මහ රෑ ඉදන් වැහැපු වැස්ස පායද්දී පාන්දර වෙලා තිබුනා.මට ඇහැරුනේ පාන්දර පහට විතර.එහාට මෙහාට හැරිලා බලද්දී අමුත්තක් දැනුනා.ඇස් දෙක ඇරලා හරියටම බලද්දියි මට තේරුම් ගියේ මං ඉන්නේ ඇදේ කියලා.මං ඊයෙ රෑ සීට් එකත් එලාගෙන බිමනෙ නිදා ගත්තෙ.අනිවාර්යයෙන්ම දේෂාන් මහත්තයා මට නින්ද ගියාට පස්සෙ මාව උස්සලා ඇදෙන් තියෙන්න ඇති.මටත් ඉතිං මළා වගේ නින්ද යනවනේ.කවුරු හරි ඇවිත් උස්සගෙන ගියත් දන්නෑ.
ඇස් දෙක පොඩි කර කරම මං දේෂාන් මහත්තයා දිහා බැලුවා.මගෙ උකුල උඩින් කකුලකුත් දාගෙන එක අතක් මං ඇදගෙන හිටපු බ්ලව්ස් එක ඇතුලෙන් දාගෙන දේෂාන් මහත්තයා හොදටම නිදි. නිදාගෙන ඉන්නැද්දිත් මේකගෙ අත් යන්නෙ ඕන්නැති දිහාවල් වලටනෙ.
අත අරගෙන පැත්තකින් තියපු මං කකුලත් හිමින් සීරුවේ අයින් කරලා මැද්දෙන් කොට්ටයක් තිබ්බා.
මට මතක් වුනේම ඇමැන්ඩා දේෂාන් මහත්තයට තුරුල් වෙලා හිටපු හැටියි.ඒ ගැන මතක් වෙන වාරයක් වාරයක් ගානෙ මගෙ හිතට දරා ගන්න බැරි තරම් දුකක් දැනෙනවා.ඒත් මං අඩලා වැලපිලා දේෂාන් මහත්තයත් එක්ක මේ ප්‍රශ්නෙ විසදගන්න ගියොත් මගෙ අහිංසක කමෙන් මේකා අයුතු ප්‍රයෝජන ගන්නවා.
කැත්තට පොල්ල වගේ ඉදලා කොහොම හරි මේකව මට්ටු කරන්න ඕනි.එහෙම හිතපු මං ඇදෙන් නැගිට්ටා.තාම පාන්දර පහමාර හින්දා මං දොරත් ඇරගෙන බැල්කනියට ගියා.වටපිටාව කලුවර වුනාට මගෙ හිතට බයක් දැනුනෙ නෑ. ටිකක් වෙලා හිටපු මං බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන දත් මැදලා ආවා.මට නිකමට වගේ හිතුණා දේෂාන් මහත්තයගෙ මොබයිල් ෆෝන් එක බලන්න.මට වෙනදා නම් මේ වගේ උවමනාවක් ඇති වෙලා නෑ.මං හිමිහිට මේසෙ උඩ තිබුනු ෆෝන් එක අතට ගත්තා.
මං මුලින්ම චෙක් කරේ ෆෝන් එකේ ෆොටෝ ගැලරිය.සැක හිතෙන කිසිම ෆොටෝ එකක් තිබ්බෙ නැති නිසා මං ඊලගට කෝල්ස් තීරුව චෙක් කරලා බැලුවා.දවස් දෙකකට කලින් තමයි අන්තිමට ඇමැන්ඩාගෙන් දේෂාන් මහත්තයට කෝල් එකක් ඇවිත් තිබ්බෙ.
දේෂාන් මහත්තයා නම් ඇමැන්ඩාට කෝල්ස් අරන් තිබුනෙ නෑ.ඒත් එහෙමයි මං කොහොමද දේෂාන් මහත්තයා වැරදි නෑ කියලා විශ්වාස කරන්නෙ.සමහර විට එයා කෝල්ස් අරන් ඒවා ඩිලිට් කරාද කව්ද දන්නෙ.ෆෝන් එක පැත්තකින් තියලා මං කාමරේ දොර ඇරලා දුලීකා නැන්දට කතා කරා.
“ආ…..නෝනා නැගිට්ටද?මං ඉක්මනට තේ හදාගෙන එන්නම්.මහත්තයා දැන්ම නැගිටින එකක් නෑනෙ………”
“නෑ නැන්දෙ.මහත්තයා නැගිටිනකොට අට නවය වෙයි.මට කිරි එපා.තේ එකක් විතරක් ගේන්න……….”
