අක්කේ මේ මේ මගුලටවත් කැමති වෙනවා හරිද?තමුසේ මොන ජීවිතයක්ද ඕයි ඔය ගෙවන්නේ ආ? දැන් විසි නවයකුත් වෙනවා විස්සේ කෙල්ල වගේ මෙතන සිංදු අහ අහ නට නට හිටපං..”සවිරු කිව්වේ ඉනටත් අතකුත් තියන් විහිලුවෙන් උනත් කියන්න ඕනේ ඇත්තම කතාව..
“අනේ මේ මට ඕන්නං මං බැදගන්නම් උඹට ඕනේනම් බැදගනිං” අශිත් කිසි ගානකට නොගෙන උත්තර දුන්නේ සිංදුවක් රසවිදින ගමන්මයි.
“අනේ මේ උඹ හිතුවද මං මේ…” කියන්න ගිය දේ ගිලගත්ත සවිරු අශීගේ කාමරෙන් පිටව ගියේ අශීට කොච්චර කිව්වත් වැඩක් නැති නිසා..
කොල්ලා ටිකක් අවුලෙන් ඉන්නේ තමන්ගේ අක්කා මේ ගෙවන කිසිම බරක් පතලක් නැති ජීවිතේ ගැන. මොකද සවිරු තමන්ගේ අක්කා අශීට ගොඩක් ආදරෙයි..ඒ නිසාන හරි බයයි කෙල්ලගේ ජීවිතේ නාස්ති වෙයි කියලා.
සවිරු කාමරෙන් යනවත් එක්කම හෑන්ඩ් ප්‍රී එක ගලවලා ඇදට විසිකරපු කෙල්ල ලොකු හුස්මක් ගත්තේ තමන්ගේ නොවුන කවදාවත් තමන්ගේ නොවන දන්න කාලේ ඉදන් හිත පුරවගන ආදරේ කරපු ඒ අඩාම්බරකාරයා මතක් වෙලා. ඔව් මේ දගකාර අශීගේ හිතේ පැලපදියන් උන ඒ ආදරේ මුළු ලෝකෙටම රහසක්..
“හිතින් විතරක් පෙම් කරන්නම්..
දුරින් ඉද ඔබ දෙස බලන්නම්.”
කෙල්ල තාලෙට තමන්ටම එහෙම කියාගන එෆ් බී ලොග් වුනේ ඒ අඩම්බරකාරයගේ මුණ ටිකක් බලාගන්න තිබුනු ආසාවට..
ඔව් හැමදාම වගේ ඔහුගේ මුහුණු පොත හැඩ වෙලා තිබුනේ ඔහුගේ පුංව් පුතුත් එක්කම් ගත්ත ලස්සන පිංතුරේකින්..
“හ්ම්ම්ම්ම්… හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට මගෙ සිත බොලද වෙලා” එහෙම කියාගනම කෙල්ල ඇදේ උඩු බැලි අතට පෙරලුනේ ආයාසයෙන් මවාගත්ත මද සිනහවකුත් මූණේ රදවගන..
ලොකූ දූ තාම ලෑස්ති නැදද බලන්නකෝ අර මිනිස්සු දැනටමත් එනවා ඇති.. අශීගේ අම්මා මූණත් නරක් කරගන අශිගේ කාමරේට ආවා..
“අනේ ඇයි අම්මා මේ තේරුමක් නැති වැඩ කරන්නේ.. මේ කීවෙනි පාරද අප්පා මොන මගුලක්ද ඔයාලට ඇති වෙන් නැද්ද අප්පා.. ඔච්චරම ඕනේනම් අර චූටි පුතාට වයිෆරයක් ගෙනත් දෙන්නකෝ. මට මගෙ පාඩුවේ ඉන්න දීලා..ශික්..”
