජේ කොල්ලෙකුට කෙල්ලෙකුට නිදහසේ ආදරය කරන්න තැනක් නැති උනාම නිකම්ම තල්ලු වෙන්නේ room වලට නැත්නම් ඒවගේ තැන් වලට තමා.කවදා හැදෙයිද මන්දා ඉතින්..😵

එහෙනම් අපි කොහේද යන්නේ…

මන් කියන්ද…

කියන්න බලන්න..

ඔයාගේ බයික් එකේ නැගලා අපි ඔහේ වටයක් යන්..

කොහේටද..

කොහේහරි අනේ..ඔය ලංකාව පුරාම පාරවල් තියෙන්නේ..ඒ යන ගමන් කියන්න තියන සේරම මන් ඔයාට කියන්නම්…

එතකොට මන්..

ඔයා එලවන ගමන් අහන් ඉන්න..කතාකරලා ඉවර උනාට පස්සේ අපි හොද හෝටලයක් ගාව නවත්තලා කොත්තුවක් කලා යන්..

කතාකරන්න නම් phone එකෙනුත් පුලුවන් සුදු..එහෙම නෙමේ ඉතින්…

ම් ඒකත් එහෙමද…මන් කියන්නම් වැඩක් ඔයා ටික දුරක් පදින්න..ඉතුරු ටික මන් පදින්නම්..ඔයා ඒටිකේ පිටිපස්සෙනේ..

වැඩේනම් මරු හසිනියෝ..ඒත් ඔයාට ලයිෂන් එකක් නැනේ..අහු උනොත් දඩ බඩ තමා..

ලයිෂන් එකක් තිබුනනම් ඔයා ඇත්තටම මට පදින්න දෙනවද…

අම්මා පල්ලා..සත්තයි..මන් නොදෙන දෙයක් තියනවද මගේ සුදු කෙල්ට..

මන් දන්නවනේ මේකිට ලයිෂන් නැ කියලා..වැරදිලාවත් දාන්නත් බැනේ තාම වයස මදිනේ…😂

අයියේ…

ම්ම්ම්..පැටියෝ…

මේ…

L permit එකක්…

පින සිංගල් පව දබල් දෙවියනේ..ලයිෂන් දාන්න බැරි උනාට මේකිට L permit දාන්න පුලුවන් කියන එක මට අමතක උනානේ..😭

අපි එහෙනම් යන්ද අයියේ…

දැන් ඉතින් මෝනා කරන්නද..දෙන්න බැ කිවුවොත් මෙතන අඩි පොලොවේ ගහලා කුළු මි හරකියක් වගේ මොර දෙයි..😫

ඔයාට බයික් පදින්න පුලුවන් නේද සුදු..

කිසි අවුලක් නැ අයියේ..ඒත් මේ..

ඒත් මේත් නෙමේ පදින්න පුලුවන්නම් ඉක්මනට ඕක ගන්න..වැස්සක් එනේනේ..

ජිවිතේ අනියතයි මරනය නියතයි කියනවනේ..මොනා කරන්නද ඉතින්..😭

ඔයාට අසනිපයක්ද අයියේ…

නැ..නැ..කිසි අවුලක් නැ.සුදු.

මගේ හොද අයියා..මට මේ බයික් එක මෙහෙම කෙලින් ගෙනියන්න පුලුවන් හොදේ..මට බැරි එක පාර වංගු ගන්න අනේ..

දැන්ද මෝඩියේ කියන්නේ..

ඒක තමා හරක් පැටියෝ මන් කිවුවේ මට ලොකු දෙයක් කියන්න ඕනේ කියලා..කොහේද ඔයානේ මට පදින්න කියලා බයික් එක දුන්නේ..

අනේ මට උන දෙයක්.වාහන ටැෆික් එක මැද්දේ මේකිට නවත්තන්න කියන්නත් බැ..😖

අයියේ…ඉස්සරහෙන් වමටද දකුනටද…

වමටවත් දකුනටවත් එපා නංගියෝ පුලුවන්නම් කෙලින්ම ඉස්සරහට යන්න…

ඒත් ඉස්සරහට පාරක් නැනේ අයියේ…

අනේ දෙවියනේ මාව අරක්ෂා කරන්න..අපේ අම්මට ඉන්නේ මන් විතරයි..😭

මොකද අයියේ ඔයා එක පාරම කෝල් එකක් ගන්නේ..

මන් මේ අම්මට කෝල් එකක් ගන්නේ අද රුට මන් ගෙදර ආවේ නැත්නම් කෙලින්ම ඉස්පිරිතාලෙට එන්න කියලා…😭😭😭

😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

මොකද හිතන්නේ ඉතින් අද කතාව ගැන…🤔හොදද නරකද කියන එක ඉතින් ඔයාලට බාරයි…😁 කියවලා බලලා හිතට අපු දේ comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා…….🤗 මොකද ඔයාලගේ චුටි comment එකත් මට මහ ගොඩක් වටිනවා නිසා.💖.ආයිත් අලුත් කතාවකින් හම්බුවෙමු…💕💕💕👋👃

✍️…මදුවා…

Advertisment