බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් මං බැලුවා ගමට යන්න බස් එකක් තියනවද කියලා. තව පැය බාගෙකින් බස් එකක් එනවා කියපු හින්දා මං ළග කඩේකට ගිහින් කිරි පැකට් එකක් බීලා බනිස් එකක් කෑවා. ඊට පස්සෙ නම් බඩගින්න නිවිලා ගියා. බස් එක ආවට පස්සෙ ඒකෙ පිටි පස්සෙම සීට් එකට ගිහින් වාඩි වුනා. මගෙ ඇස් වලට කදුලු පිරුනා.
මං ඔලුව වහගෙන හිටපු ශල්වාර් රෙද්දෙන් ඇස් දෙක පිහදා ගත්තා.බස් එක යන අතරතුරෙත් මං කල්පනා කරේ දේෂාන් මහත්තය ගැනයි.බෑග් එකේ තිබිච්ච ෆෝන් එක අරන් ඕෆ් කරපු මං ඒක බෑග් එකටම දැම්මා.පැය කිහිපයකට පසුව බස් රථයෙන් බැස ගත් මං අසල තිබූ ත්රීවිලර් එකකට නැග්ගා.
මං ඒ විදියට ආවේ දේෂාන් මහත්තයගෙ අම්මා ගාවටයි.එයා මට ගොඩාක් ආදරෙයි.ජීවිතේ ගැන ගොඩාක් උපදෙස් එයා මට කියලා දුන්නා.ත්රීවිලර් එකට මුදල් දීලා ගේට්ටුවත් ඇරගෙන මං වත්තට ඇතුල් වුනා.මිදුලේ ගල් බංකුවක් උඩ වාඩි වෙලා හිටපු දේෂාන් මහත්තයගෙ අම්මා මං ගාවට ආවා.
“දුව…..මේ මොකද මේ තනියම?කෝ දේෂාන් පුතා?………”
පුදුමයෙන් වගේ අම්මා මගෙන් එහෙම ඇහුවා.මෙච්චර වෙලා අමාරුවෙන් පාලනය කරගෙන හිටපු වේදනාව අම්මා ඉදිරියේ කදුලු බවට පත් වුනා.අම්මගෙ පපුවට තුරුල් වෙලා මං හොදටම ඇඩුවා.😭😭
“අනේ මට කියන්න දරුවො,ඇයි මේ අඩන්නෙ?දේෂාන් පුතාට මොකක් හරි කරදරයක්ද?……..”
“නෑ අම්මෙ.මහත්තයා හොදින් ඉන්නවා……..”
ඉකි බිදුම අතරින් මං එහෙම කිව්වා.
“අඩන්න එපා දුව.අපි යමු ගේ ඇතුලට……..”
අම්මා මාව එයාගෙ කාමරේට එක්කන් ගියා.
“මට කියන්න දුව,මොකද වුනේ?………”
වෙච්චි හැම මං දේෂාන් මහත්තයගෙ අම්මට කිව්වා.ඒ හැම දෙයක්ම එයා අහගෙන හිටියා.
“ඒ කියන්නෙ පුතා ඒ ගෑනිත් එක්ක සම්බන්දයක් තියනවද?………”
බෑග් එකෙන් ෆෝන් එක අරගෙන ඒකට ඇමැන්ඩා එවපු ෆොටෝස් ටික මං දේෂාන් මහත්තයගෙ අම්මට පෙන්නුවා. මට බයකුත් දැනුනා අම්මා දේෂාන් මහත්තයගෙ පැත්ත ගනියි කියලා.
