එහෙනම් ඔයා හෙට ඉදන් ඩියුටි එන්න ධම්මික………”
“ඕකේ මැඩම්.මං ගිහින් එන්නම්………”
ධම්මික ගියාට පස්සෙ ඉදන් මං කල්පනා කරේම කොහොමද රෙක්සිගෙන් දුවව හංගලා තියෙන්නෙ කියලා.ඩියුටි ඕෆ් වෙන්න පැයකට විතර කලින් මං ඉක්මනට ගෙදර ගියා.
“ආ…..මොකෝ දුවේ අද කලින්ම?……..”
“අම්මෙ….කෝ දුව?……..”
“දුව කාමරේ නිදි.ඇයි දූ ඔයා කලබලෙන් වගේ?මොකක් හරි ප්‍රශ්නයක්ද?……..”
“අම්මෙ….රෙක්සි දුව ගැන දැනගෙන.මට කෙල්ල ගැන බයයි අම්මෙ.අපි ඉන්නෙ මෙහෙ ඉන්නෙ කියලා රෙක්සි දැන ගත්තොත් ලොකු විනාශයක් වෙයි……..”
“දෙයියනේ….ඌ එහෙනම් හැම තැනකම ඔයයි දුවවයි හොයනවා ඇති.ඔයා බය වෙන්න එපා දූ.රෙක්සිට බෑ දුවව ඔයාගෙන් වෙන් කරන්න………”
මං ටක්ගාලා සිරිපාල අංකල්ට කතා කරා. සිරිපාල අංකල් ඉක්මනට දුවගෙන ආවා.
“ඇයි නෝනා?……..”
“අංකල්…..පිට කිසිම කෙනෙක් ගේට් එකෙන් ඇතුළට ගන්න එපා.කවුරු මොනවා කියාගෙන ආවත් ගේට් එක නම් අරින්න එපා.චූටි බේබි ගැන කවුරුහරි ඇහුවොත් කිසිම දෙයක් කියන්න එපා………”
“හා නෝනා.මං එහෙම කරන්නම්………”
මං කාමරේට ඇවිත් දුව දිහා බලාගෙන හිටියා.ඇගිල්ලකුත් කටේ දාගෙන දුව හොදටම නිදාගෙන හිටියා.පව් මට මේ අහිංසකී ගැන හරියට දුක හිතෙනවා. කෙල්ල හැමදාම මගෙන් අහන දෙයක් තමයි”කෝ මගෙ තාත්තා” කියලා.ඒ ප්‍රශ්නෙ ඉස්සරහා මං හැමදාම අසරණයි. බොරු කීයක් නම් කියන්නද?හැමදාම මොකක් හරි බොරුවක් කියලා කෙල්ලව රවට්ටනවා.මං කොහොමද කටක් ඇරලා කෙල්ලට කියන්නෙ ඔයාගෙ තාත්තා දරුණු අපරාධකාරයෙක් කියලා.😭😭 මොන්ටිසෝරියේ අනික් ළමයි එයාලගෙ තාත්තගේ අතේ එල්ලිලා එනකොට ඒ ළමයි තාත්තගෙ ආදරේ විදිද්දී මගේ අහිංසකීට මොන තරම් නම් දුකක් දැනෙනවා ඇත්ද?……ටිකක් වෙලා කල්පනා කර කර හිටපු මං බාතෲම් එකට ගිහින් නාගෙන ආපහු ආවා.
කබඩ් එක ඇරලා ඩයරිය අතට ගන්නකොට ඒකෙ තිබිලා මොකක් හරි මගෙ කකුලට වැටුනා.බිමට පාත් වෙලා ඒක අහුලලා බැලුවා.චිප් එකක්🤔🤔මට එකපාරටම මතක් වුනේ මීට අවුරුදු හතරකට විතර කලින් මං පොලවෙ ගහපු රෙක්සිගෙ ෆෝන් එකේ තිබ්බ චිප් එක නේද?මේකෙ මොනවා තියනවද දන්නෑ.මට මෙක බලන්න බැරි වුනානෙ. දැන් මේක වැඩ කරනවද දන්නෑ.
