උදේ පාන්දර පහට විතර නැගිටලා මං ලෑස්ති වුනා.අදනෙ අපි දේෂාන් මහත්තයගේ අම්මව බලන්න එයාලා ඉන්න ගමට යන්නෙ.මට පාන්දරම නැගිටලා ලෑස්ති වෙන්න කිව්වට දේෂාන් මහත්තයා නම් තවමත් හොදටම නිදි. ඇහැරවන්න හිතුනත් උදේ පාන්දරම හොදවයින් දෙකතුනක් අහගන්න සිද්ද වෙන නිසා මං සද්දෙ නැතුව හිටියා.ඒත් අපිට යන්න පරක්කු වෙන නිසා මං දේෂාන් මහත්තයට කතා කරා.
“මහත්තයා…..මහත්තයා නැගිටින්නකො අනේ……..”
දෙතුන් සැරයක් හොල්ලලා හොල්ලලා කතා කරාට පස්සෙයි දේෂාන් මහත්තයා ඇස් දෙක ඇරලා බැලුවේ.මං දිහා බැලුවේ ලොකු පුදුමයකින් වගේ.
“මොන මගුලකටද ඕයි මේ උදේ පාන්දරම මාව ඇහැරෙව්වෙ?තව වෙලා තියනවනේ යන්න……..”
“අනේ මහත්තයා දැන් පහයි හතලිස් පහයි වෙලාව.මහත්තයා ඉක්මනට ලෑස්ති වෙන්න.හයයි දහය වෙද්දිනෙ අපි යනවා කිව්වෙ……..”
පහයි හතලිස් පහයි නෙවෙයි නෙවෙයි තාම වෙලාව පහයි විස්සයි.කම්මැලි කමට නැගිටින්නෙ නැති නිසා මං ඔරලෝසුවේ වෙලාව ටිකක් වැඩිපුර කරකෝලා තිබ්බා😀දේෂාන් මහත්තයා ඔරලෝසුව දිහා බලලා ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියා.මං ඇදුම් බෑග් එක ලෑස්ති කර ගත්තා.
“අහිංසා එන්නකෝ පොඩ්ඩක්…….”
දේෂාන් මහත්තයා මගෙ අතින් අල්ලගෙන කණ්ණාඩිය ඉස්සරහට එක්කන් ගියා.ඊට පස්සෙ පොඩි බොක්ස් එකක් ඇරලා රත්තරං කරාබු දෙකකුයි රත්තරං මාලයකුයි මට පැලදුවා.මට ගොඩාක් සතුටු හිතුණා.පළවෙනි වතාවටයි මට මෙහෙම තෑග්ගක් ලැබුනෙ.මං ඒකට දේෂාන් මහත්තයට ගොඩාක් ස්තූති කරා.
“යමු.දැන් හයයි දහයයි වෙලාව…….”
දේෂාන් මහත්තයා මගෙ අතිනුත් අල්ලගෙන බෑග් එකත් අරගෙන පල්ලෙහාට ආවා.
“යකෝ මූ හයයි දහය වෙද්දී එනවා කිව්වට තාම නෑනෙ…….”😠😠
විනාඩි පහලවක් විතර යද්දී කෝසල ආවා.දේෂාන් මහත්තයා හිටියේ ටිකක් කේන්තියෙන්.
“උඹට සිංහල තේරෙන්නෙ නැද්ද යකෝ කියපු වෙලාවට එන්න.හයයි දහයට එන්න කිව්වෙ……..”
“ඉතිං බොස් දැන් හයයි පහයිනෙ වෙලාව.මං විනාඩි පහක්ම කලින්නෙ ආවෙ……..”
අපොයි🤭මං වෙනස් කරානෙ ඔරලෝසුවේ වෙලාව.ඒ වෙලාවටනෙ දේෂාන් මහත්තයා ලෑස්ති වුනේ.හොද වෙලාවට මං කරපු හොර වැඩේ මේකාට අහු නොවුනේ.
