“දික්කසාද නඩු අංක 347….අනිකිතා සත්සරණි මද්දුමගේ …වගීශ තේජාන් මුණසිංහ …”

තෝල්කයාගේ ඒ හඩින් ගැස්සිලා ගිය අනිකිතා විත්තිකාරියගේ ගමන් මගේ ඉදිරියට ඇදෙද්දී වගීශ පැමිණිලිකරුගේ ගමන් මගේ ඉදිරියට ඇදුණා.විශාල මේස කීපයක වාඩි වෙලා සිටි ලෝයර්ස්ලා පසු කරමින් දෙපස තීරු දෙකේ ඉදිරියට ඇදුණු දෙදෙනාම නඩුකාරවරයාට ඉදිරියෙන් නැවතුනේ දෙදෙනාගේ ලෝයර්ස්ලා දිහත් බලලා.

අනාචාරයේ හැසිරීම..කියල තමයි වගීශ අනිකිතාට නඩුවක් ගොනු කරල තිබුණෙ ..අනිකිතා ඇස් උස්සලා වගීශ දිහා බැලුවත් වගීශ නෙවෙයි ඇහැක් උස්සලාවත් අනිකිතා දිහා බැලුවෙ නෑ.මාස අටක ගැබ්බර බඩත් උස්සන් කෙල්ල අසරණ වෙලා බලන් හිටියෙ ඒ චෝදනා එකක්වත් ඇත්ත නොවන නිසා.

“සියලුම චෝදනා සැලකිල්ලට ගෙන සහ දෙදෙනාගේම කැමැත්ත සැලකිල්ලට ගෙන අනිකිතා සත්සරණි මද්දුමගේ සහ වගීශ තේජාන් මුණසිංහ මෙතැන් සිට නීතීයෙන් වෙන් කොට මෙසේ දික්කසාද තීන්දුව ප්‍රකාශ කරනු ලබයි..අද පටන් ඔවුන් අඹුසැමියන් නොවන වග මෙසේ තීන්දුකොට ප්‍රකාශ කෙරේ..”

තෝල්කගේ උස් හඩත් නඩුකරුගේ ප්‍රකාශයත් අනිකිතා සහ වගීශ සියලුම බැමි වලින් ලිහල දැම්මෙ අසුරු සැනකින්.අව්රුදු දෙක තුන ඇදෙන දික්කසාද නඩුවක් නොවී ඉක්මනින් නඩු තීන්දුව ලැබීම අනිකිතාට සහනයක් වුණා .

වගීශ,ඔහුගේ මව සහ ටානියා වගීශගේ පෙම්වතිය උජාරුවෙන් උසාවි භූමියෙන් නික්මිලා ගියේ අනිකිතා දිහා රවල බලල..

තවත් අපහාස නොකර එහෙම ගිය එක ගැනත් කෙල්ල සතුටු වුණේ තවත් අපහාස අහන්න තරම් මානසික සුවයක් කෙල්ලට නොතිබුණු නිසා.අනිකිතා උසාවියට ඇවිත් සිටියෙ කෙල්ලගෙ අම්ම තාත්ත එක්ක.අරුණ මද්දුමගේ කියන්නෙ කෙල්ලගෙ තාත්ත.ලොකු සල්ලියක් නැති වුනත් සමාජෙ ලොකු පිලිගැනීමක් තිබුණ කෙනෙක් තමයි අරුණ .ඒත් මේ වුණ දෙයින් ඔහු හිටියෙ කඩා වැටිලා.මේ හැමදේම අනිකිතාට සිද්ධ වුණේ තමා නිසා නේද කියන සිතුවිල්ල අරුණව වෙහෙසට පත් කරා.

යෝජනාවක් අනුව වගීශව කෙල්ලට බන්දල දුන්නෙ කෙල්ලගෙ අකමැත්තට කියල මතක් වෙන වාරයක් ගානෙ අරුණගෙ හිත කැඩිල ගියේ කෙල්ල මෙහෙම අසරණ වුණ නිසා.

“අපි යමු ගෙදර පුතේ..”

