දුව ඔයා අර වැඩේට මොකද කරන්නෙ?……..”

ඇදුම් ටික නවලා අල්මාරියට අඩුක් කරන අතරතුරේ අම්මා කාමරේට ඇවිල්ලා මගෙන් එහෙම ඇහුවා.මං ටිකක් වෙලා කල්පනා කරා.

“මං විතරක් යන්නම් අම්මා.මට බෑ දුවව එක්කන් යන්න.අම්මා දුවවත් බලාගෙන ගෙදර ඉන්න.මට බයයි අම්මා රෙක්සි දුවව දැක්කොත් එහෙම………”

“එහෙමනම් කමක් නෑ දුව.ඔයා පරිස්සමින් ගිහින් එන්නකෝ………”

හෙට මගේ හොදම යාලුවා කාවින්දිගෙ පුතාගෙ පළවෙනි උපන් දිනේ.මටත් පාටියට ඉන්වයිට් කරා.දුවව එක්කන් යන්න හිතුනත් මට ඒක කරන්න බෑ කියලා හිතුණා.රෙක්සිගේ ගෙවල් ලගමයි කාවින්දිගෙ ගෙවල් තියෙන්නෙ. මං කැමති නෑ මගෙ දුවට රෙක්සිගෙ හෙවනැල්ලවත් වදිනවට.දුවට තියෙන්නෙ මගේ පාට වුනාට දුවට තියෙන්නෙ රෙක්සිගෙ පෙනුමමයි.ඒ හින්දා මං විතරක් පාටියට ගිහින් එනවා.

“අම්මී හෙට කොයෙද නන්නෙ?………”

“අම්මි හෙට යාලුවෙක්ගෙ ගෙදර යනවා. ඒක රාජකාරි වැඩක් හින්දා දුවව එක්කන් යන්න බෑනෙ.මගෙ දූ ආච්චිත් එක්ක දග කරන්නෙ නැතුව ඉන්න ඕනි.අම්මි එනකොට දූට චොක්ලට් අරන් එන්නම්කො………”

පෙනුමෙන් තාත්තා වගේ වුනාට දුවට තිබ්බෙ මගේ ගතිගුණ.ඉතිං මං ආදරෙන් කියන දේ දුව අහනවා.

“ලුකූ චොක්ලට් එකක් ඕනි අම්මී………”

“හරි මගෙ පැටියෝ……….”

පසුදා පාන්දර පහට විතර මං ලෑස්ති වෙලා කාර් එකේම පාටියට ගියා.පැය දෙකහාමාරක් විතර යද්දී මට කාවින්දිගේ ගෙදරට යන්න පුලුවන් වුනා.

“හායි…..සහස්‍රා ගුඩ් මෝනිං.කෝ තනියමද ආවෙ?………”

“ඔව් කාවින්දි.අම්මා විතරයිනෙ ගෙදර ඉන්නෙ.හවස් වෙන්න කලින් යන්නත් ඕනි.කෝ පුතා?………”

“යමු ඇතුලෙ ඉන්නවා………”

කාවින්දි මගේ අතිනුත් අල්ලගෙන ගේ ඇතුළට ගියා.මගදි ගත්තු ප්‍රසන්ට් එක කාවින්දිට දීලා මං එයාගෙ පුතාට විශ් කරා.පාටිය ලොකුවටම ගන්න කාවින්දිලා ප්ලෑන් කරලා.ගොඩාක් කට්ටිය පාර්ටි එකට ඇවිත් හිටියා.ස්කෝලෙ කාලෙ යාලුවොත් ගොඩාක් මට මුණ ගැහුනා.

“ඒක නෙවෙයි සහස්‍රා දැන් කවද්ද අපිට වෙඩින් කේක් කෑල්ලක් කන්න ලැබෙන්නෙ?………”

සිනාසෙමින් එහෙම ඇහුවෙ මයුරි.එයාත් අපේ ක්ලාස් එකේ අපිත් එක්ක හිටපු හොදම යාලුවෙක්.