පැය තුනක විතර ගමනකින් පසුව අපි දේෂාන් මහත්තයගෙ අම්මා ඉන්න ගමට ආවා.ඒ ගම ගොඩාක් ලස්සනයි.අපි හිටපු ගම වගේමයි.කාරෙක ලස්සන තනි තට්ටුවේ නිවසක් ඉදිරිපිට නැවැත්තුවා.
“කෝසල අපි දවස් දෙකතුනකින් ආපහු එනවා.වාහනේ අරන් ගෙදරට ගිහින් දාන්න.මේ සල්ලි ටික තියා ගන්න……..”
කෝසලගේ අතට සල්ලි වගයක් දීලා දේෂාන් මහත්තයා එයාව ආපහු කාරෙකේම පිටත් කරා.එනකොට පණ්ඩිතයා වගේ ආවට මොකද මගෙ හිතට බයකුත් දැනුනා.දේෂාන් මහත්තයගේ අම්මා කොයි විදියෙ කෙනෙක්ද දන්නෑනෙ.අම්මා තාත්තා නැති මං වගේ අනාථ කෙල්ලෙක්ව එයා ලේලි විදියට පිළි ගනීද?
“මොකද තමුසෙ බය වෙලා වගේ?එහෙදි නම් කොහොමද කටේ සද්දෙ.දකින්න කලින්ම නැන්දම්මට බය වෙලා වගේ……..”😁😊
“අනේ මහත්තයා මට නම් බයයි වගේ………”😥😥
“බය වෙන්න එපා ඕයි.අපෙ අම්මා තමුසෙව කන්නෙ නෑනෙ………”
දේෂාන් මහත්තයා මගෙ අතින් අල්ලගෙන ගෙයි දොර ගාවට ආවා.ටික වෙලාවක් යද්දී අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් ගෙයි පිටි පස්ස පැත්තේ ඉදන් ආවා.
“ආ සෝමපාල කෝ අම්මා ඉන්නවද?……..”
“ලොකු නෝනා පන්සලට ගියා මහත්තයා. දැන් මග එනවා ඇති.මහත්තයලා ගේ ඇතුළට යන්න.අනේ…..කව්ද මේ පුංචි නෝනා?………”
දෙකට තුනට නැමිලා ඒ මනුස්සයා දේෂාන් මහත්තයගෙන් එහෙම ඇහුවා.
“මේ මගෙ නෝනා.අපි දවස් දෙකතුනක් මෙහෙ ඉන්න ආවෙ……..”
මගේ කරට අත දාගෙන දේෂාන් මහත්තයා එහෙම කිව්වා.
“අනේ අපේ මහත්තයා කසාද බැන්දද?අපි හාංකවිසියක්වත් දන්නෙ නෑ නොවැ. අනේ හරිම සීදේවි අහිංසක නෝනා කෙනෙක්……..”
ඊට පස්සෙ දේෂාන් මහත්තයා මාත් එක්ක ඒ ගේ ඇතුළට ආවා.හරිම ලස්සනට ඒ වගේම පුදුම පිළිවෙලකටයි ඒ නිවසේ බඩු අහුරලයි තිබ්බෙ.කාමරේ ඇතුලෙන් බෑග් එක තියපු දේෂාන් මහත්තයා සාලෙට ඇවිත් පුටුවක් උඩින් වාඩි වුනා.එතකොටම මං දැක්කා කව්දෝ මන්දා ගෑනු කෙනෙක් වැටෙන් පැනලා ගේ පැත්තට එනවා.
“මහත්තයා කව්ද ගෑනු කෙනෙක් එනවා……..”
මං එහෙම කිව්වම දේෂාන් මහත්තයා පුටුවෙන් නැගිටලා බැලුවා.ඒ ගෑනු කෙනාට සෝමපාල මොනවදෝ මන්දා කිව්වා.
“ඒ අන්නෙ මගෙ අම්මා……..”
