මුහුණට දැනුනු සීතල තෙත් ගතියත් එක්ක මං ඇස්දෙක ඇරලා බොහොම අමාරුවෙන් නැගිටලා ඇදෙන්ම වාඩි වුනා.මං ඉන්නෙ මගේ කාමරේමයි. ඉස්සෙල්ලා මට මොකක්ද වුනේ🤔🤔කව්ද මං පිටිපස්සෙ ඉදන් මගෙ මුහුණට ලේන්සුවක් තියලා තද කරේ. අනිවාර්යයෙන්ම එවලෙ තමයි මට සිහිය නැති වෙන්න ඇත්තෙ.ගතට දැනුනේ පුදුම සීතලක්.උවමනාවෙන් බලද්දියි මට තේරුම් ගියේ මගෙ ඇගේ නූල් පොටක්වත් නැති බව.මං හොදටම බය වෙලා කෑ ගහන්න හදනකොටම කවුරු හරි මගෙ කට තද කරලා වැහුවා. දෙයියනේ රෙක්සි😱😱ඒ කියන්නෙ ඉස්සෙල්ලා බැල්කනියෙ හිටියෙ රෙක්සිද?

“කෑ ගහන්න එපා.පේනවනෙ මගෙ අතේ තියන්නෙ මොකක්ද කියලා.කෑ ගහලා තිබ්බොත් මේක බස්සනවා ඇතුලට……..”😡😡

රෙක්සිව හිරේ යැව්වට මගෙන් පලි ගන්නවා කිව්වට මං හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ තිරිසන් විදියට ඌ මගෙන් පලි ගනියි කියලා.මං හොදටම ඇඩුවා.😭😭මට ඇති වෙලා තියෙන්නෙ සුලු පටු ලැජ්ජාවක් නම් නෙවෙයි.මං කොහොමද දැන් ලෝකෙට මුහුණ දෙන්නෙ?ගොඩාක් වෙලා මං කදුලු හැලුවා.😥😥

මේ වගේ තිරසනෙකුගෙන් මට මගේ ජීවිතේ ආරක්ෂා කර ගන්න බැරුව මං කොහොමද මේ සමාජෙ අනික් ගෑනු ළමයින්ගෙ ජීවිත ආරක්ෂා කරන්නෙ?පොලිස් නිළ ඇදුම ඇන්දත් මට තිබුනේ ඉක්මනට උණු වෙන හදවතක්.රෙක්සි තාමත් ඉන්නෙ මං ලගට වෙලා ජරා විදියට හිනා වෙවී.මෙවර මට මං ගැනම ඇති වුනු දුකට ලැජ්ජාවට වඩා රෙක්සි ගැන ඇති වුනේ තදබල කෝපයක් වෛරයක්.අත දිගෑරලා ඌට හොද කම්මුල් පාරක් දෙන්න හදද්දිම ඌ මගෙ අතින් අල්ල ගත්තා.

“වැඩිය දගලන්න එපා මැඩම්.මේකත් හොදට අහගන්නවා.මේ සිද්ද වෙච්චි දේට තමුං මට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවොත් මගෙ ෆෝන් එකේ තියන තමුංගෙ මේ ෆොටෝස් ටිකයි වීඩියෝ එකයි මේ මුලු රටටම බලා ගන්න පුලුවන් වෙයි.මැඩම් මං කියපු විදියට තමුංගෙ පාඩුවෙ හිටියොත් මේ වීඩියෝ එකයි ෆොටෝස් ටිකයි මං ඇරෙන්න වෙන කිසිම කෙනෙක් දකින්නෙ නෑ.තේරුනාද?……….”😡😡

අනේ දෙයියනේ මේ තිරිසනා හදන්නෙ මාව බ්ලැක්මේල් කරන්නද?මේ වීඩියෝ එකයි ෆොටෝ ටිකයි පෙන්නලා මු මාව බය කරගෙන මට හැමදාම මුගෙ අමාරුකම් නැති කරන්න යන්න වෙයිද? කිසිම බයක් සැකක් නැතුව මූ මගේ ගෙදරට ඇවිත් මගෙ ජීවිතේ විනාශ කරානෙ.😭😡