අරුණගෙ ඇස් වල ඇදුණ කදුළු පටලය කෙල්ල හොදින්ම දැක්කා.ඇයට තම ආදරණීය තාත්තා ගැන දැණුනෙ දුකක්.

“මට සමාවෙන්න අප්පච්චි..මං උත්සාහ කරා..

ඒත් බැරි වුණා ..

ඒත් ඔය කියන වරදක් මගෙන් වුණේ නෑ අප්පච්චි..

මේ දරුව වගීශගෙ..”

කෙල්ල කිව්වෙ අරුණගෙ පපුවට වාරු වෙලා..දාමිනී කෙල්ලගෙ අම්මා..ඇය කෙල්ලගෙ හිස අතගෑවෙ ඇස් වලට උණපු කඳුළු අමාරුවෙන් හංගගෙන .

………………………………………………………………………………………….

උසාවියෙන් ආව වෙලාවෙ ඉදල අනිකිතා හිටියෙ කාමරේට වෙලා.කෙල්ලට සිහි වුණේම වගීශල කරපු පදනමක් නැති චෝදනා ගැනමයි.විවාහයෙන් පස්සෙ වගීශ වෙනුවෙන්ම කැප වුණ කෙල්ලට ඒ දේවල් දරාගන්න අමාරුයි.

අනිකිතා දෙමව්පියෝ දෙන්නට පණ වගේ ආදරේ කරපු කෙල්ලෙක්.ඒ ආදරේ නිසාමයි කෙල්ල තාත්ත කියපු දේට එකඟ වෙලා වගීශ එක්ක විවාහ වුණේ .කෙල්ල එහෙම කලේ කෙල්ලගෙ අව්රුදු තුනක ආදර කතාවටත් තිත තියලා.

ඇස් තද කරල පියාගත්ත කෙල්ල ඒ අතීතෙට පිය මැන්නෙ ඇස් වල කඳුලක් නලියද්දි.පියාගත්ත ඇස් අස්සෙන් ඒ කදුළ බේරිලා කෙල්ලගෙ පිරුණ කුස මතට වැටිලා බොද වෙලා ගියේ කෙල්ලගෙ සිහින එකින් එක බොද වෙලා ගිය විදියටමයි.

………………………………………………………………………………………….

“මේධාන්..ඔයා කවදද එන්නෙ අප්පච්ච් හම්බවෙන්න..

ඉක්මන් කරේ නැත්තම් මාව කාටහරි දෙයි ඔන්න..”

අනිකිතා කිව්වෙ මේධාන් දිහා බලල හිස ඇල කරල හිනා වෙලා.කොල්ල අනිකිතාගෙ කන මිරිකුවෙ කෙල්ලව ඇදල ලගට අරගෙන .

“ආව්..අනේ අතාරින්න රිදෙනවා …”

කෙල්ල එහෙට මෙහෙට ඇබරිලා කොල්ලගෙ අතින් අතෑරගෙන බීච් එක දිගේ ඉදිරියට දිව්වෙ හිනා වෙවී..මේධාන් කෙල්ලගෙ පිස්සු වැඩ දිහා බලන් හිටියෙ හරි ආසාවෙන් .මේධාන් අනිකිතාට ආදරේ කලේ තාත්තෙක් වගේ.කෙල්ලගෙ සතුට තමයි ඔහුට හැමදේටම වඩා වැදගත් වුණේ .අව්රුදු තුනක් කොල්ල අනිකිතාව පරිස්සම් කලේ මලක් වගේ.කෙල්ලගෙ රෝසපාට කම්මුලක් තාත්තෙක් වගේ ආදරෙන් සිප ගත්තා ඇරෙන්න ඔහු කෙල්ලගෙන් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.

“මං එන්නම් මැණික ..මේ සෙනසුරාදා අනිවාර්යයෙන් එනවා..

මම ගෙදරටත් කියල තියෙන්නෙ …

තාත්තට නිවාඩු නෑනෙ..

මේ පාර එන්නෙ ඔයා වෙනුවෙන්ම නිවාඩු දාල ..”

