අනේ නෝනෙ ඉතිං පොඩි බබෙක් වගේ කෑ ගහන්න හදන්න එපා.කෝ බලන්න ඉතිං තාම අඩු නෑනෙ……..”
දුලීකා නැන්දා මගෙ ඇග බෙහෙත් වතුරෙන් තවන්න පටන් ගත්තා. ඉවසන්න බෑ රිදෙනවා.මං කෑ ගහන්න පටන් ගත්තා.ඇට කටු කැඩෙන තරමටම කොන්ද කැක්කුමයි.අනේ මොන හිතකින්ද දෙයියනේ දේෂාන් මං වගේ අහිංසක කෙල්ලෙකුට මෙහෙම වද දෙන්නෙ.
“අනේ ගොඩාක් රිදෙනවා නැන්දෙ.හිමීට තවන්න.අනේ….ආව්……..”😭😭
“කියන්න තියන දෙයක් කටින් කියලා බැන්නා නම් ඒත් කමක් නෑ.නෝනා අර මල් වාස් එකෙන් ගහපු හින්දනෙ මේ සේරම……..”
වේදනාව ඉවසගෙන මං කොහොම හරි ඇස් දෙක පියාගෙනම හිටියා.ටිකක් වෙලා ගියා.ඒ පාර දුලීකා නැන්දා හිමිහිට කොන්ද තවන්න පටන් ගත්තා.
“අන්න එහෙම තවන්න නැන්දෙ.නැන්දෙ දේෂාන් මහත්තයා හරිම නපුරුයි නේද?……..”
මං අහපු දේට දුලීකා නැන්දා උත්තර දුන්නේ නෑ.දිගටම මගෙ කොන්ද තවන්න පටන් ගත්තා.
“නැන්දෙ නැන්දා දන්නවද වැඩක් අද දේෂාන් මහත්තයා කාටද මන්දා කෝල් කරලා කිව්වා මාව දුර ගමනක් අරන් යන්න හිතාගෙනලු මෙහාට ගෙනාවෙ. තව මොන මොනවදෝ ඒ මනුස්සයට කිව්වා.මට ගහපු එකට දේෂාන් මහත්තයගෙ හිතේ දුකකුත් තියනවා. මට පුදුමත් හිතුණා මේ ගල් ඉබ්බගෙ හිත චුට්ටක් හරි උනු වුනා කියලා දැනුනම……..”
මං එහෙම කියලා ඉවර වෙනකොටම දුලීකා නැන්දා මගෙ කන අල්ලලා හයියෙන් මිරිකුවා.
“අනේ නැන්දෙ මේ මොකද ආව් අනේ……..”😥😥
මං කනත් අල්ලගෙන පිටි පස්ස හැරෙනකොට හිටියෙ දුලීකා නැන්දා නෙවෙයි දේෂාන්.අපොයි දෙයියනේ මෙච්චර වෙලා මගෙ කොන්ද තවලා තියෙන්නෙ මූද?අනේ…..මං ඔහේ බලන්නෙ නැතුව කියවපුවා මූ අහගෙන නේද හිටියෙ?මට බයකුත් දැනුනා.
“කව්ද ගල් ඉබ්බා?ආ කියපිය?……..”😠😠
“අනේ සමාවෙන්න මහත්තයා.මං ආයෙ එහෙම කියන්නෙ නෑ……..”
“එහෙනම් තමුසෙ මොකටද මං එපා කියලා තියෙද්දී මේ කාමරෙන් එලියට ගිහින් මගෙ කෝල්ස් වලට ඇහුම්කන් දුන්නෙ?……..”😠😠
“අනේ සමාවෙන්න මහත්තයා මං ආයෙ මේ කාමරෙන් එලියට යන්නෙ නෑ……..”😥😥
“තමුසෙට අහිංසා කියලා නම දාලා තියෙන්නෙ අපරාදෙ ඕයි.තමුසෙගෙ අහිංසක කම ගෑවිලාවත් නෑ………”
ඕක ඉතිං මං ඉස්කෝලේ යන කාලෙදිත් හැමෝගෙන්ම අහගත්තු දේනෙ.කොන්ද තවපු දේෂාන් මං ගාවින් වාඩි වුනා.මගෙ පපුව ගැහෙන්න ගත්තා.මූට ආපහු මල් වාස් එකකින් පාරක් කන්න ඕනි වෙලා වගේද?😁
“අනේ මහත්තයා දැන් මෙතනින් යන්නකෝ……..”
