අනේ මට බෑ අම්මා රවිශ්කව මැරි කරන්න. අප්පච්චිට කියන්න මේක නවත්තන්න කියලා. මගෙ ජීවිතේ විනාශ වෙයි අම්මා.මට රශ්මිකව අමතක කරන්න බෑ……….”😭😭

අම්මාගෙ උරහිස බදාගෙන මං එහෙම කියලා හොදටම ඇඩුවා.තව මිනිත්තු කිහිපයකින් මගෙයි රවිශකගෙයි විවාහය ලියාපදිංචි වන නැකත.මං හිටියෙ මරණයට තීන්දු වෙච්චි කෙනෙක් වගෙයි.රශ්මික නැති ජීවිතයක් ගැන මට හිතාගනවත් බෑ.අනේ මාව කොහොම හරි බේර ගන්න රශ්මික.

“දැන් අඩන්න එපා දූ.අප්පච්චි මෙතෙන්ට ආවොත් ලොකු විනාශයක් වෙයි.මං ඔයාගෙ අම්මා වුනාට මාත් මේ වෙලාවෙ ගොඩාක් අසරණයි.දැන් වුනත් පුලුවන් නම් මං කැමතියි ඔයාට මේ අපායෙන් ගැළවෙන්න උදව් කරන්න………”

“අම්මා……නංගිවත් එක්කරගෙන පල්ලෙහාට එන්න.දැන් වෙලාව හරි………”

කාමරේ ළගට ඇවිත් අයියා එහෙම කියලා මං දිහා අනුකම්පාවෙන් වගේ බලාගෙන හිටියා.කදුලු පිහදාලා අම්මා මාව පල්ලෙහාට එක්කන් ගියා. හැමෝම සන්තෝශෙන් හිටියත් මං හිටියෙ සිය දහස් වාරයක් හදවතින් පිච්චි පිච්චි.රවිශ්කගෙ මුහුණෙ තිබුනෙ උපහාසාත්මක හිනාවක්.

“දැන් වෙලාව හරි.මනමාල යුවළ නැගිට්ටානම්……..”

රෙජිස්ටාර්තුමිය එසේ කියද්දී අප දෙදෙනා පුටු වලින් නැගිට්ටා.අනේ මාව බේර ගන්න දෙවියනී.

“ඕක නවත්තපල්ලා………..”⚡⚡

එකපාරටම රශ්මිකගේ කටහඩ දොර ගාවින් ඇහුනා.දෙයියනේ……ඒ කියන්නෙ රශ්මික මාව බේරගන්න ඇවිල්ලා.හැමෝම රශ්මික දිහා පුදුම වෙලා වගේ බලාගෙන හිටියා.පුටුවක් පැත්තකට තල්ලු කරලා මං රශ්මික ගාවට දුවලා ගිහින් ඒ පපුවට තුරුල් වුනා.

“අනේ මාව කොහාට හරි අරන් යන්න රශ්මික.මට රවිශ්කව කසාද බදින්න බෑ……..”😭😭

“ඒ කියන්නෙ තමුන් මේ කසාදෙට අකමැති වුනේ මූ හින්දද?උඹට කොහෙන්ද හයියක් ආවෙ ජයන්ත සූරියආරච්චිගෙ ගෙදරට මෙහෙම එන්න. ආ කියපිය………”😡😡

අප්පච්චි ගහන්න හදපු කම්මුල් පාර රශ්මික නැවැත්තුවා.අප්පච්චි හිටියේ පුදුම කේන්තියකින්.

“මේ මිස්ට ජයන්ත සූරියආරච්චි ඔයාගෙ දුව ආදරේ කරන්නෙ මට.කවදා හරි එයා කසාද බදින්නෙ මාව.ඔයාට බෑ අපි දෙන්නව නවත්තන්න.ලැජ්ජ නැද්ද තමන්ගෙ දුවව මේ වගේ ජරා මිනිහෙක්ට කසාද බන්දලා දෙන්න.තමුන් තාත්තා කෙනෙක්ද?………”😠😠