ලොකූ කටවහනවා.. මේ කෙල්ල හදන්නනම් මට තේරෙන් නෑ අප්පා අම්මා බැන බැනම අශීව ලෑස්ති කරන්න වුනේ අශීගේ අකමැත්තෙන්මයි.. කෙල්ලටනම් මේක දන් සාමාන්‍ය දෙයක් වෙලා.. මොකද මාසෙට දෙපාරක්වත් මනමාලයෙක් එනවනි..ඒත් කෙල්ල නෙවේ එකකටවත් කැමති වෙන්නේ..
“අක්කේ පොඩ්ඩක් හිනාවෙලා හිටපං බම්.. කවුද දන්නේ අද එන්නේ උඹ උරුමක්කාරයමද කියලා.. පොරනම් ඩොකෙක්ලු ඔන්න.. නරකම නෑ ඒකත්..” සවිරු කිව්වේ අශීට ඇහැකුත් ගහලා..
අනේ මේ පලයං යන්න උරුමක්කාරයෝ නෙවෙයි මුං ඔක්කොම කරුමක්කාරයෝ.. රෙද්ද.. අශී බැන බැනම කොන්ඩේ පීර ගත්තේ සවිරුටත් හොදට රවලා..
“අනේ මේ මං උඹේ රැවිල්ලට අලු වෙලා පිච්චිලා වැක්කෙරෙනවා.. සවිරු කිව්වේ කින්ඩි හිනාවකුත් දාලා”
” අම්මා මූ දැං මගෙං හොදට කනවා අශී කිව්වේ සවිරුට හොදට රවන ගමන්මයි”
හා හා ඇති ඇති දෙන්නම නවත්තගන්නවා දැන්.. චුටි පුතා බලන්න අර කට්ටිය ඇවිත්ද කියලා..
කෙල්ලගේ අම්මා කෙල්ලට හෙප්පුවත් දීලා යැව්වේ ඇවිත් හිටපු මනමාලයා ගාවට.. කෙල්ල බිම් බලාගන ගිහින්ම හෙප්පුව ඇලුවේ මේකටත් අකමැති වෙන්න හිතන්මයි.
අන්තිමට හැමෝම උත්සහ කරේ දෙන්නව තනි කරන්න..
දෙන්නත් එක්කම් ටිකක් නිදහසේ කතා කරලා බලන්නකෝ එහෙනම්.. ඒ ඉස්සර වුනේ මනමාලයගේ අම්මා..
හොද හුස්මක් ගත්ත කොල්ලා එළියට ගියේ කෙල්ලට හැමදේම තේරුම් කරලා මේ කසාතෙන් බේරෙන්න හිතන්..මොකද මේ කෙල්ල කැමති වුනොත් අම්මගෙන් බේරෙන්නනම් වෙන් නෑ කියලා ඔහු දැනන් හිටියා..ඔහු ව්විශ්වාස කරා ආයනම් කාටවත් ඔහුට ආදරේ කරන්න බැරි බව..
වෙන කරන්න දෙයක් නැති තැන අශි මූණවත් නොදැකපු මනමාලයා පස්සෙන් ගියේ හිතෙන් දෙස් දෙවොල් තිය තිය…
” තාත්ති බබාවත් එක්කම් යන්න.. පුංචි කොලි පැටියෙක් ඇවිත් මනමාලයගේ ඇතේ එල්ලුනේ හැමෝම පුදුම කරමින්.. මේ දේ අශීගේ තාත්තා ඇරෙන්න අශිගේ පවුලේ කවුරුත්ම දැනන් හිටියේ නෑ.සවිරුනම් බලන් හිටියේ කටත් ඇරගනමයි..
ඒ එක්කමයි කෙල්ල ඇවිත් හිටපු කට්ටියගේ මුණ බැලුවේ..
“දෙයියනේ ආකාශ් ඔයා” ඔව් ඔව් ඒ ඉස්කෝල කාලේ ඉදන්ම අශී ආදරේ කරපු එකම හිත..මුලු ලෝකෙකට හොරෙන් කෙල්ලගේ හිතේ පැලපදියම් වෙලා ඉන්න එකම ආදරේ.. කෙල්ලට නිකන් මුළු ලෝකෙම කැරකෙනවා වගේ.. කෙල්ල වැටෙන්න හදනවත් එක්කම කෙල්ලව වාරු කරගත්තේ ආකාශ්..
