මැර හිතකට ලං වී

😘හිතපුවත් නැති වෙලාවකදී හිතපුවත් නැති විදියට මගෙ ජීවිතේට ලස්සනම ලස්සන ආදරයක් ලැබුනා.මදි නොකියන්න දේෂාන් මහත්තයා මට ආදරේ කරා.මාව පරිස්සම් කරා.සමහර වෙලාවට මට පුදුමත් හිතෙනවා දේෂාන් මහත්තයා ගැන.මාව මෙහාට අරන් ආපු මුල් දවස් වල මං දේෂාන් මහත්තයා ගැන හිතන් හිටියේ ගොඩාක් වැරදි විදියටනෙ. කොහොම හිතන්නද දේෂාන් මහත්‍තයගෙ හිතේ මං ගැන මෙහෙම අදහසක් තිබ්බා කියලා.

“අහිංසා…..මං පොඩි ගමනක්‍ යනවා.රෑ වෙන්න කලින් එනවා.ඔයා බය නැතුව ඉන්න……..”

උදේ දහයට විතර කොහෙදෝ යන්න ලෑස්ති වෙලා ඇද උන් කමිසයේ බොත්තම් දමමින් දේෂාන් මහත්තයා මං ගාවට ඇවිත් එහෙම කිව්වා.

“මහත්තයා කොහෙද යන්නෙ?………”

“හතුරෙක් ඉන්නවා.උගෙ අතක් පයක් කඩලා එන්න……..”

බුදු අම්මෝ😮😱මේ මනුස්සයා ඒක කියපු හැටි.හරි ලස්සන වැඩක් කරන්න යනවා කියලා හිතේ.මිනිස්සුන්ගෙ අත පය කඩන්න හදන්නෙ බෝංචි කියලා හිතුවද දන්නෑ.අම්මපා අනින්න හිතෙනවා දෙකක්.ඒත් බෑනෙ උදේ පාන්දර හොද පාරවල් දෙක තුනක් කන්න වුනොත් එහෙම මට.

“ඒ ඇයි මහත්තයා?කව්ද ඒ මනුස්සයා? මොකක්ද කරපු වැරැද්ද එහෙම දඩුවමක් දෙන්නෙ?……..”

“අනේ අම්මපා මේ ගෑනුන්ටත් ඕන්නැති මගුලක් නෑනෙ……..”😠😠

“අනේ සමාවෙන්න මහත්තයා.මං ආයෙ අහන්නෙ නෑ……..”

මං එහෙම කියද්දී දේෂාන් මහත්තයා මං ගාවින් වාඩි වෙලා මගේ කරට අත දාලා මාව තුරුල් කර ගත්තා.

“මේ අහන්නකො මැණික,ඒ මිනිහා අපේ කම්පැණි එකේ තිබිච්ච ෆයිල් වගයක් හොරකම් කරලා.කීප වතාවක්ම අපි මිනිහාට අවවාද කරා.ඒත් ඌ අපිට ලොකු තර්ජනයක් මැණික.අපේ වැඩ වලට ඌ ඔලුව දානවා වැඩියි.ඌට හොදවයින් දෙක තුනක් ඇනලා එන්න ඕනි……..”

“ඒ මිනිහගෙ පව්ලෙ ඉන්නෙ කව්ද?……..”

“ගෑනියි ලමයි දෙන්නයි……..”

“ළමයි ලොකු අයද?………”

“දෙන්නම ස්කෝලෙ යනවා………”

“අනේ මහත්තයා එහෙනම් ඒ මනුස්සයට බැනලා හරි කමක් නෑ වැරැද්ද තේරුම් කරලා දෙන්න බලන්න.අතක් පයක් කඩලා දාලා එක්තැන් වුනාම අර ගෑනිටයි දරුවො දෙන්නටයි මොකද වෙන්නෙ?ඒ අය පව්නෙ.දෙමව්පියන්ගේ වැරදි වලට අහිංසක දරුවො පලි නෑනෙ……..”

මං එහෙම කිව්වම දේෂාන් මහත්තයා මගෙ පිටට තට්ටු කරලා ඇදෙන් නැගිට්ටා.

“හරි මං බලන්නම්කො ඌට තේරුම් කරලා දෙන්න පුලුවන්ද කියලා……..”