“වෙඩින් කේක් නම් දැන් කඩවල් වලත් තියෙන්නෙ.අරන් කන්න.ලොකු ගානක් යන්නෑ……..”😆😆

“එහෙම නෙවෙයි බං මං කිව්වෙ.දැන් අපිට විසිනවයකුත් වුනා.කවද්ද උඹ කසාද බදින්නෙ.බලපං මගේ ලොකු පුතා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වෙ ලියනවා.අපේ සෙට් එකේ උඹ විතරයි තාම තනිකඩ……..”

නෑ මාත් අවුරුදු හතරක දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා කියන්න හිතුනත් මං සද්දෙ නැතුව හිටියා.එහෙම කිව්වොත් එතනින් එහාට මෙයාලා අහන ප්‍රශ්න වලට දෙන්න මට උත්තර නෑ. පොලිස් නිළදාරිනියක් වුනාට ඒ ප්‍රශ්න ඉස්සරහා මං නිරුත්තරයි.

“වැඩිය ප්‍රශ්න අහන්න එපා.ඕඅයිසී නෝනට කේන්ති ගියොත් අපිව කූඩු කරයි………”😁😁

හැමෝම සිනහ ගස්වමින් එහෙම කිව්වේ අනුර.අපේ පන්තියේ පිරිමි ළමයෙක්.මාත් කට්ටියට නොදැනෙන්න කතාව වෙන පැත්තකට හැරෙව්වා.ටිකක් වෙලාවකින් තවත් කට්ටිය පාටියට එකතු වුනා.

“හලෝ මචං රෙක්සි……..”

නොසීතූ මොහොතක රෙක්සිත් පාටියට ආවා.කාවින්දිගෙ හස්බන්ඩ්ගෙ යාලුවෙක් රෙක්සි.මාව දැකපු ගමන් රෙක්සි පුදුම වුනා.එයා හිතන්න නැතුව ඇති මාත් මේ පාටියට එයි කියලා.මං කිසිම වෙනසක් නොපෙන්වා යාලුවොත් එක්කම හිටියා. මං දැක්කා රෙක්සි සැරින් සැරේ මං දිහා බලනවා.මං අහක බලාගෙන හිටියා. මගෙ ෆෝන් එකට කෝල් එකක් ආපු හින්දා මං එලියට ගියා.

“හෙලෝ……..”📲

“අම්මී එනකොට බබාත චොක්ලත් ගේන්න.අමතක වෙයි අම්මිට……..”📲

“නෑ පැ‍ටියො.අම්මි ඔයාට ලොකූ චොක්ලට් එකක් ගේන්නම්……..”📲

“බායි අම්මී……..”📲

“බායි දුව……..”📲

💌💌

“ආ මැඩම්………”

කෝල් එක ඉවර කරනවත් එක්කම මං ගාවට ආවෙ රෙක්සි.එදා මං රෙක්සිගෙ ෆෝන් එක පොලවෙ ගැහුවට පස්සෙ අදයි රෙක්සි මාත් එක්ක මෙහෙම ලගට ඇවිත් කතා කරේ.

“ඇයි මොකද?………”😠😠

“මොකද ඔච්චර නපුරු?දැන් කොහෙද පදිංචි වෙලා ඉන්නෙ?………”

“ඒක මොකටද ඔයාට?………”😠😠

“අපරාදෙනෙ ඉතිං මගෙන් බේරෙන්න කියලා හිතාගෙන රස්සාවෙන් මාරුවකුත් හදාගෙන පදිංචියත් වෙනස් කරලා මැඩම් ඉගිල්ලුනා……..”

ඇස් කරකව කරකව රෙක්සි එහෙම කියද්දී මට කේන්තියක් දැනුනා.මේක පිට තැනක් හින්දා මං නිකන් ඉන්නවා. නැත්නම් මං මූට හොදවයින් දෙකක් කියලා දෙනවා.

“මේ රෙක්සි මං මෙහෙන් ගියේ මට මාරුවීමක් ලැබුනු හින්දා මිසක් තමුන්ට බයේ නෙවෙයි.එක එක අපරාධකාරයින්ට බයේ පැනලා යන ජාතියෙ කෙනෙක් නෙවෙයි මං………”😠😠

“අයියෝ මැඩම් ඔච්චර කේන්ති ගන්න දෙයක්ද මං කිව්වෙ?හරි හරි කොහොමද මැඩම්ගෙ ජීවිතේ දැන්?මැරි කරලද ඉන්නෙ?……..”

