දුව ගැන හිතලා මං රෙක්සිත් එක්ක විවාහ වෙන්න තීරණය කරා.ඒත් මට කවදාවත් රෙක්සිට ලං වෙන්න බෑ.මට තාමත් එයාව පේන්නෙ මීට අවුරුදු පහකට කලින් මගෙ අත් දෙකෙන්ම මාංචු දාලා කූඩුවට දාපු අපරාධකාරයා විදියටයි.

“දුව…..තවත් මේ දේවල් කල් දාන එකේ තේරුමක් නෑනෙ.පුලුවන් තරම් ඉක්මනට අපි ඔය දෙන්නගෙ කසාදෙ ගම්මු………”

අම්මගෙ තීරණේ උනේ ඒකයි.

“ආන්ටි…..මං මේ ගැන අපෙ අම්මටයි අප්පච්චිටයි කියන්නම්………”

“හොදයි පුතේ.කසාදෙන් පස්සෙ ඔයා දුවත් එක්ක මෙහෙ නවතින්න.එහෙ හිටියොත් දුවට ඩියුටි යන්න අමාරුයිනෙ………”

“ඔව් ආන්ටි.අපි බලමුකො සහස්‍රාට ඒ පැත්තට මාරුවක්වත් ගන්න පුලුවන්ද කියලා………”

දින තුනකට පසුව👇👇

රෙක්සිගෙ අම්මයි තාත්තයි අපේ ගෙදරට ආවා.එයාලා තාම දන්නෑ දුව ගැන.රෙක්සි දුවව වඩාගෙන ආවා.එයාලා දුවව දැකලා පුදුම වුනා.

“දරුවා අපේ පුතා වගේමයි.කිසි වෙනසක් නෑ.බලන්නකො අනේ……..”

රෙක්සිගෙ තාත්තා අම්මට එහෙම කිව්වා.වැඩිහිටියෝ කතා බහ කරමින් ඉන්න අතරතුර මං දැක්කා රෙක්සි කිහිප වතාවක්ම මං දිහා බලනවා.අපේ කසාදෙ තව සතියකින් ගන්න තීන්දු වුනත් මං තාම රෙක්සිත් එක්ක තනියම කතා කරලා නෑ.මට එහෙම කතා කරන්න උවමනාවක් දැනුනෙ නෑ.දුව වෙනුවෙනුයි මේ කසාදෙ සිද්ද වෙන්නෙ.

“අම්මෙ…..හොටෙල් එකකට යන්න ඕන්නෑ.පොඩියට කසාදෙ ගම්මු……..”

“හරි ඉතිං.ඔයාගෙ කැමැත්තක්.මොනවා වුනත් දුවේ ඔය දෙන්නා සතුටින් සමගියෙන් ජීවත් වෙන්න………”

මං ඒකට උත්තරයක් නොදී කාමරේට ආවා.

🤵👰

ඩියුටි යන්න මට දුර වැඩි නිසා රෙක්සි අපේ ගෙදරම නතර වුනා.වෙඩින් එක අපි ලොකුවට ගත්තෙ නෑ.දුව නම් ඉන්නෙ ගොඩාක් සන්තෝශෙන්.එයාට තාත්තා ඉන්න නිසා කියා ගන්න බැරි තරම් සන්තෝශෙකින් ඉන්නෙ.

“දුව….අද ඔයා ආච්චි ගාව දොයියන්න මැණික.අද විතරනෙ……..”

අම්මා ඇවිල්ලා එහෙම කියලා දුවව එයා ගාවට එක්කන් ගියා.රෙක්සිටයි මටයි තනියම ඉන්න දෙන්න කියලා හිතාගෙන වෙන්න ඇති අම්මා දුවව එයා ගාවට ගන්න ඇත්තෙ.ඒත් මට රෙක්සිගෙ මුහුණ දිහා බලන්න බැරි අපහසුවක් දැනුනා.බාතෲම් එකට ගිහින් නාගෙන ඇවිත් මං බැල්කනියට ගිහින් පල්ලෙහා බලාගෙන හිටියා.

“සහස්‍රා………”

මට කතාකරගෙන ඇවිත් රෙක්සි මගෙ ඉන වටේ අත යවලා මාව එයාගෙ ඇගට තුරුල් කර ගන්න හැදුවා.

“ප්ලීස්.එපා රෙක්සි……….”

මං එහෙම කිව්වම රෙක්සි මාව අතෑරලා පැත්තකට වුනා.

“සොරි සහස්‍රා………”

“මට සමාවෙන්න රෙක්සි.ඒත් මට ඔයාට ලං වෙන්න හිත හදාගන්න බෑ………”

“මං ඔයාට කිසිම දේකට බල කරන්නෙ නෑ සහස්‍රා.ඒත් දුවට දැනෙන්න ඉඩ තියන්න එපා අපි අතරෙ සමගියක් නෑ කියලා……….”

