“නෝනා….මහත්තයා අද ගෙදර එන්න පරක්කු වෙයි කියලා නෝනට කාලා නිදා ගන්න කිව්වා………”
“මටත් කිව්වා නැන්දෙ.අද ෆැක්ට්‍රි එකේ මීටින් වගයක් තියනවා කියලා කිව්වා. ගොඩාක් රෑ වෙයි කිව්වා එන්න……..”
දේෂාන් මහත්තයා එන්න ගොඩාක් රෑ වෙයි කියලා කිව්වත් මං ඇහැරිලා බලාගෙනම හිටියා.රෑ නවය විතර වුනා. මගෙ ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දෙට මං බැලුවා කාගෙද කියලා. සමහර විට දේෂාන් මහත්තයා වෙන්න ඇති.එන්න පරක්කුයි කියලා කියනවා ඇති.
ඒත් ඒ මැසේජ් එක එවලා තිබ්බේ දේෂාන් මහත්තයා නෙවෙයි.ඒකෙ තිබ්බෙ “deta on karala whatsapp balnnako medam.man photos vagayak evala athi”🤔මේ කව්ද කියලා කල්පනා කර කරම මං බැලුවා ඒ එවලා තියන ෆොටෝස් මොනවද කියලා.
⚡⚡අනේ දෙවියනේ😢😢ඒ එවලා තියන ෆොටෝස් දැක්කම මට උන් හිටි තැන් අමතක වුනා.මං ආපහු හොදට බැලුවා.මගෙ ඇස් වලට වැරදුනේ නෑ.ඒ ෆොටෝස් වල හිටියේ දේෂාන් මහත්තයයි තව ගෑනු කෙනෙකුයි.මෙයා අනිවාර්යයෙන්ම ඇමැන්ඩා වෙන්න ඇති. ඇමැන්ඩා හිටියේ දේෂාන් මහත්තයට තුරුල් වෙලා.ඒ ගෑනිගෙ ඇගේ බාගයක් ඇදුම් නෑ.දේෂාන් මහත්තයා ඇදගෙන හිටියෙ කෙටි ශෝට් කලිසමක් විතරයි.
මේ දෙන්නා ඉන්නවා ඇත්තෙ මේ හොටෙල් රූම් එකක.😭😭මගෙ ඇස් වලට කදුලු පිරුනා ඒ පින්තූර දකිද්දී.ඒ ගෑනි මට මේ පින්තූර එවන්න ඇත්තෙ මාව දේෂාන් මහත්තයගෙන් වෙන් කරන්න. ඇයි දෙයියනේ දේෂාන් මහත්තයා මට මෙහෙම බොරු කරන්නෙ?😭😭මං ඇරෙන්න වෙන කිසිම ගෑනියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ කියපු දේෂාන් මහත්තයා වෙන ගෑනියෙක්ව තුරුල් කරගෙන ඉන්නවා.
එහෙනම් අද ගෙදර එන්න පරක්කු වෙනවා කියලා කිව්වෙ මේ නිසාද?😢😢මට මතක් වුනා දේෂාන් මහත්තයා එදා මට කියපු දෙයක් ගැන. දේෂාන් මහත්තයා කිව්වෙම එයාට ඇමැන්ඩා එක්ක කිසිම සම්බන්දයක් නෑ කියලා.මට මං ගැනම මහා දුකක් ඇති වුනා දේෂාන් මහත්තයගෙ මේ වැඩ නිසා. ෆෝන් එකත් අතේ තියාගෙන මං හොදටම ඇඩුවා.කොයි තරම් වෙලාවක් ගත වුනාද කියලා මං දන්නෙ නෑ.
