කිසි ප්‍රශ්නයක් නැතුව ජීවිතේ ඔහේ ගලාගෙන ගියා.රෙක්සි එයා අදුරන කෙනෙකුගේ මාර්ගයෙන් මට කලින් හිටපු පොලිස්ටේෂන් එකටම මාරුවීමක් හදලා දුන්නා.අම්මයි මමයි රෙක්සියි දුවයි අපි කලින් හිටපු ගෙදරම පදිංචි වුනා.
“ඔයා කොහොමද එදා මේ බැල්කනියට පැන්නෙ?………”
මං රෙක්සිගෙන් එහෙම ඇහුවා.එයාගෙ මුහුණෙ ඇදුනෙ හිනාවක්.
“එහා ගේ කුලියට අරන් හිටියෙ මගෙ යාලුවෙක්.ඉනිමගක් තියලා මං මේකට පැන්නෙ.එදා බය වුනා නේද හොදටම……..”
“නෑ.මං යකෙකුටවත් බය නෑ.ඒත් මං හිතුවෙ හොල්මනක් කියලා.සැරින් සැරේට එක එක සද්ද එන්න පටන් ගත්තා………”
“යකෙකුටවත් බය නැති වුනාට මාව දැකලා හොදටම බය වුනා නේද පොලිස් නෝනා………”😄😄
“පොලිස් නිළදාරිනියක් වුනාට මාත් මනුස්සයෙක්නෙ.බය කියන දේ මටත් දැනෙනවා………”
“මාව දැනෙන්නෙ නැද්ද?……….”
රෙක්සි ඒක ඇහුවෙ මගෙ කනට කරලා වගේ.මගෙ මුලු ඇගම හිරි වැටිලා ගියා වගේ දැනුනා.
“මට ඇත්ත කියන්න සහස්‍රා.ඔයාට මං ගැන පුංචිම පුංචි හැගීමක්වත් නැද්ද?……..”
මං ඒකට උත්තරයක් දුන්නෙ නෑ. අරමුණකින් තොරව රෑ අහස දිහා බලාගෙන හිටියා විතරයි.රෙක්සි මට හුගාක් ආදරෙයි.ඒත් මට රෙක්සිට ලං වෙන්න බයක් වගේ අමුතු හැගීමක් දැනෙනවා.ඒක අපේ පළමු හමුවීම නිසාද කියලා මට වෙලාවකට හිතෙනවා.
“අම්මී…..මට දොයිමතයි……..”
දෝණි ඇවිත් මගෙ ගව්මෙ එල්ලුනා.මං කෙල්ලව නිදි කෙරෙව්වා.රෙක්සි හිටියේ තවමත් බැල්කනියට වෙලා.මොනවා වුනත් රෙක්සි කියන්නෙ මගෙ සැමියා. මගෙ දුවගෙ තාත්තා.දුවව ඇදෙන් තියලා නෙට් එක දාපු මං රෙක්සි ගාවට ගියා.
“ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නෙ රෙක්සි?………”
“නෑ සහස්‍රා.ඇයි?………”
“නෑ නිකං………”
අපේ දෝණිට දැන් අවුරුදු පහයි.එයා මේ අවුරුද්දෙත් මොන්ටිසෝරි යනවා.කිසිම වෙනසක් නැතුව රෙක්සි මාවයි දුවවයි හොදට බලා ගන්නවා.එයාගෙ ආදරේත් අඩුවක් නැතුව මට ලැබෙනවා.මුලදී මගෙ හිතට රෙක්සි ගැන දැනුනු අපහැදීම වෙනුවට දැන් අමුතු පැහැදීමක් ඇති වෙන්න පටන් ගත්තා.ඒත් රෙක්සි තාම හිතන්නෙ මගෙ හිතේ එයා ගැන කිසිම හැගීමක් නෑ කියලා.
“මොනවද කල්පනා කරන්නෙ?……….”
“න්…..නෑ…මොකුත් නෑ.කෝ දුව?……….”
“අපෙ අම්මා ගාව.මල්ලිගෙ දුවත් ඉන්නවනේ.ඒ දෙන්නා ආච්චි ගාව නිදි………”
මං රෙක්සිගෙ මුහුණට එබුනා.එයා ප්‍රශ්නාර්ථෙකින් වගේ මුහුණ දිහා බලාගෙන හිටියා.මං ඒ පපුතුරේ හිස තබා ගත්තා.
“මං ඔයාට ආදරෙයි රෙක්සි.ගොඩාක් ආදරෙයි……….”
“ඔ….ඔය ඇත්තමද සහස්‍රා?………”
මගෙ මුහුණ දෝතින්ම අල්ලන් රෙක්සි අදහගන්න බැරි වෙලා වගේ එහෙම ඇහුවා.මං ඔව් කියලා කිව්වා.රෙක්සි මගෙ මුහුණට නැඹුරු වෙලා තොල් පෙති සිප ගත්තා.මේ නුහුරු නුපුරුදු සිපගැනීම මගෙ හදවතටම කා වැදුනා.විදුලි පහන නිවා දැමූ රෙක්සි මගෙ සිරුරට බර වූයේ අනුරාගී හෝරාවකට මුල පුරමිනි.ඒ තොල් පෙති මගේ නිරුවත් ලමැද පුරාම දගකාරකම් කරන්නට වුනා.මගේ දෑගිලි ඒ පිට පුරා රටා මවමින් ඇදෙන්නට වුනා.
