“මොකක්ද රශ්මික මේකෙ තේරුම? අනේ මට මෙහෙම කරන්න ඔයාට දුක නැද්ද?මං හැම දෙයක්ම අතෑරලා ඔයත් එක්ක ආවෙ ඔයාව විශ්වාස කරලා. ඔයත් එක්ක සන්තෝශෙන් ජීවත් වෙන්න හිතාගෙන.තාත්තා කරපු වරදට මං පලි නෑ රශ්මික……….”😭😭
“ඇත්තද?එතකොට මගේ තාත්තා කරපු දේට මං පලිද?උඹේ මහ ඒකා මාව මාස අටක් තිස්සෙ නොමරා මැරුවා.ඒ පලිය මං ගන්නෙ උඹෙන් දිනේත්‍රා……….”😡😡
හැමදාම ඔහොමමයි.රණ්ඩු සරුවල් ඉවරයක් නෑ.ජීවත් වෙන්න ඕනි හින්දා ජීවත් වුනා මිසක් මට නම් පව්ල් ජීවිතේ මිහිපිට අපායක් වෙලයි තිබ්බෙ.හීනෙකින්වත් නොපතපු විදියට රශ්මික මගෙ ජීවිතේම අපායක් කරා.මං එදා අප්පච්චිට විරුද්ධ වෙලා රශ්මිකත් එක්ක දහසක් පැතුම් පතාගෙන ආරම්භ කරපු යුග ජීවිතේ සුනු විසුනු වෙලා ගියා.
මගෙ අප්පච්චී රශ්මිකගෙ තාත්තා කරපු වැරැද්දට මාස අටක් තිස්සෙ පලි ගත්තෙ රශ්මිකගෙන්.රශ්මික මගෙ අප්පච්චි කරපු වැරැද්දට දැන් මාස පහක් තිස්සෙ පලි ගන්නෙ මගෙන්.කසාද බැදලා පැය කීයද මං සතුටින් හිටියෙ.ඊට පස්සෙ එක දවසක් වත් මං සතුටින් හිටියෙ නෑ.හැමදාම මොකක් හරි දේකට රශ්මික මාත් එක්ක රණ්ඩු වෙනවා. පොඩ්ඩ වැරදුනත් මට ගහනවා.මාත් මනුස්සයෙක් කියලා හිතන්නෙ නෑ.මේ ගෙදර මගේ පැත්තට කතා කරන්න කෙනෙක් හිටියා නම් ඒ රශ්මිකගෙ අම්මයි තාත්තයි විතරයි.රශ්මිකගෙ තාත්තා නම් වැඩිය ගෙදර නෑ.අම්මා රශ්මිකට කොච්චර පහදලා දෙන්න හැදුවත් රශ්මික ඒ දේවල් අහන්නෙ නෑ.
“ඔයා විදින දුක මට තේරෙනවා දුවේ. මගෙ පුතාත් එක්ක ඔයාට ජීවත් වෙන්න බෑ.ඔය දෙන්නා ඩිවෝස් වෙන්න.මං ඉන්නෙ ඔයාගෙ පැත්තෙ………”
“වැඩක් නෑ අම්මෙ.රශ්මික කැමති නෑ ඩිවෝස් වෙන්න………”😥😥
“එහෙම කියලා බෑනෙ.මුලු ජීවිත කාලෙටම ඔයාට ඔහොම දුක් විදින්න පුලුවන්ද?………”
“මේක මං කලින් ආත්මෙක කරපු පවක් අම්මෙ.මෙහෙම ගුටි කාලා කාලා මාව මැරිලා යයි.එයාට හිතක් පපුවක් නෑ අම්මෙ………”😭😭
රශ්මිකගෙ අම්මාගෙ පපුවට තුරුල් වෙලා මං හොදටම ඇඩුවා.මට මගේ අම්මව මතක් වුනා.මේ මාස ගානට මං තුන් හතර සැරයක් විතර අම්මට කෝල් කරා.ඒත් මං විදින දුක ගැන අම්මාට කිව්වෙ නෑ.අප්පච්චී තාම මාත් එක්ක ඉන්නෙ තරහින්.එයාගෙනුත් අම්මා බැනුම් අහන්න ඕනි.මං විදින දුක කියලා ඒ හිත තවත් පාරවන්න මට බෑ.ඉතිං මේ හැම දෙයක්ම මං තනියම දරා ගන්නවා.
💔💔
“දිනේත්‍රා………”😡😡
රශ්මිකගේ කෝපය පිරුනු කටහඩ මගේ දෙකන් වලට ඇහුනා.මං ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවා.
