තේ එකක් හදා ගෙන එලියට ඇවිත් පුටුවෙන් ඉද ගත්තා..
නිදහසේ තේ එක බොන ගමන් කල්පනා කලේ කරන්න තියෙන වැඩ ටික ගැන….

ඔන්න ඉතින් ආවා මගේ හුරතලේ..😍😍

වෙන කවුද මගේ රූබි පැටියා මිසක් 🐕🐕🐕🐕
මගේ ආදරණීය බව්වා…

ම්ම් ….. මේ ලොකේ මට ඉන්නේ රූබි විතරයි….

දෙමාපියෝ ඉදලත් මේ ලොකේ අනාතයෙක් වගේ ජිවත් වෙන කෙනෙක් මන්…

ඒත් අතීතය මතක් වෙනකොට තාමත් ඇස්වලට කදුලු පිරෙනවා..

ගෙදරින් වෙන්වෙලා අවුරුදු 5ක්…


ඇයි අම්මේ ඔයාලා මට මෙහෙම කරන්නේ…. 😭😭😭😭
මන් මොකක්ද කලේ..
මන් කෑගහලා අඩන්න ගත්තේ අම්මලා මට කරන දේවල් නිසා..

ඒත් …
චටාස්…..

පලයන් යන්න මෙතනින් මගේ දෑහට නොපෙනි.. ආවා මෙතන කෑගහන්න.

මගේ කම්බුලට ගහලා බැන්නේ අම්මා..
මන් දුකට කම්බුලත් අල්ලාගෙන අඩාගෙන දුවගෙන ආවේ කාමරයට….

මන් සදලි පාරමිතා ගුණතිලක .. අවු.20ක්
මගේ පවුලේ තාත්තා අම්මා මායි, මල්ලි අක්කායි

මන්ට තේරෙන වයසේ ඉදලා හැදුනේ අත්තාම්මා ලග.. ඒත් එයත් මගේ කරුමෙට මාස 7කට කලින් මාව දාලා මේ ලොකෙන් ගියා..😢😢

අත්තාම්මා නැති උනාට පස්සේ තමා මන් මේ ගෙදරට ආවේ…

අක්කා සැලුන් කෝස් එකක් කරනවා.. ගෙදරත් ඉන්නේ ඉතින් තොරොම්බල් කරත්තයක් වගේ එක එක එවා උලගෙන😵😵

එයා ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙනවා..
අද මම ඉංග්‍රීසි කෝස් එක්ක කරන්න සල්ලි ටිකක් ඉල්ලුවේ.. ඒ පාඅර තමා මට ගුටි කන්න සිද්ධ උනේ…
මොන දේ සිද්ද උනත් අන්තිමේට මගෙන් තමා ඉවර වෙන්නේ …
ම්ම්.. තාත්තාට ටවුන් එකේ කඩයක් තියෙනවා .
මල්ලි රස්තියාදු ගහන් එක තමා වැඩේ, එයා විතරයි ගෙදරින් ටිකක් හරි මට හොදට සලකන්නේ..


පාරමිතා .. පාරමිතා …

අඩ අඩ හිටපු මට නින්ද ගිහින්… අම්මා කතා කරන සද්දෙට තමයි ඇහැරුනේ..
ඔය කතා කරන්නේ ආදරේකට නෙවේ රෑට උයන්න..
එයගේ මහලොකු දුව හිටියට ලූණු ගෙඩියක්වත් පොතු අරිනවා කියලයැ..
උයන්න ඕන ටික මට දිලා වෙනදා වගේම අදත් අම්මා මාරු උනා..
මන් උයලා ඇග සෝදන් එනකොට කට්ටිය කනවා..
හැමදාම වගේ අදත් මට ඉතුරු වෙච්ච දෙයක් තමා

හොඳ හුස්මක් අරගෙන මන් හැලියේ ඉතුරුවෙලා තිබ්බ බත් ටික බෙදන් කෑවා. මට මදි ඒත් කරන්න දෙයක් නැති නිසා මදි පාඩුවට වතුර ටිකක් බීලා කාමරේට ඇවිත් නිදා ගත්තා…

ඒත් රෑ වතුර තිබහක් හැදිලා කුස්සියට යනකොට අම්මයි තාත්තයි මොනවද කතා වෙනවා. ඒ කතාවට කන් දෙන එක හොද දෙයක් නොවුනත් මන් අහන් හිටියා..

