මැර හිතකට ලං වී
💚”අනේ මහත්තයා ගොඩාක් බඩ රිදෙනවා.කොර වෙලා වගේ……..”😭😭
කකුල් දෙක වකුටු කරගෙන ඇදේ ඒ මේ අත පෙරලෙමින් මං කෙදිරි ගෑවා.
“තමුසෙ අඹ ගෙඩි කීයක් කෑවද?……..”😠
“අනේ අප්පා……දහයක් විතර කෑවා……..”😭😭
“තව එකක් දෙකක් ගෙනත් දෙන්නද?……..”😆😁
අනේ අම්මපා මං මෙතන බඩේ කැක්කුම හැදිලා කෑ ගහනවා.මූ ඒකත් විහිලුවට අරගෙන.
“අනේ විහිලු කරන්න එපා මහත්තයා. ලෙඩේ තියන කෙනාටයි වේදනාව දැනෙන්නෙ………”😢😢
“තමුසෙට අසමෝදගම් ගෙනත් දෙන්නද?………”
“හා……..”
දේෂාන් මහත්තයා ඇදෙන් නැගිටලා ගිහින් මට අසමෝදගම් ගෙනත් දුන්නා. ඒක බීලා ටිකක් වෙලා හිටියා.
“මෙච්චර පොඩි බඩේ කැක්කුමක් දරා ගන්න බැරි තමුසෙ ප්‍රෙග්නන්ට් වෙච්චි කාලෙට කොහොම ඉදීද මන්දා……..”
කොහොම හරි ඉන්නම්කො.එයාට නම් ඉතිං මොකද?එයා දන්නෙ මට බනින්නයි ගහන්නයි විතරනෙ.දැන් මට බැනලා බැනලා එනවකො මැණික වස්තුවේ ගාගෙන.දෙන්නෙ මල් පෝච්චි පාරක්😁
💚💛
කොහොමින් කොහොම හරි උදේ නැගිටිද්දී බඩේ කැක්කුම හොද වෙලා තිබ්බා.කොයි තරම් බඩේ කැක්කුම බඩේ කොරය හැදිලා තිබ්බත් අඹ,නාරං,ලොවි කන්න ආස හිතුණු එක නම් නැති වුනේ නෑ.
“දැන් ලෙඩ හොදයිද තමුසෙගෙ?……..”
තේ බොන ගමන් දේෂාන් මහත්තයා මගෙන් එහෙම ඇහුවා.මං ඔව් කියන්න ඔලුව වැනුවා.
“අද එහෙම කන්න එපා එකක්වත්. කෑවොත් බලා ගන්නම්……..”😠😠
නොකා ඉදියි මං.හොරෙන් හරි කනවා.😁
උදේ කෑම කාලා ඉවර වෙලා මං නිකමට වගේ අරමුණකින් තොරවම එලියට බැස්සා.
“මහත්තයා කම්මැලියි අනේ.අපි කොහේ හරි යමු………”
“කොහෙද?……..”
“මං දන්නෑනෙ ඉතිං.මහත්තයාගෙ ගමනෙ මේක.අපි අර ඊයෙ ආපු නිම්මි කියන ගෑනු ළමයගේ ගෙදර යමු. මහත්තයාලගෙ නෑදෑයො නේද?……..”
“මට බෑ ඕයි ඔය ගෙවල් ගානෙ ඇවිදින්න යන්න.යමු උඩහ ගග පැත්තෙන් ගිහින් පන්සලටත් ගිහිල්ලාම එමු……..”