💐💐

රෑ වුනත් දේෂාන් මහත්තයා ගෙදර ආවෙ නෑ.මං හිටියෙ හොදටම බය වෙලා. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති.රාත්‍රී එකොළහ විතර වෙනකල් බලන් හිටියා.මං දන්නෑ මට කීයට නින්ද ගියාද කියලා.උදේ නවයට විතර මට ඇහැරුනා.ඇදේ අනික් පැත්තෙ බලද්දී දේෂාන් මහත්තයා නිදාගෙන හිටියා.ඊයෙ රෑ කීයට ගෙදර ආවද දන්නෑ.මං සද්ද නොකර ඇදෙන් නැගිටලා බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගත්තා.දුලීකා නැන්දා තේ ගෙනත් දුන්නට පස්සෙ මං දේෂාන් මහත්තය ඇහැරෙව්වා.

“මහත්‍තයා…..නැගිටින්නකෝ………”

දහ සැරයක් විතර කතා කරාට පස්සෙයි දේෂාන් මහත්තයා නැගිට්ටේ.ඇසුත් පොඩි කර කර මං දිහා බැලුවෙ නින්ද කැඩුවට මාව කන්න වගෙයි.

“මොකද?………”😡

“දැන් නවයත් පහුවෙලා……..”

මං බිම බලාගෙන සමාව අයදින ස්වරයෙන් එහෙම කිව්වා.

“ඔව් ඉතිං?……..”😡

අම්මෝ දැන් නම් මේකාගෙ මූණ දිහා බලන්නත් බයයි.මට හොද පාරක් කන්න කන්න වෙන සීන් එකක් තියෙන්නෙ.මං ටික ටික ඇදේ පිටි පස්සට ගියා.මගෙ පපුවත් ගැහෙනවා.

“නෑ…..මො…..මොකුත් නෑ.මේ තේ බීලා ඉන්නකො………”

“ඉතිං මොකද ඕක කියන්න ඔච්චර වෙව්ලන්නෙ?……..”😠😠

“පිස්සු……..”

“කාටද පිස්සු?……..”😡

අපොයි මූට ඒකත් ඇහුනද?අද ඉවරයි මං.මං ටක්ගාලා තේ එක මේසෙ උඩින් තියලා නැගිට්ටා.

“ඔහොම හිටපිය……..”

දේෂාන් මහත්තයා ටක්ගාලා පැනලා මාව අල්ල ගත්තා.අපොයි දෙයියනේ මේ යකා මාව කයි වගේ.

“අනේ මහත්තයා මට ඒක කියවුනා.අනේ වදින්නම් ගහන්න නම් එපා……..”

අඩන ස්වරයෙන් මං එහෙම කියද්දී දේෂාන් මහත්තයා මාව තුරුල් කරගෙන මගෙ කනක් හැපුවා.මට”ඌයි” කියලා කෑ ගැස්සුනා.

“රිදුනද මැණික?……..”

“හ්ම්ම්……..”

දුක හිතිලද මන්දා දේෂාන් මහත්තයා මගෙ කම්මුලක් සිපගෙන මගෙ පිට සිහින්ව පිරි මැද්දා.මං ඒ උණුසුමට ගුලි වෙලා හිටියා.

“දැන් ඇතිද මැණික.මට නම් හොදටම බඩගිනියි…….”

💐💐

දේෂාන් මහත්තයා තේ බීලා පල්ලෙහාට ගිය අතරෙ මං බැල්කනියට ගියා. නිසොල්මනේ ටිකක් වෙලා බලාගෙන ඉද්දී කන ලගින් සමනලයෙක් ඉගිලිලා ගියා.අනේ😀😀ලස්සන පාට පාට සමනලයෙක්.මං ඒ සමනලයව අල්ල ගන්න හැදුවා.කාමරේ ඇතුලට ඉගිලිලා ආපු සමනලයා දොරෙන් එලියට පියාඹගෙන ගියා.මං උගෙ පස්සෙන් දුවගෙන ගියත් මට ඌව අල්ල ගන්න බැරි වුනා.