මේ ඒයි පරමිතාගේ වැඩේ මොකද ..
ඒක හරි…

මොකක්ද දෙයියනේ මගේ වැඩේ…මන් එහෙම හිතලා තව ටිකක් කන් දුන්නා..

ලතා හෙට මනමාලයාගේ ගෙදරින් එනවා.. පාරමිතාව ලෑස්ති කරන්න.. හරි මන් කරන්නම්…

දෙයියනේ අම්මලා මාව බන්දන්නයි හදන්නේ…😲😭😭

මන් අඩාගෙන කාමරයට ඇවිත් දොර වහ ගත්තා…


මන් වෙනදා වගේම උදෙන්ම නැගිටලා මූන සෝදන් කුස්සියට අවේ තේ හදලා උදේ කෑම ටික හදන්න…
අම්මයි අක්කායි කුස්සියේ … පුදුමයක් හිතුනත් මෙහෙම වෙන්නේ ඊයේ රෑ ඇහිච්චදේවල් නිසා කියා හිතුනේ …
අම්මයි අක්කයි වෙනදා නැති ආදරයකින් මට අද කතා කරන්නෙ…

පාරමිතා ..

අම්මේ

ආ … ගිහින් මේක ඇදගනින්…

මොකක්ද මේ… සාරියක්.. මොකටද මේ

කියන දේ අහලා ගිහින් ඇදගනින්.. අද උබව බලන්න මනමාලියෙක් එනවා…

අනේ අම්මා මට දැන්ම බදින්න බෑ..

උබ ඔය එන එකාට කැමති වෙන්න ඕන . හොදට සාල්ලි තියෙන තැනක්.. අනික අපි අශී ගැනත් බලන්න ඕන…

මන් කරන්න දෙයක් නැති නිසා කාමරයට ඇවිත් සාරිය ඇදගත්තා.

වාහනයක සද්ද්‍යක්…
මනමාලයා ඇවිත් …

කට්ටියගේ කතා කරන සද්දේ ඇහෙනවා.
ලතා දුවව එක්කන් එන්න…

යමු .. යමු

කාමරයට ඇවිත් අම්මා කතා කලා…
මේ ඉන්නෙ අපේ දුව..
දුව මනමාලයාට ඕක අල්ලන්න..

මන් හෙප්පුව මනමාලයාට අල්ලා මූණ දිහා බැලුවේ…

අනේ දෙයියනේ …
මට වඩා හොදක් වයසක කෙනෙක්…

මේ නාකි මනමාලයාන්ම් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.. ශික් පෙරේතයා. දකිද්දීත් අප්පිරියයි …

තාත්තායි අම්මයි දෙන්නගේ කතාව අදම බන්දන්න වගේ…

මනමාලයා මට වඩා අවුරුදු 20ක් වැඩිමල්…
අම්මලා මගුල තීන්දු කරලා ඉවරවෙනකොට .. මගේ ඉවසීම ඉවරයි . දුකටයි කේන්තියටයි කාමරයට දුවන් ඇවිත් දොර වහගත්තා..
එහෙම්ම බිම ඉදන් අඩන්න ගත්තේ මගේ මේ ජිවිතේ මොකක්ද කියලා හිතලා….


ඒයි නැගිටපන් උබ අපිට ලැජ්ජා කරන්නද අර මිනිස්සු ඉස්සරහා අඩාගෙන ආවේ…

මෙතෙක් කාලයක් මන් ඉන්න කාමරයට නාපු තාත්තා අද මගේ කාමරයට ඇවිත් කෑගහනවා..

මට බෑ අර මිනිහව කසාද බදින්න..

මොකක්ද උබ කිවේ ආ…..

මන් බෑ….. මන් අඩන ගමන් කෑගහලා කීවා..