“ඇයි දෙයියනේ මට මෙහෙම කරේ?ඒත් තමුං එකක් හොදට මතක තියාගන්නවා රෙක්සි මට කරපු අපරාධෙට තමුසෙට නීතියෙන් දඩුවම් නොලැබුනත් දෙවියන්ගෙන් නම් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙයි.මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ………”😭😭

“මාත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ මැඩම්.තමුසෙ මට දුන්නෙ මාර ආතල් එකක් ඕයි……..”

“තමුසෙලා වගේ ජරා මිනිස්සුන්ට ගෑනු ළමයින්ගේ ජීවිත සෙල්ලම් බඩු වගේ. හිතන්න එපා මං තමුසෙ ළග දනින් වැටිලා මගෙ ජීවිතේ යදියි කියලා. තමුසෙට බෑ මගෙ ගමන නවත්තන්න.මං තමුසෙගෙන් පලි ගන්නවා රෙක්සි………”😡😡

කෝපයත් වෛරයත් කැටි වූ ස්වරයෙන් මං එහෙම කිව්වම රෙක්සි වියරුවෙන් වගේ හිනා වුනා.මගෙ හිතට දැනුනු කේන්තියෙන් මාව පිච්චෙනවා වගේ මට දැනුනා.රෙක්සි එයාගෙ ටී ෂර්ට් එකත් ඇදගෙන මං ගාවට ආවා.

“මං යනවා මැඩම්.ආ…..දැන් පාන්දර තුනයි වෙලාව.අද නිවාඩුවක් දාලා ගෙදර ඉන්න.ඇගට මහන්සිත් ඇතිනෙ.බායි.මං කියපු දේවල් හොදට මතක තියා ගන්න……..”

එහෙම කියලා රෙක්සි කාමරෙන් ගියා. සිද්ද වෙච්චි දේවල් මට හීනයක් වගේ.මං පොලීසියට බැදුනේ මොන තරම් බලාපොරොත්තු තියාගෙනද?ඒ හැම බලාපොරොත්තුවක්ම වතුරෙ ගියාද?දැන් මට රෙක්සිගෙ අතේ නැටවෙන රූකඩයක් වගේ ජීවත් වෙන්න සිද්ද වෙයිද?එහෙම වුනොත් මං මගෙ තාත්තාට වෙච්චි පොරොන්දු ඉශ්ට කරන්නෙ කොහොමද?මං මගෙ තාත්තට පොරොන්දු වුනා මේ නිළ ඇදුම ඇදගෙන ඉන්න තාල්කල් මේකෙ ගෞරවය රකිනවා කියලා,කවදාවත් නීතිය පගාවට යට වෙන්න දෙන්නෙ නෑ කිව්වා.අවංක විනයගරුක නීතිගරුක පොලිස් නිළදාරිනියක් වෙනවා කියලා පොරොන්දු වුනා.ඒ පොරොන්දු මං දැන් කොහොමද ඉශ්ට කරන්නෙ?😭😭බොහොම අමාරුවෙන් මං ඇදෙන් නැගිට්ටා.යටි බඩෙන් දැනුනු මාරාන්තික වේදනාවට මාව එහෙම්මම බිමින් ඉන්දුනා.අනේ දෙයියනේ මොන කරුමයක්ද මට මේ පඩිසන් දුන්නෙ?😭😭