“ඇ……ඇයි රශ්මික?………”
“එනවා මෙහාට………”😡😡
“මට බෑ රශ්මික.අනේ මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.මාත් මනුස්සයෙක්………”😭😭
“ඔව් උඹට විතරයි වේදනාව දැනෙන්නෙ.මාස අටක් තිස්සෙ මට දැනුනෙ වේදනාවක් නෙවෙයිද යකෝ. තෝව මැරුවත් මට නම් සැනසීමක් නෑ……….”😡😡
“ඇති ඇති.ඕක හොදටම ඇති රශ්මික. ඕක අහලා මට ඇති වෙලා තියෙන්නෙ. ඔයාට සැනසීමක් දැනෙනවා නම් මාව මරලා දාන්න.මෙහෙම මැරි මැරි ජීවත් වෙනවාට වඩා මැරෙන එක සැපයි………”😭😭
“මං උඹව දැන්ම මරන්නෙ නෑ.දවසක උඹටම හිතෙයි ජීවිතේ නැති කරගන්න.දැන් වරෙන් මෙහාට……….”😡😡
“අනේ මාව අතාරින්න රශ්මික.මගෙ මුලු ඇගම රිදෙනවා අනේ………”😭😭
මං රශ්මිකගෙන් ගැලවෙන්න කොච්චර උත්සහ කරත් රශ්මික මට හෙලවෙන්නවත් බැරි විදියට එයාගෙ දෑත් වලින් මාව ග්‍රහණය කර ගත්තා. ගුටි කාලා කාලා එයාගෙ හැම ආසාවක්ම මගෙන් බලෙන්ම ඉශ්ට කර ගන්නෙ තිරිසනෙක් වගේ.අඩලා අඩලාම මගෙ ඇස් වල කදුලු වේලිලා ගිහින්.හෝරා කිහිපයක්ම සිය ආශාවල් මගෙ සිරුරෙන් ඉශ්ට කරගත් රශ්මික අනික් පැත්තට හැරිලා නිදා ගන්න වුනා.
ටවල් එකත් ඇගේ පටලවගෙන බොහොම අපහසුවෙන් බාතෲම් එකට රිංගා ගත් මා මුහුණ සෝදා ගත්තා. වේදනාවෙන් රුදුම් දෙන ගතේ හැම තැනකම තුවාල පාරවල් සැපුම් පාරවල් දක්නට ලැබුනා.ඒ හැම දෙයක්ම මං ඉවසා ගත්තේ ජීවිතේ අන්තයටම කලකිරිලා ඉද්දියි.
සති කිහිපයකට පසු👇👇👇👇👇
රශ්මිකගේ අම්මගේ උදව්වෙන් මං ඩිවෝස් නඩු දැම්මා.රශ්මික මාව කසාද බැදලා අදට මාස අටයි.මං ඩිවෝස් නඩු දැම්මා කියලා දැන ගත්තට පස්සෙ රශ්මික යක්ෂාවේශ වුනා.
“කියපිය බැල්ලි තෝ කාගෙන් අහලද දික්කසාද නඩු දැම්මෙ?මං තෝව දික්කසාද කරන්නෙ නෑ යකෝ……”😡😡
වෙනදා රශ්මිකගේ කෝපය ඉස්සරහා මං සද්දෙ නැතුව හිටියත් අද මං එහෙම හිටියෙ නෑ.
“මාත් මනුස්සයෙක් රශ්මික.තමුසෙ මට හැමදාම සැළකුවේ තිරිසනෙකුට වගේ. මට ආදරෙයි වගේ ඉදලා මාව රවට්ටලා තමුසෙ මගෙ මුලු ජීවිතේම අපායක් කරා.මගෙ අප්පච්චී තමුසෙට දීපු වද හිංසා වේදනා වලට හිලව් වෙන්නනෙ තමුසෙ මගෙන් පලි ගත්තෙ.එහෙනම් ඒක අදින් ඉවරයි රශ්මික.මගෙ අප්පච්චි තමුසෙගෙන් පලිගත්තෙ හරියටම මාස අටයි.
තමුසෙ මාව කසාද බැදලා හරියටම මාස අටක් ගෙවිලා ඉවරයි.දැන් තමුසෙගෙ පලි ගැනීම ඉවරයි.මට ඩිවෝස් එක ඕනි.එතකල් මං තමුසෙගෙ වයිෆ් විදියට ජීවත් වෙලා ඉන්නම්.හැබැයි මට අතක් තියලා තිබ්බොත් මං නරක ගෑනියි කියන්න එපා……….”😡😡
මගේ තර්ජනාත්මක කටහඩ හමුවේ රශ්මික මං දිහා බලන් හිටියේ දෑස් ලොකු කරන් පුදුමයෙන් වගේ.එයා හිතන්න නැතුව ඇති මං මේ වගේ කතා කරයි කියලා.