“මං උඹට එකක් කියන්නම්.අද මේ වගේ වැදගත් අවස්ථාවක මං කැමති නෑ අතේ ලේ ගාගන්න. නැත්නම් මං උඹව බල්ලෙක් වගේ මෙතන මරලා දානවා.උඹට කොහෙන්ද හයියක් ආවෙ මගේ ගෙදර වෙන දේවල් නවත්තන්න.මගේ දුව කසාද බදින්න ඕනි රවිශ්කව.උඹට දෙන්න ගෑනු මෙහෙ නෑ……….”😡😡

වියරුවෙන් වගේ කෑ ගහලා අප්පච්චී එහෙම කියලා රශ්මිකට ගහන්න පැන්නා.අයියයි මමයි අම්මයි බොහොම අමාරුවෙන් අප්පච්චිව පැත්තකට ඇදලා ගත්තා.

“මිස්ටර් සූරියආරච්චි දිනේත්‍රා මේ කොල්ලා හින්දද අපේ පුතාට මෙච්චර අවනම්බු කරන්නෙ?සිකිරියුටිලාට කියලා මූට දෙකක් දීලා එලියට දාන්න……….”

රවිශ්කගේ තාත්තා එහෙම කියද්දී රශ්මික රවිශ්ක ලගට ආවා.දෙන්නම හිටියේ ගොඩාක් කේන්තියෙන්.

“රශ්මික මෙතනින් යනවා නම් යන්නෙ තනියම නෙවෙයි මාත් එක්ක……..”

මං ස්ත්‍රීර හඩකින් එහෙම කිව්වා.

“රවිශ්ක….මේක හොදට අහගන්නවා දිනේත්‍රා ව අයිති මට.නීතියෙන් කසාද බැන්දෙ නැති වුනාට දිනේත්‍රා මගෙ ගෑනි වෙලා ඉවරයි.තමුසෙට දෙන්න දෙයක් දිනේත්‍රා ගාව ඉතුරු වෙලා නෑ.දැන් පුලුවන්ද තමුසෙට දිනේත්‍රාව කසාද බදින්න………”

රශ්මික කිව්වෙ බොරුවක් වුනත් මං ඒක බොරුයි කියලා කියන්න ගියේ නෑ.අම්මටයි අයියාටයි තේරුනා ඒක බොරුවක් කියලා.අප්පච්චි මං ගාවට ඇවිත්…..

“කියපන් දිනේත්‍රා මූ කියන්නෙ ඇත්තද?……..”😡😡

“ඔ….ඔව් අප්පච්චී………”😥😥

“චී…..අපි හිතුවෙ නෑ මිස්ටර් සූරියආරච්චි දිනේත්‍රා මේ වගේ කෙල්ලෙක් කියලා.ඔයාලා අපිට කරේ ලොකු අවනම්බුවක්……….”

රවිශ්කගේ අම්මයි තාත්තයි අප්පච්චිටයි අපිටයි හොදටම දොස් කිව්වා.

“මං උඹට විනාඩි දහයක් කල් දෙන්නම් දිනේත්‍රා. උඹ උඹේ ඇදුම් ටිකත් අරන් මූත් එක්ක ඕන තැනකට තොලොංචි වෙලා පලයන්.උඹ මැරුණා කියලා අපි හිතා ගන්නම්.තෝ අපේ පව්ලෙ නම්බුව විනාශ කරා බැල්ලි………”😡😡

“මොකුත් ඕන්නෑ දිනේත්‍රා.ඔහොමම යමු මාත් එක්ක………”

“චුට්ටක් ඉන්න රශ්මික……..”

එහෙම කියලා මං කාමරේට දුවලා ගිහින් ඇදුම් ටිකකුයි අවශ්‍ය ලියකියවිලි වගේකුයි බෑග් එකකට දාගෙන පල්ලෙහාට ආවා.අම්මා හිටියේ හොදටම අඩමින්.රශ්මිකයි මායි අම්මගේ දෙපා මුල වැද වැටුනා.

“මගෙ දුවව හොදට බලා ගන්න පුතේ…….”😭😭

අපි දෙන්නා අප්පච්චිට වැන්දත් අප්පච්චී අපිට ආශිර්වාද කරේ නෑ.අයියාටත් වැදලා රශ්මිකයි මායි පාරට ආවා.