“ඔව් ඇයි?……..”😠😠

“හා……ඒක හොදයි.හැබැයි මට දැන් ටිකකට කලින් ඇහුනා මැඩම් යාලුවන්ට කියනවා මැඩම් තාම කසාද බැදලා නෑ කියලා……..”

තව දුරටත් මෙතන හිටියොත් මගෙ ඉවසීමෙ සීමාව පනින හින්දා මං එතනින් යන්න හැදුවත් රෙක්සි මගෙ අතින් ඇල්ලුවා.

“කරුණාකරලා මගෙ අත අතාරිනවා රෙක්සි.තමුං මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ?ආ……..”😡😡

“මට මැඩම් එක්ක ටිකක් කතා කරන්න ඕනි………”

“ඉතිං කියන්න තියන දෙයක් කියනවා. මට යන්න පරක්කු වෙනවා………”😠😠

“මැඩම් අපේ ගෙදර යමුද?……..”

“තමුසෙට පිස්සු හැදීගෙනවත් එනවද?……..”😠😠

“ඔව් මැඩම් හින්දා තමයි මට පිස්සු හැදුනේ………”

“එහෙනම් යනවා අංගොඩ……..”😠😠

එහෙම කියලා මං කාවින්දිටත් කියලා ගෙදර යන්න පිටත් වුනා.හොද වෙලාවට මං දුවව එක්කරගෙන ආවෙ නැත්තෙ. එහෙම වුනා නම් ලොකු විනාශයක් සිද්ද වෙයි.මගින් ලොකු චොක්ලට් එකක් අරගෙන මං ගෙදර ආවා.

“ආ දුව….කලින්ම ඇවිත්නෙ.මොකුත් ප්‍රශ්නයක් වුනේ නෑනෙ………”

“නෑ අම්මා.පාටියට රෙක්සිත් ඇවිත් හිටියා.හොද වෙලාවට මං දුවව එක්කන් නොගියෙ………”

“එහෙනම් කමක් නෑ.ඒ අපරාධකාරයා දරුවව දැක්කොත් එහෙම ලොකු විනාශයක් වෙයි……..”


දුවව මොන්ටිසෝරියට ඇතුල් කරා.උදේට මං දුවව එක්කන් ගිගිල්ලා අම්මා දුව ඇරුනම එක්කන් එනවා. මොන්ටිසෝරියෙ ටීචර්ට මං කිව්වෙ හස්බන්ඩ් ඉන්නෙ රට කියලා.ඒක කාටවත් ප්‍රශ්නයක් වුනේ නෑ.දුව ඉගන ගන්න ගොඩාක් දක්ෂයි.මොන්ටිසෝරියේ තරග වලට ඉදිරිපත් වෙලා දිනලා එහෙම තියනවා.කොහොම හරි මහන්සි වෙලා දුවට උගන්නලා දුවව හොද තැනකට ගන්නවා.

💌💌

“මැඩම් ඔයාව හම්බෙන්න කව්ද ඇවිත්………”

“කව්ද සුරේශ්?………”

“මේ මොකක්ද නමක් කිව්වා.මේ………”

“මේ ඩිංගට සුරේශ්ට නමත් අමතක වුනාද?………”

“මොකක්ද මේ….ආ හරි හරි මේ ධම්මික කියලා කෙනෙක් මැඩම්………”

“ආ….එයාට එන්න කියන්න………”

මිනිත්තු කිහිපයකින් ධම්මික මා අසලට ආවා.ඔහු සිටියේ සාමාන්‍ය ඇදුමකිනි.

“ආ ධම්මික ගොඩ කාලෙකට පස්සෙනෙ. කොහෙද මේ?………”

“මොනවා මැඩම්ද මේ පොලීසියේ ඕඅයිසී?අපිට කිව්වෙ මැඩම්ට මාරුවීම හම්බුනේ බදුල්ලට කියලනේ………”

මං එදා ඒ හැමෝටම කිව්වේ මට මාරුවීම හම්බුනේ බදුල්ල පොලීසියට කියලා. එහෙම කිව්වෙ මට ඕනි වුනේ මං යන තැන කිසිම කෙනෙකුට නොකියා යන්නයි.