ඊටත් තප්පර ගානකට පස්සේ කෙල්ල පියවි සිහියට ආවේ ආකාශ්ගේ පුංචි පුතු තමන්ගේ ඇගිල්ලෙන් අදිනවා දැනෙද්දි..
යේ නැන්දි ඇලියා නැන්දි ඈලියා කිසි දෙයක් නොතේරෙන කොලු පැටියා කෑගැහිවේ හරි සතුටින්.. ආකාශ් පුතාවත් වඩාගන පසෙකින් ඉදගත්තේ ලොකු හුස්මකුත් මුදාහැරලා.
අන්තිමට හැමෝම පුදුම කරමින් කෙල්ල මේ කසාතෙට කැමති වුනා..
අක්කේ තමුසෙට පිස්සුද ඕයි.. සවිරු කාමරේට වෙලා හිටපු අශීට කැහැහුවේ මුලු හිතම නොසන්සුන් වෙලා යද්දි..
මොකද යකෝ ඒපාර?
තමුසේ මොන කෙහෙල්මලකටද මේකට කැමත් වුනේ ආ.. තමුසේ හිටියේ පැකේජ් එකක් තියෙන එකෙක්ම එනක්න්ද? සවිරු කෑහැහුවේ හිතේ වේදනාවෙන්.. මොනා වුනත් සවිරු කැමති නෑ තමන්ගේ අක්කව බැදපු මිනිහෙක්ට දෙන්න..කොල්ලට ලෝභයි..ඒ වගේම බයයි..
කොහොමින් කොහොමහරි කෙල්ලගේ ගෙදරින් වැඩි කැමැත්තක් නොතිබුනත් කෙල්ලගේ කැමැත්ත නිසාම මේ කසාතේ ඉක්මනින්ම සිද්ද වුනා..
ආකාශ්ගේ ආදරේ තමන් සතු නොවුනත් උදේ හවහා ඒ මූණ දැක දැක ආකාශ්ගේ හැමදේටම උදව් කරගන ඉන්න ලැබෙන එකත් කෙල්ලටනම් මුලු ලෝකයක් දිනුවා තරම්..ඉතිම් ඇයත් එක්තරා බොළද ආදරවන්තියක්.. .
එකම කාමරේක ඇදන් දෙක්ක නිදාගන්න ඔවුන් අතර සමීප සම්බන්දයක් තිබුනේම නැති තරම්..ආකාශ් කතා කරේ වුවමනාවකටම විතරයි.. ඒ ඇරෙන්න කිසිම දෙයක් නෑ.. කොල්ලා උදේම හොස්පිට්ල් එකට ගියහම එන්නේ රෑ වෙලා.ඒත් ඒ හැමදාකම ආකාශ් එනකන් අශී ඇහැරන් හිටියා අඩුම කෑමක්වත් නොකා..
කෙල්ලගේ මුළු දවසම ගෙවෙන්නේ ආකාශ්ගේ පුංචි පුතු එක්ක.. මේ පුංචි පුතුනම් අශීට පුදුම තරම් එකතුයි. ඒ වගේම අශිත් පුදුම තරම් ආදරෙයි මේ නිර්වාන් බබාට..
මේ දෙන්නටනම් දෙන්නා නැතුවම බෑ..
කාලය මේ විදිහට අවුරුද්දක්ම ගෙවිලා ගියේ පුදුම තරම් වේගෙන්..ඒතරම්ම නොවුනත් ආකාශ් දැන් ටිකක් විතර සුහදයි අශී එක්ක පුංචි පුතු නිසාම..මොකද අශී ඉන්නවනම් නිර්වාන්ට ආකාශ් ඕනෙත් නෑ.. ආකාශ්ට මේ දේටනම් පොඩ්ඩක් ඊරිසියයි.