“අනේ හා………”
මං ඉක්මනට කාමරේට දුවලා ගිහින් ලෑස්ති වෙලා එලියට ආවා.දේෂාන් මහත්තයා මගෙ අතින් අල්ලගෙන පාර දිගේ ආවා.පාරෙ යන එන සමහර මිනිස්සු අපි දිහා හොදට හොදට බැලුවා. දේෂාන් මහත්තයා එයාලත් එක්ක කතා කරේවත් නෑ.මං හිනා වුනා විතරයි.කැලෑ පාරකින් ඇවිත් විනාඩි දහයක් විතර යද්දී අපි දෙන්නා පන්සලට ආවා.ගම කෙලවරට වෙන්න තියන මේ පන්සලේ එක් මායිමක් සීමා වුනේ ගගට.මල් ගේන්න අමතක වුන හින්දා පන්සලේ අයිනකින් තිබ්බ මල් ගහකින්ම අපි දෙන්නා මල් කඩලා පූජා කරා.
“ආ…..මේ මහත්තයලා කව්ද?මං මීට කලින් නම් දැකලා නෑනෙ………”
ශාන්තවත් ගමනින් අප අසලට වැඩිය ස්වාමීන් වහන්සේ නමක් අපෙන් එහෙම ඇහුවා.
“හාමුදුරුවනේ මේ මගෙ නෝනා.මම ශ්‍රියාණි දිසානායකගේ පුතා දේෂාන්………”
“ආ මේ දේෂාන් මහත්තයද?මට අදුර ගන්නත් බැරි වුනානෙ.බොහොම පුංචි කාලෙදි නෙවැ මහත්තයව මං දැක්කෙ……..”
ටික වෙලාවක් හාමුදුරුවන් සමග කතා කර කර උන් අපි දෙන්නා පන්සලෙන් නික්මුනා.
“මහත්තයා මට ආසයි මේ ගගෙන් නාන්න……..”
“එපා මේ වෙලාවේ නාන්න පුලුවන්ද?ගෙදර ගිහින් බාතෲම් එකෙන්ම නා ගන්නවා……..”😠😠
අනේ මන්දා මේ මනුස්සයට මක් වෙලාද?මං ආස කරන කිසිම දේකට මේ යකා කැමති නෑනෙ.මං ගගට බැහැලා දණිස්ස ගාවට වතුර එනකල් ඉදිරියට ගියා. දේෂාන් මහත්තයා ඉවුරෙ ඉදන් බලාගෙන හිටියා.
“මහත්තයා එන්නකෝ……..”
“මට බෑ……..”😠😠
හිටපන්කෝ එන්න බැරි නම් මං ගෙන්න ගන්න හැටි.එහෙම හිතලා මං තව ටිකක් වතුරේ ගැඹුරට ගියා.
“ඕයි…..තමුසෙ වතුරෙ ගිලිලා මැරෙන්නද හදන්නෙ?………”😠😠
දේෂාන් මහත්තයා ඉවුරේ ඉදන් කෑ ගහන්න පටන් ගත්තා.දැන් තමයි වැඩේ. එහෙම හිතපු මං තව ටිකක් ඉස්සරහට ගිහින් වතුරට වැටිලා බොරුවට කෑ ගහන්න පටන් ගත්තා.
“අනේ මහත්තයා ඉක්මනට එන්නකෝ. අයියෝ අනේ මොකෙක්ද මගෙ කකුල කනවා.අනේ මාව බේර ගන්න………”😁😂
මං බොරුවටත් එක්ක වතුරෙ දගලමින් කෑ ගැහුවා.ඒ පාර නම් දේෂාන් මහත්තයා හොදටම බය වුනා.අතේ තිබිච්ච කෝටුව විසික් කරලා මං ගාවට පැන්නා.මං තව තවත් හයියෙන් කෑ ගැහුවා.මං වතුරෙ දගලපු පාරට දේෂාන් මහත්තයව හොදටම නෑවුනා.
“කෝ මොකෙක්ද කකුල කෑවෙ?ඔහොම ඉන්න.කෝ අත දෙනවා……..”
දේෂාන් මහත්තයා මාව හරහට වඩාගෙන ඇවිත් ගලක් උඩින් තිබ්බා.
“කෝ කොතනද කෑවෙ?……..”