“නෑ රෙක්සි.මාත් එක්ක තරහ වෙන්න එපා.මේ අවුරුදු විසි නවයට මං කාටවත් ආදරේ කරලා නෑ.දුව හම්බුනාට පස්සෙ මං හිතුවෙ එයා ගැන විතරයි.පුංචි කාලෙ ඉදන් මගෙ හිතේ තිබුනෙ පොලිස් නිළදාරිනියක් වෙන හීනෙ.මං කැප වුනේ ඉගන ගත්තෙ ඒ වෙනුවෙන්.ආදරේ ඉල්ලගෙන මගෙ පස්සෙන් ඕන තරම් කොල්ලො ආවා.මගෙ හීනෙ වෙනුවෙන් මං ඒවා ප්‍රශ්නයක් ඇති නොවෙන්නෙ ප්‍රතික්ෂේප කරා.මට ඔයා ගැන එකපාරටම ආදරයක් හිතෙන්නෙ නෑ.මට ටික කාලයක් දෙන්න.පුලුවන් නම් මාව තේරුම් ගන්න………”

මං කියපු ඒ දේවල් රෙක්සි අරමුණකින් තොරව අහගෙන හිටියා.

“කමක් නෑ සහස්‍රා.ඔයා මට ආදරේ නොකරාට මං ඔයාට ආදරෙයි.කවදාහරි ඔයාට මං ගැන ආදරයක් ඇති වෙයි කියලා මං හිතනවා.මං ඔයාට දීලා තියෙන්නෙ සුලු පටු ගින්දරක් නෙවෙයි. දරුවත් එක්ක ඔයා ගොඩාක් දුක් විදලා ඇති.මාව හිරේ දාලා මට ලැජ්ජ කරාට ඔයාගෙන් පලිගන්නයි මට ඕනි වුනේ. ඔයාගෙ ජීවිතේ විනාශ කරපු මං ගැන ඔයාට ආදරයක් හිතෙන්නෙ නැති එක ගැන මට පුදුම නෑ සහස්‍රා.මට ආදරේ නොකරාට මේ ජීවිතේ තියනකල් මං ඔයාවයි මගෙ දුවවයි ආරක්ෂා කරනවා. ඒක මං ඔයාට පොරොන්දු වෙනවා………”

මට පුදුම හිතුණා රෙක්සිගෙ මේ වෙනස් වීම ගැන.එයාට මාවයි දරුවවයි ඒ තරම්ම වටිනවද?ඔයා මට ලං වුනාට මට ඔයාට ලං වෙන්න බෑ රෙක්සි.ආදරේ කියන දේ හිතේ බලෙන් ඇති කරගන්න බෑ.

“යමු නිදා ගන්න………”

එකම ඇදේ දෙපැත්තට හැරිලා අපි දෙන්නා නිදා ගත්තා.මොනවා හින්ද්ද මන්දා මට රෙක්සි ගැන මට අනුකම්පාවක් දැනුනා.කොච්චර දරඩඩු මිනිහෙක්ද මේ හීලෑ වෙලා ඉන්නෙ.ඒත් ඒ අනුකම්පාව ආදරයකට නම් හැරෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි.

උදේ ඇහැරිලා බලද්දී මං හිටියේ රෙක්සිගෙ බඩ උඩින් කකුලක් දාගෙන අතක් පපුව උඩින් තියාගෙන.මාව එකපාරටම ගැස්සුනා.රෙක්සිගෙ මුහුණෙ හිනාවක් ඇදුනා.මං ටක්ගාලා අහකට වුනා.

“මැඩම්……..”😁😀

රෙක්සි මොකද මට මැඩම් කියන්නෙ?මං ටක්ගාලා එයාගෙ පැත්තට හැරුණා.

“මේ බලන්නකො?………”

එහෙම කියලා රෙක්සි එයාගෙ මුහුණ පෙන්නුවා.එයාගෙ කට ගාව රතු වෙලා. පපුව තැනින් තැන නියපොතු පාරවල් හිටිලා.අපොයි දෙයියනේ මං මොනවද මේ කරලා තියෙන්නෙ?නින්දෙන් මොනවා කරනවද කියලා දන්නෑනෙ.දුව වෙන්න ඇති කියලා හිතාගෙන වෙන්න ඇති මං එයාව බදා ගන්න ඇත්තෙ.

“සොරි……මං හිතුවෙ දුව කියලා……….”

“කමක් නෑ ඉතිං.එහෙම හරි ඔයා මට ලං වුනානෙ………”

මං නැගිටලා බාතෲම් එකට ගියා.ගිහින් කණ්ණාඩියෙන් මුහුණ බලද්දියි මං දැක්කෙ බෙල්ල ගාව රතු වෙලා තියනවා. මට කිසිම දේකට බල කරන්නෑ කිව්වට එයාට ඉවසගෙන ඉන්න බැරුව ඇති. මුහුණ කට හෝදගෙන මං කුස්සියට ගියා.දුව ඇහැරෙන්න නම් තව වෙලා තියන හින්දා මං කේතලේ ලිපේ තියලා තේ හැදුවා.අම්මගෙයි දූගෙයි තේ ටික දීලා අපි දෙන්නගෙ තේ දෙක හදාගෙන කාමරේට ආවා.