“දේෂාන් මහත්තයා වරද පිළි ගන්නෑ අම්මෙ.මට හොදටම ගැහුවා.එයා කියන්නෙ එයාට මේ ගෑනිත් එක්ක කිසිම සම්බන්දයක් නැහැලු.මේ තරම් සාක්කිත් එක්ක ඔප්පු වෙලා තියෙද්දී මං කොහොමද අම්මෙ මේ දෙන්නා අතර සම්බන්දයක් නෑ කියලා හිතන්නෙ?………”😭😭
“මට තේරෙනවා දුවේ ඔයාගෙ හිතේ තියන වේදනාව.මගෙ පුතා හරි කියලා මං කියන්නෑ.මං ඉන්නෙ නිවැරදිකාරයගෙ පැත්තෙ.පුංචි කාලෙ ඉදන්ම එයා ගොඩාක් මුරණ්ඩු කෙනෙක්. කවුරුවත් කියන දේ අහන්නෙ නෑ. හිතුමතේට වැඩ කරනවා.එයාට අවුරුදු විසි පහේදි තමයි මං එයාව කසාද බන්දලා දෙන්න හැදුවෙ.එතකොටවත් හැදෙයිද කියලා බලන්න.ඒ බලපු ගෑනු ළමයගෙ අම්මයි තාත්තයි මෙහාට ආපු දවසෙ හොදටම බැනලා එලව ගත්තා එයාට කසාදයක් එපා කියලා.කී දෙනෙක් නම් මනමාලියො බලන්න ඇත්ද?අන්තිමට මටම එපා වුනා අවුරුදු පහක් තිස්සෙ එයාට ගෑණු හොයලා.මේ ගෙදර ඉන්න බෑ කියලා එයා වෙනම පදිංචි වුනා. මාත් ඒ කාලෙ පුතත් එක්ක හිත හොදින් නෙවෙයි හිටියෙ.ඒත් එදා පුතා ඔයත් එක්ක මේ ගෙදරට ඇවිත් ඉන්නකොට මට හරිම සතුටක් දැනුනා.අන්තිමට එයාම එයාගෙ සහකාරියව හොයා ගත්තනෙ………”
දේෂාන් මහත්තයගෙ අම්මා කියපු දේවල් කදුලු අතරින්ම මට ඇහුනා.අවුරුදු තිස් එකක් වෙලත් කිසිම ගෑනියෙක්ට හොල්ලන්න බැරි වෙච්චි එයාගෙ හිතට මං ආවට පස්සෙ එයා මට පුදුමාකාර විදියට ආදරේ කරන්න පටන් ගත්තා.මට මෙච්චර ආදරෙයි නම් ඇයි එයා අර ලංසි ගෑනිත් එක්ක සම්බන්දයක් ඇති කර ගත්තෙ?
“දුව බය වෙන්න එපා.අපි බලමුකෝ එයා තව කී කාලයක් ඔය ගෑනිත් එක්ක නටයිද කියලා.ඔයා මෙහාට වෙලා ඉන්න දුවේ………”
තවත් ගොඩාක් දේවල් කියලා දේෂාන් මහත්තයගෙ අම්මා කාමරෙන් ගියා. නිකමට වගේ ෆෝන් එක අතට අරන් බලද්දී ඒකෙ මිස් කෝල් හැට ගානක් තිබ්බා.දුලීකා නැන්දට කෝල් එකක් ගන්න හිතුනත් මං ගත්තෙ නෑ.සමහර විට දේෂාන් මහත්තයා ගෙදර ඇති මේ වෙලාවෙ.
රෑ වුනා.දේෂාන් මහත්තයා දිගටම මගෙ ෆෝන් එකට කෝල්ස් ගන්නවා.මං ආන්සර් කරේ නෑ.අන්තිමට හිතලා බලලා මං රෑ නවයට විතර කෝල් එක ආන්සර් කරා.
“මොන මගුලෙ ගියාද ගෑනියෙ තෝ?කියපිය කොහෙද උඹ ඉන්නෙ?……..”😡📲
නිකමටවත් දේෂාන් මහත්තයට හිතිලා නෑ මං ඉන්නෙ එයාගෙ අම්මා ලග කියලා.
“මගුලක ගියෙ නෑ මහත්තයා………”😠📲
එවලෙම කාමරේ දොර ගාවට ඇවිත් කුස්සියෙ වැඩට ඉන්න ගෑනු කෙනා “නෝනා කෑම කන්න එන්න කියලා කිව්වා”ඒක දේෂාන් මහත්තයට ඇහෙන්නත් ඇති.
“මේ අහපං අහිංසා.මං දන්නවා උඹ ඉන්නෙ මගෙ අම්මා ගාව කියලා.හෙට උදෙන්ම උඹ මෙහාට එනවද?එහෙම නැත්නම් මං ඇවිත් උඹව ගෙනියන්නද?……..”😡📲
“මං එන්නෙ නෑ.මහත්තයා මාව එක්කන් යන්න එන්නත් එපා………”😠📲
“උඹේ කට වැඩියි අහිංසා.මගෙ මාරයා අවුස්සගන්නෙ නැතුව හෙට උදෙන්ම උඹ ගෙදර වරෙන්………”😡📲
“මං එක සැරයක් කිව්වනෙ මහත්තයා මං ගෙදර එන්නෙ නෑ………”😠📲
“ඇයි උඹ ගෙදර එන්නැත්තෙ?……..”😡📲
“ගෑනු දෙන්නෙකුට බෑ එක මිනිහෙක් එක්ක පව්ල් කන්න.විලි ලැජ්ජ නැති වැඩ මහත්තයා කරාට මට බෑ ඒවා කරන්න……..”😠📲
“මොකක්ද හු### යෙ තෝ කිව්වෙ?ලග හිටිය නම් මං ගලෝනවා උඹේ දත් ඇන්දම.මට ඒ වේ## ත් එක්ක කිසිම සම්බන්දයක් නෑ.කරුණාකරලා මාව ඔතෙන්ට ගෙන්න ගන්නැතුව උඹ වරෙන්……..”😡📲
“මට බෑ මං එන්නෑ……..”😠📲
එහෙම කියලා මං ෆෝන් එක කට් කරලා ඕෆ් කරලා දැම්මා.ඒ මුලු රාත්රියම මං නිදිවර්ජිතව කල්පනා කරේ මොකක්ද මේ සිද්ද වෙන්නෙ කියලයි.මේ වෙලාවෙ මට දේෂාන් මහත්තයගෙ අම්මවත් හිටියෙ නැත්නම් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.පාන්දර දෙකහමාරත් පහුවෙලා තිබුනා මට නින්ද යද්දී.උදේ අටයි හතලිහ විතර වෙද්දී මට ඇහැරුනා.