තප්පර කිහිපයකට පසුව දේෂාන්ගෙ අම්මා ගේ ඇතුළට ආවා.අවුරුදු හැටක් විතර ඇති දේෂාන් මහත්තයගෙ අම්මට. ටික වෙලාවක් දේෂාන් මහත්තයගේ අම්මා අපි දිහා බලන් හිටියා.එයාගෙ ඇස් තිබුනේ මගේ දිහා.මං හිටියේ හොදටම බය වෙලා.මගෙ පපුවත් ගැහෙන්න ගත්තා.මං හිමින් හිමින් දේෂාන් මහත්තයා ලගටම කිට්ටු වුනා.
“අම්මෙ මේ ඔයාගෙ ලේලි අහිංසා සංදීපනී.අහිංසා මේ මගෙ අම්මා……..”
දේෂාන් මහත්තයා අපි දෙන්නට දෙන්නව අදුන්වලා දුන්නා.අපි දෙන්නම ගිහින් අම්මට දණ ගහලා වැන්දා.🙏🙏
“දෙයියන්ගෙ පිහිටයි……..”
“මේ දරුවගෙ දෙමව්පියෝ එහෙම ඉන්නවද?……..”
“නෑ අම්මෙ එයාලා ජීවතුන් අතර නෑ. මෙයා හැදුනෙ මාමයි නැන්දයි ලග. අම්මලා මැරුනේ 2007 දී බෝම්බෙකට අහුවෙලා……..”
“ඔය ළමයගෙ වයස කීයද?……..”
“දහ අටයි……..”
දේෂාන් මහත්තයා තමයි අම්මා අහපු හැම දේකටම උත්තර දුන්නේ.
“මේ දරුවට කතා කරන්න බැරිද?……..”
“අනේ නෑ අම්මෙ මට හොදට කතා කරන්න පුලුවන්……..”
මං ටක්ගාලා උත්තර දුන්නා.
අපිට විවේක ගන්න කියපු දේෂාන් මහත්තයගේ අම්මා වැඩට ඉන්න ගෑනු කෙනාට කෑම ලෑස්ති කරන්න කියලා කුස්සියට පැත්තට ගියා.
“කොහොමද නැන්දම්මා හොදයිද?……..”
ඇදේ වාඩි වෙලා මගේ අතින් ඇදලා ලගට ගන්න ගමන් දේෂාන් මහත්තයා එහෙම ඇහුවා.
“ම්ම්ම් හොදයි.ඒත් මට නම් බය හිතෙනවා……..”
“බය වෙන්න එපා එයා ඔයාට බනින්නෙ නෑ……..”
මගෙ පිටට තට්ටුවක් දාලා දේෂාන් මහත්තයා කාමරෙන් එලියට ගියා.ඇදුම් මාරු කරගෙන මාත් කාමරෙන් එලියට යද්දී මට ඇහුනා දේෂාන් මහත්තයගේ අම්මා එයත් කතා කරන දේවල්.
“උඹට පිස්සුද පුතේ.වයසට ගැළැපෙන කෙනෙක්වද උඹ කසාද බැදලා තියෙන්නෙ……..”😠
“අයියෝ අම්මෙ,අම්මා කතා කරන්නෙ මට හරියට අවුරුදු හතලිහත් පැනපු සයිස් එකටනෙ.අම්මෙ මට අවුරුදු තිස් එකයි.අහිංසාට දහ අටයි.අපි දෙන්නා ගොඩාක් සතුටින් ජීවත් වෙනවා………”
දේෂාන් මහත්තයා එහෙම කිව්වම එයාගෙ අම්මා ටිකක් වෙලා කල්පනා කරා.
“මං හිතුවෙ මගෙ ඇස්දෙක පියවෙන්න කලින් කවදාවත් උඹව කසාද බන්දාලා දෙන්න බැරි වෙයි කියලා.උඹලා දෙන්නා සන්තෝශෙන් සමගියෙන් ජීවත් වෙනවා නම් මට ඒ ඇති පුතේ.දෙයියනේ කියලා මට දැන් සැනසීමෙන් මැරෙන්න පුලුවන්………”
මං ආපහු හිමීට කාමරේට ආවා.ඇති යාන්තං මං හිතුවෙ දේෂාන් මහත්තයගෙ අම්මා මට බනියි කියලා.හිතුවා වගේ එයා නපුරු නෑ.
