රාත්‍රිය උදා වීමට ඇත්තේ තවත් පැය කිහිපයකි.ඇගපත සෝදාගෙන සැහැල්ලු කලිසමක් හා ටීෂර්ට් එකක් ඇදගත් මම පහත මාලයට පැමිණියෙමි.අම්මා එහි සිටියාය.
“මට නම් තේරෙන්නෙ නෑ දූ මේ අප්පච්චිගෙ වැඩ.මේ මනුස්සයට මේ මිනිස් ජීවිත සෙල්ලමක් වෙලා………”
“ඇයි අම්මෙ අප්පච්චි මොකද කරලා තියෙන්නෙ?………”
“ඔයා දැක්කෙ නැද්ද දැන් මෙතන වෙච්චි දේ?……..”
අම්මා මගෙන් එලෙස ඇහුවේ පුදුමයෙනි.
“න්…නෑ අම්මා.මං හිටියේ බාතෲම් එකේ. ටිකක් වැඩිපුර වෙලා අරන් නෑවා.ඇයි අම්මා මොකද වුනේ?……….”
“අප්පච්චි අර සේනක ධර්මවර්දනගෙ පුතාව මෙහාට ගෙනල්ලා බලෙන් හිර කරගෙන ඉන්නවා………”
“මොකක්??????………”
“ඔව්.දැන් අත් දෙකයි කටයි ගැට ගහගෙන අප්පච්චිගෙ මැරයො ටික ඒ කොල්ලව මෙහාට ගෙනාවෙ.උඩ තට්ටුවෙ ගබඩා කාමරේ හිරකරගෙන ඉන්නවා.මට නම් තේරෙන්නෙ නෑ මේ මනුස්සයා මොනවා කරනවද කියලා……….”
“ඒත්…..ඒත් අප්පච්චී එහෙම කරේ ඇයි? තාත්තලාගෙ වැරදි වලට දරුවො පලිද? පුංචි ළමයි මොනවා කියලා දන්නවද?………”😠😠
මට අප්පච්චී ගැන දැනුනේ විශාල කෝපයකි.😠😠
“පොඩි එකෙක් නෙවෙයි දූ.ඒ කොල්ලට අවුරුදු විසි පහක් විතර ඇති.අප්පච්චී සේනකත් එක්ක තියන ප්‍රශ්න වලට දරුවො පලිද?………”
“දැන් අප්පච්චී කෝ අම්මා?………”
“ඔය ඉන්නෙ උඩහ.මටත් සද්දයක් දාලා ගියේ මේ ගැන එලියට ගියොත් එහෙම බලාගන්නම් කියලා.මේ ගැන කාටවත්ම දැන ගන්න ඉඩ තියන්න එපා.එහෙම වුනොත් අපිටත් වෙන්නෙ මැරෙන්න……..”
අම්මා එසේ කියා නිම වන විටම අප්පච්චී එයාගෙ මැරයින් වන රෙජී,රෝයි සහ එරාල් සමග පඩිපෙළ බැස පහත මාලයට ආවේය.
“දූ….අම්මා කියන්න ඇතිනෙ වෙච්චි දේ. මේක ගැන පිට කිසිම කෙනෙක් දැන ගන්න බෑ.එහෙම වුනොත් එහෙම මේ ජයන්ත සූරියආරච්චි තරම් නරක කෙනෙක් තවත් නැති වෙයි තමුංලාට………”
“අප්පච්චි…..දැන් ඒ මනුස්සයා මෙහෙද ඉන්නෙ හැමදාම?………”
“මගේ වැඩේ කෙරෙනකල් ඌ ඉන්නෙ මෙහෙ……….”
එහෙම කියලා අප්පච්චී ඒ මැරයො තුන් දෙනාත් එක්ක වාහනේ නැගලා කොහෙදෝ මන්දා ගියා.
“ඒ මනුස්සයා මැරුනොත් එහෙම අප්පච්චී ලොකු අමාරුවක වැටෙනවා අම්මෙ……..”