මේධාන් එහෙම කිව්වම තමයි අනිකිතාගෙ මූණ පිපිල ආවෙ.මේධාන්ට අකමැති වෙන්න කිසිම හේතුවක් අනිකිතාගෙ ගෙදර අයට තිබුණෙ නෑ.කොල්ල හොද රස්සාවක් තියෙන ගෙයක් දොරක් තියෙන වැදගත් පව්ලක වැදගත් කොල්ලෙක්.අනිකිතා ගෙදර ගියේ ගොඩක් සතුටින්..

කෙල්ල වොශ් රූම් එකට වෙලා කල්පනා කරෙත් මේධාන් ගැන.මේධාන් එක්ක ගත කරන ලස්සන ජීවිතයක් ගැන කෙල්ල සිහින බැලුවා.රෑ කෑම මේසෙදි අනිකිතා හිතුවෙ අම්මට තාත්තට මේ ගැන කියන්න.අනිකිතා හොරගල් ඇහුලුවේ ඒ වෙනුවෙන් පොටක් පාදගන්න.

“සුද්දි..”

කල්පනා කර කර බත් ඇට ගනන් කරන කෙල්ල අරුණගෙ හඩින් ගැස්සිලා ගියේ ඇය හිටියෙ වෙනමම ලෝකෙක නිසා.

“ඇයි අප්පච්ච් ..”

“මොකද කල්පනාව..

කෑම එක අතගගා ඉන්නෙ කන්නෙ නෑ..”

“කනව අප්පච්චි…”

“දුවට යෝජනාවක් ඇවිත් තියෙනව ඕං..

හොද කොල්ල.. සල්ලිත් දේපලත් තියෙනවා ..කොල්ලත් ලස්සනයි … පව්ලත් වැදගත් … මගෙ දෝණිට ගැලපෙන නිසා මං ඔන්න ඒක තීන්දු කලා..”

අරුණගෙ වචන කෙල්ලට ඇහුනෙ හීනෙන් වගේ.කෙල්ලගෙ ඔලුව මත හෙන පිපිරුවා වගේ හැගීමකින් කෙල්ල අඩපණ වෙලා ගියේ කෙල්ලගෙ හීන මාලිගා එකින් එක කඩාගෙන වටෙද්දි..

“අ…අප්පච්චි .. දැන්ම කසාද බදින්න..”

අකමැත්ත ප්‍රකාශ කරන්න කෙල්ලට වෙන ක්‍රමයක් තිබුණෙ නැහැ.ඇස් වලට උණපු කදුළු පිට කරගන්න කෙල්ල බැහැ.ඒකෙන් අරුණගෙ හිත රිද්දන්න කෙල්ල කැමති වුණේ නැහැ.

“දැන් ඉතින් දෝණිගෙ වයසත් හරිනෙ.. අනික අපිත් තව කොයි කාලයක්ද දන්නෙ නැහැ..”

“අනේ අප්පච්චි… මම තව ටිකක් මෙහෙම ඉන්නම්..”

ඊට වඩා දෙයක් කෙල්ලට කියන්න බැරුව ගියා.

“දුවගෙ හිතේ වෙන කව්රුත් ඉන්නවනම් කියන්න .. අපි එයාට තේරුම් කරමු..

වචනයක් දීපු නිසා එයා හොදම ළමයෙක් වුනත් කරන්න දෙයක් නෑ.. මම පොරොන්දුවක් වුණා ..

දෝණි දන්නවා දුන්න පොරොන්දුවක් මන් කඩ කරල නෑ කියල ..”

එතනින් එහාට කෙල්ලට කතා කරන්න දෙයක් තිබුණෙ නැහැ.කෙල්ල මේධාන්ට හැමදේම කිව්වෙ ඇඩූ කඳුළින්..මේධාන් පසු තැවුණා ඔහුගෙ ප්‍රමාදය හැමදේම ඔහුට නැති කරේ කියල .ඒත් මේධාන් ආත්මාර්ථකාමී කොල්ලෙක් නෙවෙයි.ඔහු ආදරේ කලේ අනිකිතාට..ඇගේ සතුටට..ඈ සතුටින් ඉන්න නම් ඇගේ දෙමාපියන් සතුටින් ඉන්න ඕන කියලයි කොල්ල හිතුවෙ .ඒ නිසා මේධාන් අනිකිතාට සතුටින් සමු දුන්නා.කෙල්ලගෙ හිත හැදුවා.

