උඹ අපේ පව්ලෙ නම්බුව නැති කරා දිනේත්‍රා………”

අප්පච්ච්ගේ කටහඩේ කොපයත් වෛරයත් ගැබ්ව තිබුනි.රත් වූ කම්මුල අල්ලගාගෙන මං හඩා වැටුනි.අප්පච්චී මගේ ජීවිතේ මනින්නෙත් සල්ලි වලින්. සල්ලි වලින් තොර ලෝකයක් අප්පච්චිට නැත.

“අනේ දුවට බනින එක නවත්තන්න ජයන්ත.ඇයි අකැමැති කසාදෙක දුවව හිර කරලා එයාගෙ සතුට නැති කරන්න හදන්නෙ?රවිශ්ක කියන්නෙ හොද මනුස්සයෙක් නෙවෙයි කියලා ඔයා හොදටම දන්නවා……….”

මගේ පැත්තට කතා කරන්නට සිටියේ අම්මා පමණකි.ඒත් අප්පච්චී ඇයටද බැන්නාය.අප්පච්චිට අවශ්‍ය වී ඇත්තේ මගේත් රවිශ්කගේත් විවාහය සිදු කර ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමටය.

“තමුන් කට වහගෙන ඉන්නවා දිල්හානි. මේ ගෙදර වැඩ සිද්ද වෙන්න ඕනි මට ඕනි විදියටයි.දිනේත්‍රා කසාද බදින්න ඕනි රවිශ්කව විතරමයි……..”

මෙච්චර වෙලාවක් සද්දෙ නැතුව ඉදලා මාත් කරා.හැම දෙයක්ම හැමදාම සිද්ද වුනේ අප්පච්චිගෙ තීරණේටයි.

“ඔව් අප්පච්චි.හැමදාම මේ ගෙදර හැම දෙයක්ම සිද්ද වුනේ අප්පච්චිගෙ තීරණේටයි.කවදාවත් ඔයා අපි කාගෙවත් සතුට ගැන හිතුවෙ නෑ.අම්මගෙ මගෙ අයියගෙ සතුට හැමදාම ඔයා එහෙම් පිටින්ම විනාශ කරලා දැම්මා.අප්පච්චී….. ඔයා හැමදාම හැම දෙයක්ම මැන්නෙ සල්ලි වලින්.මගේ සතුට ගැන ඔයා චුට්ටක්වත් හිතුවෙ නෑ.රවිශ්ක කියන්නෙ හොද මනුස්සයෙක් නෙවෙයි අප්පච්චී.එයාට රටේ හැමතැනකම ගෑනු ඉන්නවා.අසරණ අහිංසක ගෑනු ළමයි කී දෙනෙක් නම් රවිශ්කගෙ අතින් අනාථ වෙලා ඇත්ද?ඒ වගේ ජරා මිනිහෙක්වද අප්පච්චී ඔයා මට කසාද බන්දලා දෙන්න හදන්නෙ?මං එකක් කියන්නම් අප්පච්චි ඔයා මට රවිශ්කව කසාද බන්දලා දෙන්න හැදුවොත් මං එක මොහොතක්වත් ජීවතුන් අතර ඉන්නෙ නෑ………”

වියරුවෙන් වගේ මං කෑ ගහලා මං එහෙම කිව්වා.අම්මා හිටියෙ හොදටම බය වෙලා.අප්පච්චිගෙ මුහුණෙන් මට පෙනුනා එයා එයාගෙ තීරණේ කවදාවත් වෙනස් නොකරන බව.අප්පච්චිට මගෙ ජීවිතේට වඩා වටින්නෙ සල්ලියි බලයයි.
මං අඩාගෙනම කාමරේට ආවා.අප්පච්චී බලෙන් හරි මාව රවිශ්කට කසාද බන්දලා දෙයි.ඒක මට හොදටම දැනුනා. රවිශ්ක ආදරේ කරන්නෙ මට නෙවෙයි මගෙ දේපළ වලට.ඒක අප්පච්චිට තේරෙන්නෙ නෑ.

