අපොයි දෙයියනේ මොනවද මේ සිද්ද වෙන්නෙ?දේෂාන් මහත්තයා මට අයි ලව් යූ කියලා කිව්වෙ ඇත්තටමද?මාව නිකන් කරකෝලා අතෑරියා වගේ.නෑ…….වෙන්න බෑ දේෂාන් මහත්තයා මං වගේ පොඩි කෙල්ලෙකුට ආදරේ කරයිද?එයාට කොහේ හරි වෙන කෙල්ලෙක් ඇති.ඒත් එහෙම ඉන්නවා නම් මාව මොකටද මේ තියාගෙන ඉන්නෙ?එකපාරටම මට මතක් වුනේ දුලීකා නැන්දා කියපු දෙයක්. එයා කිව්වෙ දේෂාන් මහත්තයා මෙච්චර කාලෙකට ගෑනු ළමේක් මේ ගෙදරට ගෙනාවා නම් ඒ මං විතරයි කියලනේ. අනේ මන්දා මට නම් මේ මොකවත්ම හිතා ගන්න බෑ.
දුලීකා නැන්දා රෑට කෑම ගෙනත් දුන්නා. නොකා ඉන්න බැරි කමට කෑවා මිසක් මගෙ හිතේ තිබුනෙම දවල් දේෂාන් කියපු දේවලුයි.ඊට පස්සෙ දේෂාන් මාව හොයාගෙන ආවෙ නෑ.සමහර විට දේෂාන් මාව රවට්ටනවා වෙන්න ඇති. ඒත් ඇයි එහෙම කරන්නෙ?මගෙ හිත පුරාම පැතිරිලා තිබුනේ මේ ප්‍රශ්නෙමයි.
කල්පනා සයුරේ කිමිදිලා ඉන්නකොට දේෂාන් කාමරේට ආවා.මට බයකුත් දැනුනා.මං පොරවාගෙන හිටපු සීට් එක බෙල්ල ගාවටම ඇද ගත්තා.
“මොකද තමුසෙට සීතලයිද?……..”
එහෙම අහලා එයා මගෙ සීට් එක ඇදලා පැත්තකට දැම්මා.
“මේ අහනවා අහිංසා දවල් මං කියපු දේ ගැන තමුසෙ මොකද කියන්නෙ?……..”
“මෙ….මොකක්ද මහත්තයා?………”
“ඇයි ගෑනියෙ තොට ඒ ඩිංගට ඒක අමතක වුනාද?ආ……..”
මූට පිස්සුද මං වගේ පුංචි කෙල්ලෙකුට ගෑනියෙ ගෑනියෙ කියලා කතා කරන්නෙ? හරියට මං මුගෙ කසාද ගෑනි කියලාද මූ හිතාගෙන ඉන්නෙ?
“අහිංසා මං තමුසෙට ඇත්තටම ආදරෙයි. තමුසෙව මං මෙහාට අරන් ආවෙ තමුසෙගෙන් සැප ගන්න නෙවෙයි. තමුසෙව දැක්ක පළවෙනි දවසෙ ඉදන්ම තමයි මං තමුසෙට ආදරේ කරන්න ගත්තෙ.සුදු ගව්ම ඇදලා කොන්ඩෙ කරල් දෙකට ගොතලා පොත් බෑග් එකත් කරේ එල්ලන් ඉස්කෝලේ ගිය තමුසෙව මං මුලින්ම දැක්කෙ ඕලෙවල් වලට මාසෙකට කලිනුයි.ඊට පස්සෙ මං රොශාන්ට කිව්වා තමුසෙගෙ පව්ලෙ අය ගැන විස්තර හොයන්න කියලා.මාස දෙකකට පස්සෙ රොශාන් මට හැම විස්තරයක්ම හොයාගෙන ඇවිත් කිව්වා. මට තමුසෙ ගැන පුදුම දුකක් දැනුනෙ ගෙදර මිනිස්සු තමුසෙට සලකන හැටි දැකලා.ඊට මාසෙකට පස්සෙ මං තමුසෙගෙ මාමා ගාවට ගිහින් තමුසෙව ඉල්ලුවා.එයයි එයාගෙ නෝනයි මුලින්ම එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ මං තමුසෙව අරන් යනවට.ඊට පස්සෙ මං ලක්ශ විස්සක් දෙන්න පොරොන්දු වුනා. ඊට පස්සෙ ඒ දෙන්නා උඩින්ම කැමති වුනා තමුසෙව මට දෙන්න.ඒ විදියට මං තමුසෙව ගෙනල්ලා මෙහෙ හිර කරගෙන තියන් හිටියෙ තමුසෙට අවුරුදු දහ අට සම්පූර්ණ වුනාම කසාද බදින්න බලාගෙන……..”