දවල් කෑමෙන් පස්සෙ මං ගෙයි පිළික්කන්න පැත්තට ගියා.ඒ වත්ත ගොඩාක් ලොකුයි.වත්තෙ හැම තැනකම එක එක ජාතියේ ගස් තිබුනා.අම්මෝ😲😱අඹ ගහේ,නාරං ගහේ,ලොවි ගහේ ගෙඩි පිරීලා තිබ්බා.මගෙ කටට කෙල ඉනුවා ඒ පළතුරු ටික දකිද්දී.ඉන්නෙ කොහෙද කියලා මතක් නෑ.මං ටක්ගාලා ඒ පැත්තට දුවගෙන ගියා.ගිහින් අඹ ගහට නැගලා අත්තක් උඩ වාඩි වෙලා අඹයක් කඩාගෙන ගහේ ගහලා තලාගෙන කන්න පටන් ගත්තා.අම්මෝ ලුණු දාලා මිරිස් කුඩු ටිකක් දාලා කෑවා නම් මරු.😋😋තව අඹ ගෙඩි දෙක තුනක්ම කඩා ගත්තු මං ගහේ අත්තෙන් බිමට බහින්න හදනකොටම දේෂාන් මහත්තයා අඹ ගහ තියන පැත්තට ආවා. මං හිමින් සීරුවේ එයාට නොපෙනෙන්න ගහටම මුවා වුනා.දේෂාන් මහත්තයා වටපිට බලනවා.දැන් මේ යකා මං ගහ උඩ නැගලා ඉන්නවා දැක්කොත් එහෙම මල කෙලියයි.🤦🤦වටපිට බලපු දේෂාන් මහත්තයා අඹ ගහ යටට ආවා.අඹ යට තිබ්බ මගෙ සෙරෙප්පු දෙක දේෂාන් මහත්තයා දැකලා උඩ බැලුවා.අනේ දෙයියනේ…….😫😫
“බහිනවා ගහෙන් පල්ලට……..”😠😠
මං බයෙන් බයෙන්ම අඹ ගෙඩි ටිකත් තුරුල් කරගෙන හිමීට ගහෙන් පල්ලට බැස්සා.
“වැටිලා කොන්ද කඩාගන්නද ගෑනියෙ ඔච්චර උඩට නැග්ගෙ?ඔච්චරටම කන්න ආසාවක් තියනවනම් සෝමපාලට කිව්වා නම් කඩලා දෙනවනේ……..”😡😡
“අනේ මහත්තයා ඕකට ඉතින් ඔච්චර හයියෙන් බනින්න එපා මං පව්නෙ………”😥😥
“නෑ තමුසෙ පව් නෑ.ආපු දවසෙම හීමිජ්ජි වගේ ඉදගෙන කොහොම හරි අම්මගෙ හිත දිනා ගත්තා නේද?………”
මං දේෂාන් මහත්තයට විරිත්තලා අහක බලා ගත්තා.
“මහත්තයා………”
“මොකද?……..”😠
“අර ගහෙන් ලොවි කඩලා දෙන්නකෝ……..”
“දැන් අඹ ගහට නැග්ගෙ ඒ වගේ නැගලා කඩා ගන්නවා………”
“අනේ මහත්තයා………”
“අම්මපා මේ ගෑනිගෙන් තියන මළ කරදරේ.ආයෙනම් තමුසෙව මං මෙහෙ එක්කන් එන්නෙ නෑ……..”😠😠
මට බැන බැන දේෂාන් මහත්තයා මට ගහෙන් ලොවි කඩලා දුන්නා.මට හොදටම හිනා.😀😀
💙💙
හවස තේ බීලා ඉවර වෙලා එලියට එද්දී
මං දැක්කා දේෂාන් මහත්තයා කව්දෝ මන්දා ගෑනු ළමේක් එක්ක කතා කර කර ඉන්නවා.එක්වරම මගේ හිතට ඊර්ෂ්‍යාව මුසු හැගීමක් දැනෙන්නට වුනා.මං දේෂාන් මහත්තයා දිහා රවලා බැලුවා.