මාව නරක මිනිහා කරගන්නෙ නැතුව කැමති වෙයන්..
අනික මට උබේ කැමැත්ත අකමැත්ත වැඩක නෑ.. ලෑස්ති වෙයන් කසාදෙට ..

ගාමිණී ඉන්න මන් මේකිට තේරුම් කරලා දෙන්නම්…

පාරමිතා මේ අහපන් ඒ මිනිහා ටිකක් වයස උනාම මොකද … සල්ලි ගහක් .. සැපට ඉන්න පුලුවන්..
උබට තියෙන්නේ කසාදෙට එන්න විතරයි . වියදම් ඔක්කොම ඒ මිනිස්සු දරන්නේ..

ඒ උනට මන් කැමති නෑ 😢😢

ඇයි බැරි ආ…. කොච්චර හොඳ මනුස්සයෙක්ද

ඔන්න ඔච්චරයි අඩු වෙලා තිබ්බේ අක්කත් කෑගහන්න ගත්තා ..

අනේ අක්කේ ඔයාට ඕනනම් බැදගන්නකෝ.. මට කියන්නේ 😒😒

තමුසේ මහ කරුමයක් … යන්වකෝ මේ ගෙදරින් අපිට වද නොදී..

මොකක්ද කිවේ ආ.. අක්කාගේ වචනවලට මට කේන්ති ගියා

මොකද රවන්නේ ශානි කිවේ ඇත්ත.. උබ මගේ බඩට ආවේ කරුමෙට..
ඉපදිච්ච දවසේ ඉදලා අපිට කරදරමයි උනේ…
වෙලව බලපු තැනින් කිවේ උබෙන් අපේ පවුලට අපලයි කියලා… ඒ නිසා මේකට කැමති වෙයන්.
තවත් බෑ උබව මෙහෙ තියන් කරදර විදින්න..

අනේ දෙවියනේ මන් අම්මලාට කරදරයක් වගෙද පෙන්නේ…
අනික මේ හදහනක් කොහොමද .. එහෙම හිතමින් මන් බිමින් ඉදන් අඩන්න ගත්තේ..


දවස් දෙක තුනක් ගෙවිලා ගියේ මට ජිවිතේම එපාකරමින්..😫

කට්ටිය මගුල් ගෙදරට ලෑස්ති වෙනවා..

සාලේ අතුගාලා අස් කරනකොට දැක්කේ පත්තරේ තියෙනවා..

සාලේ අස්කරලා ඉවරවෙලා පත්තරෙත් අරන් කාමරේට ආවේ ජොබ් එකක්වත් හොයගෙන මේකෙන් නිදහස් වෙලා යන්න…

එතකොට දැක්කේ ගෘහ සේවිකා ඇබැර්තූ ඇත කියලා දැක්කේ… මේක ගිහින් බලන්න ඕන..


උදෙනම නැගිටලා ගෙදර වැඩ ටික ඉක්මනින් ඉවර කලේ එජන්සියට යන්න කියලා..

පාරමිතා කොහෙද යන්නේ.
එලියට බහිනකොට අම්මා ඇහුවේ.

මන් පුස්තකාලය ගිහින් එන්නම්.

ඉක්මනින් එන්න අර ලමයාගේ ගෙදරින් එනවා කිවා.

මන් ඔලුවත් වනලා අවේ කියන්න දෙයක් නැති නිසා..

එතනට ගිහින් එන ගමගමන් කල්පනා කලේ මාසෙක වැඩමුලුවට යන්නේ කොහොමද කියලා . බොරු කියන්න හිද නැති උනත් මගේ ජිවිතේ වෙනුවෙන් කිය්න්න් වෙනවා

ගෙදරට කිවේ නොමිලේ කරන්න කෝස් එක්ක් හම්බ උනා කියාලා.මුලදි අකමැති උනත් මාව කසාද බන්දන්න ඕන නිසා… ශෙප් කරගන්න් ඔන නිසා කැමති උනා.

මාසයක් ගෙවිලා ගියේ දින සති ගෙවිලා.. කසාදෙට තව සතියක් වගේ කාලය තියෙනවා ..

අර නාකි මනමාලයා ඇවිත් ගියා ඒ වෙලාවට පුලුවන් තරම් මග ඇරියා.