එහෙම කියලා ඉවර වෙලා දේෂාන් මං දිහා බැලුවා.අනේ දෙවියනේ මං හීනෙකින්වත් දේෂාන් මහත්තයගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.කසාදයක් ගැන හිතන්නෙ කොහොමද මං මෙච්චර පුංචි වයසකදී?
“අනේ මහත්තයා මං….අනේ මට බයයි මහත්තයා……..”
මං එහෙම කියද්දී දේෂාන් හොදටම හිනා වුනා.මූට නම් මොකද ඉතිං මාව බය කරලා හිනා වෙනවා.අනින්න හිතයි දත් ටික බඩට යන්න.😁😂
“මොකටද බය වෙන්නෙ?අහිංසා ඔයාට තාම අවුරුදු දහ හතයි තමයි.මේ වයසට හිතට ආදරේ කියන දේ දැනෙනවනේ?මට ආදරේ කරන්න බය වෙන්න එපා.තව මාස නවයකින් ඔයාට දහ අට ලබනවා. ඊට පස්සෙ අපි මැරි කරමු.ඔයා හිමිහිට මං ගැන හිතන්න.මෙච්චර කාලෙකට හොල්ලන්න බැරි වුන මගෙ හිත ඔයා හෙලෙව්වා අහිංසා.මං ඔයාට පණටත් වඩා ආදරෙයි………”
දේෂාන් ඒ ටික කිව්වෙ මගෙ අත් දෙකෙන්ම අල්ලගෙනයි.මං හිමිහිට ඒ මුහුණ දිහා බැලුවා.ඒ ඇස් වල වෙනදා නොදුටු ආකර්ෂනයක් මං දැක්කා.මං හිමිහිට බිමට නෙත් යොමු කරා.
“අහිංසා කියන්න ඔයාට මාව හොද මදිද? මං ඔයාට වඩා අවුරුදු දහ තුනක් වැඩිමහල්.ඒකද මට ආදරේ කරන්න බැරි?……..”
“අනේ මහත්තයා මං…..මං කවදාවත් මහත්තයගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.මං හිතුවෙ මහත්තයා මාව මෙහෙ තියාගෙන ඉන්නෙ මහත්තයගෙ ඕනෑ එපාකම් ඉශ්ට කරගෙන මාව එපා වෙච්චි දවසට මාව ගෙදර යවන්න වෙන්න ඇති කියලා………”
මං එහෙම කියද්දී දේෂාන් මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.
“මං ගැන එහෙම හිතන්න එපා මැණික. මං උඹට මගෙ පණටත් වඩා ආදරෙයි.මං මෙච්චර කාලයක් තිස්සෙ උඹට රිද්දුවට මට සමාවෙයන්.උඹ මාව දාලා වෙන එකෙක් එක්ක යයි කියලා බය හිතුනු හින්දයි මං උඹව බලෙන්ම මගේම කරගත්තෙ.ඊට පස්සෙ මැණිකට මාව දාලා යන්න බෑනෙ.මට කියපන් රත්තරං උඹට මං ගැන පුංචිම පුංචි හැගීමක්වත් නැද්ද?ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බෑ කියලා මං දන්නවා.මං බලන් ඉන්නවා අහිංසා ඔයා මට ආදරෙයි කියනකල්.අනේ මාව දාලා යන්න නම් එපා……..”