ආකාශ් ගෙදර ආවත් ගෙදර කවුරුත්ම පෙන්න හිටියේ නෑ.. හැමෝටම කෑගගහ හෙව්වත් කවුරුත්ම හිටියේ නෑ.. දැන්නම් ආකාශ්ට හොදටෝම දාඩියත් දාලා..කොල්ලා බැරිම තැන අශීගේ නම කියලා කෑගැහුවේ හිත පුදුම තරම් නොසන්සුන් වෙද්දි..
එතකොටයි කුස්සියේ හිටපු ආයාඅම්මා සාලේට දඩිබිඩියේ දුවන් ආවේ..
කෝ මේ ගෙදර මිනිස්සු මොනා වෙලාද ආ?
ආකාශ් හයියෙන්ම කෑහැහුවේ ආයම්මත් ගැස්සිලා යද්දි..
අනේ පුංචි මහත්තයා නෝනට ගොඩක් අමාරු වුනා ලොකු නෝනා එයාව හොස්පිට්ල් අරන් ගියා..
ඕහෝ ශිට්… කොල්ලා අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්තේ කිසිම දෙයක් හිතාගන්න බැරුව..
එතකොටමයි ආකාශ්ගේ ෆෝන් එක රින්ග් වුනේ..
“හෙලෝ පුතේ ඔයා කොහෙද දුවට ගොඩක් අමාරුයි ඉක්මනින් එන්න” ආකාශ්ගේ අම්මා කිව්වේ බිදුනු හඩින්..
කොල්ලා පුදුම තරම් වේගයෙන් කාර් එකත් අරන් ගියේ හොස්පිට්ල් එකට..
ආකාශ් යනකොටත් ආකාශ්ගේ අම්මයි පුතු පැටියයි හොදටෝම අඩනවා..
අම්මේ අම්මේ මො මොකද්ද වුනේ කෝ දෙයියනේ මගෙ අශි.. කොල්ලටත් නොදැනිමයි ඒ වචන ටික පිට වුනේ..
ඒ එක්කමයි අශීගේ පවුලේ අයත් එතෙන්ට දුවන් ආවේ..
හැම තප්පරේම රෝගීන් එක්කම ඉන්න ආකාශ් මේ වෙලාවෙනම් ගොඩක් නොසන්සුන්වෙලා..
අශීව චෙක් කරපු ඩොක්ට එලියට එනවත් එක්කම ආකාශ් එතෙන්ට දුවන් ගියේ පුදුම කලබලේකින්..
ඩොක්ට නාශ් අශීට මොකද?
ඩොක්ට ආකාශ් මේ ඔයාගේ….
ඔව් ඔව් නාශ් මගේ වයිෆ්..
කොහොමහරි දැනගන්න ලැබුනේ කෙල්ලගේ වකුගඩු වල ලොකු ප්‍රශ්නයක් තියනවා කියලා.. වකුගඩු බද්ධ කිරීමකින් තොරව කෙල්ලගේ ජිවීතේ බේරගන්න පුළුවන් කමක් තිබුනේ නෑ..
ආකාශ් තමන්ම චෙකප් කර ගත්තත් ඒක සාර්තක වුනේ නෑ.. අන්තිමට කෙල්ලගේ මල්ලි සවිරුගේ වකුගඩුවක් කෙල්ලට ලැබෙන්නේ අසීමාන්තික සහෝදර ප්‍රේමය කියාපාමින්.. කොච්චර රංඩුවුනත් සහෝදරකම කියන්නේ මහපුදුමාකාර බැදීමක්… කිසිම බැදීමකට නොදැවෙනි වන..
මේ වගේ ඔපරේශන් සිය ගානක් ආකාශ් අතින් වෙලා ඇති.. ඒත් කොල්ලට මේක කරන්නනම් කිසිම ශක්තියක් තිබුන් නෑ.. ඇස් වල දග කරන කදුලුත් එක්කම අකාශ් තමන්ගේ මිතුරා නාශ්ට ඔපරේශන් එක බාර කරේ කිසිදාක නොදැනුනු බියකින් හිත පෙලෙද්දි…
බය වෙන්න එපා අකාශ්.. වයිෆ්ට කිසි දෙයක් වෙන් නෑ උඹ බේරපු ලෙඩ්ඩුන්ගේ නාමයෙන්..