මං ආපහු කාමරේට එද්දී දේෂාන් මහත්තයා ඇහැරිලා හිටියේ.මං දිහා බලලා නෝන්ඩියට වගේ හිනා වුනාමං අහක බලා ගත්තා.මූ හිනා වෙන්නෙ ඊයෙ රෑ මාව හොරෙන්ම උස්සලා ඇදෙන් තිබ්බ නිසා වෙන්න ඇති.
“තමුසෙ මොකද රවන්නෙ?……..”
“වැඩේමයි රවන්න……..”
“මොකක්ද කිව්වෙ?……..”
“මොකුත් නෑ………”
“මෙහාට එනවා පොඩ්ඩක්……..”
මොකටද කියලා බලන්න මං දේෂාන් මහත්තයා ලගට ගිහින් අහක බලාගෙන හිටියා.
“මොකද තමුසෙගෙ බෙල්ලෙ අමාරුවක් තියනවද ඔහොම ඉන්නෙ?………”
“දැන් මහත්තයා මොකටද ලගට එන්න කිව්වෙ?කියන්න තියන දෙයක් කියන්න………”
“මේ අහනවා අහිංසා මගෙයි අර ගෑනිගෙයි අතර කිසිම සම්බන්දයක් නෑ. එදා සිද්ද වුනේ මෙන්න මේකයි.ෆැක්ට්‍රි එකේ මීටින් එක තිබිලා ඉවර වෙනකොට රෑ දහයාමාර විතර වුනා.මං හොටෙල් එකට ගියා.ආපහු පහුවදා උදේ නවයට අපේ පිටරට කට්ටියකගෙ මීටින් එකකුත් තියන නිසා හොටෙල් එකේම මං හිටියා.
එදා මං ටිකක් වැඩිපුර ඩ්‍රින්ක් ගත්තා. එවලෙ තමයි ඇමැන්ඩා මං ගාවට ඇවිත් තියෙන්නෙ.ඒකිගෙයි මගෙයි අතර තමුසෙ හිතන කිසිම දෙයක් වුනේ නෑ අහිංසා.කොටින්ම කියනවා නම් ඒකිට ඕනි වෙලා තිබිලා තියෙන්නෙ මාව තුරුල් කරගෙන ෆොටෝස් ගන්න විතරයි.ඒ ටික තමුසෙට එවලා අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති කරන්නයි ඇමැන්ඩාට ඕනි වෙලා තියෙන්නෙ.මං ඊට පස්සෙ කවදාවත් ඒකිව හම්බුනේ නෑ.තේරුම් ගනිං ගෑනියෙ මං ඒ ගෑනිත් ඒක්ක කිසිම සම්බන්දයක් නෑ………”
දේෂාන් මහත්තයා ඒ කියපු දේවල් මට සීයට සීයක්ම විශ්වාස නෑ.මගෙ හිත පුරාම පැතිරිලා ගියේ දේෂාන් මහත්තයත් එක්ක ඇමැන්ඩා තුරුල් වෙලා හිටපු හැටියි.
“දැන් තමුසෙට මං කියපු දේවල් විශ්වාස නැද්ද?………”
“මං කොහොමද මහත්තයා කියපු දේවල් ඇත්තමයි කියලා හිතන්නෙ?අනික මහත්තයා මාව කසාද බදින්න ඉස්සෙලා ඉදන් ඇමැන්ඩාව දන්නවනේ.ඒ කාලෙනෙ ඇමැන්ඩාව මහත්තයට ප්‍රපෝස් කරලා තියෙන්නෙ?………”
“මොන රෙද්දක්ද ගෑනියේ…..යකෝ බූරු එලදෙන,ගොං වැස්සියෙ මීට වඩා ඇත්ත කියන්න මං දන්නෑ………”
කියන්න තියන හැම සතෙක්ගෙම නම් කියලා මට බනිනවා.ඒකට අර ඇමැන්ඩට ලස්සනට ඇමැන්ඩා කියලා කියනවා.
ඕනි මගුලක් හිතා ගන්නතෑ කියලා හිතලා මං උඩ සාලෙ ටීවි එක දාගෙන උදෑසන පත්තරේ විස්තරේ බැලුවා.ටික වෙලාවක් යද්දී කම්මැලි හිතුන නිසා මං ටීවි එක ඕෆ් කරලා කාමරේට ආවෙ හෝදන්න තිබ්බ ඇදුම් ටික වොශින් මැශින් එකට දාන්න හිතාගෙන.දේෂාන් මහත්තයා බැල්කනියට වෙලා කාටදෝ මන්දා කෝල් කරනවා.මං හිමිහිට පැත්තකට වෙලා අහගෙන හිටියා කාටද ඒ කතා කරන්නෙ කියලා.ඇමැන්ඩාටද දන්නෑ කතා කරන්නෙ.අම්මපා මට දැන් හිතෙනවා මේකගෙ ඔය ෆෝන් එක අරන් පොලවෙ ගහන්න.
