මොකාද යකෝ මේ මහ රෑ වෙලා කතා කරන්නේ?……..”

දේෂාන් මහත්තයගෙ ෆෝන් එකට කෝල් එකක් එන සද්දෙට මටත් ඇහැරුනා. නින්දයාගෙන ආවා විතරයි.දේෂාන් මහත්තයා බැන බැනම කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ……..”😠📲

මටත් ඇහුනා එහා පැත්තෙන් කතා කරන කෙනා කියන දේවල්.

“හෙලෝ දේෂාන් මං ඇමැන්ඩා. කොහොමද ඉතිං?……..”📲

කව්ද ඇමැන්ඩා කියන්නෙ?🤔🤔සමහර විට අර කියපු මලලසේකර ඇමතිතුමාගෙ දුව වෙන්න ඇති.එයා ඇයි දේෂාන් මහත්තයට කතා කරන්නෙ?😡

“මොන රෙද්දකටද ඕයි තමුසෙ මට කතා කරන්නෙ?……..”😡📲

“මේ….මිස්ට දේෂාන් ඔයා මගෙ හැම හීනයක්ම නැති කරා.මං ඒ හැම හීනයක්ම ආපහු හැබෑ කරගන්නවා.කෝ ඔයාගෙ චූටි වයිෆ්?……..”📲

“තමුසෙ මොකටද අහිංසා ගැන අහන්නෙ?මගෙ යකා අවුස්සන්නෙ නැතුව තමුසෙ ඔය කරන්න හදන සෙල්ලම නවත්තපං.උඹේ හිතේ තියන දේවල් කවමදාකවත් ඉශ්ට වෙන්නෙ නෑ………”😡📲

“මේ……මම මලලසේකර ඇමතිතුමාගෙ එකම දුව මිස්ට දේෂාන්.මං කොහොම හරි මට ඕනි දේවල් ලබා ගන්නවා……..”😠📲

ඊට පස්සෙ දේෂාන් මහත්තයා මොකුත් කිව්වේ කේන්තියෙන් ඇස් රතු කරගෙන ෆෝන් එක කට් කරලා ඕෆ් කරලා මේසෙ උඩට විසික් කරා.මගෙ හිතට මහ අමුතු බයක් ඇති වුනා.අර ඇමැන්ඩා කියන ගෑනු කෙනා හින්දා දේෂාන් මහත්තයා වෙනස් වෙයිද?…..නෑ එහෙම වෙන්නෑ. දේෂාන් මහත්තයා මට ගොඩාක් ආදරෙයි.ඒත් ඒ ගෑනි හින්දා ලොකු විනාශයක් සිද්ද වෙයි කියලා මගෙ හිතට දැනෙන්නට වුනා.ෆෝන් එක මේසෙ උඩට විසික් කරපු දේෂාන් මහත්තයා මගෙ පැත්තට හැරිලා මගෙ මුහුණ දිහා බැලුවා.මගෙ ඇස් වලින් වැටුනු කදුලු එයා දකින්න ඇති.

“තමුසෙ අඩනවා නේද අහිංසා……..”

“න්……නෑ මහත්තයා………”

“මට බොරු කරන්න එපා හැරෙනවා මේ පැත්ත……..”😠

දේෂාන් මහත්තයා මාව බලෙන්ම එයාගෙ පැත්තට හරව ගත්තා.පොඩ්ඩක් ඇඩුවත් මගෙ මූණ රතු වෙනවා.දේෂාන් මහත්තයා මගෙ ඇස් වල කදුලු එයාගෙ දෑතින් පිස දැම්මා.