“මොන අමාරුවක වැටෙන්නද?නීතිය තියෙන්නෙ මෙයාට පහලින්නෙ.කවදාවත් මේ මනුස්සයව හදන්න බෑ………”
“දැන් මොකක්ද අම්මෙ අප්පච්චිට සේනක අංකල් එක්ක තියන ප්‍රශ්නෙ?……..”
“සේනක කියන්නෙත් බිස්නස්මන් කෙනෙක්නෙ.අප්පච්චිගෙ මොකක්දෝ මන්දා ලොකු කෝන්තරේකට මේ වැඩේ කරලා තියෙන්නෙ.අර හොටෙල් ෆීල්ඩ් එකේ ප්‍රශ්නයක් තිබුනෙ.අපි හිතපුවත් නැති විදියට ඒ ප්‍රශ්නෙ දුර දිග ගියානෙ. ඒකට තමයි සේනකගෙ පුතාව කිඩ්නැප් කරලා තියෙන්නෙ……….”
“ඒ මනුස්සයට ගහලද අම්මෙ?………”
“එච්චර නම් මට පෙනුනෙ නැහැ දූ. හැබැයි කාමරේට ගෙනිච්චට පස්සෙ නම් ඒ කොල්ලා කෑ ගහනවා මට ඇහුනා.පව් අහිංසක දරුවො………”
“දැන් ඒ මනුස්සයාට කන්න බොන්න දෙන්නෙ කොහොමද?………”
“මට කිව්වා රෑට මොනවා හරි කන්න දෙන්න කියලා.අනේ මන්දා………”
රෑට කෑම පිගානක් අරගෙන අම්මයි මමයි ඒ මනුස්සයා හිටපු අපේ ගෙදර තුන් වෙනි තට්ටුවේ ගබඩා කාමරේට ගියා.කාමරේම කලුවරයි.මං ලයිට් එක දැම්මා.පුටුවකට තියලා අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා තිබ්බෙ ඒ මනුස්සයගෙ.හොදටම ගහලා ටී ෂර්ට් එකත් ඉරලා මූණෙ හැම තැනකම තැලුම් පාරවල් තිබුනා.මට නම් බයකුත් දැනුනා.
අම්මා ඒ මනුස්සයා ලගට බත් පිගානත් අරන් ගියා.
“මෙයාව ලෙහමුද අම්මෙ?අත් දෙකත් ගැට ගහලා කොහොමද කන්නෙ?………”
මං එහෙම කිව්වට පස්සෙ අම්මා ඒ මනුස්සයගෙ එක අතක් විතරක් ලෙහුවා.
“අප්පච්චිට නම් මේ පව් මේ ආත්මෙදි නම් ගෙවලා ඉවර කරගන්න බැරි වෙයි………”
“මේ බත් ටික කාලා ඉන්න පුතේ………”
“මට…..කන්න එපා.මට මෙතනින් යන්න දීපල්ලා යකෝ……….”😡😡
ඒ මනුස්සයා එහෙම කියලා කෑ ගැහුවා. ගුටි කාලා ගුටි කාලා හෙම්බත් වෙලා හිටපු ඒ මනුස්සයට කෑ ගහගන්නවත් හරියට පණක් තිබ්බෙ නෑ.
“ඉස්සෙල්ලා මේ බත් ටික කන්න පුතේ. මට පුලුවන් කමක් තිබ්බා නම් මං ඔයාට මෙතනින් පැනලා යන්න උදව් කරනවා……..”
අම්මා කොච්චර බල කරත් ඒ මනුස්සයා බත් එක කෑවෙ නෑ.තොල කට පුපුරලා ලේ ඇවිල්ලත් තිබුනා.මං ඒ මනුස්සයා ලගට කිට්ටු වුනා.
“ඔයා මේ ටික කාලා ඉන්න.අඩුම තරමෙ මෙතනින් පැනලා යන්නවත් ඔයාට පණ තියෙන්න ඕනිනෙ………”
එහෙම කියලා අම්මයි මමයි දොර වහලා කාමරෙන් එලියට ආවා.
“පව් අම්මෙ ඒ මනුස්සයා.මට නම් අප්පච්චී ගැන පුදුම තරහක් එන්නෙ……..”