දෝතින්ම මගෙ මුහුණ අල්ලන් දේෂාන් එහෙම කියද්දී මට පුදුම හිතුණා මෙච්චර දරදඩු හිතක් තියන මැරයෙකුට මේ වගේ ආදරණීය හදවතක් තියනවද කියලා.දේෂාන් මට ගොඩාක් ආදරෙයි කියලා මට තේරුණා.සමහර විට මං ගොඩාක් වාසනාවන්ත ඇති මේ වගේ ආදරයක් ලබන්න.ඒත් මගෙ හිතට දේෂාන් මහත්තයා ගැන එහෙම ආදරයක් දැනෙන්නෙ නෑනෙ.සමහර විට ඒ පහුගිය කාලෙ දේෂාන් මහත්තයගෙන් මං විදපු දුක් වේදනා හිරිහැර හින්දා වෙන්න ඇති.
“මහත්තයා……..”
“මැණික………”
“අනේ මහත්තයා මට බනින්න නම් එපා. මට එහෙම ඉස්කෝලේ ගිය කාලෙවත් පිරිමි ළමේක් එක්ක සම්බන්දයක් තිබුනෙ නෑ.මං කාටවත්ම ආදරේ කරලා නෑ.මට ටික කාලයක් දෙන්න මහත්තයා. මහත්තයා මට ගහනකොට බනිනකොට මට ගොඩාක් බයා හිතෙනවා……..”
“මං ආයෙ මගෙ මැණිකට ගහන්නෙ නෑ. හැබැයි වැරැද්දක් කරොත් එහෙම පාරක් නොගහා බෑ………”
“මං වැරදි කරන්නෙ නෑ මහත්තයා……..”
“ඒක හොදයි.මං බලාගෙන ඉන්නවා මගෙ මැණික මට ඉක්මනටම ආදරෙයි කියනකල්……..”
දේෂාන් මගේ නලල සිප ගත්තා.ජීවිතේ පලවෙනි වතාවට මගෙ ජීවිතේට ලොකු ආරක්ෂාවක් දැනුනා.ඒත් මට තාම මේ දේවල ගැන හිතා ගන්න බෑ.මං දේෂාන් ගැන මොකුත්ම දන්නෙ නෑ.මං දන්නෙ දේෂාන්ගෙ නමයි වයසයි විතරයි.
දේෂාන් මං ඔඩොක්කුව උඩ තියාගෙන හිටපු කොට්ටෙ ඇදලා තියාගෙන ඇදෙන් ඇල වුනා.ඊට පස්සෙ මගෙ අතින් ඇද්දා.
“නිදා ගම්මු බං නිදිමතයි………”
සීට් එක අපි දෙන්නටම පොරවපු දේෂාන් එක අතක් මගෙ මගෙ පපුව උඩින් දාගෙන කකුලක් මගෙ බඩ උඩින් දාගෙන මාව තුරුල් කරගෙන නිදා ගත්තා.
💛💛
උදේ පාන්දර මට ඇහැරෙද්දී දේෂාන් ලග හිටියෙ නෑ.මං වටපිට බැලුවා.
“කාවද මැඩම් හොයන්නෙ?……..”
දුම් දමන තේ කෝප්පයක් අතේ තියාගෙන දේෂාන් ඇද ලගට ආවා.
“න්….නෑ…..මහත්තයා………”
“දැන් වෙලාව හතයි කාලයි. කම්මැලිකමට දවල් වෙනකල් නිදා ගන්නවා නේද?මට ඇහැරවන්නත් හිතුණා……..”
මට ලැජ්ජාවකුත් දැනුනා දේෂාන් මහත්තයා එහෙම කියද්දී.
“අනේ ඉතිං ඇහැරවන්න තිබ්බනෙ.මං එහෙම කම්මැලි නෑ……..”
දැනුන ලැජ්ජාව යටපත් කරගෙන මං එහෙම කිව්වා.
“පස්සත් එලියෙ දාගෙන පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්නකොට මට දුක හිතුණා ඇහැරවන්න.ආ මේ කිරි එක බොන්නකො………”
මං බාතෲම් එකට ගිහින් ඇවිත් කිරි එක බොන්න ගත්තා.කිරි එකෙන් බාගයක් විතර බීලා ඉවර වුනාට පස්සෙ මට හිතුණා ඉතුරු ටික දේෂාන්ට බොන්න දෙන්න.ඒත් දේෂාන් මං ඉතුරු කරපු කිරි බාගෙ බොයිද?
“හිත හිත එන්න එපා බං දීපන් මං බොන්නම්…….”