ඇද වියලත් අල්ලගෙන නැගිටපු මං ටවල් එකත් ගත දවටාගෙන බාතෲම් එකට ගියා.උදේ පාන්දර කියලා බැලුවෙ නෑ.සීතල වතුරෙන් හොදටම නෑවා. කාමරේට ඇවිත් කොන්ඩෙ වේලගෙන ඩියුටි යනවද නැද්ද කියලා කල්පනා කරා. මං අද ඩියුටි නොගියොත් රෙක්සි හිතයි ඌට බයේ ගියේ නෑ කියලා.ඒ හින්දා මොන අමාරුව දැනුනත් මං ඩියුටි යනවා. එහෙම හිතපු මං යුනිෆෝම් එක ඇදගෙන පල්ලෙහාට ආවා.අම්මා තේ සූදානම් කරලා තිබුනා.මට අම්මව දකිනකොට මහා දුකක් ඇති වුනා.ඊයෙ රෑ සිද්ද වෙච්චි දේවල් අම්මා දන්නවා නම් එයාගෙ පපුව පැලෙයි.

“අනේ දූ ඔයා උදේ පාන්දර නෑවද?පිස්සු කෙල්ල.එන්න තේ බොන්න………”

කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව මං අම්මත් එක්ක තේ බීලා අම්මට දණ ගහලා වැදලා පොළිස්ටේෂන් එකට ආවා.

“ගුඩ් මෝනිං මැඩ්ම්……….”

“ගුඩ් මෝනිං ධම්මික……….”

“මැඩම්…..අනින්දා උදේ ජයවත්ත හංදියෙ තියන උත්සවේ ආරක්ෂාව ගැන බලන්න බාර කරලා තියෙන්නෙ අපිට………”

“හරි ධම්මික මං ඒ ගැන අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නම්………”

“ඇයි මැඩම්,මැඩම්ට සනීප නැද්ද?………”

මගේ වෙනස ධම්මිකට තේරෙන්න ඇති. උදේ පාන්දරම නාපු හින්ද්ද මන්දා ඔලුව රිදෙන්න පටන් ගත්තා.

“ඔලුව කැක්කුමයි වගේ ධම්මික………”

මං එහෙම කිව්වම ධම්මික ෆස්ට් ඒඩ්ස් බොක්ස් එක ඇරලා මට පෙනඩෝල් පෙති දෙකක් ගෙනත් දුන්නා.මං වතුරෙ බෝතලේ ඇරලා පෙනඩෝල් පෙති දෙක බිව්වා.

“මැඩ්ම් රෙක්සිගෙන් මොකක්වත් ප්‍රශ්නයක් එහෙම වුනේ නෑනෙ………”

ධම්මික අහපු දෙයින් මගෙ හිත ගැස්සුනා.ඒත් මං ඒ බවක් පිටට පෙන්නුවෙ නෑ.

“න්….නෑ ධම්මික.මොන දේ සිද්ද වුනත් රෙක්සිට බෑ මගෙ ගමන නවත්තන්න……….”


දින කිහිපයකට පසුව👇👇👇

මං රාජකාරියෙ සිටින අවස්ථාවේදී මගෙ ෆෝන් එකට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා.ආන්සර් කරනවද නැද්ද කියලා කල්පනා කරලා මං ඒ කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ කව්ද මේ?………”📲

“අයියෝ මැඩම් මේ ඩිංගට මාව අමතක කරාද?මං රෙක්සි………”📲

“ඉතිං තමුං මොකටද මට කතා කරන්නෙ?………”😡📲

“මට මැඩ්ම්ව හම්බෙන්න ඕනි………”📲

“ඒ මොකටද?………”😡📲

“ටිකක් කතා කර කර ඉන්න.එන්නද?………”📲

“තමුං මේක හොදට අහගන්නවා රෙක්සි. මට තමුසෙත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ.මීට පස්සෙ මට කෝල් කරන්න එපා………”😡📲

ෆෝන් එක කට් කරලා මං මේසෙ උඩින් තිබ්බා.ඉස්සරහට රෙක්සිව මට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණා.මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.පොලිස් නිළදාරිනියක් වුනත් මං මේ වෙලාවෙ ගොඩාක් අසරණයි.මට දැන් වුනත් පුලුවන් මාව රේප් කරා කියලා රෙක්සිව අත්තඩංගුවට ගන්න.ඊට පස්සෙ ඒක මේ මුලු රටම දැන ගනියි. මීඩියා වල ඒක ලොකුවට උලුප්පලා කියයි.ඊට පස්සෙ කොහොමද මං පාරෙ බැහැලා යන්නෙ?මගෙ අහිංසක අම්මා පපුව පැලිලා මැරෙයි.