අනිකිතා වගීශගෙ අත අරන් ලස්සන මනමාලියෙක් වෙලා යද්දි මේධාන් හිනා වෙලා ඇගේ ලගින්ම හිටියෙ ඈට ලොකු හයියක් වෙලා.ඒ ඇස් වලින් වේදනාව හංග ගෙන මේධාන් හිනා වුණේ කෙල්ලගෙ සතුට වෙනුවෙන් .

…………………………………………………………………………………………..

අනිකිතා වොශ් එකක් දාගෙන රූම් එකට ආව.වගීශ පේන්න නැහැ.ඇය රෑ ඇදුමට උඩින් කෝට් එකත් දාගෙන බැල්කනියට ගියේ කරන්න දෙයක් නැති කමට.කෙල්ලගෙ හිතේ කිසිම සතුටක් තිබුණෙ නැහැ.නන්නාදුනන පිරිමියෙක් එක්ක ඈ අද කාමරේක තනිවෙලා.කෙල්ලගෙ ඇස් වල කදුළු ..ඒත් ඒව පිහදාන්න කව්රුත් කෙල්ල ලග නෑ.

වගීශ රූම් එකට එද්දි රෑ දෙගොඩහරියත් පහු වෙලා.ඔහු හිටියෙ හොදටම බීල..කෙල්ල කෑවද කියලවත් ඔහුට ගානක් නැහැ.අනිකිතාට සෝපාවෙම නින්ද ගිහින් තිබුණෙ .වගීශගෙ සද්දෙට තමයි කෙල්ලට ඇහැරුනේ.

“කෝ අර මගෙ ගෑණි කියන එකී..”

වගීශ ඇදට වැටුනෙ එහෙම කියාගෙන.කෙල්ල වගීශ ලගට කිට්ටු වුණේ බයෙන්.සපත්තු දෙකවත් ගලවලා නෑ වගීශ නිදි.කෙල්ල වගීශගෙ සපත්තු ගලවලා ඇදුමත් ගලවලා දැම්මෙ ඒවයෙන් දහඩිය ගද ආව නිසා.

“ගෑණි වුණාට කමන්නෑ අයිතිය ඉල්ලන්න එන්න එපා හරී..

ඒ අයිතිය ටානියගෙ ..ඒකිගෙ විතරයි .. උබව බැන්දෙ අව්රුදු එකක් මගෙ අපලෙ ගෙවාගන්න ..

උබට ඉතින් මාත් එක්ක බුදියන්න වෙන්නෙත් නෑ.. ඕනි නම් කැමති එකෙක් ළගට ගිහින් වරෙන්..

මගෙන් ඒව උබට ලැබෙන්නෑ.. ආ..අවස්ථාව ආවම උබට ඒකත් දෙන්නම් ..

ඊට පස්සෙ උබ එලියෙ .. ටානියා ඇතුලෙ..”

බීමතින් වගීශ දෙඩෙව්වෙ පිස්සෙක් වගේ.අනිකිතා අදහගන්න බැරුව බලන් හිටියෙ ඒ කියන්නෙ මොනවද කියල .කෙල්ලට හැමදේම අස්සෙ එක දෙයක් තේරුම් ගියා ඒ වගීශ අනිකිතාව බැන්දෙ යම්කිසි අරමුණක් නිසා විතරයි කියල .

කෙල්ලෙක් විදියට මධුසමයට ගිය කෙල්ල ආයෙ ආවෙ කෙල්ලෙක් විදියටමයි.වගීශගෙ අම්ම තාත්තවත් ඒ ගැන ප්‍රශ්න කලේ නෑ.ඒ කියන්නෙ මේ වෙන හැමදේම එයාලත් දැණුවත්ව වුණ දේවල් .