මං ඒ චිප් එක මගෙ ෆෝන් එකට දාලා බැලුවා.හොද වෙලාවට ඒක වැඩ කරනවා.දෙමළ,සිංහල සිංදු වගේකුත් ඒකෙ තිබුනා.ඒකෙ ෆොටෝ ගැලරියෙ රෙක්සිගෙ ෆොටෝ දහයක් විස්සක් විතර තිබුනා.මගේ ෆොටෝ දෙක තුනකුත් තිබුනා.විශේෂයි කියන්න තරම් දෙයක් නොතිබුනු හින්දා මං ඒක එලියට අරන් පොත අස්සෙන්ම දාලා තිබ්බා.
🔥🔥
“නෝනා…..නෝනා…..කව්ද මනුස්සයෙක් ඇවිත් නෝනව හම්බෙන්න ඕනි කියනවා.මං කිව්වා නෝනා ගෙදර නෑ කියලා.ඒත් නෝනා බැල්කනියෙ ඉන්නවා ඒ මනුස්සයා දැකලා තියනවා………”
එහෙනම් අනිවාර්යයෙන්ම ඇවිත් ඇත්තෙ රෙක්සි වෙන්න ඇති.ඌ මාවයි දරුවවයි හොයන එක අතෑරලා නෑ වගේ. මට බයකුත් වගේම කෝපයකුත් දැනුනා. පඩිපෙළ බැහැලා පල්ලෙහාට ඇවිත් මං ගේට් එක ලගට ගියා.මං හිතුවා වගේම ඇවිත් හිටියෙ රෙක්සිම තමයි.
“මේ…..රෙක්සි මං එදත් කිව්වා තමුසෙට මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියලා. මොකටද මාව හොයාගෙන ආවෙ?………”😡😡
“මට මැඩම් එක්ක ටිකක් කතා කරන්න ඕනි?මගෙන් මැඩම්ට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.මාව විශ්වාස කරන්න මැඩම්.මට මැඩම් එක්ක විනාඩි දහයක් කතා කරන්න ඕනි……..”
“විශ්වාස කරන්න??තමුං වගේ අපරාධකාරයෙක්ව විශ්වාස කරන්න මට පිස්සු නෑ රෙක්සි.කරුණාකරලා මෙතනින් යනවා යන්න.එහෙම නොවුනොත් මට සිද්ද වෙනවා තමුංට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න………”😡😡
“ආ තමුංද මේ ආවෙ?මගෙ කෙල්ලගෙ ජීවිතේ විනාශ කරලා ආයෙමත් මොකටද හොයාගෙන ආවෙ?……..”😡😡
අම්මත් ගේට් එකට ගාවට ඇවිත් රෙක්සිට හොදටම බැන්නා.ඒත් රෙක්සි එක වචනයක්වත් කිව්වෙ නෑ.
“පින් සිද්ද වෙයි කරුණාකරලා තමුසෙ මෙතනින් යනවා.මටයි….මට පාඩුවෙ ඉන්න දෙනවා………”😡😡
“මට දරුවව බලන්න ඕනි………”⚡⚡
රෙක්සි එහෙම කිව්වම මාව එකපාරටම ගැස්සුනා.එහෙනම් රෙක්සි ඇත්ත දන්නවා.මූ එන්න ඇත්තෙ මගෙ දරුවට අනතුරක් කරන්න වෙන්න ඇති.
“තමුසෙගෙ දරුවෙක් මෙහෙ නෑ රෙක්සි. කරුණාකරලා මෙතනින් යනවා……”😡😡
“නිකන් බොරු කියන්න එපා මැඩම්.කව්ද එහෙනම් දුවගෙ තාත්තා?………”
“කවුරු වුනත් තමුසෙට මොකද?තමුංට කොහෙත්ම අයිතියක් නෑ මගෙ දුව ගැන හොයන්න.ඒ දරුවා තමුසෙගෙ නෙවෙයි රෙක්සි………”😡😡
මං හිතුවෙ මං එහෙම කිව්වම රෙක්සි ඒක විශ්වාස කරයි කියලා.ඒත් රෙක්සි ඒක විශ්වාස කරේ නැහැ.ඊට පස්සෙ සාක්කුවෙ තිබුනු පර්ස් එක අරගෙන ඒකෙ තිබුනු ෆොටෝ එකක් පෙන්නුවා.ඒ ෆොටෝ එක තමයි එදා කාවින්දිලගෙ ගෙදර තිබ්බ පාර්ටි එක දවසෙ මගෙ පර්ස් එකේ තිබිලා බිමට වැටිලා තිබ්බ දුවගෙ ෆොටෝ එක.