පාන්දර යාමයේ මට නින්ද ගිහින් තිබුනා.ආපහු ඇහැරුනේ පහුවදා උදේ අටට විතර.ඒ වෙනකොටත් දේෂාන් මහත්තයා ගෙදර ඇවිත් තිබුනෙ නෑ. අඩලා අඩලාම මගෙ ඇසුත් හොදටම රතු වෙලා තිබුනා.බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන දත් මැදලා උදේට කිරි එක විතරක් මං බිව්වා.දේෂාන් මහත්තයා සමහර විට තාම ඇත්තෙ අර ඇමැන්ඩා කියන ගෑනිත් එක්ක වෙන්න ඇති.
මට මෙච්චර පොරොන්දු දීලා මාව කසාද බැදපු දේෂාන් මහත්තයා තව ගෑනියෙක් එක්ක සම්බන්දකම් පවත්වයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.මං බැල්කනියට වෙලා හිටියා දේෂාන් මහත්තයා එනවද කියලා බලාගෙන.මං අහිංසක විදියට ඉන්නැද්දී දේෂාන් මහත්තයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.මිනිහා වැරදි කරනවා නම් ගෑනි දැන ගන්න ඕනි බැනලා හරි මිනිහව හදා ගන්න.අහිංසකව නිශ්ශබ්දව ඉදලා බෑ ජීවත් වෙන්න….මට එදා ඒ විදියෙ උපදෙස් ගොඩාක් දුන්නා දේෂාන් මහත්තයගෙ අම්මා.
ඊයෙ රෑ මගෙ ඇස් තිබුනු කදුලු වෙනුවට අද මගෙ ඇස් වල තිබ්බෙ තරහක්😠😠ගෙදර ගෑනි ඉන්නැද්දී මූ මෙතන හොර ගෑනියෙකුත් තියාගෙන ඉන්නවා. අද ආපු දෙන්කො ගෙදර පෙන්නන්නම් මේ අහිංසා කව්ද කියලා.😡😡දහය විතර වෙනකොට මං දැක්කා දේෂාන් මහත්තයගෙ කාරෙක ගේට්ටුවෙන් ඇතුලට එනවා.මං ඉක්මනට කාමරේට ආවා.ආපු ගමන්ම මොකුත් කියන්න හොද නෑ.ටිකක් වෙලා ඉන්න ඕනි.
“අහිංසා….සොරි මැණික මට ඊයෙ ගෙදර එන්න බැරි වුනානෙ.ඔයා තරහද?……..”
පටන් ගත්තා රගපාන්න.මේ රගපෑමට මූට ඔස්කාර් සම්මානෙ දෙන්න වටිනවා.
“මං මහත්තයා එනකල් බලාගෙන ඉදලා නිදා ගත්තා……..”
බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් කාලා ඉවර වෙලා කාමරේට ආවා.මාත් එක්ක කතා කරත් මං සද්දෙ නැතුව හිටියා.
“අහිංසා……මොකද තමුසෙට වෙලා තියෙන්නෙ?මෙහාට එනවා………”
“මට නම් මොකුත් වෙලා නෑ………”😠😠
අහක බලාගෙනම මං එහෙම කිව්වා. දේෂාන් මහත්තයා ඇදෙන් නැගිටලා මං ගාවට ආවා.මං තරහින් අහක බලාගෙන හිටියා.😠😠
“මොකද තමුසෙට වෙලා තියෙන්නෙ?ආ…. මොකෝ මේ තරහෙන් වගේ……..”
මගෙ මුහුණ එයාගෙ පැත්තට හරවගෙන දේෂාන් මහත්තයා එහෙම ඇහුවා.මං අත ගසා දාලා පැත්තකට ගියා.
දේෂාන් මහත්තයා මගෙ අතේ බාහුවෙන් තද කරලා අල්ල ගත්තා.ඒ අල්ලපු පාරට නම් මට හොදටම රිදුනා.
