සෝමපාල මාමෙ මට අඹ ටිකකුයි, නාරං ටිකකුයි,ලොවි ටිකකුයි කඩලා බෑග් එකකට දාලා දෙන්නකෝ ගෙනියන්න.හැබැයි මහත්තයට හොරෙන්.හරිද?………”

“හා නෝනෙ.මං කඩලා දෙන්නම්……..”

අද අපි ආපහු ගෙදර යන්න ලෑස්ති වෙලයි හිටියේ.දේෂාන් මහත්තයා එයාගෙ අම්මට අපි දෙන්නත් එක්කම ගෙදර නවතින්න යන්න කතා කරත් අම්මා එන්න කැමති වුනේ නෑ.දේෂාන් මහත්තයගෙ අම්මා කැමති ගමේ ජීවත් වෙන්න.සෝමපාල මාමා දීපු පළතුරු කවරෙත් අරගෙන හොරෙන් වගේ බෑග් එකට දාගෙන මං ලෑස්ති වුනා ගමේ යන්න.

“එහෙනම් අපි ගිහින් එන්නම් අම්මෙ. අම්මා දවසක අපේ ගෙදර එන්න……..”

“බුදු සරණයි දරුවනේ.මං එහෙ එන්නම් දවසක………”

කාර් එකේම අපි ආපහු ගෙදර යන්න පිටත් වුනා.ගෙදර ආවට පස්සෙ මං ඇදට වැටිලා නිදා ගත්තා.පුදුම මහන්සියක් දැනුනෙ.

“මොකද ඕයි තමුසෙ ආපු වෙලාවෙ ඉදලා නිදාගෙන.මහන්සිද?………”

“ඔව් මහත්තයා……..”

එහෙම කියලා මං අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.ආපහු මට ඇහැරෙද්දී හවස තුනට විතර ඇති.දේෂාන් මහත්තයා කොහෙවත් හිටියෙ නෑ.මං දුලීකා නැන්දගෙන් ඇහුවා දේෂාන් මහත්තයා කොහෙද ගියේ කියලා.

“මහත්තයා කොහේ හරි ගියා නෝනා. නෝනා ඇහැරුනොත් කියන්න කිව්වා රෑ දහය විතර වෙද්දී එනවා කියලා. මහත්තයා හිටියේ ගොඩාක් කලබලෙන් වගේ නෝනා………”

මං ආපහු සිතුවිල්ලේම කාමරේට ආවා. අනේ මන්දා මේ මනුස්සයට මොනවා වෙලාද?යන තැනක් මට කියලා යන්න බැරිද?මං මෙතන බලන් ඉන්නවනේ එයා එනකල්.

හවස හයට විතර බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.රෑ වුනා දේෂාන් මහත්තයා තාම ගෙදර ආවෙ නෑ. රොශාන් අයියට කෝල් එකක් දීලා බැලුවත් එයත් දැනගෙන හිටියෙ නෑ දේෂාන් මහත්තයා ගියේ කොහෙද කියලා.මට නම් ආවෙ පුදුම කේන්තියක්. යකෝ යන තැනක ගෙදර ගෑනිට කියලා යන්න බැරිද?වරෙන්කො අද ගෙදර.හොද වැඩක් කරන්නම්කො.😠😠

රෑ දහය වුනා මේ යකා තාමත් නෑ.අම්මපා මූට ගෑනියෙක් ඉන්නවා කියලා මතක නෑනෙ.මේ වෙලාවට මට හිතෙනවා ඉන්න තැනක් හොයාගෙන ගිහින් ඔලුව හිල් වෙන්න ටොක්කල් ඇනලා දාන්න. බලන් ඉදලා බැරිම තැන මං නිදා ගත්තා.

පහුවදා උදේ පාන්දරම නැගිටිද්දිවත් දේෂාන් මහත්තයා ගෙදර ඇවිත් හිටියෙ නෑ.මට දැනුනේ පුදුම තරහක්.අඩුම තරමෙ ඉන්න තැනකින් කෝල් එකක්වත් දෙන්න බැරිද?😡😡

“නැන්දෙ මහත්තයා කෝල් එකක් වත් දුන්නෙ නැද්ද?………”

“අනේ නෑ නෝනා.මං හිතුවෙ නෝනට කතා කරන්න ඇති කියලා……….”