“රෙක්සි……තේ බීලා ඉන්න………”

“හ්ම්ම්……….”

එයා තේ එක උගුරට දෙකට බිව්වා. මෙච්චර රස්නෙ තේ එක කොහොම බිව්වද මන්දා.

“අද ඩියුටි නැද්ද?……..”

“අද නිවාඩු……..”

“දුවත් එක්කරගෙන යමුද කොහෙ හරි? කෙල්ල ආස ඇති කොහෙ හරි යන්න……..”

“හා යමු…….”

අපි දෙන්නා දුවත් එක්කරගෙන පන්සල් ආවා.රෙක්සි හිටියෙ දුවව වඩාගෙනමයි. කෙල්ල තාත්තට ගොඩාක් ආදරෙයි.

“මොනවද බුදුන් වැදලා ප්‍රාර්ථනා කරේ?………”

ගං ඉවුරේ ඉදගෙන ඉන්නැද්දී රෙක්සි මගෙන් එහෙම ඇහුවා.දුවට නම් රෙක්සිගෙ අතේම නින්ද ගිහින්.

“ගොඩාක් දේවල්………”

මං එහෙම කියලා නිහඬ වුනා.

“ඒ මොනවද?……..”

මං ඒකට මොකුත් කිව්වෙ නෑ.රෙක්සි මං දිහාම බලාගෙන හිටියා.

“ඔයා මොනවද ප්‍රාර්ථනා කරේ?……..”

මං රෙක්සිගෙන් එහෙම ඇහුවා.

“තාත්තා කෙනෙක් විදියට අද මං ඉන්නෙ ගොඩාක් සන්තෝශෙන්.සැමියෙක් විදියට තමන්ගෙ බිරිඳගේ ආදරේ ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරේ………”

අනේ දෙයියනේ😢😢රෙක්සි මට ඒ තරම්ම ආදරෙයිද?ඒත් ඇයි මට රෙක්සි ගැන ආදරයක් දැනෙන්නෙ නැත්තෙ?

“මට එච්චරටම ආදරෙයිද?………”

“ඔව් සහස්‍රා.ඔයා ගැන මට මුලින්ම ආදරයක් දැනුනේ මං ඇක්සිඩන්ට් වෙලා හිටපු දවස් වල.ඔයාට කරපු දේවල් වලට මට දඩුවම් ලැබුනා සහස්‍රා.මාස ගානක් යනකල් මට හරියකට ඇවිදගන්න බැරි වුනා.ඊට පස්සේ මං ඔයාව හොයද්දී ඔයා එහෙ හිටියෙ නෑ.එදා පාර්ටි එකේදි තමයි මං ඔයාව මුලින්ම දැක්කෙ……..”

“මට එහෙ ඉන්න හිතුන්නෑ රෙක්සි.මං කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ? ඒකයි මාරුවීමක් අරගෙන මෙහෙ ඩිපාට්මන්ට් එකට ආවෙ.මෙහෙ අය ඔක්කොම හිතන්නෙ මං මැරි කරලා කියලා………”

“කවදාවත් මං ඔයාට ආයෙ දුකක් දෙන්නෑ සහස්‍රා.මං ගෙවපු කාලකණ්ණි ජීවිතේ කිසි වැඩකට නෑ කියලා මට තේරුම් ගියේ ඇක්සිඩන්ට් එක වෙලා හිටපු කාලෙ.මං ඔයාව හැම තැනකම හෙව්වා. අර ෆොටෝ එක දැක්කට පස්සෙ මට මොකක්ද වුනා.මං කීයටවත් හිතුවෙ නෑ ඔයා මං නිසා අම්මා කෙනෙක් වෙලා කියලා.මට පුදුම ආසාවක් ඇති වුනේ දරුවව දකින්න………”

“අපි යමු දැන් ගෙදර.දුවටත් නින්ද ගිහින්………”

❤️❤️

“මැඩම්…..මට නම් විශ්වාස කරන්න අමාරුයි මැඩම් රෙක්සිව කසාද බැන්දා කිව්වම……..”

“රෙක්සි දැන් හොද මනුස්සයෙක් වෙලා ඉන්නෙ ධම්මික.එයා ඒ කාලකණ්ණි ජීවිතෙන් ඈත් වෙලා ඉන්නෙ……..”

“අර ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ හොද වෙලාවට එහෙනම්……..”

“ඒක තමයි.ආ….ඇයි ධම්මික කලින් යන්න අහන්නෙ?………”

“අද දුලාංජිත් එක්ක පන්සල් යන්න තියනවා මැඩම්.දරුවා ලැබෙන්න දින තියෙන්නෙත් ලබන මාසෙ.මේ දවස් ටිකේ එයා විතරයි ගෙදර ඉන්නෙත්.අම්මා එන්නෙ තව දවස් පහකින් විතර………”

“එහෙනම් ධම්මික යන්න.දරුවා ලැබුනම අපිත් එන්නම්කො බලන්න……..”

“හොදයි මැඩම්……..”

මතු සම්බන්දයි