“උඹ කොහොම හරි ඒ සීසීටීවි රෙකෝඩ්ස් ටික අරගෙන වරෙන්කො.මට මෙහෙ කනක් ඇහිලා ඉන්න නෑ බං.මේ හු### ති මාව කන්න හදනවා.කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් මේ යක්ෂනී පිලිගන්නෙම නෑ.මෙහාට ගේද්දි නම් හිටියෙ හා පැටියෙක් වගේ වුනාට දැන් නම් කාලි මෑණියො වගේ බං………”
දේෂාන් මහත්තයා මේ කතා කරන්නෙ අනිවාර්යයෙන්ම රොශාන් එක්ක වෙන්න ඇති.මට පොඩි සැකයක් ඇති වුනා මේ කියන දේවල් එක්ක ඇත්තටම දේෂාන් මහත්තයා වැරද්දක් කරලා නැද්ද කියලා.
සමහර විට ඒ හොටෙල් එකේ සීසීටීවි රෙකෝඩ්ස් ගේන්න හදන්නෙ එයා වැරදි නෑ කියලා ඔප්පු කරන්න වෙන්න ඇති. අනේ දෙයියනේ බැරි වෙලාවත් දේෂාන් මහත්තයා කිව්වෙ ඇත්ත නම් එහෙම අයියෝ අහිංසා……ඔයා ඉවරෙටම ඉවරයී….
“හා හරි හරි.උඹ ඉක්මනට වරෙන් මචං. නැත්නම් මේ යක්ෂනී මාව කයි……..”
අනේ අහිංසක මටනෙ මූ යක්ෂනී කියන්නෙ.දේෂාන් මහත්තයා බැල්කනියෙන් එන්න කලින් මං කාමරේ මැද්දට ආවා ඊට පස්සෙ හෝදන්න තියන රෙදි ටික අරගෙන බාතෲම් එකට ගිහින් වොශින් මැශින් එකට හෝදන්න දැම්මා.
පැයක් විතර යද්දී රොශාන් ඇවිත් දේෂාන් මහත්තයා එක්ක මොනවදෝ කතා කර හිටියා.දේෂාන් මහත්තයගෙ මුහුණේ තිබ්බෙ ලොකු හිනාවක්.රොශාන් සමහර විට අර සීසීටීවි කැමරා රෙකෝඩ්ස් ටික ගේන්න ඇති.ආපහු දේෂාන් මහත්තයා ආවට පස්සෙ මං හොරෙන් වගේ ඒ මුහුණ දිහා බැලුවා.
“අහිංසා……..”
“ඇයි මොකද?……..”
“රමේෂ් එදා හොටෙල් එකේ සීසීටීවි රෙකෝඩ්ස් ටික අරන් එයි.ඒක බැලුවම කව්ද වැරදි කියලා තමුසෙට තේරෙයි………”
“හ්ම්ම්………”
________________________________________
රෑ හතට විතර රමේශ් ආවා දේෂාන් මහත්තයව හම්බෙන්න.මං උඩ තට්ටුවෙ ඉදලා බලාගෙනයි හිටියෙ.රමේශ් දේෂාන් මහත්තයට මොකක්ද කවරයක් දුන්නා. දේෂාන් මහත්තයා ඒ කවරෙ අරන් රමේෂ්ගෙ පිටට තට්ටුවක් දාලා උඩ කාමරේ පැත්තට ආවා.අහේතුවකටද මන්දා මගෙ පපුව ගැහෙන්න ගත්තා. බඩගින්නකුත් දැනුනා.
“මෙහාට එනවා……..”
“බඩගිනියි මහත්තයා.කාලා ඉම්මු……..”
කාලා ඉවර වුනාට පස්සෙ දේෂාන් මහත්තයා එයාගෙ ලැප්ටොප් පරිඝණකය අරන් ඇදෙන් වාඩි වුනා.මාත් ලගින් වාඩි වුනා.
“ආ……බලනවා දැන්?………”
එහෙම කියලා දේෂාන් මහත්තයා ලැප් එක මගෙ පැත්තට හරවලා මාත් එක්කම බලාගෙන හිටියා.මං උවමනාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. ඒකෙ තිබුනා දේෂාන් මහත්තයා එදා පඩිපෙළ නැගලා හොටෙල් රූම් එකට යනවා.ඊට පස්සෙ දොර ඇරගෙන ඇතුලට ගිහිල්ලා දොර වැහුවා.ඊට පස්සෙ විනාඩි දහයක් විතර යද්දී හොටෙල් එකේ සේවකයෙක් ට්‍රේ එකක තියාගෙන මත්පැන් වගයක් ගෙනාවා.දොර ඇරලා ඒ ට්‍රේ එක ගත්තු දේෂාන් මහත්තයා ආපහු දොර වහලා දැම්මා.පැය දෙකකට විතර පස්සෙ ඇමැන්ඩා තව පිරිමි කෙනෙක් එක්ක දේෂාන් මහත්තයා හිටපු රූම් එකේ දොර ගාවට ආවා.