“ආ…..දුව දැන්ද නැගිට්ටේ?……..”
“ඔව් අම්මෙ.ඊයෙ රෑ මට නින්ද ගියේම නෑ.පාන්දර තුනට කිට්ටුව තමයි නින්ද ගියේ……..”
“ඔය දරුවගෙ වයසෙ හැටියට මේ වගකීම් බර වැඩියි.අපි කොහොම හරි අර ගෑනිගෙන් පුතාව බේර ගම්මු………”
“කිසිම දෙයක් ගැන මහත්තයත් එක්ක කතා කරන්න බෑ අම්මෙ.කොයි වෙලේ බැලුවත් කේන්තියෙන් තරහින්මයි කතා කරන්නෙ………”
පව්ල් ජීවිතේ ගැන,ප්රශ්නයක් ඇති වුනාම දෙන්නා කතා බහ කරලා විසදගන්න හැටි,දෙන්නා අතර තියෙන්න ඕනි අවබෝධය විශ්වාසය…….ඒ වගේ ගොඩාක් දේවල් ගැන මට දේෂාන් මහත්තයගෙ අම්මා කියලා දුන්නා.
මං හොදටම බයෙන් හිටියෙ දේෂාන් මහත්තයා කොයි වෙලේ හරි ඇවිත් මාව අරන් යයි කියලා.එහෙම අරගෙන ගියොත් මට ගුටි කාලම මැරෙන්නයි වෙන්නෙ.ගේට්ටුව ලගින් වාහනේක සද්දයක් ඇහෙනකොට මගෙ හිත බියෙන් වෙව්ලනවා.දවස තිස්සෙම මං හිටියෙ කල්පනා කර කරමයි.
“දුවේ,දවස තිස්සෙම ඔහොම කල්පනා කර කරම ඉන්න එපා.ඔහොම කල්පනා කරන්න ගියොත් ලෙඩ වෙයි.ඔය දරුවා තනිවෙලා කියලා හිතන්න එපා.මං ඉන්නවනේ……..”
ඇත්තටම දේෂාන් මහත්තයගෙ අම්මගෙ කරුණාව දයාව මට මහා ලොකු සැනසීමක් වුනා.නැන්දම්මා වුනත් තමන්ගෙ පුතා වැරදියි නම් වැරදියි කිව්වා මිසක් ඒ පැත්ත ගත්තෙ නෑ.
දින තුනකට පසුව👇👇👇
දවස් තුනක් ගෙව්නා.දේෂාන් මහත්තයා මාව අරන් යන්න ආවෙ නෑ.ඒක මට ලොකු සැනසීමක් වුනා.ඇමැන්ඩා එක්ක තියන සම්බන්දෙ නතර කරනකල් මං ආයෙ දේෂාන් මහත්තයා ගාවට යන්නෑ.
“නෝනා…..නෝනා……මහත්තයා ඇවිල්ලා……..”
සෝමපාල මාමා කුස්සියට ඇවිත් මට එහෙම කිව්වා.මගෙ පපුව රත් වුනා වගේ මට දැනුනා.දෙයියනේ……දැන් දේෂාන් මහත්තයා මාව එක්කන් යයිද?නෑ…..මම යන්නෙ නෑ.ඒ විදියට දැඩි තීරණයක් අරගෙන මං හිමිහිට සාලෙට ගියා. දේෂාන් මහත්තයට අම්මා හොදටම බැන බැනයි හිටියෙ.මාව දැක්කම ඒ මුහුණ කේන්තියෙන් පිපුරුවා.