“බෑ මං යන්නෙ නෑ.මේ මගේ ගෙදර.මට මේ ගෙදර ඕනම තැනක ඉන්න පුලුවන්……..”
“ඒක නෙවෙයි මහත්තයා,මහත්තයා මාව යාපනේටවත් එක්කන් යනවද?……..”
“මොකක්?……..”
“ඇයි අර ඊයෙ කාටද මන්දා කෝල් කරපු වෙලාවෙ කිව්වෙ මාව දුර ගමනක් එක්කන් යනවා කියලා……..”
මං එහෙම ඇහුවම දේෂාන් ඔලුවෙ අත තියා ගත්තා.
“මොංගල් ගෑනියෙ තෝ නම් මහ එළදෙනක් යකෝ……..”😁😂
තවත් මං මොකුත් දේෂාන්ගෙන් ඇහුවෙ නෑ.මූට කේන්ති ගියොත් එහෙම.සීට් එක පපුවටම තියලා තද කරගෙන හිටියා.ඒ පාර දේෂාන් මගෙ මූණටම කිට්ටු වුනා.
“ඉක්මනට සනීප වෙනවා මට නම් ඉවසන්න බෑ……..”
එහෙම කියලා මගෙ කම්මුලක් සිපගෙන කාමරෙන් එලියට ගියා.ආපහු මූට මල් වාස් එකෙක් සළකන්න වෙයි වගේ.😆🤣
මාසයකට පසුව👇👇👇
දැන් නම් මට ගොඩාක් සනීපයි.දුලීකා නැන්දගෙ කැපවීම නිසා තමයි මට මෙච්චර ඉක්මනට සනීප වුනේ.නැත්නම් මං කවදාවත් ඔය වෙනිවැල්ගැට කසාය බොන ජාතියෙ කෙනෙක් නෙවෙයිනෙ.මේ දවස් ටිකේම දේෂාන් ගෙදර හිටියෙ නෑ. දැන් ටිකකට කලිනුත් කාරෙකේ තව හතර පස් දෙනෙක් එක්ක කොහෙදෝ ගියා.ගෙදර ඇතුලෙ හිටියෙ දුලීකා නැන්දයි මායි වැඩට හිටපු තව ගෑනු දෙතුන් දෙනෙකුයි විතරයි.
දුලීකා නැන්දා ඇරෙන්න අනික් අය උඩ තට්ටුවට එන්නෙ නෑ.මං ඉන්න කාමරේ දොරත් ලොක් නොකර වහලා තියන හින්දා මං දොර ඇරගෙන කාමරෙන් එලියට ආවා. මට හිතුණා දේෂාන්ගෙ කාමරේට යන්න. දේෂාන්ගෙ කාමරේට ගියොත් මට පුලුවන් වෙයි මාව මෙහාට ගෙනාවෙ ඇයි කියලා හරියටම දැන ගන්න.මං කාටවත්ම නොපෙනෙන්න හිමින් සීරුවෙ දේෂාන්ගෙ කාමරේට රිංගුවා.
ගෑනු ළමේකුගෙ වගේ ලස්සනට පිළිවෙලට කාමරේ තිබුනා.කාමරේ වටේට නෙත් යවනකොටයි මං දැක්කෙ බිත්තියෙ එල්ලලා තිබ්බ රාමු කරපු මගෙ ලොකු ෆොටෝ එක.ඒ ෆොටෝ එක ගත්තෙ එදා අර හොටෙල් එකට ගිය දවසෙ.කාමරේ බිත්තිය අයිනෙ තිබ්බ කණ්ණාඩි මේසෙ ලාච්චුවත් මං නිකමට වගේ ඇරලා බැලුවා.විශේෂයි කියලා දෙයක් නොතිබුනු හින්දා මං ලාච්චුව වහලා දැම්මා.ඇද උඩ ඩයරියක් වගේ පොතක් තිබ්බා.
මං ඒ පොත අරන් ඇදෙන්ම වාඩි වුනා.ඩයරියක් වුනාට ඒකෙ වැදගත් කිසිම දෙයක් ලියලා තිබුනේ නෑ.ඒකෙ මැද හරියෙ මගෙ පින්තූරයක් පෑනකින් ඇදලා තිබ්බා.දෙයියනේ දේෂාන්ට මෙච්චර ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්ද? ඒ පින්තූරෙ යටින් ලියලා තිබුනා”මගෙ පිස්සු මොංගලී”කියලා.මට නෙවෙයි පිස්සු මූට.ඒ ඩයරිය වහලා තිබ්බ තැනින්ම තියනකොටම කාමරේ දොරකඩින් අඩි සද්දයක් ඇහුනා.මගෙ පපුවටත් මොකක්ද මන්දා වුනා.මට කාමරෙන් එලියට යන්න වෙලාවකුත් නෑ.
දේෂාන් කාමරේ ඇතුළට එන්න කලින් මං ටක්ගාලා ඇද එහා පැත්තෙ හැංගුනා.මං හොදටම බය වෙලයි හිටියෙ.අනේ දෙයියනේ දේෂාන් මාව දැක්කොත් එහෙම.අනේ දෙයියනේ එහෙම නම් වෙන්න එපා.😭😭🙏කාමරේ ඇතුළට ඇවිත් දේෂාන් දොර ලොක් කරලා යතුර කබඩ් එක උඩින් තිබ්බා.අනේ දැන් මූ මගේ කාමරේටවත් යයිද?😥😥ටී ෂර්ට් එක
ගලෝලා පැත්තකින් දාපු දේෂාන් ඇදෙන් ඇල වුනා.මාව දැන් සට සට ගාලා වෙව්ලනවා.ඊට පස්සෙ දේෂාන් ෆෝන් එක අරගත්තා.මං හිමිහිට අයිනෙන් බැලුවා.දෙයියනේ ෆෝන් එකේ තිබ්බෙ මගෙ ෆොටෝ එකක්.ඒ ෆොටෝ එක දිහා ටිකක් වෙලා බලන් හිටපු දේෂාන් ෆෝන් පැත්තකට දාලා ඇදෙන් නැගිට්ටා.අනේ මේකා මේ කාමරෙන් එලියට යන්නෙ නැද්ද?
ටිකක් වෙලා කල්පනා කර කර හිටපු දේෂාන් කබඩ් එක ඇරලා ටව්ල් එකක් අරගෙන ඒකත් ඇදගෙන බාතෲම් එකට රිංග ගත්තා.මං ඉක්මනට නැගිටලා කබඩ් එක උඩ තිබ්බ යතුර ගන්න හැදුවා.ඇගිලි තුඩු වලින් ඉස්සුනත් මාව උස නෑ.අනේ දෙයියනේ😭😭මං උඩ පැන්නා ඒත් යතුර ගන්න බැරි වුනා.අනේ අහිංසා ඔයා අද ඉවරයි අයියෝ😢😢බයටම මගෙ ඇස් වලට කදුලුත් පිරුනා.එකපාරටම බාතෲම් එකේ දොර ඇරුනා.දේෂාන් හිටපු හැටි දැකලා මං මං ටක්ගාලා අහක බලාගෙන ඇස් දෙකම වහ ගත්තා.
අපොයි මූ නාන්නෙත් පොඩි එකෙක් වගේ උපන් ඇදුමෙන්ද?
“මේ තමුසෙ මොකද මේ කාමරේ කරන්නෙ?ආ….මං තමුසෙට කී පාරක් කිව්වද කාමරෙන් එලියට යන්න එපා කියලා………”😠😠
“අනේ මහත්තයා ගහන්න නම් එපා.මං ආයෙ කාමරේටම වෙලා ඉන්නම්.අනේ මේ දොර ඇරලා දෙන්න……..”😥😥
“බෑ.අද මං තමුසෙට යන්න දෙන්නෙ නෑ………”
එහෙම කියාගෙන දේෂාන් පිටි පස්සෙන් ඇවිත් ඉන වටේ අත යවලා මාව බදා ගත්තා.මගෙ පපුව දැන් හොදටම ගැහෙනවා.ශික්…..මේ යකා තාම ඉන්නෙ මෙහෙමද?
“අනේ මහත්තයා මාව අතාරින්න.අනේ මේ දොර අරින්නකෝ………”
මං එහෙම කියද්දී දේෂාන් ටිකක් වෙලා ඉදලා කාමරේ දොර ඇරියා.මං පැනලා දුවන්න හදද්දී දේෂාන් මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.මට බය හිතුණා.
“අනේ මහත්තයා මට යන්න දෙන්න……..”
මං ලගට ආපු දේෂාන් එයාගෙ මුහුණ මගේ මුහුණට ලං කරා.
“අයි ලව් යූ අහිංසා………”
දේෂාන් එයාගෙ තොල් පෙති වලින් මගේ තොල් පෙති අල්ල ගත්තා.මටත් නොදැනීම විනාඩි කිහිපයක් ගත වෙන්න ඇති.මං ඉක්මනට දේෂාන්ව අහකට තල්ලු කරලා කාමරේට දිව්වා.
මතු සම්බන්දයි