“තමුසෙ අඩන්නෙ අර ඇමැන්ඩා කියපු දේවල් අහගෙන ඉදලා නේද?තමුසෙට පිස්සුද ඕයි?මං එක සැරේකුත් කිව්වා ඒ ගෑනිගෙ හිතේ තියන දේවල් ඉශ්ට වෙන්නෙ නෑ කියලා.තමුසෙට මාව විශ්වාස නැද්ද?……..”😠😠

“මට……මට මහත්තයව හොදටම විශ්වාසයි.ඒත් මට බයයි ඒ ගෑනි මහත්තයගෙ ජීවිතේට මොකක් හරි කරදරයක් කරොත්?……..”😥😥

“පිස්සි……ඒ ගෑනිට බෑ මට මොකුත් කරන්න.මගෙ පිස්සු මොංගලීට අමතක වුනාද මං කව්ද කියලා.ආ…..?මැණික බය වෙන්න එපා මං ඔයාගෙ විතරයි……..”😚

“මහත්තයා……..”

“හ්ම්ම්……..”

“ඇමැන්ඩා අර කිව්වෙ මහත්තයා එයාගෙ හැම හීනයක්ම නැති කරා කියලා.ඒකෙ තේරුම මොකක්ද?……..”

“අවුරුදු තුනකට කලින් ඇමැන්ඩා හිටියෙ ඇමරිකාවෙ.ඒ කාලෙ මලලසේකර ඇමතිතුමා මට ප්‍රපෝසල් එකක් ගෙනාවා ඇමැන්ඩා ගැන.මං ඒකට කැමති නෑ කියලා කෙලින්ම කියලා දැම්මා.ඒත් ඇමතිතුමා එයාගෙ උත්සහය අතෑරියේ නෑ.ඌ ඒ ගැන ඇමැන්ඩාට කියලා. ඇමැන්ඩත් මං ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉදලා……..”📲

“ඇමැන්ඩා ගොඩාක් ලස්සනයිද මහත්තයා?……..”

“පොඩ්ඩක් ඉන්න මං එයාගෙ ෆොටෝ එකක් පෙන්නන්න……..”

එහෙම කියලා දේෂාන් මහත්තයා මේසෙ උඩට විසික් කරපු ෆෝන් එක අරගෙන ඇමැන්ඩාගෙ ෆොටෝ එකක් පෙන්නුවා. අවුරුදු විසිපහක විතර පෙනුමක් තියන කොන්ඩෙ නවීන විලාසිතාවකට පාට කරපු කොටට කොටේ සායකුත් ඇදපු අත් නැති බ්ලව්ස් එකක් ඇදලා හිටපු ඇමැන්ඩා හරියට හොලිවුඩ් නිළියක් වගේ කියලා මට හිතුණා.ඒත් මට එක දෙයක් ගැන තරහක් ආවා.😠😠

“මහත්තයා මොකටද මෙයාගෙ ෆොටෝ ෆෝන් එකේ තිතියාගෙන ඉන්නෙ?………”😠😠

“යකෝ…..මං ඒ ගෑනිගෙ ෆොටෝ මගෙ ෆෝන් එකේ තියාගෙන හිටියෙ නෑ.ඕක ඒ ගෑනි මට එවපු එකක්……..”

“ඉතිං ඩිලිට් කරලා දාන්න තිබුනනේ……..”

එහෙම කියලා මං දේෂාන් මහත්තයගෙ අතින් ෆෝන් එක උදුරගෙන ඒ ෆොටෝ එක ඩිලිට් කරලා දාලා ඇමැන්ඩාගෙ ෆෝන් නම්බර් එකත් බ්ලොක් කරලා දැම්මා.දේෂාන් මහත්තයා හිනාමුසු මුහුණින් මගේ දිහා බලාගෙන ඉන්නවා. මං ෆෝන් එක මේසෙ උඩින් තියලා අනික් පැත්තට හැරිලා නිදා ගන්න හැදුවා. දේෂාන් මහත්තයා අතකුයි කකුලකුයි මගෙ ඇග උඩින් දාගෙන මාව ඒ ඇගට තද කරලා තුරුල් කර ගත්තා.