දින කිහිපයකට පසු👇👇👇👇
උසාවියෙන් මට දික්කසාදය ලැබුනා.මට යන්න තැනක් තිබුනෙ නෑ.ආපහු ගෙදරට යන්නත් බෑ.අප්පච්චී මාව ගෙදරට වද්ද ගන්නෙ නෑ.කොහේ යන්නද මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව මං ගොඩාක් අසරණ වුනා.
“දුවේ එන්න අපි යමු………”
රශ්මිකගේ අම්මා මං ගාවට ආවා.
“දැන් මට ඔයාලගෙ ගෙදරට එන්න අයිතියක් නෑ අම්මෙ.මං කොහේ යන්නද කියලා හිතා ගන්න බෑ.රශ්මික හින්දා මං ඔයාලත් එක්ක තරහ නෑ.මං කොහේ හරි යන්නම්………”
දෑස් වලට උනපු කදුලු ලේන්සුවෙන් පිසදාගෙන මං එහෙම කිව්වා.මගෙ දෛවය මට මොන වගේ ජීවිතයක් උරුම කරලද කියලා මටම හිතා ගන්න බැරි වුනා.
“ලේලි කෙනෙක් විදියට නෙවෙයි දුවේ දුවෙක් විදියට ඔයා අපේ ගෙදරට එන්නකෝ.කාත් කවුරුවත් නැති කෙල්ලෙක් විදියට ඔයාට පාරට බහින්න දෙන්න අපිට බෑ.ඔයා අපේ ගෙදරට ඇවිත් ඉන්න.අපි බලමුකෝ මොකක්ද කරන්න පුලුවන් කියලා………”
මං බෑ කියද්දිම රශ්මිකගෙ අම්මා මාව එයාලගෙ ගෙදරටම ආපහු එක්කන් ගියා.මාව දැකලා රශ්මික පුදුම වුනා.
“මොකටද අම්මා මේ ගෑණිව ආපහු මෙහෙ එක්කන් ආවෙ?යන තැනකට යන්න ඉඩ හැරියා නම් ඉවරයිනෙ……..”😠😠
“පුතා කට වහගන්න😠😠මේ දරුවා මොකක් හරි පිළිවෙලක් කරනකල් මෙහෙ ඉන්නෙ.දුවේ ඔයා කාමරේට ගිහින් ඔයාගෙ ඇදුම් ටිකයි අනික් බඩු ටිකයි අරන් අර කාමරේට යන්න……..”
රශ්මිකගේ අම්මා කියපු විදියට මං කාමරේට ගිහින් මගෙ ඇදුම් ටිකයි අනික් බඩු ටිකයි අරගෙන අනික් කාමරේට ගියා.මගෙ ජීවිතේ රශ්මිකගෙන් ගැලවුනත් ඉදිරියට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.රශ්මික ඇත්තටම හොද මනුස්සයෙක් වුනා නම් අද මං මොන තරම් සන්තෝශෙන්ද ජීවත් වෙන්නෙ.
💔💔
රශ්මිකව කසාද බැන්දට පස්සෙ අද තමයි මං සැනසීමෙන් නිදා ගත්තු එකම රාත්‍රිය.වෙනදා නම් රශ්මිකගෙන් ලැබෙන වද හිංසා නිසා මං ජීවිතේ අපමණ වාරයක් පසු තැව්නා.
නිදාගෙන ඉන්නකොට එකපාරටම කාමරේ දොර ඇරෙන සද්දයක් ඇහුනා. මාව ගැස්සිලා ඇහැරුනා.කාමරේ ලයිට් එක දාලා බලද්දී දොර ගාව හිටගෙන හිටියේ රශ්මික.මගෙ පපුව හොදටම ගැහෙන්න පටන් ගත්තා.
“කරුණාකරලා කාමරෙන් එළියට යන්න රශ්මික.ඔයාට දැන් මගෙ කිසිම අයිතියක් නෑ.මං කෑ ගහන්න කලින් මෙතනින් යන්න රශ්මික……….”
මං එහෙම කිව්වත් රශ්මික කාමරෙන් ගියේ නෑ.මං ඇදෙන් නැගිටලා බිමට බැස්සා.රශ්මික මං ගාවට ඇවිත් මාව බලෙන්ම ඇදට පෙරලගන්න හැදුවා. බොහොම අමාරුවෙන් රශ්මිකව පැත්තකට තල්ලු කරලා මං කාමරෙන් එලියට පැනලා දිව්වා.මං දැක්කා රශ්මික මගෙ පස්සෙන්ම දුවගෙන එනවා.කෑ ගහගෙනම මං සාලෙ දොර ඇරගෙන එලියට දිව්වා.රෑ දහයයි වෙලාව.ගේට්ටුව ලගටම දුවන් ආපු මං කපාපු පොල් ගහේ කොටේ උඩට කකුල බොහොම අමාරුවෙන් රශ්මික ලගට එන්න කලින් ගේට්ටුවෙන් එලියට පැනලා පසු නොබලා දිව්වා.කොයි තරම් වෙලා දිව්වද කියලා මටම හිතා ගන්න බැරි වුනා.