නාශ් එහෙම කියන ගමන් ආකාශ්ගේ පිටටත් තට්ටුවක් දාලා ඔපරේශන් රූම් එකට ගියේ කොල්ලා ලග තිබුනු පුටුවකට බර වෙද්දි..
ඔපරේශන් එක සක්සස් වුනේ හැමෝගෙම මුහුණු සතුටින් පුරවමින්..
තමන්ගේ ඇදට එහා පැත්තේ ඉන්න සවිරු දිහා කෙල්ල බැලුවේ අසීමිත වු සෙනිහසකින්..
මොකද යෝධි ඔහොම බලන්නේ..යකෝ නිකන් මාව කන්න වගේ..
මගෙ මල්ලි.. එහෙම කියන ගමන් අශී ඒ අතකින් හයියෙන් අල්ලගත්තේ විස්තර කරන්න බැරි හැගීම් සමුදායක් හිතේ නලියද්දි…
හා හා මොකද මේ.. මතක තියාගන්නවා මේ මල්ලි ඉන්නකන් උඹට වරදින්න දෙන් නෑ හරිද? සව්වරු කිව්වේ ලස්සන හිනාවක් ඒ මුවේ රදවගන…
දවස් කීපයකින් කෙල්ලට ගෙදර යන්න හම්බුනා.. ආකාශ් කෙල්ලව ගෙදර එක්කන් ගියේ හිතේ තියන හැමදේම කෙල්ලට කියන්න හිතාගන..
කෙල්ල කාමරේට යද්දි වෙනදා තිබුනු ඇදන් දෙක වෙනුවට ආකාශ්ගේ ලොකුම ලොකු යුගල ඇද විතරයි කෙල්ලට දකින්න ලැබුනේ..
“මගෙ ඇද” කෙල්ල කිව්වේ පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරන් .
” ආය මගේ කියලා කිසිම දෙයක් නෑ” ආකාශ් කිව්වේ අශී දිහා බලාගනමයි..
අශී ගැස්සිලා ආකාශ් දිහා බැලුවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව..
ආය අපේ විතරයි මගේ කියල කිසිම දෙයක් නෑ ආකාශ් කිව්වේ අශීගේ දෙවුරෙන් අල්ලලා ඒ ඇස් වලට එබිලමයි..
කොල්ලා එහෙමම එක්ක ගිහින් කෙල්ලව ඇදෙන් ඉන්දෙව්වා..
මේ මෝඩයට සමාව දෙන්න මැණික මේ ආදරේ තේරුම්ගන්න පරක්කු වුනාට.. ආකාශ් කිව්වේ ඒ මූණ තමන්ගෙ පැත්තට හරවාගනමයි..
අශීටනම් කිසිම දෙයක් හිතාගන්න බෑ.. ඒකයි කෙල්ල කටත් ඇරන් අස්කාශ් දිහා බලන් හිටියේ….
කොහොමද දෙයියනේ අවුරුදු පහළවක් මේ මටම ආදරේ කරේ ආ.. මං වෙනුවෙන්ම හිටියේ.. මං වෙන කෙනෙක්ව මැරි කරද්දිවත් අනික මං තාත්තා කෙනෙක් වෙලත්.. මට කියන්න අශී අනික ..
දැන්නම් ආකාශ්ට කාතා කරගන්නවත් බෑ කොල්ලා ඒ තරම් හැගීම්බර වෙලා ඒකමයි අශීව තදින්ම වැලදගතේ.. ඔව් ඒ ඔඑඋන්ගේ පළම්ය් වැළද ගැනීම.. දැන්නම් ඒ හිතේ අශීගැන තිබුනේ පපුව පැලෙන්න තරම් ආදරයක්..