“අපි මොනවා කරන්නද දූ.අප්පච්චී කියන්නෙ තිරිසන් වැඩ කරන මනුස්සයෙක්………”
දින කිහිපයකට පසු👇👇👇
පොලීසියෙන් අපේ ගෙදර චෙක් කරන්න ආවා.ඒ සේනක ධර්මවර්දන පොලීසියේ කරපු පැමිණිලකට අනුව.පොලීසියෙන් අපේ ගෙදරට එන්න කලින් අප්පච්චිට එයාගෙ හෙංචයියන්ගෙන් ඔත්තුව ලැබෙනවා.ඒ වෙලාවෙම අප්පච්චී හිරකරගෙන ඉන්න අර මනුස්සයව කාමරේ ඇතුලෙ තියන බිංගෙය ඇතුලට දානවා.ඒ තැන හොයාගන්න කාටවත්ම බෑ.පොලීසියටවත් බෑ.
පොලීසියෙන් ආපහු ගියේ අප්පචිගෙන් සමාව අරගෙන.
“අයැම් වෙරි සොරි මිස්ටර් සූරියආරච්චි……..”
ඕනම හොර වැඩක් කරලා අප්පච්චී දන්නවා නීතිය ලස්සනට නවන්න.එදා ඒ විදියට අපේ ගේ සෝදිසි කරන්න කියලා නියෝග කරපු පොලීසියේ ඕඅයිසී මහත්තයාව ත්‍රීකුණාමලයට මාරු කරා. ඒ මාරුකිරිල්ල පිටි පස්සෙ ඉන්නෙත් අපෙ අප්පච්චී.දැන් පොලීසියේ ඕඅයිසී වෙලා ඉන්න පොලිස් නිළදාරියා අප්පච්චිගේ අල්ලෙ නැටවෙන කෙනෙක්. මගෙ අප්පච්චී ලංකාවෙ ප්‍රධාන පෙලේ කෝටිපති ව්‍යාපාරිකයෙක්.උතුරන්න තරම් සල්ලි හම්බ කරනවා.අප්පච්චිගෙ ජීවිතේම වෙලා තියෙන්නෙ සල්ලි.එයා හැම දෙයක්ම මනින්න පුරුදු වෙලා තියෙන්නෙ සල්ලි වලින්.මට ඉන්නෙ අම්මයි අප්පච්චියි අයියයි විතරයි. අප්පච්ගෙ වැඩ වලට අම්මයි මමයි විතරක් නෙවෙයි අයියත් විරුද්ධයි.ඒත් අපි කාටවත්ම බෑ අප්පච්චිට විරුද්ධ වෙන්න.අපි හැමෝම ජීවත් වෙන්න ඕනි එයාට බයෙන්.අප්පච්චී තීරණයක් ගත්තොත් ඒක තමයි අවසාන තීරනේ වෙන්නෙ.අපි කාගෙවත් සතුට අප්පච්චිට වැඩක් නෑ.මේ ජීවිතේ තනිකරම අපායක් විදියටයි මට දැනෙන්නෙ.
“දුව අන්න රවිශ්ක පුතාලගෙ ගෙදරින් ඇවිත්………”
ඒ පාර තවත් වදයක්.මට නම් මේක ඇති වෙලා තියෙන්නෙ.රවිශ්ක කියන්නෙ අප්පච්චිගෙ යාලුවෙකුගෙ පුතෙක්.මීට මාස හතරකට කලින් එයාව මට යෝජනා කරා.මං ඌට කැමති නෑ කියලා කොච්චර කිව්වත් වැඩක් නෑ.රවිශ්ක කියන්නෙ හොද චරිතයක් තියන මිනිහෙක් නම් නෙවෙයි.ඌට රටේ හැමතැනකම එක එක ගෑනු.අප්පච්චී මගේ ජීවිතේ මනින්නෙත් සල්ලි වලින්. හැබැයි මොන දේ වුනත් මං රවිශ්කව නම් මැරි කරන්නෙ නෑ.මං තරහින්ම කාමරෙන් එලියට ඇවිත් සාලෙට ආවා. රවිශ්ක එයාගෙ අම්මයි තාත්තයි එක්ක සාලෙ වාඩි වෙලා හිටියා.