මට පුදුම හිතුණා දේෂාන් මහත්තයා මං හිතපු දේ කිව්වම.මං දීපු ඒ කිරි බාගෙ දේෂාන් මහත්තයා බිව්වා.
“මහත්තයා…….”
“හ්ම්ම්…….”
“මහත්තයගෙ දෙමව්පියෝ ඉන්නවද?……..”
මං එහෙම ඇහුවම දේෂාන් මහත්තයා දුකෙන් වගේ කල්පනා කරා.මට බය හිතුණා බැනුම් අහන්න වෙයි කියලා.
“මගෙ තාත්තා ජීවතුන් අතර නෑ අහිංසා. එයා මැරුණේ හාට්ටැක් එකක් හැදිලා. මගෙ අම්මා නම් ඉන්නවා…….”
“අම්මා කොහෙද ඉන්නෙ?…….”
“අම්මා ඉන්නෙ අපේ ගමේ.මාත් එක්ක අම්මා වැඩිය හිත හොද නෑ.ඒත් මං අම්මට ගොඩක් ආදරෙයි අහිංසා…….”
තව දුරටත් දෙමව්පියෝ ගැන ඇහුවොත් දේෂාන්ට දුක හිතෙයි.ඒ හින්දා මං මාතෘකාව වෙන පැත්තකට යොමු කරා.
“මං හීනෙකින්වත් හිතුවෙ නෑ මහත්තයා මං වගේ පුංචි කෙල්ලෙකුට ආදරේ කරයි කියලා.මං හිතුවෙ මහත්තයා කසාද බැදපු කෙනෙක් කියලා…….
“පුංචි??තමුසෙගෙ කොහෙද පුංචි?කෝ පෙන්නනවා බලන්න?…….”😁🤭
දේෂාන් මාව ඇදේ පෙරලගෙන කිචි කවන්න පටන් ගත්තා.හිනා වෙලා කෑ ගහලා ගහලා මගෙ ඇස් වලින් කදුලුත් වැටුනා.
“මැණික…..මට ආදරෙයිද කියලා කියපන්කො.මට නම් තව ඉවසන්න බෑ…….”
දේෂාන් මහත්තයා ගැන මගෙ හිතේ තිබිච්ච බය ටිකින් ටික අඩු වෙලා යන්න පටන් ගත්තා.මැරයෙකුගේ හිතක් මෙතරම් සියුමැලි,ආදරණීයයි කියලා මං හිතුවෙ නෑ.දේෂාන් මගෙ පපුතුරේ හිස හොවාගෙන හිටියා.
“ආ….ආදරෙයි මහත්තයා…….”
මං එහෙම කිව්වා විතරයි දේෂාන් මාව එයාගෙ පපුවට තද කරලා තුරුල් කරගෙන සිප ගත්තා.
“මහත්තයා අනේ මට බනින්න එපා මං දෙයක් කියන්නද?…….”
“කියන්න මැණික?…….”
“ආදරේ කියන දේ මට හුරු නෑ මහත්තයා.මං ජීවිතේ පළවෙනි වතාවට ආදරෙයි කියලා කිව්වෙ මහත්තයට විතරයි.මේ දේවල් මට නුහුරුයි.මගෙ අතින් වැරැද්දක් එහෙම වුනොත් ගහන්නැතුව මට කියලා දෙන්න……..”
“මං මගෙ මැණිකට ගහන්නෙ නෑ.මේ හැම දේකටම ඔයා ඉක්මනටම හුරු වෙයි…….”
💛💛
“නැන්දෙ දේෂාන් මහත්තයා ඇත්තටම මැරයෙක්ද?…….”
මං දුලීකා නැන්දගෙන් එහෙම ඇහුවා.
“පිටට පෙන්නන තරම් මහත්තයා නපුරු දුශ්ටයෙක් නෙවෙයි නෝනා.මහත්තයා එයාගෙ මුලු ජීවිතේම කැප කරේ මේ ව්‍යාපාර වෙනුවෙන්.මහත්තයගෙ අම්මා මහත්තයත් එක්ක එච්චර හිත හොද නෑ.ඒ නෝනා මහත්තයට කීප වතාවක්ම කසාදයක් කරලා දෙන්න උත්සහ කරා. මහත්තයා ඒකට කැමති වුනේ නෑ.ඒ හින්දා ඒ නෝනා මහත්තයත් එක්ක වැඩිය හිත හොද නෑ.මහත්තයා හිතුවෙම මේ ව්‍යාපාර ගැන විතරයි.ඔය පාතාලෙ සමහර චන්ඩින්ව එහෙම මහත්තයා හොදට අදුරනවා.ඒ ඇදුරුම්කම හින්දා තමයි මහත්තයට ඔය මැරයෙක් කියන ලේබල් එක වැදුනෙ…….”