කෙල්ලත් ඒ පපුවට බර වුනේ හරිම ආසාවෙන්..මොකද කෙල්ලට පිනුම් ගගහා නටන්න තරම් සතුටුයි.. මොකද අවුරුදු පහළවක ඒක පාර්ශීයා ආදරේ අද දිනලා.කෙල්ල හිතුවෙවත් නැති මොහොතක..
ඒත් ඒත් ආකාශ් ඔයා ඒක දැනගත්තේ කෙල්ල ගොත ගගහ ඇහුවේ කවුරුත් නොදන්න තමන් විතරක් දන්න මේ ආදරේ ආකාශ් දැනගත්තේ කොහොමද කියලා ඒ හිත්ස් කුතුහලෙන් පිරෙද්දි..
හ්ම්ම්ම් මට සවිරු හැමදේම කිව්වා..ආකාශ් කිව්වේ ලොකු හුස්මක් පිට කරලා.
මොකක් මල්ලි මේ මොකුත් දන් නෑනේ..
කෙල්ල කිව්වේ අකාශ්ගේ පපුවෙනුත් ඈත් වෙන්න හදන ගමන්.. ඒත් ආකාශ්ගෙන්නම් අශීට මිදෙන්න හම්බෙන් නෑ..
මෝඩ කෙල්ල බොරුවට දගලන්න එපා ආයනම් කීයටවත් අතාරින් නෑ..ආකාශ් කිව්වේ තවත් තදින් අශීව වැලදගෙන..
කෙල්ල හිමීට ඔලුව උස්සලා බැලුවේ ආකාශ්ගේ මූණ දිහා..
කොල්ලා ඇස් වලින් ඉගිකරේ හරි දගකාර විදිහට.. කෙල්ල එහෙනම ඒ පපුව අස්සේ මුණ හංගගත්තා..
දන්නවද මැණික ඔයා මේ කසාතේට කැමති වුනත් සවිරු අකමැති වුනා ඔයාට මතකද.. මොකද මං බැදලා ඩිවෝස් වෙච්ච දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක් නිසා..
ඒත් සවිරුට ඔයාගේ මේ කැමැත්ත ප්‍රශනයක් වෙලා ඔයාගේ මුළු රූම් එකම අවුස්සලා ඔයාට හොරෙන්.. එදා තමයි ඔයා මක් ගැන ලියපු හැම පොතක්ම,ඔයා මටත් හොරෙන් අරන් හංගන් හිටපු මගේ ෆොටෝසුත් එයාට හම්බෙලා තියෙන්නේ.. එදා තමයි එයා දැනන් තියෙන්නේ ඔයා මට ආදරේ කරපු තරම්.. ඊට පස්සේ මං ගැනත් හොදට හොයලා තමයි සවිරු මේ කසාතෙට ඉඩ දීලා තියෙන්නේ..
ආකාශ්ගේ මේ කතාව කෙල්ල හිතාගන්න බැරි වුනා..කෙල්ලට තමන්ගේ මල්ලි ගැන දැනුනේ කියා නිම කරන්න බැරි සෙනිහසක්..
කෙල්ලගේ ඇස් වලින් කදුලු වැටුනේ සතුටටද දුකටද කියන්න කෙල්ලට තේරුනේ නෑ..
ඒ ටිකනම් දැං මං ගාව කොල්ලා කිව්වේ කෙල්ලගේ කබඩ් එක පෙන්නලමයි..
මො මොනාද කෙල්ල ඇහුවේ ඇහෙන නෑහෙන ගානට..
මැණිකගේ ආදරේ සාක්ශි ටික.. ආකාශ් කිව්වේ ඒ නලලත මත හාදුවක් තවරන ගමන්..