“දුවේ අඩන්න එපා.මට කියන්න ඔයා ආදරේ කරන කෙනෙක් ඉන්නවද?එහෙම වුනොත් මං ඔයාට එයා ගාවට යන්න උදව් කරන්නම්.මං කැමති නෑ රවිශ්ක වගේ කාමාතුරයෙක්ව කසාද බැදලා ඔයා විදවනවා දකින්න.කියන්න පුතේ?………”

මොන හේතුවක් හින්දද මන්දා අම්මා එහෙම අහද්දී මට මතක් වුනේ සේනක ධර්මවර්දනගෙ පුතා රශ්මිකව.අප්පච්චී තාමත් රශ්මිකව අපේ ගෙදර හිර කරගෙන ඉන්නෙ.ඒ මනුස්සයා මේ වෙනකොට බාගෙට මැරිලයි ඉන්නෙ.

“ඇයි දුවේ සද්දෙ නැතුව ඉන්නෙ?අම්මා වුනත් මං මේ වෙලාවෙ ගොඩාක් අසරණයි………”

“මං අම්මත් එක්ක තරහ නෑ.මට රවිශ්කව කසාද බදින්න බෑ.එයාව කසාද බැදලා මගේ ජීවිතේ විනාශ වෙනවා අප්පච්චිට බලාගෙන ඉන්න පුලුවන්ද අම්මෙ?………”

අම්මා මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා.පාතාල ලෝකෙ චන්ඩින්ව මැරයින්ව ආශ්‍රය කරන මගෙ අප්පච්චී වගේ දරදඩු මිනිහෙක් එක්ක අම්මා මේ ජීවිතේ කොහොම ගෙවනවද කියලා මට හිතා ගන්න බෑ.

“දුව මේ කෑම එක ගිහින් අර ළමයට දෙන්න.මං දැන් කාන්තා සමීතියෙ රැස්වීමකට යනවා………”

“අප්පච්චි කෝ අම්මෙ?………”

“එයා බිස්නස් වැඩකට කියලා ගාල්ලෙ ගියා.එද්දී රෑ වෙයි………”

එහෙම කියලා අම්මා කාරෙකේ නැගලා ගියා.මං කෑම පිගානත් අරගෙන තුන් වෙනි තට්ටුවට ගියා.කාමරේ දොරත් ඇරගෙන මං ඇතුළට ගියා.දැන් මාස හතරක් වෙනවා රශ්මිකව මෙහෙ හංගගෙන ඉදලා.මේ අහිංසක මනුස්සයා විදින්නෙ සුලු පටු දුකක්ද?ගැට ගහලා ඉන්න පුටුව උඩම ඒ මනුස්සයට නින්ද ගිහින්.මං ගිහින් තට්ටු කරලා කතා කරා.

“රශ්මික…..මේ කෑම එක කාලා ඉන්න. ඔයා ඊයෙ රෑටත් කාලා නෑ නේද?……..”

“මට කෑම එපා.මට මෙතනින් යන්න දෙන්න………”

“ඔයාට මෙතනින් පැනලා යන්න උදව් කරන්න මං ඕනම වෙලාවක ලෑස්තියි රශ්මික.ඒත් කවදාවත් ඒ දේ කරන්න බෑ. මේ ගේ වටේටම ලොකු උස තාප්පයක් තිබ්බා.මුරකාරයොත් ඉන්නවා.එයාලට හොරෙන් කවදාවත් ඔයාට මෙතනින් පැනලා යන්න බෑ………”

“තාත්තා කරපු දේට මංද පලි?………”

“අපෙ අප්පච්චී ගැන මටත් හරිම කේන්තියි රශ්මික.එයා කරන්නෙම මහ අමනුස්ස වැඩ.කෝ මේක කාලා ඉන්න.මං කොහොම හරි උත්සහ කරලා බලන්නම් ඔයාට පැනලා යන්න ක්‍රමයක් ගැන………”

“මට කෑම එපා………”

රශ්මික හිටියේ ගොඩාක් වේදනාවෙන්. එයාගෙ මුහුණ පුරාම තුවාල වෙලා තිබුනා.අත පය එහෙම තුවාල වෙලා. කමිසෙත් ඉරිලා.අනේ දෙයියනේ මගේ අප්පච්චී කරන මේ අපරාධ කවදා ගෙවලා ඉවර කරයිද?කවදා හරි මේවට අපිටත් විදවන්න වෙයිද?

“මං කවන්නද?……..”

මං එහෙම ඇහුවම රශ්මික මං දිහා පුදුම වෙලා වගේ බලාගෙන හිටියා.මං හිමිහිට රශ්මිකට කැව්වා.පුංචි එකෙක් වගේ රශ්මික කන හැටි දැකලා මගෙ පපුවට මොකක්දෝ මන්දා වුනා.කාලා ඉවර පිගාන හෝදලා පැත්තකින් තිබ්බා.මං කාමරේට ගිහින් ප්‍රථමාධාර බොක්ස් එක අරන් රශ්මික ගාවට ආවා.

