වියරුවක්….
✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️
අනේ මගේ දරුවා..
හයියෙන් කෑගනවා ඇහිලා මන් සාලෙට දුවන් ආවේ..
අම්මා පපුවත් අල්ලන් අඩනවා..
මට හිතාගන්න බෑ මොකද්ද සිද්දවෙලා තියෙන්නේ කියලා.
බලද්දි පොලිසියෙන් ඇවිත්..
මන් කෝකටත් ගිහින් කතා කලා.
ඉන්ස්පෙක්ටර් මොකද්ද ප්‍රශ්නේ ..
මේකයි මිස්. මිස්ට නිරෝෂ් අපි අත්තඩංගුවට ගත්තා.
හේතුව ඉන්ස්පෙක්ටර් ..
මත්ද්‍රව්‍ය භාවිතය , ලග තබා ගැනීම සහ විකිණීම..
නෑ එහෙම නෑ . අනේ මගේ පොඩි එකා. අහිංසකයා, එහෙම කරන්නේ නෑ ඔය බොරු කියන්නේ.
අම්මේ පොඩ්ඩක් කටවහන් ඉන්නවද
කියන්න ඉන්ස්පෙක්ටර්
අපි උසාවි නියෝගයක් අරන් ආවේ මේ තියෙන්නේ , ගේ චෙක් කරන්න ඕන.
ෂුවර් ,ඉන්ස්පෙක්ටර් චෙක් කරන්න , අපි රාජකාරියට බාධා කරන්නේ නෑ .
පොලිසියෙන් ගේ චෙක් කරනකම් මන් සාලෙට වෙලා හිටියා. අම්මා බෙරිහන් දිදී අඩනවා.
තැන්ක්ස් යූ මිස් ඉඩ දුන්නට..අපි ගිහින් එන්නම්..
ඕකේ ඉන්ස්පෙක්ටර් ..
අපි යමු, මෙහෙන් මොනවත් හම්බවුනේ නෑ.
පොලිසියෙන් යන දිහා බලන් හිටියේ, අම්මා අමාරුවෙන් නැගිටලා ගිහින් තාත්තාට කෝල් එකක් දීලා අඩ අඩ විස්තරය කියනවා.
මම ගිහින් අම්මව පුටුවෙන් ගිහින් ඉන්දෙව්වා.
අඩන්න එපා අම්මේ
අඩන්නේ නැතුව කොහොමද අනේ මගේ පොඩි එකා,
කවුද දෙයියනේ මේ අපරාදේ කලේ.
අපි මල්ලිව බේරගමු. බය වෙන්න එපා මන් ඉන්නවානේ..
යමු කාමරේට , චුට්ටක් හාන්සි වෙන්න,
අම්මව ඇදෙන් හාන්සි කරවලා සාලෙට් එද්දි වාහමයක් ඇවිත් මිදුලේ නතර කලේ, තාත්තා ඇවිත්,
ලොකූ කෝ අම්මා,
කාමරේ තාත්තේ, ගොඩක් අඩලා ඉන්නේ..
මොකද්ද ලොකු හරියටම වෙලා තියෙන්නේ..
මන් තාත්තාට වෙච්ච හැමදේම කීවේ එක හුස්මට,
අපි මොකද්ද තාත්තේ කරන්නේ..
ම්ම් ..මන් ලෝයර් කෙනෙක් කතා කරලා පොලිසියට ගිහින් බලන්නම් ඇප දීලා ගන්න පුලුවන්ද කියලා.
මන් අදුරන ලෝයර් කෙනෙක් ඉන්නවා..
තාත්තා ගියාට පස්සේ මන් ඇවිත් රෑට කෑම හැදුවා. අද ගෙදර අය කන්නේ නැතිවෙයි..
හ්ම්ම්. මන් ලොකු හුස්මක් අරන් කාමරේට ආවා..
ටික වෙලාවකින් දොරේ බෙල් එක ගහන සද්දෙ නිසා ඇවිත් බැලුවා. ඇවිත් හිටියේ තාත්තා , තනියම
මම දොර ඇරලා තාත්තාට ගේ ඇතුලට එන්න දුන්නා..
මට වතුර එකක් දෙන්න
හරි.ඉන්න තාත්තේ මන් ගෙනත් දෙන්නම්..
මන් කුස්සියට ගිහින් වතුර වීදුරුවක් අරන් එනකොට අම්මත් නැගිටලා ආවා.