දන්නවද මැණික මං මේ දේවල්නම් දැනගත්තේ දැන් දවස් දෙක්කට කලින්.. ඒත් ඊටත් කලින් මේ මෝඩ කෙල්ල මගෙ හිත හොරකන් කරලයි තිබුනේ..ජීවිතේ පළවෙනි පාරට මටත් ආදරේ ගැන දැනෙන්න ගත්තා මැණික ඔයා නිසා…ඒත් මට ඒක කියාගන්න බැරි වුනා..
පළවෙනිපාරට? කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් කොල්ලගෙන් ඇහුවේ පුදුමෙන්..
ඔව් පළවෙනිපාර..මේ පිස්සු කෙල්ල තමයි මගේ හිතේ ආදරේ ඇති කරේ..
ඉස්කෝල කාලේ හරි චූටි හරි ඉගියක් මට දුන්නනම් මේ දේවල් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා.. ශික් අපරාදේ මේ මෝඩයා පොත් බදන්නි හිටියේ.. වටේ හිටියේ කවුද කියලවත් දැක්කේ නෑ.. ලස්සන ලියවෙන්න තිබුනු ආදර කතාවක් මට නැති වෙලා.. ආකාශ් කිව්වේ ඇත්තටම පසුතැවුනු හිතකින්.
අශීට හිනා ගියේ ඒ කාලේ මතක් වෙලා.. අශී කොච්චරනම් ආකාශ් දිහා බලන් ඉන්න ඇද්ද? ඒත් අකාශ් නෙමේ ඔලුව උස්සන්නේ..
කැම්පස් කාලෙදි වුනත් කෙල්ල කොච්චරනම් ආකාශ්ට හොරෙන් ආකාශ් දිහා බලන් ඉදලා යන්න ඇත්ද.. ආකාශ්ව බලන්න යන එක නැවැත්තුවේ ආකාශ්ගේ මැරේජ් එකෙන් පස්සේ.. ඒ මොනා වුනත් අශීටනම් ආකාශ්ගෙන් මිදෙන්නම බැරි වුනා..ඒකයි කසාතයක් ගැනවත් නොහිතුවේ.. කෙල්ල ඒ තරම්ම හිතින් ආකාශ්ට බැදිලයි හිටියේ..
කෙල්ල බර හුස්මක් හෙලුවේ අතීතේ මතක් වෙලා..
මොකෝ මේ ම්ම් ආකාශ් කෙල්ලගේ හිස පිරිමදින ගමන් ඇහන්න වුනා..
මොකුත් නෑ..කෙල්ල කිව්වේ ලාවට හිනාවෙන ගමන්..
මොකුත් නැත්තේ නෑ ඉස්සරහට තමයි හැමදේම තියෙන්නේ ආකාශ් කිව්වේ අශීගේ මූණ ඒ දෝතටම අරගන..
ඒත් කොහොමද ඔයාගේ පළවෙනි ආදරේ මං වෙන්නේ අශී ඇහුවේ හිතේ මෙච්චර වෙලාවක් තිබුනු ප්‍රශ්නේ..
හ්ම්ම්ම්.. එත් මං බැලුවා මොකද මේ ඒ ප්‍රශ්නේ පරක්කු කියලා..
හ්ම්ම් එහෙනම් අහගන්නකෝ ශෙරින් කියන්නේ මගෙ කැම්පස් එකේ යාලුවෙක්..කොහොමහරි ලෙක්චර් කෙනෙක් එක්ක ශෙරින්ගේ සම්බන්දයක් තිබුනා.. පස්සේ ශෙරින්ට ළමයෙක් ලැබෙන්න හිටියා. ඒත් ඒ ලෙක්චර් ශෙරින්ව බාරගන්න කැමති වුනේ නෑ.. ශෙරින්ට ඕනේ කරේ කොහොම හරි මේ දරුවව නැති කරන්න. ඒත් කොහොමද මේ ලෝකෙවත් නොදැකපු කිරිකැටියෙක්ගේ ජීවිතේ නැති කරන්න දෙන්නේ. ඉතින් ඒ නිසාම කිසිම හැගීමක් නොතිබ්බත් මං මේ දරුවා වෙනුවෙන් ශෙරින්ව බැන්දා.. එතකොටත් බඩට මාස තුනක්.. අන්තිමට දරුවට මාස දෙකක් වෙද්දිම එයා එයාගේ ලෝකේ හොයන් යන්න ගියා.ඔන්න ඔහොමයි ඒ දේවල් සිද්ද වුනේ අශී….