ඒ දෙන්නා මොන මොනවදෝ කතා කර එතන විනාඩි දහයක් විතර හිටියා.ඊට පස්සෙ එතනට තවත් කෙනෙක් ආවා.ඒ ආවෙ ඉස්සෙලා දේෂාන් මහත්තයට මත්පැන් ගෙනත් දීපු හොටෙල් එකේ වැඩ කරපු සේවකයා.ඒ මනුස්සයා යතුරක් දුන්නා ඇමැඩාගෙ අතට.ඊට පස්සේ ඇමැන්ඩා දොර ඇරගෙන දේෂාන් මහත්තයා හිටපු කාමරේට ගියා.හැබැයි ගිහින් විනාඩි දහයක් විතර යද්දී ආපහු ආවා.ඒ මුහුණෙ තිබ්බෙ ලොකු සතුටක්.ෆෝන් එක අතේ තියාගෙන මොනවද මන්දා කරපු ඇමැන්ඩා ෆෝන් එක බෑග් එකට දා ගත්තා.සමහර විට එවලෙ වෙන්න ඇති මට ඒ ෆොටෝස් ටික මට එවන්න ඇත්තෙ. අර මිනිහට තුරුල් වෙච්චි ඇමැන්ඩා පඩිපෙළ බැහැලා පල්ලෙහාට ගියා.
මගෙ ඇගට දාඩියත් දැම්මා.උගුර කටත් වේලීගෙන ආවා.දෙයියනේ දේෂාන් මහත්තයා කියපුවා ඇත්ත නේද?දැන් නම් මගෙ හිතට සාදාරණ සැකයක් ඇති වෙනවා මේ යකා මාව කාලම දායි.අයියෝ මගෙ පණ.මං හිමිහිට දේෂාන් මහත්තයගෙ මුහුණ දිහා බැලුවා.දැන් නම් මාව අසූහාරදාහට වෙව්ලනවා. පපුවත් ගැහෙනවා.
“දැන් තමුසෙ මොකද කියන්නෙ ආ……..”
“අ…..අනේ…..ම…..මට ස…..සමාවෙන්න මහත්තයා……..”
“සමාවෙන්නමං තමුසෙට සමාව දෙන්නෑ…….”
“අනේ මහත්තයා ගහන්න නම් එපා.මට සමාවෙන්න……..”
මං ඇඩූ මුහුණෙන් එහෙම කියද්දී දේෂාන් මහත්තයා තරහ මුහුණෙන් මං දිහා බලාගෙන හිටියා.දැන් නම් මට හොදටම ශුවර් මේ යකා මට දිගට හරහට නෙලයි. මං නැගිටලා ඇද අයිනටම ගියා.
“මොකද තමුසෙ බය වෙලා?……..”
“න්….නෑ මහත්තයා…….”
“නැත්තෙ මොකද කෝ තමුසෙගෙ අර බෙලෙක් කට?ඒක වැහිලද?මට කනක් ඇහිලා ඉන්න දුන්නෙම නෑ අර ඇමැන්ඩා කියන ගෑනි හින්දා.අන්තිමට මාව දාලා අපෙ අම්මා ගාවට ගියා නේද? මායම් දාලා අම්මවත් අල්ලගෙන මාව බෑනා කරලා තමුසෙ දුව වුනා.
කෝ තමුසෙගෙ වොයිස් එක?මොකෝ මේ වෙව්ලන්නෙ?……..”
“අනේ මහත්තයා දැන් ඒක අමතක කරලා දාන්න.මං මහත්තයව සැක කරාට මට සමාවෙන්න.ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ……..”
දේෂාන් මහත්තයා මං දිහා බලාගෙනම හිටියා.මට බයත් හිතුණා.පියවරෙන් පියවර දේෂාන් මහත්තයා මං ගාවට කිට්ටු වුනා.
“අහිංසා…….”
“මහත්තයා…….”
“මං තරහ නෑ මැණික……..”
අම්මෝ ඇති යාන්තං.මං හිතුවෙ මේ යකා මාව එලිවෙනකල් ඩෙවල් දායි කියලා.මගෙ දෑස් වලට එබුනු දේෂාන් මහත්තයා මගෙ දෙතොල් සිපගත්තා.
“පිස්සු මොංගලී ඔය කට මට්ටු කරන්න දඩුවමක් දෙන්නම ඕනි…….”
නැවත හමුවෙමු