“අනේ මහත්තයා ඔහොම තද කරන්න එපා මාව චප්ප වෙලා යයි……..”

“කමක් නෑ……..”

“ඔව් ඉතිං මාව මැරුනොත් අර ඇමැන්ඩා ඉන්නවනෙ මෙයාගෙ පාලු කපන්න……”😁😁

“මොකක්ද කිව්වෙ තමුසෙ?කියන දෙයක් ඇහෙන්න කියනවා මෙතන කුටු කුටු ගාන්නැතුව…….”😠😠

අම්මෝ ඇති යාන්තං මේ යකාට ඒක ඇහිලා නෑ.ඇහුනා නම් එහෙම මං ඉවරයි අද.

“ම්……මොකුත් නෑ මහත්තයා.නිදි මතයි……..”

“එහෙනම් නිදා ගන්නවා……..”


“මොකද ගෑනියෙ බෙරිහන් දෙන්නෙ?මගෙ කන් දෙකම හොදට ඇහෙනවා යකෝ හිමින් කියපන්………”😠😁🤣

“අනේ මහත්තයා ඔයා මාව හැමදාම ගෙදරම තියාගෙන ඉන්නද කල්පනාව. අපි කොහෙ හරි යමුද?……..”

“ඕකට ඉතිං ඔච්චර හයියෙන් කෑ ගහන්නෙ මොකටද?………”😠😠

“හිමිහිට කිව්වම මහත්තයා අහන්නෙ නෑනෙ.මට කම්මැලියි ගේ ඇතුලටම වෙලා ඉන්න ගියාම.පාලුයි අප්පා………”

“තමුසෙට කොහෙද යන්න ඕනි?………”

“මහත්තයගෙ නෑදෑයො බලන්න යමු දෙහිවල………”😁🤣😂😆

“දෙහිවල🤔🤔මගෙ කවුරුවත් නෑදෑයො නෑනෙ අහිංසා……..”🤔🤔

“නෑ මහත්තයා මං මේ කිව්වේ…….සත්තු වත්ත බලන්න යමු කියලා දෙහිවල……..” 😂😁

“මොකක්?ඔහොම හිටපිය මොංගල් ගෑනි………”😁😁

දේෂාන් මහත්තයගෙන් බේරෙන්න මං ඇද වටේට දිව්වා.කොහොම දුවන්නද මේ යකාත් එක්ක.මං එක වටයක් දුවනකොට මූට වට දෙකක් දුවලා ඉවර කරන්න පුලුවන්.අල්ල ගත්තු ගමන්ම මේ යකා මගෙ මගෙ කන් දෙකෙන්ම අල්ල ගත්තා.මං ඌයි ගාලා උඩ පැන පැන කෑ ගැහුවා.මේ යකාට නම් ජන්මාන්තර වෛරයක් තියනවා මගෙ කන් දෙකයි, කටයි එක්ක.මොකක් හරි වැරදුනු ගමන් මූ අල්ලන්නෙ මගෙ කන් දෙකෙනුයි කටෙනුයි.😉😆ආයෙ නම් මොකුත් කියන්න හොද නෑ.බත් කන්න තියන දත් ටික පරිස්සම් කරගන්න ඕනි.

“අනේ මහත්තයා මං විහිලුවක් කරේ. ආයෙ එහෙම කියන්නෑ සොරී……..”

මං කන් දෙක අත ගා ගනිමින් එහෙම කිව්වා.

“පිස්සි……තමුසෙ තාම පොඩි ළමේක් වගේ ඕයි………”

“මං තාම පොඩි එකෙක් වගේ තමයි ඉතිං.මහත්තයනෙ මාව ඉස්කෝලෙ යන කාලෙම උස්සගෙන ආවෙ……..”

මං එහෙම කියනකොට දේෂාන් මහත්තයා මගෙ පිටුපසින් ඇවිත් මාව තුරුල් කරගෙන මගෙ උරහිසින් ඔලුව තියා ගත්තා.