“දැන් ඉතිං එන විදියකට ජීවිතේට මුහුණ දෙමු දිනේත්‍රා………”

“ඔයා හොද වෙලාවට ආවෙ රශ්මික්.ඔයාට ගොඩාක් පිං මාව අර ජරා මිනිහගෙන් බේර ගත්තට………”

රශ්මික බෑග් එකාරගෙන මගෙ අතිනුත් අරගෙන කාර් එකට ගොඩ වුනා.රෙජිස්ටාර් කෙනෙක් ගාවට ගිහින් විවාහ වෙලා අපි එලියට ආවා.

“අපි දැන් කොහෙද යන්නෙ රශ්මික?……..”

“අපේ ගෙදර යමු දිනේත්‍රා……..”

“ඔයාගෙ අම්මයි තාත්තයි මාව කොහොම පිළි ගනීද දන්නෑ රශ්මික.මට හරිම බයක් දැනෙනවා………”

“බය වෙන්න එපා දිනේත්‍රා.කාටවත්ම බෑ අපි දෙන්නව වෙන් කරන්න.ඔයා ඉන්නෙ මගෙ ලගනෙ………”

අපේ ගෙදර දැන් මොන වගේ තත්වයක් උදා වෙලාද දන්නෑ.අප්පච්චී අම්මටත් හොදටම දොස් කියන්න ඇති.සිතුවිල්ලේම අපි රශ්මිකගේ නිවසට ආවා.

💓💓

“ජයන්න සූරියආරච්චි ඔය දෙන්නට හොදින් ඉන්න දෙයි කියලා හිතනවද?ඇයි පුතා ඔයා මේ වගේ හිතුවක්කාර තීරණයක් ගත්තෙ?………”

එහෙම ඇහුවෙ රශ්මිකගෙ තාත්තයි අම්මයි.

“එයා අපි ගැන හොයන්නෑ අම්මෙ.දිනේත්‍රාව එයා පව්ලෙන් අයින් කරලා ඉවරයි………”

“දැන් ඉතිං මොනවා කරන්නද?පුතා දුවත් එක්ක කාමරේට යන්න.මං කෑම ලෑස්ති කරලා කතා කරන්නම්……….”


“හොද වෙලාවට මං අර වගේ බොරුවක් කිව්වෙ. නැත්නම් මට ඔයාව අරන් එන්න හම්බෙන්නෙ නෑනෙ……….”

මාව ඒ පපු තුරුලේ හොවාගෙන රශ්මික එහෙම කිව්වා.දැන් මට ඉන්නෙ රශ්මික විතරයි.

“ඔයා මට කොච්චර ආදරෙයිද රශ්මික?………”

“ම්ම්……ගොඩාක් ආදරෙයි.ඉස්සරහට ඔයාට තේරෙයි ඒ ආදරේ ගැන……….”

එහෙම කියලා රශ්මික මගේ දෙතොල් වලට බර වුනා.මේ විදියට ආදරණීය හෝරා කිහිපයක්ම ගෙවී ගියේ අපි අපේම වෙමින්.

🌤️🌤🌥️☁️⛅

“ගුඩ් මෝනිං මහත්තයෝ……..”

“ගුඩ් මෝනිං මැණික.ඊයෙ හොදට නින්ද ගියාද?……..”

මං දිහා බලාගෙනම රශ්මික එහෙම ඇහුවා.

“හ්ම්ම්.ඔව්ව්………”😚

“ඒක හොදයි.අද ඉදන් ඔයාට හොදට නින්ද යන එකක් නෑ………”

“ඒ ඇයි?……….”

“ඒ ඇයි දන්නවද?මං උඹෙන් පලි ගන්නවා.මුලු ජීවිත කාලෙටම පලි ගන්නවා……..”😠😠

“මොකක්???උදේ පාන්දරම ඔයා මට විහිලු කරනවද රශ්මික?………”

හිනාවකින් මුව සරසාගෙන මං රශ්මිකගේ බෙල්ල වටේට දෑත් යවමින් තුරුල් වුනා.මං දිහා ටිකක් වෙලා බලන් හිටපු රශ්මික මගෙ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට තියලා තද කර ගත්තා.