“මටත් කතා කරේ නෑ නැන්දෙ.ආපු දෙන්කො අද ගෙදර.හොදවයින් දෙකක් කියලා දෙන්නම්………”😡😡

එහෙම හිතාගෙනම මං තරහින්ම කාමරේට ආවා.උදේ දහය විතර වෙද්දී කිසිම දෙයක් නොදන්න ගානට දේෂාන් මහත්තයා ගෙදර ආවා.මං ගනං ගන්නෙ නැතුව ඔහේ හිටියා.😁🤣

“අහිංසා………”

“මොකද?………”😠

“පොඩ්ඩක් එනවකො මෙහාට………”

“මට බෑ ඔයාට ඕන්නම් එන්න මෙහාට……..”😠

මං හිටියෙ කබඩ් එකේ රෙදි ටික අහුරමින්.බය නැති විදියට එයාව ගනං ගන්නෙ නැතුව මං හිටියා.මං හොරැහින් බැලුවා දේෂාන් මහත්තයා දිහා.එයා නැගිටලා හිමින් සීරුවෙ මං ගාවට ආවා. මං ඔහේ ගනං ගන්නෙ නැතුව රෙදි ටික අහුරන්න පටන් ගත්තා.

“මොකද තමුසෙට වෙලා තියෙන්නෙ?……..”😠😠

“මට මොකුත් වෙලා නෑ……..”😠😠

“හැරෙනවා මෙහාට……..”

“මට බෑ………”

හිතුවක්කාර විදියට මං එහෙම කිව්වම දේෂාන් මහත්තයා මගෙ ඉන හයියෙන් කෙනිත්තුවා.මට “ඌයි” කියලා කෑ ගැස්සුනා.

“මොකද තමුසෙ ඔච්චර ගෑස්.ආ…….”😠

“මං දන්නෑ………”

එහෙම කියලා කබඩ් එක වහලා මං යන්න හැදුවත් දේෂාන් මහත්තයා මගෙ පිටි පස්සෙන් ඇවිල්ලා මාව බඩ වටේට අත දෙක යවලා මාව තද කරලා බදා ගන්නවා.මගේ ගෙල පිටුපසට කම්මුල තියාගෙන හිටියා.

“මහත්තයා…..ඊයෙ රෑ කොහෙද හිටියෙ?………”

“ආ….ඒකද මේ මූණ එල්ල්ගෙන හිටියෙ මෙච්චර වෙලා?ෆැක්ට්‍රියෙ පොඩි ප්‍රශ්නයක් වුනා මැණික.ඒක බලන්න ගියා.ඒකයි ආවෙ නැත්තෙ………”

“ඉතිං මට කෝල් එකක් දීලා වත් කියන්න බැරි වුනාද?මං ඔයා එනකල් නොකා නොබී බලාගෙන හිටියා.ඔයාට නම් මං ගැන කිසිම ගානක් නෑ මහත්තයා……..”

“සොරි ඉතිං.දැන් වත් මාත් එක්ක තරහ නෑ කියන්න………”

“බෑ.තරහම තරහයි………”

ඊට පස්සෙ ගොඩාක් වෙලා යනකල් දේෂාන් මහත්තයා මාත් එක්ක කතා කරේ නෑ.මටත් මොකද ඉතිං.එයාමනෙ මාව තරහ කරගත්තෙ.එයා කතා කරනකල් මං කතා කරන්නෙත් නෑ.

“අනේ මන්දා බං.ඒ වේ## ට කියපන් මේක නවත්තන්න කියලා.නැත්නම් මං ඊගාව පාර ඕකිට කියන්නෙ ඔහොම නෙවෙයි. බලපන් මං ඊයෙ ගෙදර ආවෙ නෑ කියලා අහිංසාත් මෙතන යකා නටනවා. බොහොම අමාරුවෙන් බොරුවක් කියලා ශේප් කර ගත්තෙ……….”📲

කාටද මේ දේෂාන් මහත්තයා බනින්නෙ. එතකොට ඊයෙ රෑ ෆැක්ට්‍රියෙ ප්‍රශ්නයක් නිසා ගෙදර එන්න වුනේ නෑ කියලා මට කිව්වෙ බොරුවක්ද?ඇයි එහෙම බොරුවක් කිව්වෙ?එහා පැත්තෙන් කියපු දේවල් ඇහුනෙ නැති වුනාට දේෂාන් මහත්තයා කියපුවා මට හොදට ඇහුනා.

“ඔක්කොටම වඩා හපං මේ හු## ති. මෙතන මාව කන්න හදනවා.උඹ කොහොම හරි ඒකිට මගෙ පස්සෙන් එන එක නවත්තන්න කියපං.ඒකිගෙ තාත්තා ඇමති නෙවෙයි ජනාධිපති වුනත් මට කමක් නෑ………”📲

කාටද මේ දේෂාන් මහත්තයා බනින්නෙ? කව්ද දේෂාන් මහත්තයගෙ පස්සෙන් එන කෙනා.කව්ද ඒ ඇමති කෙනෙක් ගැන කිව්වෙ?🤔🤔

එහෙම කල්පනා කර කරම මං කාමරේට ආවා.මට හිතුණා දේෂාන් මහත්තයගෙන් ඒ ගැන අහන්නත්.ඒත් මේ යකාට කේන්ති ගිහින් මට ගුටි කන්න වුනොත් එහෙම.ඒත් එහෙම කියලා බෑනෙ.කසාද ගෑනි වුනාම මටත් අයිතියක් තියනවනේ එයාගෙ ප්‍රශ්න ගැන අහන්න.මං දේෂාන් මහත්තයා ගාවට ගිහින් වාඩි වුනා.