රට යන්න අවශ්‍ය කටයුතු කලේ අත්තම්මා මන් වෙනුවෙන් පොතේ දාලා තිබ්බ ඉතුරු කරපු සල්ලි වලින්.

ගෙනියන්න ලොකු ඇදුම් ගොඩකුත් නැති නිසා තිබ්බ ඇදුම් ටික හදලා බෑග් එකත් අහුර ගත්තේ ..

කලින් නිදා ගත්තේ පාන්දර නැගිටින්න් ඕන නිසා.

4 විතර නැගිටලා සද්ද නැතුව ලෑස්ති වෙලා ලියුමක් ලියලා තියලා 5ට පාරට ආවා.

කොහොමහරි මන් කටුනායකට පැය 3කින් විතර ආවා..

✈️✈️✈️
කවදාවත් හිතපු නැති විදිහට මන් ලංකාවට සමු දුන්නා.

📅📅📅📅 අවුරුදු 4කට පසු…………

අවුරුදු 4කට පස්සේ ලංකාවට ආවත් ගෙදර ගියේ නෑ.

හම්බකරපු සල්ලිවලින් පොඩි ගෙයක් එක්ක ඉඩමක් අරන් පදිංචි උනා.

මන් ඉස්සර ඉදලාම ආසයි පොඩි බොනික්කො, ටෙඩිලට,,
මන් ඒවා ගැන හොයලා පතොරම් ඇදලා මහලා
පොඩි ශොප් එකක් දැම්මා.
බාධා ආවේ නැතුවම නෙවේ. ඒත් මම කොහොමහරි ඒවා ජයගෙන අද ලොකු ශොප් එකක අයිතිකාරියක්.

මටම කියලා ව්‍යාපාරක්, ලස්සන පොඩි ගෙදරක්, වාහනයක් …
ඒ වගේම හිතේ සතුට..


එකපාරට කකුලට සීතලක් දැනුන නිසා කල්පනාවෙන් මිදුනේ .

මේ මොඩ රූබියා මගේ කකුල ලෙව කනවා 🐕🐕🐕

එහෙම්ම නැගිටලා ගෙට ආවේ කල්පනා කර කර ඉදලාම රෑවෙලා නිසා ….

ගෙට ඇවිත් රෑට උයලා රූබි කොල්ලාටත් කන්න දීලා කුස්සිය අස්පස් කරලා කාමරයට ආවේ ඇග සෝදා ගන්න.

කාමරයටම අල්ලා හදලා තිබුණ බාත් රූම් එකෙන් ඇග සෝදන් ඇවිත් රෑ ඇදුම දාන් නිදා ගන්න කියලා හැදුවේ…

හෙට කරන්න ඕන වැඩ ටික හිතෙන් පැලැන් කරන ගමන් ….


මන් මගේ පවුලේ අය ගැන හොයලා බැලුවා.

අක්කා කසාද බැදලා.. මල්ලි ආම් එකට ගිහින්.. තාත්තාගේ දැන් කඩේ කරන් නෑ. අම්මා වෙනදා වගේම ගෙදරලු…
එයාලා ගැන මන් ඊට වඩා හොයන්න ගියෙ නෑ..
සමහරු කියන්න පුලුවන් මොන දේ උනත් ඒ ඔයගේ පවුලේ අය නේද කියලා..
තාම සමාව දෙන්න තරම් හිත ශක්තිය නෑ…😐😐😐 නමුත් කවදාහරි මගේ පවුලේ අයට උදව්වක් ඕන උනොත් මන් ඒක කරනවා .

ආදරය ගැනනම් මන් තාමත් දන්නේ නෑ. සමහරවිට මට ආදරය කරන මන් ආදරය කරන කෙනෙක් අනාගතයේදී හමුවේවි.. ❤️❤️

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
නිමි._

❤️❤️
🤩🤩🤩🤩🤩🤩🤩

📝📝📝📝 හර්ෂි 💕💕

හිතට ආපු අදහසකට ලීවේ. මේක මගේ පලවෙනි කෙටි කතාව.. අඩු පාඩු ඇති

Advertisment