මට ආසාවක් ඇති වුනා දේෂාන් මහත්තයගෙ අම්මව දකින්න.ඒත් මං ඒක දේෂාන්ට කිව්වෙ නෑ.පොඩ්ඩ ඇත්නම් මේකාට කේන්ති යනවනේ.මාව අමුවෙන්ම කයි කේන්ති ඇවිස්සුනොත්.
දවස් තුන හතරකුන් දේෂාන් මහත්තයා ගෙදර ආවෙ නෑ.මං හිටියේ ගොඩාක් පාලුවෙන්.ලග ඉදලා දුරස් වුනාම මහා තනිකමකුයි පාලුවකුයි දැනුනා.දුරස් වුනාම ආදරේ ගොඩාක් වැඩියෙන් දැනුනා.මගේ හිත මටත් හොරාම දේෂාන් මහත්තයාට ආදරේ කරන්න පටන් අරන්. කව්ද දෙයියනේ හිතුවෙ මෙතරම් ඉක්මනට මගේ හිතට ආදරේ දැනෙයි කියලා.
මං මග බලන් හිටියා දේෂාන් මහත්තයා එනකල්.දුලීකා නැන්දගෙන් ඇහුවත් එයා දැනගෙන හිටියෙ නෑ දේෂාන් මහත්තයා කොහෙද ගියේ කියලා.මට මෙච්චර ආදරෙයි නම් ඇයි දෙයියනේ යන තැනක් මට කියලා යන්න බැරි.කෝල් ගත්තත් ෆෝන් එක වැඩ කරේ නෑ.බැල්කනියට වෙලා බලාගත්තු අත බලාගෙන ඉද්දී මං දැක්කා දේෂාන් මහත්තයා කාරෙකෙන් ඇවිල්ලා බහිනවා.මං දිහා බැලුවත් මං අහක බලා ගත්තා.අද නම් මූව මට්ටු කරන්නම ඕනි.ටිකක් වෙලා යද්දී දේෂාන් මහත්තයා කාමරේට ආවා.
“අහිංසා…….”😡😡
ඒ කතා කරපු විදියට මාව උඩ විසික් වුනා.ඒ පාර මූට මක් වෙලාද?මං බයෙන් බයෙන් වගේ ලගට ගියා.අද නම් උඹ ඉවරයි අහිංසා.😁😆😀
“ඇ….ඇයි මහත්තයා…….”
“මං බැලුවම මොකද අහක බලාගෙන හිටියෙ?…….”😠😠
“මට සමාවෙන්න මහත්තයා.මෙච්චර දවසක් මහත්තයා කොහෙද ගිහින් හිටියෙ මටත් නොකියා?මට ගොඩාක් දුක හිතුණා මහත්තයා ලග නැතුව ගොඩාක් පාලුයි…….”😥😥
“මගෙ මැණික මට එච්චරටම ආදරේද…….”
“ඔ…ඔව් මහත්තයා…….”
“මං බිස්නස් වැඩකට ඉන්දියා ගිහින් හිටියෙ.මැණිකට කිව්වෙ නැත්තෙ දුක් වෙයි කියලා හිතුණා.අපේ වෙඩින් එකට ඔයාට ලස්සනම ලස්සනම සාරි වගයක් ගෙනාවා මං එහෙන්……..”
“කව්ද සාරි තේරුවෙ?…….”😡😡
මට ඒක කියවුනා.දේෂාන් මහත්තයා මං දිහා බැලුවේ බර බැල්මකින්.තප්පර කිහිපයකින් ඒ මුහුණේ සිනහා රැල්ලක් මැව්නා.
“ශාරි ශොප් එකේ හිටපු ගෑනු කෙනෙක්ට කියලා තෝර ගත්තෙ…….”
මතු සම්බන්දයි