එදා ඉදන් කෙල්ලගෙ ජීවිතේ අපායක් වුණා .හැමදාම වගීශ ටානියා එක්ක නටන නැටුම් බලාගෙන කෙල්ල ඉවසන් හිටියෙ අද නැත්තම් හෙට වගීශ හැදෙයි කියල .ඒත් එන්න එන්නම ප්‍රශ්නෙ වැඩි වුණා මිසක් අඩු වීමක් නැහැ.අනිකිතා මේ ගැන කතා කරන හැම මොහොතකම කෙල්ලට ලැබුනෙ ගුටි බැට විතරයි .

…………………………………………………………………………………….

වගීශ වෙනදට වඩා කලින් ගෙදර ආවෙ හදිසි වැඩකට.අම්මයි තාත්තයි ගෙදර හිටියෙත් නැහැ.අනිකිතා හිටියෙ වොශ් රූම් එකේ..අනිකිතා වොශ් රූම් එකේ කියල නොදැන වගීශ වොශ් රූම් එකේ දොර ඇරිය.නග්නව හිටපු කෙල්ල දෑතින්ම සිරුර ආවරණ කරගත්තෙ ඇස් ලොකු කරගෙන.

කෙල්ලගෙ ලස්සන දැක්කම වගීශගෙ හිතේ හැගීම් ඇවිස්සෙන්න ගත්තා.ඔහු හෙමින් හෙමින් කෙල්ල ලගට ආවෙ ඒකයි.පස්සෙන් පස්සට ගියපු කෙල්ල එහෙමම බාතෲම් එකේ බිත්තියට තද වුණේ වගීශගෙ හැඩි දැඩි අත්වලටත් පොඩි වෙලා.

“මැණික..”

වගීශ කිව්වෙ කෙල්ලගෙ කන්පෙති මත දෙතොල් තියල.කවදාවත් ඒ වගේ අත්දැකීමක් ලබල නැති කෙල්ල ඒ පහසට නතු වුණේ ඉබේම.ඇරත් මේ තමාගෙ ස්වාමිපුරුෂයා කියලයි කෙල්ල හිතුවෙ.කෙල්ල ඇකිලිලා ගිහින් වගීශගෙ පපුවට වාරු වුණේ සීතලට වඩා ඒ හැගීමෙන් වෙව්ලලා යද්දි.

අනිකිතාව දෝතින් ගත්ත වගීශ කෙල්ලව අරන් ආවෙ යහන මතට..කෙල්ලගෙ ඇගේ වතුරට යහනත් තෙත බරියම් වෙද්දි වගීශ වත රැදි ඇදුම් ගලවලා විසි කරල කෙල්ලගෙ වතට බර වුණේ හැගීම් පිටාර ගලද්දි.නොසිතු මොහොතක නොසිතු විදියට වගීශ අතින් කෙල්ල ගැහැණියක් වෙද්දි ඇගේ පිරිසිදුකමේ සලකුණ හරි ලස්සනට ඇද රෙද්ද මත සටහන් වෙලා තිබුණා.වගීශ ඒ දිහා බලල ඉවත බලාගෙනම ඇදෙන් බැස්සෙ කෙල්ල දිහාවත් නොබල.

හැගීම් පාලනය කර ගන්න බැරිව සිද්ධ වුණ දේ ගැන වගීශගෙ හිත තිබුණෙ කැලබිලා.කෙල්ල වගීශ දිහා බලන් හිටියෙ අන්තිමේදි කෙල්ලගෙ අයිතිය ලැබුනා නේද කියන්න වගේ හැගීමකින්.

වොශ් රූම් එකට ගිය වගීශ නාගෙන ලෑස්ති වෙලා කොහෙද යන්න ගියේ කලබලෙන්.එතනින් එහාට අනිකිතා වගීශ ගැන ආදරෙන් හිතන්න පෙලඹුනේ නීතියෙන් මෙන්ම ගතිනුත් දැන් කෙල්ල ඔහුගෙ වෙලා තිබුණ නිසා.අනිකිතාට ඕන වුණේ හිතිනුත් ඔහුගෙ වෙන්න.මේධාන් ගැන මතකෙන් මිදෙන්න.