“මගෙ අත අතාරින්න මහත්තයා රිදෙනවා මට.ඔය ජරා අත් දෙකෙන් මීට පස්සෙ මාව අල්ලන්න එපා.මං හිතුවෙ නෑ මහත්තයා ඔහොම ජරා වැඩක් කරයි කියලා……..”😡😡
“මොනවද තමුසෙ මේ කියන්නෙ?තමුසෙට පිස්සු හැදීගෙනවත් එනවද?ආ……කියනවා.තමුසෙ ඔය කාටද කතා කරන්නෙ?……..”😡😡
දේෂාන් මහත්තයගෙ ඒ කටට මං බය වුනේ නෑ.ගුටි කන්න වුනත් කමක් නෑ කියන්න තියන දේ අද මං කියනවා. එහෙම හිතපු මං ෆෝන් එක අතට අරන් ඇමැන්ඩා එවපු ෆොටෝ ටික දේෂාන් මහත්තයට පෙන්නුවා.ඒ ටික දැක්කා විතරයි දේෂාන් මහත්තයා හොදටම කලබල වුනා.ඒ මුහුණෙ තිබ්බෙ ලොකු කේන්තියක්.
“කව්ද තමුසෙට මේ ෆොටෝස් එව්වෙ?…….”
“එව්වෙ කවුරු වුනත් මෙතන ඉන්නෙ ඔයානෙ මහත්තයා?නෑ කියලා බොරු කියන්න හදන්න නම් එපා……..”😠😠
“මේ පට්ට වේ## ද මං ඊයෙ බීලා ඉන්න වෙලාවෙ මං ගාවට ඇවිත් තිබ්බෙ.මට උදේ ඇහැරෙද්දි මට අමුත්තක් දැනුනෙ මේ හින්දා තමයි.පට්ට බැල්ලි මං ඕකිට යහතින් ඉන්න දෙන්නෙ නෑ හු###……..”😡😡
ගිනි පිටවෙන තරමට දේෂාන් මහත්තයගෙ ඇස් තරහින් වෛරයෙන් පිරිලා තිබ්බා.රෑ තිස්සෙ අර ගෑනිව තුරුල් කරගෙන ඉදලා දැන් මෙතන බොරුවට රගනවා.මං අහුවෙයි ඕවට.😠😠
“දැන් තමුසෙ මොකද ඔහොම බලන්නෙ? තමුසෙ මේක විශ්වාස කරනවද?……..”
“මට කියන්න මහත්තයා මේ ගෑනිත් එක්ක මහත්තයගෙ මොකක් හරි සම්බන්දයක් තියනවා නේද?ඇයි මට මෙහෙම කරන්නෙ?කසාද ගෑනි ඉන්නැද්දි තවත් ගෑනියෙක් ගාවට යන්න තරම් මහතතයට මොකක්ද මගෙන් වෙච්චි අඩුව?………”😡😡
මං එහෙම අහද්දී දේෂාන් මහත්තයා පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන ඉදලා මං ගාවට කිට්ටු වුනා.එයා හිතන්න නැතුව ඇති මං මෙහෙම කතා කරයි කියලා.එදා වගේ මං අද අහිංසක නෑ කියලා දේෂාන් මහත්තයා දැන ගන්න ඕනි.😠😠
“අහිංසා……යකෝ මේකිගෙ කට.තමුසෙට කොහෙන්ද ඔච්චර හයියක්?මට ඔහොම කතා කරන්න?………”😡😡
“ඇයි මහත්තයා හිතුවෙ මහත්තයා කරන වැඩ දිහා මං ඇස් කන් පියාගෙන බලන් ඉදියි කියලද?එහෙනම් මහත්තයට වැරදිලා.මං අහපු දේට උත්තරයක් දෙන්න………”😡😡
“මේ අහිංසා මේක හොදට අහගනිං ඒ ගෑනිත් එක්ක මගෙ කිසිම සම්බන්දයක් නෑ………”😡😡
“සම්බන්දයක් නැති හින්දා වෙන්න ඇති කිසිම ලැජ්ජාවක් නැතුව ඒ ගෑනිව බදාගෙන බුදියගෙන හිටියෙ.ගෙදර ගෑනි මදි වෙලාද හොර ගෑනියෙක් තියා ගත්තෙ?………”😡😡
“මොකක්ද හු#### යෙ තෝ කිව්වෙ?………”👋👋
දත් මිටි කාගෙන තරහින් පුපුර පුපුර හිටපු දේෂාන් අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.ඒ මුහුණ දිහා බලන්නත් බය හිතෙන තරමටම තරහින් කෝපයෙන් පිරිලා තිබුනා.රිදුනු කම්මුල අල්ලගෙන නැගිටින්න උත්සහ කරපු මගෙ කම්මුලට ආයෙමත් සැරයක් හයියෙන් ගහපු දේෂාන් බිමට නැවිලා මගෙ කටින් අල්ලලා හයියෙන් තද කරලා අල්ල ගත්තා.