ආ තාත්තේ ..
මොකද උනේ තාත්තේ..
වැඩක් නෑ ඇප ගන්න බැරි උනා. සදුදට උසාවි දානවා කීවා. එදාට තමා ඇප ගන්න වෙන්නේ.
අද සිකුරාදා, ඒ කියන්නේ දවස් තුනක්, මන් හිතින් හිතුවේ.
අනේ මගේ දරුවා.. කොහොමද ඔය කූඩුවක ඉන්නේ..කන්නත් නෑ.. අනේ මගේ අහිංසකයට වෙච්ච දේ..
අනේ පොඩ්ඩක් කට වහන් ඉන්න මාලනී.. කූඩු ගනේ ලගින්න වෙන්නේ නෑනේ හරියට හිටියානම්..
අනේ මගේ කොල්ලා වැරද්දක් කරන්නේ නෑ.. කවුරුහරි කරපු දෙයකට මගේ කොල්ලාව අල්ලා.. මන් ගිය සතියේ හදහන බලද්දී අපලයි කියලා කීවා..පරිස්සම් වෙන්න කීවට ඇහුවේ නෑ
අනේ මේ කටවහගන්නවා පොඩ්ඩක් ,මගුලේ කේන්දරයක් අල්ලන් කියවන්නේ..
කීවේ ඇත්ත මන්..පුතාට අප..
මොන මගුලක්ද .. එක පාරක් කීවා..
අනේ ඔය දෙන්නා රණ්ඩුවෙන එක නවත්වන්න , රණ්ඩු උනා කියලා මල්ලි එන්නේ නෑනේ.
අනේ මේ ලොකූ යනවා කාමරේ වද දෙන්නේ නැතුව
මන් කටවහන් කාමරේට ආවා. අම්මා කෑහැහුවේ හරියට මන් වැරද්දක් කලා වගේ.
හයියෙන් හයියෙන් කතාවක් ඇහෙනවා වගේ, මන් කාමරේන් එලියට ආවේ
බලද්දි නැන්දලා ඇවිත් , එයාලත් අඩනවා.
නැන්දේ, දැන්ද ඔයාලා ආවේ,
ආරංචි වෙච්ච හැටියේ මන් මේ ආවේ..
අනේ බලන්න අක්කේ මගේ කොල්ලා, මොන ඇස් වහක් කට වහක් වැදුනද දන්නේ නෑ..
අම්මා ආයෙත් අඩනවා.
මන් එයාලට තේ හදලා දීලා දවල් කෑම ලෑස්ති කලා.
දවස් ගෙවිලා සදුදත් උනා.
නැන්දලා මේ දවස් ටිකම මෙහේ හිටියේ .. අම්මා එක්ක.
අද උසාවි දවස තාත්තා ලොකු ලෝයර් කෙනෙක් කතා කරලා තිබ්බේ,
අපි හැමෝම උසාවියට ගියා, අම්මා ලොකු බලාපොරොත්තුවකින් හිටියේ මල්ලිට ඇප ලැබෙයි කියලා.
කොච්චර හොද ලෝයර් කෙනෙක් කතා කලත් වැඩක් වුනේ නෑ. , මල්ලිට විරුද්දව සාක්ෂි තිබ්බ නිසා ඇප ගන්න බැරි උනා,
ඊලග මාසෙට නඩුදිනේ කල් ගියා.
මේ මාසෙම කට්ටිය හැඩූ කදුලින්,
ඊලග නඩු දිනේ ආවත් මල්ලිට විරුද්ධව තිබූ සාක්ශි ප්‍රබල නිසා අවුරුදු 10කට ඇතුලට ගියා.
අම්මා පොලොවේ පස් කන්නේ නැති ටික විතරයි. අඩනවා ඉවරයක් නෑ.
පව්..මල්ලි
කට්ටිය ගෙදර ආවා. නැන්දලාත් අපිත් එක්කම අපේ ගෙදර ආවා.
ඇවිල්ලා අම්මගේ හිත සනසනවා..
එයාලා ගොඩක් දවස් මෙහේ හිටපු නිසා ගෙදර ගිහින් එන්නම් කියලා ගියා .
මන් කාමරේට ඇවිත් දොර වහලා ලොකු හුස්මක් අරන් මූනේ තිබ්බ ශෝක මූඩ් එක අයින් කලා. කන්නාඩිය ඉස්සරහට ඇවිත් මගේ මූණ දිහා බැලුවේ .