🔥🔥
“සහස්‍රා………”
“ඇයි රෙක්සි………”
“අනේ රත්තරං ඔය නියපොතු ටික කපන්න.බලන්න ඔයා මට කරලා තියන දේ……..”
රෙක්සිගේ අතෙයි පපුවෙයි පිටෙයි හැම තැනකම මගේ නියපොතු පාරවල් වැදිලා සීරිලා තුවාල වෙලා.අනේ දෙයියනේ මං මොනවද මේ කරලා තියෙන්නෙ?මං ඉක්මනට මගෙ නියපොතු ටික කපලා දැම්මා.
“අනේ සොරි රෙක්සි……….”
“හරි ඉක්මනට ලෑස්ති වෙන්න මැඩම්ට ඩියුටි යන්න පරක්කු වෙනවා නේද?……….”
මං ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට ආවා.රෙක්සි මාව පොලිස් ස්ටේෂන් එකෙන් දාලා ගියා.
මාස අටකට පසු👇👇👇
දැන් මං මාස පහක ගැබිනියක්.දෝණි ගොඩාක් සතුටින් ඉන්නෙ එයාට මල්ලි කෙනෙක් ගේනකල්.රෙක්සි මාව ගොඩාක් හොදට බලා ගන්නවා.
“ඔයා ඔය රස්සාව කලා දැන් ඇති සහස්‍රා. ඔයාට මහන්සි වෙන්න හොද නෑ.ගෙදර නවතින්න.මං හම්බකරන සල්ලි ඇති අපිට ජීවත් වෙන්න………”
රෙක්සි කැමති වුනේ නෑ මං රස්සාව කරනවට.ඒත් මං මෙතෙන්ට එන්න ගොඩාක් හීන මවපු කෙනෙක්.මුලු ජීවිතේම වගේ කැප කරේ මේ යුනිෆෝම් එක අදින්න.මට මේ රස්සාවෙන් අයින් වෙන්න හිත හදාගන්න බෑ.මං ඒක රෙක්සිට තේරුම් කරලා කියලා දුන්නා.
“මේක ඔයාගෙ හීනෙ නම් මං බල කරන්නෙ නෑ සහස්‍රා.ඒත් මැණික ඔයා පරිස්සම් වෙන්න.මේ විදියටම බඩකුත් උස්සගෙන දුවලා පැනලා වැඩ කරන්නෙ කොහොමද?ගොඩාක් පරිස්සම් වෙන්න මැණික……….”
“ඔයාට ගොඩාක් පිං රෙක්සි මාව තේරුම් ගත්තට.එහෙම ලොකු වැඩක් මට නෑ. ඩිපාට්මන්ට් එකේ අය මට මහන්සි වෙන්න දෙන්නෑ.එයාලා මට ගොඩාක් උදව් කරනවා………”
මාස හතරකට පස්සෙ අපේ කැදැල්ලට පුංචි පුතෙක් එකතු වුනා.ඩිපාට්මන්ට් එකෙන් මට මාස හයක නිවාඩුවක් ලැබුනා.අපේ අම්මත් ගෙදර ඉන්න නිසා මට පුතාව බලාගන්න ලේසියි.දුව දැන් ඉස්කෝලේ එක වසරෙ ඉගන ගන්නෙ. අක්කා මල්ලිට පණ ඇරලා ආදරෙයි. ඉස්කෝලෙ ගිහින් ගෙදරට දුවගෙන එන්නේ මල්ලිව හොයාගෙන.
“කෙල්ල ඉස්කෝලේ වැඩක් කරන්නෙම නෑ රෙක්සි.මල්ලි ගාවමයි ඉන්නෙ……….”
“තාම පුංචියිනෙ සහස්‍රා.කෙල්ල මල්ලිට හරිම ආදරෙයි………”
අපි පුතාට නම දැම්මෙ “ඩිවාන් සත්සර” කියලයි.
කවදාවත් ප්‍රාර්ථනා නොකරපු විදියට ලස්සන පව්ලක් මට ලැබුනා.ආදරණීය සැමියෙක් ලස්සන හුරුබුහුටි දරුවො දෙන්නෙක් මගේ ජීවිතේ වෙනස් කෙරුවා. අපි හතර දෙනා ගොඩාක් ආදරෙන් ජීවත් වුනා.පව්ල් ජීවිතේට ආදරණීය බිරිඳක් මවක් දියණියක් වූ මං මේ සමාජෙට විනයගරුක නීතිගරුක අවංක පොලිස් නිළදාරිනියක් වුනා.
අවසානයි