“අනේ අතාරින්න මහත්තයා.මගෙ කට රිදෙනවා………”😭😭
දේෂාන් මහත්තයගෙ දරදඩු ඇගිලි වලින් මිරිකුනු මගේ කට ඇතුලෙන් ලේ රසයක් දැනුනා.ඇස් වලින් ගලාගෙන ගිය කදුලු කම්මුල් මත පතිත වෙලා දැවිල්ල ගත්තා.
“උඹ එකක් දැන ගනිං අහිංසා උඹේ ඔය කටට මාව බය කරගන්න නම් ලැබෙන්නෙ නෑ.මං වැරදි නෑ කියලා උඹේ ලග දනින් වැටිලා කියන්න බෑ.එකක් අහ ගනිං මගෙ ජීවිතේට…..මේ ජීවිතේට ගෑනියෙක්ගෙ ඇගකට අත තිබ්බ නම් ඒ උඹේ විතරයි………”😠😠
මාව පැත්තකට තල්ලු කරපු දේෂාන් කාමරෙන් එලියට ගියා.කටින් ආපු ලේ පිහදාගෙන මං බිම වාඩිවෙලා හොදටම ඇඩුවා😭😭කම්මුල හොදටම රිදෙන්න ගත්තා.පැයක් දෙකක් ගෙවිලා ගියා. දේෂාන් මහත්තයා කොහෙ ගියාද දන්නෑ. එයාට මං ගැන කිසිම ගානක් නෑ.මං ගැන පොඩ්ඩක් හරි හිතනවා නම් එයාගෙ අතේ වැරැද්ද තියාගෙන මට ගහයිද?
“නැන්දෙ දේෂාන් මහත්තයා කොහෙද ගියේ?……..”
“දන්නෑ නෝනා.මට නම් මොකුත්ම කිව්වෙ නෑ.නෝනට කොහෙ හරි යන්න ඕනිද?……..”
“අ…..මේ……මට පොඩි ගමනක් යන්න ඕනි නැන්දෙ.ඒත් දේෂාන් මහත්තයට කියන්න එපා.මං ගිහින් පැයක් යන්න කලින් ආපහු එනවා……..”
“අනේ නෝනෙ මහත්තයා බනියි නෝනෙව තනියම එලියට යැව්වා කියලා……..”
“මං මහත්තයා එන්න කලින් ආපහු එනවා නැන්දෙ.නැන්දා බය වෙන්න එපා……..”
කිසිම වැරැද්දක් නොකර මං දේෂාන් මහත්තයගෙන් හොදටම ගුටි කෑවා. එයාට මාව ගැන කිසිම ආදරයක් නෑ.මට මං ගැනම ඇති වුනේ දැඩි කලකිරීමක් වේදනාවක්.බෑග් එකට ඇදුම් දෙක තුනක් දා ගත්තු මං දුලීකා නැන්දට බොරුවක් කියලා ගේට් එකෙන් එලියට ඇවිත් බස් එකක නැග්ගා.අනේ මගෙ අම්මයි තාත්තයි හිටියා නම් මං මීට වඩා කොයි තරම් සන්තෝශෙන් ඉන්නවද?
මතු සම්බන්දයි