“ආව්….අම්මෝ…..අනේ මගෙ කකුල අයියෝ……..”😭😭

සමනලව අල්ල ගන්න හිතාගෙන දුවගෙන ආපු පාර මාව පඩිපෙලින් වැටිලා කකුල ඇනුනා.රිදුනු පාරට මං යටිගිරියෙන් කෑ ගැහුවා.මගේ කෑ ගැහිල්ල ඇහිලා දුලීකා නැන්දයි දේෂාන් මහත්තයයි දුවගෙන ආවා.කකුල කැඩිලද දන්නෑ මට නැගිටින්නවත් බැරි වුනා.

“අනේ නෝනා,දෙයියනේ මොකද එකපාරටම වුනේ?……..”

“අනේ කකුල කැඩිලද දන්නෑ.මට නැගිටින්න බෑ……..”😭😭

දේෂාන් මහත්තයා මාව පොඩි එකෙක් වගේ හරහට වඩාගෙන කාමරේට ගෙනාවා.ඉවසගන්න බැරි තරම් වේදනාවක් කකුලෙන් දැනුනේ.හොද වැඩේ මටත් සමනල්ලු අල්ලන්න ගියාට. වේදනාව වැඩි කමට මගෙ ඇස් වලින් කදුලු සට සට ගාලා වැටුනා.😭😭

“උඩ බලාගෙනද ඕයි තමුසෙ පඩිපෙලින් බැස්සෙ?……..”😡😡

“අනේ නෑ මහත්තයා සමනලයා අල්ලගන්න ගියේ……..”

බයටම මට ඇත්ත කියවුනා.දේෂාන් මහත්තයට මළ පැන්නා මං එහෙම කියද්දී.

“මගුලෙ ගියාද සමනල්ලු අල්ලන්න පොඩි එකෙක් වගේ.එළදෙන……..”😡😡

“අනේ මහත්තයා කකුල ගොඩාක් රිදෙනවා හොලවන්නතවත් බෑ……..”😭

“බය වෙන්න එපා නෝනා කකුල කැඩිලා නෑ උලුක් වෙලා තියෙන්නෙ……..”

ඊට පස්සෙ දේෂාන් මහත්තයා මාව හොස්පිටල් එකට එක්කන් ගිහින් කකුලට බෙහෙත් බැදගෙන ආවා. යනකල් එනකල් මට බැන බැනමයි ආවෙ ගියේ.හරියට මං හිතලා පඩිපෙලින් වැටුනා වගේනෙ මේකා බනින්නේ. අහිංසක මං ගැන මේකාට පොඩ්ඩක් වත් දුක නෑනෙ.

“ඇදේම ඉන්නවා නැගිටින්න එහෙම එපා. කියන දේ අහන්නෙ නැතුව පණ්ඩිතකම් කරන්න ගියොත් එහෙම අනික් කකුලත් කඩලා දානවා……..”😡😡

කඩලා දාන්න බෝංචි මෑ කරල් කියලා හිතුවද දන්නෑ.අම්මපා මේ යකාට මගෙ වේදනාව ගැන පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑනෙ.අර මල් වාස් පාර හරියට වැදිලා නෑ වගේ.😁

“මහත්තයා……..”

“මොකද ඒ පාර?……..”

“කකුල ගොඩාක් රිදෙනවා……..”

“හොද වැඩේ……..”😂

“නොදකින් බූරුවා……..”😁😁

“මොකක්ද තමුසෙ කිව්වෙ?……..”

අම්මෝ ඇති යාන්තං මේ වසවර්තියට ඒක ඇහිලා නෑ.ඇහුනා නම් එහෙම රෑ කෑම වේල කලින්ම ලැබෙනවා ශුවර්.

“අහිංසා හෙට මගෙ උපන් දිනේ……..”

අනේ හෙට මේ යකාගෙ බර්ත්ඩේ එකද?මං මොනවද දෙන්නෙ උපන් දිනේට?🤔අනේ ඉතිං මොනවා වුනත් මගෙ හබියානෙ.😚

“ඉතිං මහත්තයා හෙට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?පාර්ටි දානවද?……..”