දුවලා දුවලා හොදටම හති.කොළඹ ද පෙරේරා මාවතේ ඔරලෝසු කණුවෙන් මං දැක්කා එහි වේලාව රාත්‍රී එකොළහි විස්ස ලෙස සටහන්ව තිබෙනවා.වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබුනත් රාත්‍රී විදුලි පහන් කණු වලින් දිස් වූ ආලෝකය නිසා වටපිටාවට යම් ආලෝකයක් ලැබී තිබුනා.සෙමින් සෙමින් දුම්‍රියපලට පැමිණි මං එහි බංකුවක් මතින් වාඩි වුනා.දහවලේදී සිගමනේ යන යාචකයින් කිහිප දෙනෙකු දුම්‍රියපොලේ තැනින් තැන නිදාගෙන හිටියා.
එක්වරම මගෙ නෙත් වලට ආලෝකයක් එල්ල වුනා.පසු පසට හැරිලා ඒ දෙස බලද්දී මං දුටුවා හැඩි දැඩි පිරිමින් කිහිප දෙනෙකුගේ නෙත් මාදෙසට යොමුව තිබෙනවා.අනේ දෙයියනේ රශ්මිකගෙන් බේරිලා දුවගෙන ආපු මට මේ සල්ලාලයින්ගෙ ගොදුරක් වෙන්න සිද්ද වෙයිද?😭😭😭
“මොකද ඔතෙන්ට වෙලා ඉන්නෙ මේ මහ රෑ වෙලා?යන්න තැනක් නැද්ද?එහෙම තැනක් නැත්නම් එන්න අපිත් එක්ක.අපි ඉන්න තැනකුයි ජොබ් එකකුයි හොයලා දෙන්නම්………”
එහෙම කියාගෙන ඒ මිනිස්සු තුන් දෙනා මං ගාවට කිට්ටු වුනා.මගේ පපුව හොදටම ගැහෙන්න ගත්තා.වටපිටාව හොදටම කලුවරයි.හිත හිතා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.මං ඉස්සරහට ආපු එක මිනිහෙක්ව තල්ලු කරගෙන මං රේල් පාර ඉදිරියෙන්ම දිව්වා.
“අල්ල ගනිල්ලා ඕකිව………”
ඒ මිනිස්සුත් මගෙ පස්සෙන්ම දුවගෙන ආවා.තිස්තුන් කෝටියක් දෙවියන් යැද යැද මං කකුල් දෙකට පිං දිදී දිව්වා. පියවි සිහිය නැති වෙනකල්ම මං දිව්වා. හිතේ ශක්තියෙන් දිව්වත් මගේ ගතට කිසිම ශක්තියක් තිබුනෙ නෑ.මහ පාර මැද්දෙ දුවගෙන හිටපු මගෙ ඉස්සරහට වාහනයක් එනවා මං දුර ඈතට දැක්කා.ඒ වාහනේ මට ලං වෙනකොටම වගේ දෙපා වාරු නැතුව, පණ නැතුව මාව මහ පාර මැද්දෙම ඇදගෙන වැටුනා.එකපාරටම ඒ වාහනේ පදවපු කෙනා බ්‍රේක් ගැහුවෙ නැත්නම් මගේ ජීවිතේ අවසානෙ ඒ වාහනේ ඉදිරිපස රෝද වලින් නිමා කරන්නට ඉඩ තිබුනා.හෙලවෙන්නවත් මට කිසිම ප්‍රාණයක් තිබ්බෙ නෑ.මගේ නෙත් පියවෙලා ගියේ මටත් නොදැනුවත්වමයි.
මුහුණටයි බෙල්ලටයි දැනුනු සීතල ගතිය නිසා මං බොහොම අපහසුවෙන් ඇස් ඇරියා.මං ඉන්නෙ කොහෙද කියකා මට තේරුනෙ නෑ.මං හිටියෙ කොහේ හරි නිවසක කාමරේක ඇදක් උඩ.ඇස් ඇරලා වටපිට බලද්දී මං ලග වතුර වීදුරුවක් අතේ තියාගෙන හිටපු කෙනා දැකලා මගෙ බිය දෙගුණ තෙගුණ වුනා.
මතු සම්බන්දයි