දේෂාන් මහත්තයා මට එන්න කියලා කතා කරා.ඒ ගෑනු ළමයා මං දිහා පුදුම වෙලා වගේ බලන් හිටියා.
“මෙයාගෙ නම අහිංසා……..”
“අනේ මාමෙ මට නම් බෑ මෙයාට නැන්දෙ කියලා කතා කරන්න.මෙයා ගොඩාක් පුංචියිනෙ………”
හුටා🤦🤦මේ දෙන්නා මාමයි දුවයිද?මං හිතපු දුර.දේෂාන් මහත්තයට කෝල් එකක් ආපු නිසා එයා ඒක ආන්සර් කරලා ටිකක් එහාට ගියා.
“මගෙ නම නිම්මි.මං ඔයාට මොකක් කියලද කතා කරන්න ඕනි?මං ඔයාට වඩා අවුරුද්දක් වැඩිමහල්……..”
ඒ ගෑනු ළමයා මගෙන් එඑහෙම ඇහුවා.
“කමක් නෑ ඔයා මට නැන්දා කියලා කියන්න……….”
මං එහෙම කිව්වෙ මෙයා දේෂාන් මහත්තයට මාමා කියලා මට නංගි කියන එක හරි නෑනෙ.
“හවස නිම්මිව දැකලා තමුසෙ හොදටම රැවටුනා නේද?………”
මගේ හිසකෙස් අතර ඇගිලිතුඩු යවමින් දේෂාන් මහත්තයා එහෙම ඇහුවා.
“ඔව් මහත්තයා.මං හිතුවෙ ඒ……..”
“ම්ම්ම් කියන්න කවුරු කියලද හිතුවෙ?………”
“මං හිතුවෙ මෙ…..ඒ………”
මං ඒක නොකියා නතර කරා.
“ඔයා හිතුවෙ ඒ මං යාලුවෙලා පරණ කෙල්ලෙක් කියලා නේද?ආ………”😁😁
“ඔ…..ඔව් මහත්තයා………”
“පිස්සු කෙල්ල මට එහෙම කෙල්ලො හිටියෙ නෑ………”
මගේ කම්මුලට තට්ටු කරලා දේෂාන් මහත්තයා එහෙම කිව්වා.ටිකක් වෙලා යද්දී මගෙ බඩ රිදෙන්න පටන් ගත්තා. දවල් තිස්සෙ අඹයි ලොවියි නාරනුයි කාපු හින්දා තමයි.පෙරේතකමට කෑවනේ නාරං ගෙඩි විසිපහක් විතර.
“මොකද ඇඹරෙන්නෙ?කිරි පණු ගායද?……..”
“අනේ මගෙ බඩ රිදෙනවා මහත්තයා……..”😫😫
“ඒ මොකද එකපාරටම.තමුසෙ මොකක් හරි ජරාවක් කෑවද?……..”
“අනේ නෑ අප්පා.බඩ කොර වෙලා වගේ……..”😭😭
මං බඩ අල්ලගෙන ඇදේ ඒ මේ අත පෙරලුනා.දේෂාන් මහත්තයා ඇදෙන් නැගිටලා ගිහිල්ලා බාම් එකක් අරන් ආවා.
“හොද වැඩේ තමුසෙට.මං කිව්වා ඔහොම අඹයි ලොවියි නානනුයි ඔක්කොම පෙරේතකමට ඔහොම කනකොට බඩේ ගායක් හැදෙයි කියලා. කියන දේ නම් පොඩ්ඩක් වත් අහන්නෙ නෑ………”😠😠
“අනේ මට බනින්න එපා මහත්තයා………”😭😭
“බනින්න නෙවෙයි අනින්න හිතෙනවා ටොක්කක් ඔලුව හිල් වෙන්න………”😠😠
මට බැන බැනම දේෂාන් මහත්තයා මං ඇදන් හිටපු බ්ලව්ස් එක උස්සලා මගේ බඩේ බාම් ගාලා ඇතිල්ලුවා.
මතු සම්බන්දයි💙