“මට ලොකු හේතුවක් තිබුනා ධම්මික එහෙම කියන්න.ධම්මික කොහෙද මෙහෙ?………”

“මට මේ පොලීසියට මාරුවීමක් ලැබිලා තියනවා.මේ ලියුම මැඩම්ට භාර දෙන්න කියලා කිව්වා………”

“මයි කන්ග්‍රැජුලේශන් ධම්මික.දැන් ඔයාලා කොහෙද ඉන්නෙ.ක්වාටස් තියනවා එහෙ ඉන්නත් පුලුවන් හැබැයි. වයිෆ් ආවද?………”

“අපි කුලියට ගෙයක් ගත්තා.වයිෆ්ව හෙට එක්කන් එනවා.මට හෙට ඉදන් තමයි ඩියුටි එන්න තියෙන්නෙ……..”

මට නිකමට වගේ හිතුණා රෙක්සි ගැන ධම්මිකගෙන් අහන්න.

“ඊට පස්සෙ රෙක්සිගෙන් මොකුත් ප්‍රශ්නයක් ආවෙ නැද්ද ධම්මික?………”

“මැඩම්ට කියන්න මැඩම් රෙක්සි දැන් සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක්. කොටින්ම කියනවා නම් මිනිහා දැන් පන්සලුත් යනවා……..”

😀😁”එහෙනම් ඌ කසාද බදින්න ඇති……..”

“නෑ මැඩම්.රෙක්සි බැදලා නෑ.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා……..”

“ඒ මොකක්ද ධම්මික?……..”

“මං හිතන්නෙ මැඩම් මං ඒක ඇහුවොත් මැඩම්ට තරහ යයි………”

“න්….නෑ ධම්මික කියන්න………”

“මැඩම්ට දුවෙක් ඉන්නවා නේද?………”

“ඔ….ඔව් ධම්මික කොහොමද දන්නෙ?………”

දෙයියනේ ධම්මික කොහොමද ඒක දන්නෙ?ධම්මික වගේම ඒ ගැන රෙක්සිත් දන්නවද?මට බයකුත් දැනුනා.

“එදා මැඩම් යාලුවෙකුගෙ පාටියකට ගියා නේද?………”

“ඔව්………”

“එවලෙ මැඩම්ගෙ පර්ස් එකේ තිබිලා අවුරුදු පහක විතර පුංචි ගෑනු ළමේක්ගෙ ෆොටෝ එකක් බිමට වැටිලා. ඒක රෙක්සි දැකලා.පස්සෙ මැඩම් එතනින් ගියාට පස්සෙ රෙක්සි ඒ ෆොටෝ එක අහුලලා බලලා………”

අනේ දෙවියනේ😢😢රෙක්සි දැන ගත්තොත් මගෙ දුව ගැන.නෑ….නෑ මං රෙක්සිට මගෙ දුවව දකින්න ඉඩ තියන්නෙ නෑ.

“ඊ….ඊට පස්සෙ මොකද වුනේ ධම්මික?………”

“රෙක්සි ඒ ෆොටෝ එකත් අරගෙන අපේ ගෙදරට ආවා.මැඩම් ගැන විස්තර ඇහුවා.ඒත් මං මොකුත්ම කිව්වෙ නෑ. මාත් ඒ ෆොටෝ එක දැක්කා මැඩම්………”

මං දන්නවා ධම්මික මේ නොකියා කියන්නෙ මගෙ දුවගෙ තාත්තා රෙක්සි කියලා ධම්මිකත් දන්න බවයි.දැන් රෙක්සි හැම තැනකම මාවයි දුවවයි හොයනවා ඇති.මං ඉක්මනට ගෙදරට කෝල් කරලා කිව්වා පිට කිසිම කෙනෙක් ගේට් එකෙන් ඇතුළට ගන්න එපා කියලා.

මතු සම්බන්දයි💌💌