“අහිංසා වරෙන් ගෙදර යන්න……..”😡😡
“ම….මට බෑ ගෙදර යන්න……..”😥😥
“මේ අහපං මං උඹට හොදින් කියන්නෙ. වරෙන් යන්න………”😡😡
“පුතා…..ඔය ළමයට ඔහොම කෑ ගහන්න එපා.කසාද බැන්දට පව්ල් ජීවිතේක බරක් පතලක් තේරුම් ගන්න මේ දරුවා තාම පොඩි වැඩියි.ඔහොම යකෙක් වගේ කෑ ගහලා බෑ ප්රශ්න විසදන්න.අනික, තමන්ගෙ අතේ වැරැද්ද තියාගෙන නිකන් බොරුවට මේ ළමයට කෑ ගහන්න එපා……..”😠😠
අම්මා දේෂාන් මහත්තයට එහෙම කියලා හොදටම බැන්නා.ඒත් දේෂාන් මහත්තයා ඒ දේවල් වලට බය වුනේ නෑ.
“අනේ මේ අම්මෙ,කරුණාකරලා මේ ප්රශ්නෙට අත දාන්නැතුව ඉන්නවද?මගෙයි අර ගෑනිගෙයි අතර කිසිම විදියක සම්බන්දයක් නෑ………”
“ඔය කියන්නෙ බොරු අම්මෙ. සම්බන්දයක් නැති හින්දද ඒ ගෑනිත් එක්ක එක ඇදේ බුදිය ගත්තෙ?……..”😠
“තොට මං……..”😡😡
දේෂාන් මහත්තයා මට ගහන්න අත ඉස්සුවා.මට කෑ ගැස්සුනා.හොද වෙලාවට අම්මා දේෂාන් මහත්තයගෙ අත අල්ල ගත්තා.
“වරෙන් ගෙදර යන්න……..”😠😠
දේෂාන් මහත්තයා මාව බලෙන්ම කාරෙකට දා ගත්තා.අම්මා මොනවා කිව්වත් දේෂාන් මහත්තයා ඇහුවෙම නෑ.
“දුලීකා….මීට පස්සෙ මෙයාට මේ ගෙදරින් එලියට එක අඩියක්වත් තියන්න දෙන්න එපා……..”😠😠
අතින් ඇදගෙන මාව කාමරේට ගෙනත් දාලා දේෂාන් මහත්තයා දුලීකා නැන්දට එහෙම කිව්වා.මූ ආයෙමත් මාව මේ ගෙදර හිරකරගෙන තියා ගන්න හදන්නෙ.
“මීට පස්සෙ උඹට මේ ගෙදරින් එලියට යන්න බෑ.තේරුනාද?……..”😡😡
“ඔව්…….”😠😠
💝💝
“මොකද තමුසෙ නිදා ගන්නැද්ද?……..”
රෑ දහයට විතර දේෂාන් මහත්තයා මං ගාවට ඇවිත් එහෙම ඇහුවා.මං මොකුත් නොකියා තරහෙන්ම කොට්ටෙයි සීට් එකයි අරගෙන බිමින් නිදා ගත්තා.
“තමුසෙ මොකද බිමින් නිදා ගන්නෙ?මෙහාට එනවා……..”
“මට බෑ……..”
ටයිල් පොලව සීතල වුනත් මං බිමින්ම නිදා ගත්තා.ඒ පාර දේෂාන් මහත්තයා නැගිටලා මං ගාවට ආවා.මට එකපාරටම බැලුනේ කාමරේ ස්ටූල් එක උඩ තිබුනු මල් වාස් එක දිහා.ඒක දැකලා මට එකපාරටම හිනා ගියා.දේෂාන් මහත්තයට ඒක තේරුනා.දේෂාන් මහත්තයා ඒ මල් වාස් එක අරගෙන මං ගාවින් වාඩි වුනා.
“මට හිතෙනවා මේකෙන් තමුසෙගෙ ඔලුව පැලෙන්න එකක් දෙන්න……..”😁😁
“ඉතිං දෙනවා බලාගෙන ඉන්නෙ……..”😠
මං දන්නවා මූ කීයටවත් ඕකෙන් නම් මට ගහන්නෙ නෑ.
“බලපිය,එලියෙ වහිනවා බිම නිදාගෙන තමුසෙ ලෙඩක් හදා ගන්නද හදන්නෙ?නිදා ගන්නවා ඇදෙන්……..”😠😠
“මට බෑ……..”😠😠
“මේ තොට අහවල් වැඩේ කරන්න නෙවෙයි ඇදෙන් බුදිය ගන්න කිව්වෙ. එලියෙ වහිනවා යකෝ.උඹට ලෙඩක් හැදෙයි………”😡😡
“කමක් නෑ හැදිච්චාවෙ……..”😠😠
එහෙම කියලා අනික් පැත්තට හැරිලා බිමින්ම නිදා ගත්තා.
මතු සම්බන්දයි