“මේ ඉන්නෙ මැඩම්ගෙ දුවනෙ………”
“ඔව්.ඒත් මේ දරුවා තමුසෙගෙ නෙවෙයි………”😡😡
“පොලිස් නිළදාරිනියක් වුනාම ඇත්ත කියන්න පුරුදු වෙන්න මැඩම්.දුවට තියෙන්නේ මැඩම්ගෙ පාට වුනාම එයාගෙ නහය කට කොන්ඩෙ මුහුණ මගෙ වගේමයි.තවත් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා………”
රෙක්සි කියන කතාව ඇත්ත තමයි.දුව එයා වගේමයි.ඒත් මට බෑ මේ අමනුස්සයට දරුවව පෙන්නන්න.
“මට බෑ තමුංට දරුවව පෙන්නන්න. කරුණාකරලා මටයි දරුවටයි පාඩුවෙ ඉන්න ඉඩ දෙන්න……….”😡😡
“මට දරුවව ඔයාගෙන් වෙන් කරන්න ඕන්නෑ සහස්‍රා.මට එකපාරක් මගෙ දරුවව බලන්න ඉඩ දෙන්න………”
“මෙච්චර කාලෙකට දරුවට හිටියෙ එයාගෙ අම්මා විතරයි.අවුරුදු හතරක ලග හිටපු නැති තාත්තෙක්ට දැන්ද දරු සෙනෙහස පහල වුනේ?………”
“මට දිවැස් නෑනෙ සහස්‍රා.ඔයාට මගෙන් දරුවෙක් ඉන්නවා කියලා මං දැන ගත්තෙ එදා පාටිය දවසෙ මේ ෆොටෝ එක දැකලා.ඔයා ප්‍රෙග්නන්ට් වෙලා හිටියා කියලා දැන ගත්තා නම් මං කීයටවත් ඔයාට දුක් විදින්න දෙන්නෑ……….”
“මට ඔයාගෙ අනුකම්පාවෙන් වැඩක් නෑ රෙක්සි.ඔයා මගෙ ජීවිතේ විනාශ කරා කියලා මං මැරුනෙ නෑ.දුක් මහන්සියෙන් ජීවිතේ දිනලා තියනවා.ඔයා හිතුවෙ සාදාරණයක් ඉශ්ට කරන්න කියලා මං ඔයාගෙ පස්සෙන් එයි කියලද?……..”😡😡
“මට එක පාරක්……එක පාරක් දුවව පෙන්නන්න සහස්‍රා.මං එයාට කියන්නෑ මං එයාගෙ තාත්තා කියලා.ඒක මං ඔයාට පොරොන්දු වෙනවා……..”
මට තේරුනා රෙක්සි දරුවව බලලා මිසක් මෙතනින් යන්නෑ කියලා.රෙක්සි දරුවගෙ තාත්තා කියලා නොකියන පොරොන්දුව පිට මං රෙක්සිව ගේ ඇතුළට එක්කන් ආවා.
“වාඩි වෙන්න මං දුවව එක්කන් එන්නම්……..”
එහෙම කියලා මං කාමරේට ගියා.දුව හිටියේ චිත්‍රයක් පාට කර කර.දන්න කියන කාලෙ ඉදන් කෙල්ල මගෙන් අහපු ප්‍රශ්නෙය උත්තරේ අද ඇවිල්ලා තියනවා. ඒත් මට ඒක දුවට කියන්න බෑ.ඒ මිනිහා දරුණු අපරාධකාරයෙක්.
“දෝණි…..එන්නකෝ මැණික………”
මං කෙල්ලව වඩාගෙන සාලෙට ආවා. රෙක්සි අපිට පිටුපාලා පුටුවක වාඩි වෙලා.මගෙ පපුව හොදටම ගැහෙන්න පටන් ගත්තා.මං දුවව බිමින් තිබ්බා.
“ඇයි අම්මී………”
දුවගෙ කටහඬට රෙක්සි එකපාරටම පුටුවෙන් නැගිටලා බැලුවා.පුදුම වෙලා වගේ රෙක්සි දුව දිහා බලාගෙන හිටියා. මං දැක්කා රෙක්සිගෙ ඇස් වලට කදුලු
පිරෙනවා.රෙක්සි දුව ගාවට ඇවිල්ලා දුවව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.
“අම්මී…..මේ තාත්තිද?……….”