එතකොට මේ දරුවා?අශී ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන්..
ඔව් අශී ඔයා හරි මේ ඒ දරුවා තමයි.
අශීට දැනුනේ ආකාශ් ගැන පුදුම හැගීමක්..කෙල්ල තදින්ම කොල්ලව බදාගත්තේ අසීමිත වූ ආදරේකින්..
ආකාශ් ඔයානම් පුදුම මනුස්සයෙක්.. අශී කිව්ව නෙවෙයි කියවුනා..
අම්මි අම්මී එතකොටයි නිර්වාන් කාමරේට දුවන් ආවේ..
තාත්ති යන්න අම්මි මගේ ආකාශ්ව පුංච් අත් වලින් තල්ලු කරන ගමන් කියන වුනා..
කෙල්ල ඉක්මනින්ම ආකාශ්ගෙන් මිදිලා පුතු පැටියව වඩාගත්තේ අසීමිත වූ ආදරේකින්.. නිර්වාන් අශීව හයියෙන් අල්ලගන අකාශ්ට ඇද කරන්නේ එයාගේ අයිතිවාසිකම කියා පාමින්..
මේ හුරතල් වැඩ දකිද්දි කෙල්ලට දැනුනේ ආකාශ් ගැන පුදුම පැහැදීමක් ගරුත්වයක්.. පිරිමියෙක්ට මෙච්චර කැපකිරීමක් කරන්න පුලුවන්ද අනුන්ගේ දරුවෙක් වෙනුවෙන්..
ඔයානම් දෙවියෙක් ආකාශ් කෙල්ල තමන්ටම කියාගත්තේ ලස්සනට හිනා වෙලා..
අකාශ්ටයි අශීටයි මැදට වෙලා නිර්වාන්ට හොදටම නින්ද ගිහිල්ලා..
මේ මැණික…..
මොකෝ ආ අශී ඇහුවේ ඇහි බැමත් උඩට උස්සලා..
මේ අපි හනිමුන් එකට කොහෙද යන්නේ?
සිංගපුර්,ජපන්,චීන,කොරියා,ඇමරිකා කොහෙද කොහෙද? ආකාශ් ඇහුවේ ෆුල් සීරියස් මූඩ් එක්කුත් මවන්.
මොකක්?
මොකක් නෙමේ ඉක්මනින් කියන්න.. තවත්නම් ඉන්න බෑ.. බැදලා අවුරුද්දකට පස්සේ හනිමුන් යන එකම ජෝඩුව අපිද කොහෙද? කොල්ලා කිව්වේ මුණත් දෙල් කරගෙන..
අපි යමු කසකස්තානේ අශී කිව්වේ හිනාවත් තද කරගන….
යනවා කසකස්තානේ කහ කහ තමයි යන්න වෙන්නේ මං කියන් නෑ ඉතින්..
සමාප්තයි….
ප්‍රේමය කියන්නෙම මහ පුදුමාකාර දෙයක්..
කොයි මොහොතක ඇතිවෙනවද කියලා අපි කාටවත්ම කියන්න බැරි…
ඉතිං ප්‍රථම ප්‍රේමය හිමිවූවෝද ඇති..
අහිමි වුවෝද ඇති…
සිතුවිල්ලකට පණක් සීමා වූවොද ඇති..
ප්‍රථම ප්‍රේමයනම් බෝහෝ විට ඒකපාර්ශීයම නොවේද?
ඉතිම් ඔයාලගේ අදහස් කියන් යන්න… කතාව ගැනත් චූටි අදහසකුත් එක්කම.. මගෙ කතාව සාර්තකද?
බුදු සරණයි හැමෝටම!!