කල්පනා කරලා කරලා මං එක තීරණයක් ගත්තා.ඒක ක්‍රියාත්මක කරන්න මං ඩීඅයිජී සර්ට කෝල් එකක් ගත්තා.මාසයක් ඇතුලත් මට ඒ උදව්ව කරලා දෙන්න ඩීඅයිජී විජේසුන්දර සර් පොරොන්දු වුනා.

🔥🔥

නිවාඩු දවසක් හින්දා මං අද ටිකක් දවල් වෙනකල් නිදා ගත්තා.මං ඇහැරුනේ උදේ දහයට විතර.පල්ලෙහාට යද්දී අම්මා උදේ කෑම කනවා.

“ආ දූ අද නැගිටින්න පරක්කු වෙලා වගේ. ගුඩ් මෝනිං.එන්න කෑම කන්න……….”

“ගුඩ් මෝනිං අම්මි……….”

“ඔයාගෙ මාරුවීම කැන්සල් කරගන්න බැලුවෙ නැද්ද?අපරාදෙනෙ මේ කොළඹ දාලා අපි බණ්ඩාරවෙල යන්නෙ………”

ඒ මාරුවීම මම ඉල්ලලා ගත්තු එකක් කියලා අම්මට දැන්ම කියන්න බෑ.ඒක මේක වෙලාව නෙවෙයි.

“මට බෑ අම්මා ඔය ලොක්කන්ගෙ පස්සෙන් යන්න ඕවට.කමක් නෑ චේන්ජ් එකකටත් එක්ක හොදයි බණ්ඩාරවෙල යන එක………”

“බණ්ඩාරවෙල පරිසරය හොදයි.කමක් නෑ ඉතිං.දූ මං තව ටිකකින් පන්සලට යනවා………”

“හා අම්මි……….”

අම්මා පන්සලට ගියාට පස්සෙ මං කම්මැලිකමටත් එක්ක මිදුලට වෙලා පොතක් කියව කියව හිටියා.කව්දෝ මන්දා ගේට්ටුව ඇරගෙන එන සද්දෙට මං ඔලුව උස්සලා බැලුවා.දෙයියනේ රෙක්සි😱😡කිසිම බයක් සැකක් නැතුව මූ මගේ ගෙදරටම එනවනේ.😡😡මං කවුරු කියලා හිතාගෙනද දන්නෑ මෙහෙ එන්නෙ?

“ආ ගුඩ් මෝනිං මැඩම්……….”

“මං හොදින් කියන්නෙ කරුණාකරලා යනවා යන්න මේ ගේට් එකෙන් එලියට. මං තමුගෙසෙ ඔය මූණවත් දකින්න කැමති නෑ.මං කවුරු කියලද තමුසෙ හිතාගෙන ඉන්නෙ?………..”😡😡

“මේ අහනවා සහස්‍රා තමුසෙට මං එදා කියපු දේවල් හොදට මතක ඇතිනෙ. මතක නැත්නම් බලනවා මේක……….”

රෙක්සි ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ ඔහුගේත් මගේත් චායාරූප කිහිපයක් මට පෙන්නුවා.

“දැන් මොකද කියන්නෙ මැඩම්?……….”