………………………………………………………………………………………..

කෙල්ල උදේ ඉදන් බලන් හිටියෙ වගීශ ගෙදර එනකල්.කෙල්ලට කියන්න සතුටු ආරංචියක් තිබුණා.විවාහයෙන් වසරකට පසු ඈ මවක් වෙන්න පෙර ලකුණු පහල වෙලා.කෙල්ල හිටියෙ ගොඩක් සතුටින් .ඒත් කෙල්ල දැනන් හිටියෙ නැහැ කෙල්ලගෙ වටේ මොනවද වෙන්නෙ කියල .

වගීශගෙ හඩ ඇහෙද්දි කෙල්ල පහලට දුවන් ආවෙ ආසාවෙන් .වගීශගෙ මව ,පියා ,ටානියා සේරම හිටියා සාලෙ..කෙල්ල වගීශ ලගට දිව්වෙ ඇගේ කුසටත් අතක් තියාගෙන .

“වගීශ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා ..”

කෙල්ල කිව්වෙ වගීශගෙ අතක් අල්ලගෙන.ටානියා ඒ දිහා බැලුවෙ මූණ පුලුටු කරගෙන .කෙල්ල වගීශගෙ අත අරගෙන කෙල්ලගෙ කුස මතින් තිව්වා.

“එයා ඇවිත් වගීශ..”

කෙල්ල කිව්වා.වගීශගෙ විතරක් නෙවෙයි හැමෝගෙම ඇස් උඩ ගියා.

“මොකක්..”

“ඔව් වගීශ..එයා ඇවිත්..”

කෙල්ල එහෙම කියද්දි වගීශට කල්පනා වුණේ එදා සිදුවීම.ඒ සිදුවීම මෙච්චර දුර යයි කියල වගීශ හිතුවෙ නැහැ.

“පිස්සුද තමුසෙට …තමුසෙගෙ ඇගටවත් අතක් නොතිය කොහොමද ඕයි එහෙම වෙන්නෙ..”

වගීශ කිව්වෙ ඇගට පතට නොදැණි.

“මං නැති අතරෙ තමුසෙ අර මේධාන් ගෙන්න ගත්තද..”

එහෙම කිව්වම අනිකිතා පුදුම වුණා .වගීශ කොහොමද මේධාන් ගැන දන්නෙ කියල .

“ඔයා කොහොමද මේධාන් ….නැහැ …එහෙම නැහැ ..මේ ඔයාගෙ දරුවා..”

අනිකිතා කිව්වෙ ඉකිබිදිමින්…

“අනේ ගෑණියෙ මේ තෝ වටේ ගිහින් දරුවො හදාගෙන මගෙ කොල්ලගෙ කරේ එල්ලෙන්නද ..

උබ එක්ක මගෙ කොල්ල බුදියගත්තෙ නැත්තෙ මගෙ කීමට..

මේ ටානිය තමයි මගෙ ලේලි.. උබව බැන්දෙ මගෙ කොල්ලගෙ අව්රුදු එකේ අපලෙ දුරු වෙන්න.. දැන් උබගෙ කාලෙ ඉවරයි ..

අර අරුණ ඌ කොහොමත් මෝඩය.. උබ දීල නිදහස් වුණා කියල හිතේ ඇති.. දැන් ඉතිම් බැහැපන් දොට්ට.. අයාලෙ ගිහින් ළමයි හදන් ආව මෙතන..

වගීශගෙ අම්මා අනිකිතාගෙ කොන්ඩෙන් අල්ලන් කියවගෙන ගිහින් එලියට තල්ලු කරේ හිතක් පපුවක් නෑ වගේ.කෙල්ලට හැමදේම තේරුම් යද්දි කෙල්ල පරක්කු වැඩියි.එදා ඒ ගෙදරින් එලියට බැස්සෙ කොච්චර අපහාස අහලද..එදා ඉදන් මාස අටක් කෙල්ල උසාවියෙදිත් අපහාස පිට අපහාස ඇහුවා..ඒ හැමදේම අවසානය වුණේ කෙල්ලගෙ ජීවිතෙත් විනාශ කරල පැටියෙක් එක්ක කෙල්ලව තනි කරලා දාල .