කෙල්ල එහෙම අහද්දී මට මහ හයියෙන් ඇඩුනා.අඩාගෙනම මං අම්මගෙ ඇගට හේත්තු වුනා.😭😭
“ඔ…..ඔයාගෙ නම මොකක්ද පුතේ?……..”
රෙක්සි දුවගෙන් එහෙම ඇහුවා.
“ෂෂිනි…..ඔයා තාත්ති නේද මගෙ?……….”
දුව රෙක්සිගෙන් අහපු දේට රෙක්සි උත්තරයක් දුන්නෙ නෑ.කෙල්ලගෙ අත් දෙක අල්ලගෙන අහක බලාගෙන කදුලු හැලුවා.මට පුදුමයි රෙක්සිගෙ ඇස් වලින් කදුලු වැටෙනවා දැක්කම.
“අම්මී…..ඔයා කියන්නකූ අනේ.මේ මගේ තාත්තිද?……..”
දුව මගේ ගව්මෙ එල්ලිලා එහෙම ඇහුවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මං ගොඩාක් අසරණ වුනා.මං දැක්කා කදුලු හින්දා රෙක්සිගෙ ඇස් රතු වෙලා තියනවා.මං දිහා බලන් හිටපු රෙක්සි යන්තන් හිනා වෙලා යන්න හැරුනා.
“ඔ….ඔව් දෝණි.මේ මගෙ…..මැණිකගෙ තාත්තා තමයි………”
මං එහෙම කියනකොටම රෙක්සි ඉක්මනට මං දිහා බැලුවා.කෙල්ල දුවගෙන ගිහිල්ලා රෙක්සිගෙ අතේ එල්ලුනා.රෙක්සි දෝණිව වඩාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.
“තාත්ති කොයෙද හිටියෙ මෙත්තර කාලයක්?මට ගොඩාක් පාලු හිතුණා තාත්ති නැතුව………”
“තාත්ති රටනෙ හිටියෙ පැටියො………”
“අනේ තාත්ති මට මොනාද අරන් ආවෙ? චොක්ලට් ගෙනාවෙ නැද්ද?………”
“තාත්තිට අමතක වුනානෙ පැටියො. තාත්තා ආයෙ එනකොට ඔයාට ලොකූ චොක්ලට් එකක් ගේන්නම්.සෙල්ලම් බඩු ගොඩාරියකුත් අරන් එන්නම්………”
“අනේ තාත්ති කොයෙද යන්නෙ දැන්?අනේ බබාව දලා යන්න අපා.තාත්ති මෙහෙ ඉන්නකෝ.අම්මිත් මෙහෙනෙ ඉන්නෙ.අනේ තාත්ති යන්න එපා………”
කෙල්ල රෙක්සිගෙ බෙල්ල තද කරලා බදාගෙන කෑ ගැහුවා.රෙක්සි මං දිහා බැලුවා.
“අනේ අම්මී තාත්තිට යන්න එපා කියන්න.අනේ බබාවත් ඒකන් යන්න.මට බෑ තාත්ති නැතුව ඉන්න………”😭😭
මොනවා කරන්නද මං දැන්?මං කොහොමද රෙක්සිගෙන් දුවව වෙන් කරන්නෙ?අනේ එහෙම කරොත් අම්මා කෙනෙක් විදියට මං මටම සමාවක් දී ගන්න බැරි වෙයි.
“සහස්‍රා……ඔයා කැමති තීරණයක් ගන්න. මං ඔයාට බල කරන්නෙ නෑ.ඒත් මං ඔයාගෙන් ඉල්ලන්නෙ දුව ගැන හිතලාවත් අපි දෙන්නා එකතු වෙමු. නීතිය පැත්තෙන් ඔයාට ප්‍රශ්නයක් වෙන කිසිම දෙයක් මං කරන්නෑ.මං ඒ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉවරයි.මං ඔයාගෙ තරුණ ජීවිතේ විනාශ කරලා දැම්මා.පුලුවන් නම් මට සමාව දෙන්න……..”
“ඔව් දුවේ රෙක්සි පුතා එයාගෙ නරක ජීවිතෙන් ඈත් වෙලා හොද මනුස්සයෙක් වෙලානෙ ඉන්නෙ.දරුවා ගැන හිතලාවත් ඔය දෙන්නා එකතු වෙන්න දුවේ……..”
අම්මා වුනත් මට කිව්වෙ රෙක්සිගෙ යෝජනාව පිලිගන්න කියලයි.
මතු සම්බන්දයි