“තමුසෙට මොනවද ඕනි?කරුණාකරලා කියනවා.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න……….”😢😢

“අන්න එහෙම එන්නකො මැඩම්.මේ ගෙදර ඉන්නෙ මැඩමුයි මැඩම්ගෙ අම්මයි විතරයිනෙ.මං අද රෑට එනවා මැඩම් ගාවට………”

මං හිතුවා හරි.රෙක්සි හදන්නෙ ඒ ෆොටෝස් ටික පෙන්නලා මාව බය කරන්න.දෙයියනේ මං දැන් මොකද කරන්නෙ?මගෙ ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තා.කොහොම හරි මේකගෙ ෆෝන් එකේ තියන ෆොටෝස් ටික ඩිලිට් කරගන්න ලැබුනොත් හරියටම හරි.තව සතියකින් මං බණ්ඩාරවෙලට යන හින්දා ඊට කලින් කොහොම හරි මේ ෆොටෝ ටික ඩිලිට් කරගන්න ඕනි.

“ඔය ෆොටෝ ටික ඩිලිට් කරලා දාන්න………”

“පිස්සුද මැඩම්.තව එකපාරක් මාත් එක්ක හිටියොත් මං ඒ ෆොටෝ ටික ඩිලිට් කරලා දාන්නම්……….”

මං කල්පනා කරා.අම්මා එන්න තව පැය දෙකතුනක්වත් යයි.කොහොම හරි දැන්මම මේ ෆොටෝ ටික ඩිලිට් කරලා දාන්න ඕනි.

“එන්න ගේ ඇතුලට………”

“අන්න එහෙම කියන්නකො මැඩම්………”

රෙක්සිට සාලෙ පුටුවක වාඩි වෙන්න කියලා මං කාමරේට ගිහින් කබඩ් එක ඇරලා පිස්තෝලෙ අතට ගත්තා.ඒක හංගගෙන සාලෙට ආවා.

“නැගිටිනවා……….”

රෙක්සිගෙ දිහාට පිස්තෝලෙ දික් කරගෙන මං එහෙම කිව්වා.රෙක්සි බය වෙලා නැගිට්ටා.

“මෙ….මේ මොකද මැඩම්. මෙ….පිස්සුද?………”

“කරුණාකරලා ඔය ෆොටෝස් ටිකයි වීඩියෝ එකයි ඩිලිට් කරලා දානවා රෙක්සි.නැත්නම් මං තමුසෙගෙ ඔලුව කුඩුවෙන්න වෙඩි තියනවා………”😡😡

මං කියපු පමාවට හොදටම බය වෙලා හිටපු රෙක්සි ඒ ෆොටෝස් ටිකයි වීඩියෝ එකයි ඩිලිට් කරලා දැම්මා.

“දැන් ඔය ෆෝන් එක මට දෙනවා………”😡😡

“ෆොටෝස් ටික ඩිලිට් කරාට පස්සෙ මොකටද ෆෝන් එක?………”

ඩිලීට් කරපු ෆොටෝස් ආපහු ගන්න ඇප් ඒවා තියන හින්දා මං හිතුවා රෙක්සිගෙ ෆෝන් එකත් කුඩු කරලා දාන්න.

“කරුණා කරලා මට ෆෝන් එක දෙනවා රෙක්සි.පේනවනේ මගෙ අතේ තියන්නෙ මොකක්ද කියලා……..”

රෙක්සි බයෙන් වගේ උගෙ ෆෝන් එක මං ගාවට විසික් කරා.මං ඒ ෆෝන් එක අතට අරන් කෑලි කෑලි වලට කුඩු වෙලා යන්න පොලවෙ ගැහුවා.රෙක්සි හිටියෙ හොදටම කේන්තියෙන්.

“දැන් යනවා යන්න.ආයෙ මගෙ ඇස් දෙක ඉස්සරහට තමුසෙ ආවොත් ඒ තමුසෙගෙ අවසානෙ තමයි……..”😡😡

“හොදයි මැඩම් මං යන්නම්.හැබැයි මේකත් හොදට මතක තියා ගන්නවා.මං ආයෙමත් තමුසෙව හොයාගෙන එනවා……..”😡😡

රෙක්සි ගියාට පස්සෙ මං කුඩු වෙච්චි ෆෝන් එකේ කෑලි ටික අහුලලා පුච්චලා දැම්මා.හැබැයි චිප් එක තියා ගත්තා.


වසර හතරකට පසුව👇👇👇

“අම්මී……බබා චෝයි චිත්තයක් ඇන්දා. ලත්තනයිද?……….”

“වා…….ව් හරිම ලස්සනයිනෙ.මගෙ මැණිකට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්නෙ.මැණික ලොකු වෙලා කවුරු වෙන්නද කැමති?……….”

“මං ඔකු වෙලා අම්මි වගේ පොලිත් එක්කෙනෙක් වෙනවා……….”

“ඒකනේ අම්මා වගේම දූත් ඉක්මනට හොදට ඉගනගෙන පොලිස් නෝනා කෙනෙක් වෙන්න ඕනි……….”

එහෙම කිව්වෙ මගෙ අම්මා.

“දෝණි ගිහින් තව චිත්‍රයක් අදින්නකො………”

කියපු පමාවට දුව පොතත් අරගෙන කාමරේට දුවලා ගියා.

“දුවේ……..”

“අම්මෙ?………”

“දැන් හැමදාම ඔහොම මේ දරුවත් එක්ක තනියම ඉන්නද කල්පනාව දුවේ?……….”

“මං දන්නවා අම්මා කියන්න හදන දේ.මට කසාද බදින්න කියලා නම් කියන්න එපා. මේ ජීවිතේ මට ගොඩාක් සැනසීමයි………”

“ඔයා තනි වෙනවනේ දුවේ?………”

“නෑ අම්මෙ.මට මගෙ දුව ඉන්නවා.මට තනියම ජීවත් වෙන්න පුලුවන්………”

ඊට පස්සෙ අම්මා එතනින් ගියා.මං තේ එකත් අරගෙන මිදුලට ගියා.අවුරුදු හතරකට කලින් මං කොලඹින් මේ බණ්ඩාරවෙලට ආවේ රෙක්සිගෙන් ඈත් වෙලා පාඩුවෙ ජීවත් වෙන්න කියලා හිතාගෙනයි.එදා අන්තිමට රෙක්සි අපේ ගෙදර ඇවිත් ගිය වෙලාවෙ පාරෙ ආපු ලොරියකට හැප්පිලා රෙක්සිගේ කකුල කැඩිලා ගොඩාක් කල් ඇවිදින්න බැරුව හිටියා කියලා මට ධම්මික කිව්වා.මං කාටවත්ම කිව්වේ නෑ මං දැන් වැඩ කරන්නෙ බණ්ඩාරවෙල පොලීසියේ කියලා.රෙක්සි හිතන්න ඌ මගෙ ජීවිතේ විනාශ කරාට පස්සෙ මං උගෙ පස්සෙන් වැදගෙන යයි කියලා.නෑ එහෙම නම් ඌට වැරදිලා.ඌ දන්නෑ උගෙ වටිනාම වස්තුව තියන්නෙ මං ගාව කියලා.මං කවදාවත් මගෙ කෙල්ලට රෙක්සි ගැන ඇත්ත දැන ගන්න ඉඩ තියන්නෙ නෑ.

මෙහෙ පොලීසියෙත් මං හොදට මගෙ රස්සාව කරා.අවුරුදු දෙකක් ඇතුළත මට ප්‍රමෝෂන් එකක් ලැබුනා.දැන් මට තට්ටු දෙකේ ගෙයකුයි කාර් එකකුයි තියනවා.

මගෙ දෝණිගෙ නම ෂෂිනි අරලියා.තාම අවුරුදු හතරයි.මොන දේ සිද්ද වුනත් කෙල්ල මගෙ පණ.

මතු සම්බන්දයි