දේෂාන් මහත්තයා මගෙ කකුල අල්ලලා බලද්දී මං හොදටම කට ඇරලා හිනා වුනා.ඒ පාර මූට හොදටම මළ පැන්නා. මූණ කේන්තියෙන් පිරුනා.😡😡මගෙ කට හයියෙන් මිරිකුවා.
“මොන හු##### ද ගෑනියෙ තෝ කරේ?මං හොදටම බය වුනා.මෙතන හින්දා උඹ බේරුනා කියලා හිතා ගනිං.නැත්නම් දනී මං උඹට කරන දේ.වරෙන් ගෙදර යන්න……..”😡😡
මට බය හිතුණා දේෂාන් මහත්තයා බැනපු විදියට.මට බැන බැන මගෙ අතින් ඇදගෙන දේෂාන් මහත්තයා කැලේ පාර දිගේම ගෙදර ආවා.
“මොකද පුතේ මේ හොදටම තෙමිලා?ඇයි මේ කේන්තියෙන්?……..”
දේෂාන් මහත්තයා කාමරේට ගියාට පස්සෙ අම්මා මගෙනුත් ඇහුවා මොකද වුනේ කියලා වෙච්චි දේ මං අම්මට කිව්වා.ඒක අහලා අම්මටත් හොදටම හිනා.😀😀🤣
“හරි හරි දුවේ.දැන් කාමරේට ගිහින් ඇදුම් මාරු කර ගන්න.මං හවසට පන්සලට යනවා පිංකමකට.එද්දී අට විතර වෙයි………”
“අම්මා තනියමද යන්නෙ?……..”
“නෑ ඇසිලිනුත් යනවා මාත් එක්ක.රෑට සෝමපාල කෑම උයයි……..”
“නෑ අම්මා.අද රෑට මං උයන්නම්.මටත් හොදට උයන්න පුලුවන්……..”
දේෂාන් මහත්තයගෙ අම්මයි ඇසිලිනුයි පන්සලට ගිය අතරේ මං කුස්සියට ගිහින් උයන්න පටන් ගත්තා.කුස්සිය ගොඩාක් පිළිවෙලට තිබ්බ නිසා උයන්නත් ලේසියි.මං උය උයා ඉන්නකොට දේෂාන් මහත්තයා ෆෝන් එක ඔබ ඔබා කුස්සියට ආවා.
“තමුසෙට උයන්නත් පුලුවන්ද?……..”
“පුලුවන්………”
“මොනවද උයන්නෙ එහෙනම්?………”
“බත් එක්ක බණ්ඩක්කා තෙල් දාලා, කරවල බැදුමයි,පොල් සම්බෝලයි,කොස් මාලුවයි……….”😋😋
“අම්මෝ කටට කෙලත් උනනවා………”
අම්මත් ගෙදර නැති එකේ මට නිකමට වගේ හිතුණා මේ යකාට කියලා පොල් බෑයක් ගාවගන්න😁එහෙම කිව්වොත් පොල් බෑයෙන් දමලා ගහයිද?😁🤣මං ශේප් එකේ මූණ දිහා බැලුවා.මූඩ් එක නම් අවුලක් නෑ.
“මහත්තයා……..”
“ඇයි……..”
“මහත්තයා මාත් එක්ක තරහද දවල් වෙච්චි දේට?………”
“ආයෙ ඔය වගේ වැඩ කරනවනම් මගෙන් ගුටි කන්න ලෑස්ති වෙලාම කරනවා……..”
“මං ආයෙ ඒ වගේ වැඩ කරන්නෙ නෑ මහත්තයා.අනේ මහත්තයා පොඩි උදව්වක් කරන්නකෝ……..”😁😀
“මොකක්ද?……..”
“මේ…..පොල්……ගෙඩිය……ගාලා…… දෙන්නකෝ………”😁🤣
“මොකක්?තමුසෙට ඔල්මාදෙද?………”😠
“අනේ නෑ.අනේ මහත්තයා ගාලා දෙන්නකෝ……..”