“ආ….මේ ඉන්නෙ මගෙ අනාගත ලේලි පොඩ්ඩ.කොහොමද දූ?………”
රවිශ්කගෙ අම්මා එහෙම කියාගෙන මං ගාවට ආවා.
“හොදින් ඉන්නවා ආන්ටි……….”
“අපි මේ කතා වුනේ ඔය දෙන්නගෙ එන්ගේජ්මන්ට් එක ඉක්මනට ගන්න. මේවා පරක්කු කරන එකේ තේරුමක් නෑනෙ නේද දිල්හානි?……..”
රවිශ්කගෙ අම්මා එහෙම ඇහුවෙ අපේ අම්මගෙන්.අම්මාත් ඒකට ඔව් කියලා කිව්වා.අම්මත් රවිශ්කට මාව කසාද බන්දලා දෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ.මේ හැම දෙයක්ම තීරණේ කරන්නෙ අප්පච්චී.මං කීප වතාවක්ම කිව්වා මං මේ කසාදෙට කැමති නෑ කියලා.ඒත් අප්පච්චිට මගෙ සතුටට වඩා වැදගත් වෙන්නෙ සල්ලියි බලයයි.
“ඒක නෙවෙයි දූ පහුගිය දවස් ටිකේ කොහෙද ගිහින් හිටියෙ?……..”
රවිශ්කව මැරි කරන්න බෑ කියලා මං ටික දවසක් යාලුවෙකුගෙ ගෙදරත් ගිහින් හිටියා.අප්පච්චී බැනලා බැනලා මාව ගෙන්න ගත්තා.මං ආපහු ගෙදර ආවෙ අම්මා හින්දයි.
“අප්පච්චිත් එක්ක රණ්ඩු වෙලා එයා යාලුවෙකුගෙ ගෙදර ගිහින් හිටියා.පොඩි ළමයි වගේ……..”
අම්මා බොරුවට මට බනින්න පටන් ගත්තා.
“නරකද දිල්හානි කසාදෙට කලින් දිනේත්‍රාව මෙඩිකල් චෙකප් එකකට දැම්මොත්.තරහ වෙලා ගෙදරින් ගිහින් හිටපු කෙනෙක්නෙ……..”
රවිශ්කගෙ අම්මගෙ ඒ කතාවට නම් මට ආවෙ පුදුම කේන්තියක්.මගේ පිරිසිදුකම ගැන හොයන්න කලින් එයාගෙ පුතාගෙ චරිතෙ ගැන හොයාහෙන හිටියා නම් හරි.😡😡
“ආන්ටි මේ…..මං ඔයා හිතන විදියෙ පහත් කෙල්ලෙක් නෙවෙයි.තමන්ගෙ ලේලි වෙන්න ඉන්න කෙල්ලගෙ පිරිසුදුකම හොයන්න කලින් තමුන්ගෙ පුතා කෙල්ලො කී දෙනෙක්ගෙ පිරිසිදුකම නැති කරාද කියලා හොයලා බැලුවොත් හොදයි නේද?අනික තව එකක්,මං මේ කසාදෙට කොහෙත්ම කැමති නෑ……….”😡😡
දැඩි කේන්තියකින් මං එහෙම කිව්වා. අප්පච්චී හිටියෙ නම් හොදටම කේන්තියකින්.
“අපි යමු යන්න.මිස්ටර් ජයන්ත සූරියආරච්චි ඔයාගෙ දුව අපෙ හිත් හොදටම රිද්දුවා……..”
එහෙම කියලා රවිශ්කගෙ අම්මයි තාත්තයි රවිශ්කයි යන්න ගියා. කෝපයෙන් මං ගාවට ආපු අප්පච්චී අත දිගෑරලා මගෙ කම්මුලට පාරක් ගැහුවා.
මතු සම්බන්දයි💥💥💥
ළමායි මගෙ අලුත්ම කතාව “පලිගත් විවාහය” කොහොමද?ඔයාලගෙ අදහස් කියන්න.