ටිලිං ටිලිං….
👵කