කම්මුලත් අල්ලගෙන රෙක්සි මං දිහා බැලුවෙ ව්‍යාග්‍රයෙකු ලෙසටයි.ධම්මික ඇතුලුව අනික් පොලිස් නිළදාරීන් බය වෙලා වගේ බලාගෙන හිටියා.රෙක්සි හිතන්න නැතුව ඇති මේ සහස්‍රා සේනානායක කියන්නෙ මෙච්චර කොන්ද පණ තියන එඩිතර පොලිස් නිළදාරිනියක් කියලා.
“හොදයි මැඩම් තමුං එහෙනම් මගෙ කම්මුලටත් ගැහුවා.ජීවිතේ පළවෙනි පාරටයි මේ රෙක්සිට කෙනෙක් අත ඉස්සුවෙ.මැඩම්ව මං කවදාවත් අමතක කරන්නෙ නෑ.බලාගෙන ඉන්නවා මේකෙ රිටන් එක මං ගන්න හැටි………”😡😡
එහෙම කියලා රෙක්සි ගියා.එතකොටම ධම්මික ආවා.
“මැඩම්…..ඔයා ලොකු අමාරුවකයි වැටෙන්න යන්නෙ.රෙක්සි ගැන මැඩම් තාම හරියට දන්නෙ නෑ.මැඩම් කරපු දේට රෙක්සි මැඩම්ගෙ ජීවිතේට පවා කරදරයක් කරයි………”
“මේ ධම්මික මං ආයෙමත් තමුන්ට අවවාද කරනවා අමතක කරන්න එපා තමුන් කව්ද කියන එක.එක එක මැරයින්ට බය වෙලා බෑ පොලීසියේ රස්සාව කරන්න.අපි උන්ට බය වෙලා හිටියොත් කොහොමද අපි ඒ මැරයින්ගෙන් මේ සමාජෙ ආරාක්ෂා කරන්නෙ?ඇයි අපි පොලීසියට බැදුනෙ?………”😡😡
මං කියපු දේවල් ධම්මික නිහඬව අහගෙන හිටියා.
“අයැම් වෙරි සොරි මැඩම්………”
🔥🔥
“මං නම් හිතන්නෙ සහස්‍රා මැඩම් ලොකු විනාශයක් කරගන්නයි හදන්නෙ?රෙක්සි කියන්නෙ කව්ද කියලා දැනගෙනත් මැඩම් උගෙ කම්මුලට ගැහුවනෙ………”
කෑම කන වෙලාවෙදි ඩිපාට්මන්ට් එකේ අයගෙ කතාව මටත් ඇහුවා.මං බිත්තිය ගාවට අහගෙන හිටියා මෙයාලා රෙක්සි ගැන දරන්නෙ මොන වගේ මතයක්ද කියලා දැන ගන්න.සමහර විට මෙතන ඉන්න කෙනෙක් රෙක්සිට උදව් කරන්න පුලුවන්.ඒ ගැන හොද සෝදිස්සියෙන් ඉන්න ඕනි.
“ඒ වුනත් අපි පොලිස් නිළදාරියො විදියට විශේෂයෙන් පිරිමි විදියට ලැජ්ජ වෙන්න ඕනි.යුනිෆෝම් එක ඇදලා හිටියත් අවුරුදු විසිපහක කෙල්ලෙක් අර චන්ඩි මැරයෙක්ට විරුද්ධව අත උස්සද්දී අපි බය වෙලා පැත්තකට වෙලා බලාගෙන හිටියා.මං නම් හිතන්නෙ සහස්‍රා මැඩම් ඔය රෙක්සිට හොද පාඩමක් උගන්නයි………”
සාජන් පෙරේරා දැරුවේ ඒ වගේ මතයක්. කොහොම හරි ඉක්මනට ඔය රෙක්සිගේ හොර ජාවාරම් ටික නවත්තලා දාන්න ඕනි.මං කොහොම හරි ඒක කරනවා. ඌට නටන්න මං ඉඩ තියන්නෙ නෑ.😡😡
“අම්මේ ඔයා කොහේද?……..”
හැමදාම ඩියුටි ඕෆ් වෙලා මං ගෙදරට අඩිය තියන්නෙ අම්මට කතා කරගෙනමයි.
“දුව….ඔයා ආවද?මං මේ ලැවරිය ටිකක් හැදුවා තේ බොන්න.ගිහින් වොශ් එකක් දාගෙන එන්නකෝ………”
“හා අම්මී………”
මේ ගෙදර ඉන්නෙ අම්මයි මමයි විතරයි. තාත්තා නැති වෙද්දී මට අවුරුදු දෙකහමාරයි.මගෙ තාත්තාත් පොලිස් නිළදාරියෙක්.යුද්ධෙ කාලෙදි එයා නැති වුනේ බෝම්බෙකට අහුවෙලා.ඊට පස්සේ අම්මා වෙන විවාහයක් ගැනවත් හිතන්නෙ නැතුවයි මාව හදා ගත්තෙ.
වොශ් එකක් දාගෙන මං අම්මත් එක්ක තේ බිව්වා.අම්මා ඉතාම නිහඬවත් දිවි පෙවතක් ගත කලේ.මේ ගෙදර වැඩකාරියෙක්වත් හිටියෙ නෑ.කරන්න කියලා ලොකු වැඩකුත් නෑ.තනි අපි දෙන්නට මේ ගේ වැඩිත් එක්ක.රෑට කෑම කන අතරෙම මගෙ මොබයිල් එකට කෝල් එකක් ආවා.📲……..
“හෙලෝ………”📲
“හෙලෝ මැඩම් මම ධම්මික………”📲
“ආ ඇයි ධම්මික මේ හදිස්සියෙන්ම කලබලෙන් වගේ?……….”📲
“මැඩම් අපිට දැන් ඔත්තුවක් හම්බුනා හෙට උදේ හත වෙද්දී රෙක්සිට කෝටි ගානක් වටින හොර බඩු වගයක් එනවලු………”📲
“මොනවා??ඔත්තුව දීපු කෙනා කව්ද?………”📲
“ඒ කෙනා එයා ගැන විස්තර කියන්න කැමති වුනේ නෑ මැඩම්……….”📲
“හරි ධම්මික උදේ හය වෙනකොට කට්ටියම ලෑස්ති කරගන්න.මං එනවා. මේ සැරේ රෙක්සිට ගැලවෙන්න දෙන්න බෑ.අනිවාර්යයෙන්ම එයා දඩුවම් ලබන්නම ඕනි………”📲
දැඩි අධිෂ්ඨානයෙන් එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා.මේ වතාවෙ රෙක්සි පාඩමක් ඉගන ගන්නෙ.
“මොකද දූ මොකක් හරි ප්‍රශ්නයක්ද?……..”
“න්….නෑ අම්මා.මේ හිරකාරයෙක් ගැන පුංචි ප්‍රශ්නයක්……..”
මං රෙක්සි ගැන අම්මට කිව්වා නම් අම්මා බය වෙනවා.ඒ හින්දා බොරුවක් කියලා ශේප් කරා.
උදේ හය වෙද්දී මං පොලීසියට ගියා. හැමෝම සූදානමිනුයි හිටියෙ.අවශ්‍ය උපදෙස් දීලා මං පිටත් වෙන්න සූදානම් වුනා.
“මැඩම් අපි රෙඩී.තව විනාඩි පහෙන් බඩු එනවා.අපේ කට්ටිය වටෙන්ම වටටලයි තියෙන්නෙ………”
“හරි ධම්මික.ඔයාලා මේ පැත්තෙන් යන්න.මං මේ පැත්තෙන් යන්නම්. උවමනාවක් වුනොත් වෙඩි තියන්න ලෑස්ති වෙලා ඉන්න……….”
හැමෝටම අවශ්‍ය සියලූම උපදෙස් දීලා මං සූදානම් වෙලා ගියා.හොරාට හැමදාම හොරකම් කරලා බේරෙන්න බෑ වගේම මේ සැරේ රෙක්සිට අපෙන් බේරෙන්න බැරි වුනා.උගේ කෝටි ගානක හොර බඩු අපි අල්ල ගත්තා.රෙක්සිටවත් උගෙ ගෝලයින්ටවත් අපෙන් බේරෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.පොලීසියෙන් උන් හැමෝමව වටලලායි තිබ්බේ.මං කෙලින්ම රෙක්සි ගාවට ගිහින් උගෙ කමිසෙ කොලර එකෙන් අල්ලලා ඇදලා ගත්තා.
“මං තමුසෙට කිව්වනෙ රෙක්සි කාගෙන් තමුසෙ ගැලවුනත් මේ සහස්‍රා සේනානායකගෙන් ගැලවෙන්න බෑ කියලා.තමුසෙගෙ චන්ඩිකම් අදින් ඉවරයි.දැන් පුලුවන් යකඩ කූඩුවෙ කූරු ගනං කරන්න………”😡😡
එහෙම කියලා මං මගෙ අත් දෙකෙන්ම රෙක්සිට මාංචු දාලා පොලීසියට ඇදගෙන ආවා.මාධ්‍යවලින් පොලීසියේ මිදුලේ පිරිලා හිටියා.
මං ගිහින් රෙක්සිව කූඩුවට දාලා ලොක් කරා.රෙක්සි මං දිහා බලාගෙන හිටියේ උතුරා යන තරම් කේන්තියකින්.මං ඒ දේවල් වලට බය වුනේ නෑ.
“මැඩම්…..මැඩම් හිතන්න එපා දිනුවා කියලා.බලමුකෝ මාව මේ කූඩුවෙ කොච්චර කාලයක් තියයිද කියලා. නිදහස් වුන දාට මං මැඩම් ගැන බලා ගන්නම්………”😡😡
මං ඒ කතා ගනං ගත්තෙ නෑ.මං කෙලින්ම මගේ රූම් එකට ගිහින් පොලිස්පතිතුමාට කෝල් එකක් අරගෙන විස්තරේ කිව්වා.
රෙක්සිගේ සියලූම හොරබඩු විනාශ කෙරුනා.ඒ හොර බඩු වල වටිනාකම ශ්‍රී ලාංකීය රුපියල් වලින් රුපියල් කෝටි දෙසිය අසූවක්.රෙක්සි ඇතුලු උගෙ ගෝලයින් බරපතළ වැඩ සහිතව වසර තුනකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
පොලීසියෙන් මට උසස්වීමක් ලැබුනා.ඒත් මං කැමති වුනේ මේ විදියට ඉදගෙන රාජකාරි කරන්න.ඒ හින්දා මං ඒ උසස්වීම ප්‍රතික්ෂේප කරා.හැමෝම මං ගැන කතා වුනා.හැම මනුස්සයෙක්ම මට ගොඩක් ගරු කරා.කිසිම ප්‍රශ්නයක් නැතුව මං ගොඩාක් හොදින් රස්සාව කරා.
වසරකට පසුව👇👇👇
අද උදේ මට ප්රවෘත්ති වලින් දැන ගන්න පුලුවන් වුනා රෙක්සිට ඇප හම්බෙලා නිදහස් වෙලා කියලා.තව අවුරුදු දෙකක් තියෙද්දී ඌ නිදහස් වෙන්න ඇත්තෙ අනිවාර්යයෙන්ම ඉහල ලොක්කෙක්ගෙ උවමනාවට වෙන්න ඇති.මට ඇති වුනේ පුදුම තරහක්.ඒත් පුංචි සතුටක් දැනුනා එක අවුරුද්දක් හරි රෙක්සිව කූඩුවට දාන්න ලැබිච්චි එක ගැන.
සුපුරුදු පරිදි වෙනදා වගේ ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන්න පිටත් වුනා.හිත මහා අමුත්තකින් පිරිලයි තිබ්බෙ.ගෙදර ගිය ගමන්ම අම්මාට කියලා තේ එකක් හදාගෙන බිව්වා.බීලා ඉවර වෙලා වොශ් එකක් දාගෙන ඇවිත් නවකතා පොතක් කියව කියව හිටියා.රෑ දහයට විතර නිදා ගන්න හදද්දී මොකක්දෝ මන්දා සද්දයක් බැල්කනියෙන් ඇහුනා.මං ඒ ගැන වැඩිය ගනං ගත්තෙ නෑ එහා වත්තෙ ගෙදර පූසා වෙන්න ඇති කියලා හිතුවා.
ඒත් ඒ සද්දෙ ආයෙමත් ඇහුනා.ගනං ගන්නෙ නැතුව ලයිට් එක ඕෆ් කරලා අනික් පැත්තට හැරිලා නිදා ගත්තා.ටිකක් වෙලා යද්දී බැල්කනියෙන් මහා අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගත්තා.ඒ පාර නම් මට ටිකක් බයකුත් දැනුනා.කාමරේ පොඩි බල්බ් එක දාපු මං දොර ඇරලා බැල්කනියට යන්න හදනවත් එක්කම කව්දෝ මන්දා පිටි පස්සෙ ඉදන් මගෙ නහයට ලේන්සුවක් තියලා තද කරා.ඊට පස්සෙ මොනවා වුනාද කියලා මට මතක නෑ.
මතු සම්බන්දයි🔥🔥🔥