“මහත්තයා…….”

“හ්ම්ම්……..”

“මහත්තයට මොකක්ද තියන ප්‍රශ්නෙ?…….”

“මට මොකුත් ප්‍රශ්නයක් නෑ………”

“බොරු කියන්න එපා මහත්තයා. ඉස්සෙල්ලා ආපු කෝල් එක මං අහගෙනයි හිටියෙ.කව්ද මහත්තයා පස්සෙන් එන කෙනා?……..”

“මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නවද අහිංසා.මගෙ පස්සෙන් මොකෙක්වත් එන්නෙ නෑ.තමුසෙගෙ මනස්ගාත………”😡😡

“බොරු කියන්න එපා මහත්තයා.මට මහත්තයා කියපු දේවල් හොදට ඇහුනා. මහත්තයා මට බොරු කරනවා……..”

මං එහෙම කිව්වම දේෂාන් මහත්තයා තරහින් වගේ මං දිහා බැලුවා.ඒ බැලිල්ලට මට බයත් හිතුණා.

“මං බොරු කිව්වා කියලා උඹ මට මොනවා කරන්නද?උඹේ පාඩුවෙ උඹ හිටපන් අහිංසා.මගේ දේවල් වලට ඇගිලි නොගහා……..”😡😡

මගේ කට මිරිකලා එහෙම කියපු දේෂාන් මහත්තයා මාව පැත්තකට තල්ලු කරලා කාමරෙන් ගියා.මං හොදටම ඇඩුවා. අඩලා අඩලා ඇස් දෙකත් ඉදිමිලා. දෙයියනේ දේෂාන් මහත්තයා හදන්නෙ මාව එයාගෙ ජීවිතෙන් ඈත් කරන්නද?😥😥

රෑටත් නොකාම මං ඇදට වෙලා ඇඩුවා. ටිකල් වෙලා යද්දී දේෂාන් මහත්තයා කාමරේට ආවා.ඇදෙන් වාඩි වෙලා මං දිහාම බලාගෙන හිටියා.

“අහිංසා මේ බලන්නකො මැණික……..”

දේෂාන් මහත්තයා පාත් වෙලා මගෙ ඔලුව එයාගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා.ඊට පස්සෙ පාත් වෙලා කදුලු වලින් පිරුණු මගේ මුහුණ සිප ගත්තා.

“මට සමාවෙන්න මැණික උඹට එහෙම කතා කරාට.මාත් එක්ක තරහද?…….”

දුකින් වගේ දේෂාන් මහත්තයා එහෙම කියද්දී මට හයියෙන් ඇඩුනා.දේෂාන් මහත්තයා මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා.

“මට බයයි මහත්තයා ඔයාව මට නැති වෙයි කියලා.අනේ කව්ද ඒ මහත්තයගෙ පස්සෙන් එන ගෑනු කෙනා?……..”😭😭

“පිස්සු කෙල්ල මාව කවදාවත් ඔයාට නැති වෙන්නෙ නෑ.ඒ ගෑනි මලලසේකර ඇමතියගෙ දුව.ඒකි මගෙ පස්සෙන් ආවට මගෙ හිතේ ඒකි ගැන කිසිම දෙයක් නෑ.මට මොකටද බං ඔය ලංසි බඩු,මේ වගේ ස්වීට් වයිෆ් කෙනෙක් ඉන්නැද්දී……..”

මගෙ බෙල්ල වටේට අත යවලා දේෂාන් මහත්තයා මාව එයාගෙ සිරුරට තෙරපා ගත්තා.මගෙ පපුව සිහින්ව ගැහෙද්දී දේෂාන් මහත්තයා ඒ ඇගිලි තුඩු වලින් මගේ තොල් පුරා සිහින් රටා ඇන්දා.

“මැණික……..”

“හ්ම්ම්……..”

“අපෙ අම්මට ආච්චි කෙනෙක් වෙන්න ඕනිලු……..”

“ඉතිං සීයට කියන්න………”😁😂

“මොකක්……..”

“අනේ නෑ විහිලුවට කිව්වෙ.කිචි කවන්න නම් එපා……..”🤣

මතු සම්බන්දයි

Advertisment