…………………………………………………………………………………………

“අම්මා…හ්…”

කෙල්ලගෙ කෑ ගැසීම ඇහිල අරුණත් දාමිනීත් දුවගෙන ආවෙ බයවෙලා .කෙල්ල අමාරුවෙන් ඇද උඩ දැගලුවේ ඈට දරුව ලැබෙන්න ලං වෙලා නිසා.තව දින තියෙද්දි කෙල්ලට විලිරුදාව හැදුනෙ මානසිකව කෙල්ල ගොඩක් වැටිලා හිටපු නිසා.ඉක්මනින් වාහනයක් ගෙන්නලා කෙල්ලව හොස්පිටල් අරන් ගියේ දෙවියන්ගෙන් කෙල්ලගෙ ආරක්ෂාව ඉල්ලමින්.

පැයකට විතර පස්සෙ කෙල්ල ලස්සන පුතෙක් බිහි කරල තිබුණ .ඒත් අනිකිතාගෙ තත්වෙ තිබුණෙ හොද තත්වෙක නෙවෙයි.මේධාන් එහෙට මෙහෙට දුවල හැමදේම බලපු නිසා අරුණත් දාමිනිත් තනිවුණේ නැහැ.

දැඩි සත්කාර ඒකකයෙ දවස් ගානක් හිටපු කෙල්ලට සිහිය එද්දි කෙල්ල ලග හිටියෙ මේධාන් .කෙල්ලගෙ ඇස් වලින් වුණපු කදුළු මේධාන් පිහදෑවෙ කෙල්ලගෙ ඔලුවත් අතගාල .

“ඔන්න ගෙනාව අපේ රෝස කුමාරයා මෙච්චර දවස් හිටියෙ අප්පච්චි ලග.. ඔන්න අම්මිට ලගින් තියන්නම්..”

මේධාන් කිව්වෙ රෝස මලක් වගේ පුතුව අනිකිතාගෙ අතට දීලා…අනිකිතා මේධාන් දිහා බලන් හිටියෙ ඇස් වල කඳුළු පුරවන්.

වසර කීපයකට පසු….

“සුද්දි…”

“ම්ම්ම්..”

“දැන් නම් දෝණි හරි දගයි නේද.. පයින් ගහනවා ඩිශුම් ඩිශුම් කියල .. අයියණ්ඩිට වඩා චන්ඩි වෙයි නංගි..”

“අප්පච්චිගෙම පුතයි දුවයිනෙ.. අපි නම් අහිංසකයි ..”

“අම්මෝ ඔව් අහිංසක සක සක.. නේද පුතු.. මෙහෙ වර මගෙ චන්ඩි කොල්ලා..”

මේධාන් පුංචි පුතුව ඇදල ලගට ගත්තෙ අනිකිතාගෙ කුසත් ආදරෙන් සිපගෙන. දැන් අනිකිතා ගොඩක් සතුටින්.. ඒ අවසන් මොහොතෙ හරි මේධාන් වගේ සැමියෙක් ඇයට ලැබුණ නිසා..

නිමි

දිල් රූ✍️

නුබට පෙම් කල පෙම්වතා වෙමි
තිළිණ ලද නුබෙ පුතුට මන්
සුළු පියා නොව පියා වෙන්නම්
එපා කඳුලැලි ඔය තරම්

මගුල් පෙරහැර ගියත් ආපසු
කලත් අවමන් නෑසියන්
කිළුට පල නෑ සෙනෙහෙ ඇත්නම්
නුඹ අගෙයි මට නම්

නුවන් දොරගුළු ඇරන් මා ලඟ
හෙටත් අදමෙන් ආදරෙන්
හිදිනු මැන මා පුතුගෙ කිරටත්
මව නුඹයි පින්වත්