“හොදට බලපිය මං දිහා.උඹේ මහ එකා මාස ගානක් තිස්සෙ මාව හිරකරගෙන මට දස වද දුන්නා.ඒ මං නොකල වරදකට.මං උඹව කසාද බැන්දෙ උඹට තියන ආදරේකට නෙවෙයි.උඹ මට මැරීගෙන ආදරේ කරාට මං උඹට කවදාවත් ආදරේ කරේ නෑ.උඹේ මහ එකා මට දීපු වද හිංසා වලට පලි ගන්නයි මං උඹව කසාද බැන්දෙ.දැන් උඹට ඒ ගෙදරට යන්න බෑ.මං උඹෙන් පලි ගන්නවා දිනේත්‍රා………”😡😡

දෙයියනේ…….😭😭ඒ කියන්නෙ මෙච්චර කාලයක් රශ්මික මට ආදරේ කරලා තියෙන්නෙ බොරුවටද?එයාට ඕනි වෙලා තියෙන්නෙ අප්පච්චි කරපු දේට මගෙන් පලි ගන්නද?😭😭අනේ මං මොන තරම් ලොකු රැවටීමකටද රැවටිලා තියෙන්නෙ?මං රශ්මිකව මොන තරම් විශ්වාස කරාද?😭😭

“අනේ මට මෙහෙම කරන්න එපා රශ්මික.මං ඔයාට වරදක් කරේ නෑනෙ.හැම දෙයක්ම අතෑරලා මං ඔයත් එක්ක ආවෙ ඔයාව ගොඩක් විශ්වාස කරලා.අනේ ඇයි මාව රැවැට්ටුවෙ?ඔයාට මං ගැන චුට්ටක්වත් දුක නැද්ද රශ්මික්ස්?……….”😭😭😭

“උඹේ කදුලු වලට බෑ දිනේත්‍රා මාව තම්බන්න. උඹේ මහ එකා මාව මාස ගානක් තිස්සෙ නොමරා මැරුවා.ඒ හැම එකකටම මං උඹෙන් පලි ගන්නවා……….”😡😡

“අනේ මට මෙහෙම කරන්න එපා රශ්මික….”😭😭

“ආ ඔහොම හිටපං පොඩ්ඩක්………”

එහෙම කියලා රශ්මික කබඩ් එකේ ලාච්චුව ඇරලා බෙහෙත් පෙති වගයක් අරන් මට දුන්නා.

“ආ….ඕක බීපං……..”

“මෙ…..මෙ මොනවද ඔය බෙහෙත්?………”

මට බය හිතුණා රශ්මික මගෙ ජීවිතේට අනතුරක් කරන්න හදනවා කියලා.

“ඕක බිව්වා කියලා උඹ මැරෙන්නෙ නෑ.බීපං යකෝ………”😠😠

“මට බෑ රශ්මික මට බෑ……….”😥😥

මං බෑ කිව්වම රශ්මිකට හොදටම කේන්ති ගියා. මගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගිය රශ්මික මගෙ කොණ්ඩෙන් අල්ලා ඇදලා අරගෙන වතුර වීදුරුව අතට දුන්නා.

“මගෙ මාරයා අවුස්සගනෙ නැතුව ඕක බීපං දිනේත්‍රා.ඊගාව පාර මං උඹට ඔහොම නෙවෙයි කියන්නෙ……….”😡😡

ආපහු ගුටි කන්න වෙයි කියන බයට මං ඒ බෙහෙත් පෙති ටික බිව්වා.

“උඹ මේකත් හොදට අහගනිං දිනේත්‍රා.උඹේ හිතේ අම්මා කෙනෙක් වෙන්න ආසාවක් තියනවා නම් ඒක අතෑරගනිං.මං කවදාවත් උඹට අම්මා කෙනෙක් වෙන්න ඉඩ තියන්නෑ……….”😡😡

රශ්මික එහෙම කියද්දී ඉස්සෙලා එයා මට බලෙන්ම බොන්න දීපු බෙහෙත් මොනවද කියලා හිතා ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.රශ්මික හදන්නෙ මගෙ මුලු ජීවිතේම අපායක් කරන්න.

මතු සම්බන්දයි

Advertisment