මගේ මූණේ හිනාවක්, ඔව් ..අවුරුදු ගානකින් මේ ගෙදරදි මගේ මූණට හිනාවක ඇවිත් ,
නිකන් හිනාවක් නෙවේ #වියරුවක් වියරු හිනාවක්🤣🤣🤣🤣🤣
මන් විදවපු විදවීම එයාලත් විදවන්න ඕන..
මම සරණි නිම්නදී , ඒත් මේ ගෙදරදි සරණි නෙමේ අසරණී..
අවුරුදු 25ක්, අවුරුදු 8යි සතුටින් හිටියේ.. මල්ලි ඉපදුනා, මන් හිතුවේ අනේ මගේ මල්ලි නේද, දැන් මගේ තනියට කෙනෙක් ඉන්නවා කියලා, ඒත් සිද්දවුනේනම් නෑ.
කාලය ගතවෙද්දි ටිකෙන් ටික ගෙදර අය වෙනස් වුනා. මුලින්ම හමේ පාට, මට වඩා මල්කි සුදුයිලු,
පාසල් යන කාලේ වෙනකොට අම්මාගේ කටේ තිබ්බේ මට වඩා මල්ලිට ඉගෙන ගන්න පුලුවන්, එයාලගේ නම්බුව ආරක්ෂා කරන්නේ එයාලු, මන් කලොත් කරන්නේ එයාලට ලැජ්ජා හිතෙන වැඩක්ලු. බ්ලාලා. බ්ලාලාබ්ලාලා
මල්ලි මොනදේ කලත් පොඩි එකා, තේරෙන්නේ නෑ
ඒත් මන් මොන දේ කලත් වැරදියි,
සමහර දවස්වලට මන් නොකල වැරදිවලට තාත්තාගේ ගුටි කනවා.
පවුලේ නෑදෑයෝ කියලා වෙනසක් නෑ
එයාලත් සැලකුවේ මල්ලිට, එයාලගේ වචනයෙන් කියනවානම් පවුලේ එකම කොල්ලා, පවුලේ නම ගෙනියන්න ඉන්නේ එච්චරයි , අරකයි මේකයි..
පොඩි කාලේ මගේ හිතේ තිබ්බ දුක ලොකු වෙනකොට වෛරයක් , පලිගැනීමේ වියරුවක් විතරයි.
ඒ මල්ලිගෙන් නෙවේ මල්ලි වටේට ඉන්න,මාව එකපාරට අතෑරලා දාලා ගිය අයගෙන් පලිගැනීමේ වියරුව 🤣🤣🤣🤣🤣🤣
එකට මන් ඉගෙන ගත්තා, රෑ දවල් කියලා බලන්නේ නැතුව මහන්සිවෙලා ඉගෙන ගත්තා. පලිගන්න ඉගෙන ගත්තා. මට සල්ලි තියෙනවා ,
මන් මල්ලි පස්සෙන් කෙනෙක් දැම්මා මල්ලි ගැන හොයන්න.. මම එකෙන් තමා දැනගත්තේ මල්ලි විනාස වෙලා ඉවරයි කියලා..
මන් ඒවා අම්මාට කීවනම් කවදාවත් පිලිගන්නේ නෑ
එයා ඕවා කරන වෙලාවක් අල්ලා මන් පොලීසියට ඉන්ෆොම් කලා..
සාක්ෂි එක්කම අහුවෙන විදිහට..
අම්ම්ලාගේ ආදරේ නිසා මල්ලි නොමග ගියා,
පව් දුකයි එත් කරන්න දෙයක් නෑ..
මන් කාමරේට ඇවිත් සතුටට ඉයර්ෆොන් එක ගහන් සිංදුවක් දාගත්තා .
මට දුක් දුන්න හැමෝම විදවාවි.. සමහර විට මේක ආරම්භය වෙන්නත් පුලුවන්..මට දුක් දීපු හැමෝම විදවාවි.
මට දුකක් තියෙනවා. ඒ මල්ලි ගැන, එයා හිරෙන් නිදහස් වෙලා එනකොටවත් නරක පුරුදු නැති වෙලා හොද කෙනෙක් වෙලා ඒවි.
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
නිමි_
📝📝📝 හර්ෂි 💕💕