“මං හිතුවෙ තමුසෙවත් එක්කරගෙන ඩිනර් එකට හොද හොටෙල් එකකට යන්න.කොහෙද ඉතිං තමුසෙ කකුල උලුක් කර ගත්තනේ.දැන් යන්න බෑනෙ. කැමති දෙයක් කියනවා අපි ගෙන්න ගම්මු………”

“ඉතිං අපි ලොකූ කේක් එකක් ගෙනල්ලා කපමු……..”

“හ්ම්ම්.මං ඕඩර් කරන්නම්……..”

💐💐

🎂🍰🍻🎁🎉️🎈🎊️

අද තමයි දේෂාන් මහත්තයගෙ උපන් දිනේ.පාන්දර හයට විතර මට ඇහැරුනා. දේෂාන් මහත්තයා නම් හොදටම නිදි. හිමින් සීරුවේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න මං ඇදෙන් නැගිට්ටා.නැගිටලා බොහොම අමාරුවෙන් අල්මාරිය ලගට ගිහිල්ලා ඒක ඇරලා දේෂාන් මහත්තයාට ගත්තු ප්‍රසන්ට් එක එලියට ගත්තා.ඒක මං ඊයෙ දුලීකා නැන්දට කියලා ගෙන්න ගත්තෙ දේෂාන් මහත්තයාට හොරෙන්ම. මං ඒක අරන් හිමිහිට හිමිහිට ඇදට ගියා.

“මහත්තයා……..”

අදත් මේකාව ඇහැරවලා මට බැනුම් අහන්න වෙයිද?කමක් නෑ අද කේන්ති ගන්න එකක් නෑ.අද බර්ත්ඩේ එකනෙ.

“මහත්තයා……..”

“මොකද ගෑනියෙ බෙරිහන් දෙන්නෙ?නිදා ගන්න දීපන්කො……..”😠😠

මං දිහා බලලා තරහින් වගේ දේෂාන් මහත්තයා එහෙම කිව්වා.මං මගේ අතේ තිබ්බ ප්‍රසන්ට් එක දේෂාන් මහත්තයාට දුන්නා.

“සුබ උපන් දිනයක් වේවා මහත්තයා……..”

තෑග්ග අතට දීලා මං ඒ විදියට විශ් කරද්දී දේෂාන් මහත්තයා එයාගෙ කම්මුලට ඇගිල්ලක් තියලා ඇස් වලින් මොකක්දෝ කිව්වා.මට තේරුනා මේකා මොකක්ද ඉල්ලන්නෙ කියලා.මට පුංචි ලැජ්ජාවක් නොදැනුනාම නෙවෙයි.අනික ඉතිං මොකට ලැජ්ජ වෙන්නද?මං දැන් මෙයාගෙනෙ.

“මොකද ආ……?ඔහොම විශ් කරලා මදි බං.කිස් එකක්වත් දියන්.එතකොට තමයි මරු……..”

මං හිමිහිට පාත් වෙලා ඒ කම්මුලක් සිප ගත්තා.මට නැගිටින්න නොදී අනික් පැත්තට මාව පෙරලගත්තු දේෂාන් මහත්තයා මගෙ මුහුණට එබුනා.මේ යකා එක්ක සෙල්ලම් කරන්න ගියොත් මගෙ කකුලට පත්තු බදින්න වෙයි.මං බොහොම අමාරුවෙන් කකුල පරිස්සම් කර ගත්තෙ.

“අපි මැරි කරාට පස්සෙ අම්මව බලන්න යමු.ඔයාව දැක්කට පස්සෙ අම්මා මාත් එක්ක තියන තරහ නැති වෙයි.එයා මාව කසාද බන්දවන්න සෑහෙන ට්‍රයි කරා……..”

“ඔයාගෙ අම්මා මට කැමති වෙයිද මහත්තයා?………”

අනිවාර්යයෙන්ම කැමති වෙනවා මැණික. එයා හරිම හොදයි.ඔයාට දුවෙකුට වගේ ආදරේ කරයි.

රෑ හතට විතර කේක් කපලා දේෂාන් මහත්තයාගෙ උපන් දිනේ සැමරුවා.රාත්‍රී නවයට විතර දේෂාන් මහත්තයා එයාගෙ යාලුමිත්‍රයෝ එක්ක පල්ලෙහා පාර්ටියක් දාලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා.

මතු සම්බන්දයි

Advertisment