“ඉන්න මං ඔයාගෙ තුවාල වලට බෙහෙත් දාන්නම්……..”

“ඔයාට අප්පච්චිගෙන් බැනුම් අහන්න වෙයි දිනේත්‍රා………”

“ඒකට කමක් නෑ.මට බෑ ඔයා වේදනා විදිනවා බලන් ඉන්න………”

මං ඒක කිව්වා නෙවෙයි කියවුනා.රශ්මික මගෙ ඇස් දිහාම බලන් හිටියා.මගෙ පපුවත් ගැහෙන්න පටන් ගත්තා. රශ්මිකගෙ ටීෂර්ට් එක ගලවලා උණු වතුරෙන් ඇග තවන්න පටන් ගත්තා. වේදනාව වැඩි කමට රශ්මික හයියෙන් කෙදිරි ගෑවා.තුවාල වෙලා තිබ්බ තැන් වලට බෙහෙත් ගාලා ටීෂර්ට් එක ඇන්දෙව්වා.මගෙ ඇස් වලට කදුලුත් ආවා.රශ්මිකගෙ ටීෂර්ට් එකේ අන්තිම බොත්තම දැම්මට පස්සෙ එයා මගෙ අතින් අල්ලලා ඒ ඇගිලිතුඩු වලින් මගෙ ඇස් දෙකේ කදුලු පිස දැම්මා.

“මේ ජයන්ත සූරියආරච්චිගෙ දුවමද?මට හිතාගන්න බෑ ඔයාගෙ ගතිගුණ ගැන………”

“අප්පච්චිගෙ වැඩ වලට අම්මවත් මමවත් අයියාවත් කැමති නෑ රශ්මික. ඔයාට ගොඩාක් රිදෙනවද?………”

“වේදනාව මං අමාරුවෙන් හරි දරා ගන්නවා දිනේත්‍රා.අම්මයි තාත්තයි මං නැතුව කොයිතරම් බය වෙලා ඇත්ද?……..”

“මං ෆෝන් එක ගෙනත් දෙන්න ඔයා ගෙදරට කතා කරන්න.අප්පච්චී දැන්ම ගෙදර එන්නෙ නෑ……..”

“එපා දිනේත්‍රා.ඔයාගෙ තාත්තා දැන ගත්තොත් එහෙම ඔයාටත් ප්‍රශ්නයක් ඇති වෙයි……….”

“මං කොහොම හරි ඔයාට මෙතනින් පැනලා යන්න උදව් කරන්නම් රශ්මික………”

“ඔයා මං ගැන ගොඩාක් හිතනවා නේද දිනේත්‍රා?……..”

මං මොකුත් නොකියා බිම බලා ගත්තා. රශ්මික අතින් අල්ලලා එයා ලගට ගත්තා.එයා මට ඔලුවෙන් කිව්වා පාත් වෙන්න කියලා.මං පාත් වුනා.

“අයි ලව් යූ දිනේත්‍රා……….”

දෙයියනේ මං වගේම රශ්මිකත් මට හිතින් ආදරේ කරලද?මට හිතා ගන්නත් බැරි වුනා රශ්මික කියපු දේ ගැන. අදහගන්න බැරුව මං රශ්මිකගෙ මුහුණ දිහා බලන් හිටියා.රශ්මික බොහොම පරිස්සමට මගේ නලල සිප ගත්තා.

“අයි ලව් යූ ටූ රශ්මික………”

එහෙම කියලා මං රශ්මිකගේ පපුවට තුරුල් වුනා.එයා මගේ හිස අතගෑවා.

“අපි ආදරේ කරන්න පටන් ගත්තම අපේ පව්ල් අතරේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙයි දිනේත්‍රා.ඒ කිසිම දේකට බැහැ අපි දෙන්නව වෙන් කරන්න.ඔයා අයිති මට විතරයි නේද?……..”

“ඔව්…..ඔව් රශ්මික………”

එහෙම කියලා රශ්මිකගෙ මුහුණ සිපගන්නකොටම කාමරේ දොර ගාවින් සද්දයක් ඇහුනා.අනික් පැත්ත හැරිලා පිටිපස්ස බලද්දී දොර ගාව හිටපු කෙනා දැකලා මට දාඩියත් දැම්මා.

මතු සම්බන්දයි

Advertisment