“තාම දුක් වෙනවද එහෙම අරගෙන ආපු එකට?………”

මං නෑ කියන්න ඔලුව වැනුවා.අපි දෙන්නා ඉන්නෙ කණ්ණාඩිය ඉස්සරහා.දේෂාන් මහත්තයා කණ්ණාඩියෙන් මගෙ මුහුණ දිහා බලාගෙන ඉන්නවා.

“තමුසෙ දැන් මහත් වෙලා ඕයි.මේ ගාන ලස්සනයි තමුසෙට.මෙහාට ගේනකොට හිටියෙ හාල්මැස්සියක් වගේ කෙට්ටුවට. හරියට කටු බැහැපු බැළලියක් වගේ……..”

කණ්ණාඩියෙන් මගෙ මුහුණ දිහා බලාගෙන දේෂාන් මහත්තයා එහෙම කියනවා.ඊට පස්සෙ සෙමින් සෙමින් මගෙ කම්මුලයි ගෙලයි පුරා හාදු තවරනවා.💋😚මේ යකාගෙ රැව්ල් කොට ඇනිලා මගෙ මුහුණත් කසනවා.

“මොකද?…….”

“අනේ එපා.මූණ කසනවා මහත්තයගෙ රැව්ල් කොට ඇනිලා……..”

“කමක් නෑ……..”

“අනේ මහත්තයා……..”

“මේ……තව දවස් දෙක තුනකින් මං තමුසෙව කොහේ හරි එක්කන් යන්නම්. මේ දවස් ටිකේ පොඩි වැඩ වගයක් තියනවා……..”

මාව අතෑරලා ඇදෙන් වාඩි වෙන ගමන් දේෂාන් මහත්තයා එහෙම කිව්වා.

“මොනවද ඒ?……..”

“තමුසෙටත් ඕන්නැති මගුලක් නෑනෙ ඕයි.හැමදේම හොයනවා……..”

“ඔව් ඉතිං හෙව්වම මොකද වෙන්නෙ?මට කියන්න බැරි දෙයක් නෑනෙ මහත්තයට.මං මහත්තයගෙ නෝනනෙ………”

“හරි හරි කියන්නම් ඉතිං.අපේ ෆැක්ට්‍රියෙ වැදගත් මීටින් වගයක් තියනවා මේ දවස් වල පිටරට කට්ටියක් එක්ක.ඒ හින්දා මේ දවස් වල යන්න අමාරුයි…….”

“හා එහෙනම්…….”

💜️💙

“අහිංසා…..අද මං එන්න ගොඩාක් රෑ වෙයි.ඔයා කාලා නිදා ගන්න.මීටින් එක ඉවර වෙන්න කොච්චර වෙලා යයිද කියන්න බෑ……..”

“කොච්චර රෑ වුනත් කමක් නෑ මහත්තයා ගෙදර එනකල් මං බලාගෙන ඉන්නවා……..”

ෆැක්ට්‍රියට යන්න ලෑස්ති වෙලා මං ලගට ඇවිත් දේෂාන් මහත්තයා එහෙම කිව්වා.

දේෂාන් මහත්තයා ලග නැති වෙලාවට මට මහා පාලුවක් දැනෙනවා.මට හරිම දුකයි.මං දේෂාන් මහත්තයා ලගට ගිහින් ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඒ මුහුණයි තොල්පෙතියි සිප ගත්තා.මේ අයුරින් විනාඩියක් දෙකක් පමණ ගෙවෙන්න ඇති.

“මැණික,දැන් ඇති රත්තරං.තව වෙලා හිටියොත් මට අද ෆැක්ට්‍රියට යන්න බෑ කියලා හිතෙයි……..”

එහෙම කියලා දේෂාන් මහත්තයා මගේ නලල සිපගෙන කාමරෙන් එලියට ගියා.

මතු සම්බන්දයි💙💙