“මට බෑ තමුසෙ ගා ගන්නවා.පණ්ඩිතයා වගේ උයන්න ගත්තා.පොල් ගෙඩිය ගාන්න තව එකෙක් ඕනි……..”😠😠
“කනවා නම් ඒක උයන්න පොල් ගෑවම මොකද වෙන්නෙ?අනේ මහත්තයා ඔයා හරි හොදයිනේ.අනේ……..”😁🤣
“හරි හරි මෙහාට දෙනවා ඕක.මළ වදේ. කවදා කාපු කටුද මේ?කුම්බලා මාලු කෑව නම් විදවපන් බලලෝ කිව්වලු.අන්තිමට මේ හු### ති මාව කුස්සි අම්මගේ තැනටත් දැම්මා……..”
මට කුටු කුටු ගගා බැන බැනම දේෂාන් මහත්තයා පොල් බෑ දෙකත් අරගෙන හිරමණේත් අරන් පැත්තකින් වාඩි වෙලා පොල් ගාන්න පටන් ගත්තා.
සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයා,චන්ඩි මැරයා තමන්ගේ නෝනට උයන්න පොල් ගානවා.මං හිමිහිට ෆෝන් එකෙන් දේෂාන් මහත්තයා පොල් ගානවා ෆොටෝ
දෙක තුනකුත් අරගෙන වීඩියෝ එකකුත් කර ගත්තා.😁🤣😆දැන් වරෙන්කෝ ඉතිං මට බනින්න ගහන්න.😂😁😀
💚💛
“අද කෑම ගොඩාක් රසයි මැණික.අපි ගෙදර ගියාට පස්සෙත් ඔයා මට උයලා දෙනවද?…….”
“හා මහත්තයා.මං කැමතියි උයන්න……..”
දේෂාන් මහත්තයා ෆෝන් එක ඔබ ඔබ ඉන්න අතරේ එකපාරටම ෆෝන් එක අරන් මං දිහා බැලුවා.
“අහිංසා…..මොකටද ගෑනියෙ තෝ මේ ෆොටෝ ගත්තෙ?ආ…කියපිය මාව බ්ලැක්මේල් කරන්නද?………”😡😡
හුටා…..🤦🤦මං මගේ ෆෝන් එකෙන් කියලා දේෂාන් මහත්තයා පොල් ගාන ෆොටෝ අරන් තිබ්බෙ දේෂාන් මහත්තයගෙම ෆෝන් එකෙන්ද?අපොයි දෙයියනේ😭😭
“කතා කරපං……..”😡😡
දේෂාන් මහත්තයා මගෙ කණ අල්ලලා හයියෙන් මිරිකුවා.ශුවර්.මේකා කොයි වෙලේ හරි මගෙ කණ ගලෝලා අතට ගන්නවා.රිදුනු පාරට මං කෑ ගැහුවා.
“අනේ මහත්තයා කණ අතාරින්න. රිදෙනවා අනේ…….”😭😭
මට බැනලා දේෂාන් මහත්තයා ඒ ෆොටෝ ටිකයි වීඩියෝ එකයි ඩිලිට් කරා.
“මහත්තයා……ඔයා දන්නවද ඩිලිට් කරපු ෆොටෝස් ආපහු ගන්න ඇප් එකක් තියනවා කියලා……..”😁😁😂
“මේ කරපු දේට උඹට දඩුවමක් දෙන්නම ඕනි.ඔහොම හිටපන් මොංගලී…….”😁😁
දේෂාන් මහත්තයා මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.මට නෙවෙයි මේකාට තමයි මොංගල්.මගේ මුහුණට බර වෙලා දේෂාන් මහත්තයා මගෙ කට හැපුවා.මට එකපාරටම ඌයි කියවුනා.
“කෑ ගහන්න එපා ගෑනියෙ.අම්මට ඇහුනොත් එහෙම අම්මා හිතයි මං උඹට මරන්න හදනවා කියලා……..”
මතු සම්බන්දයි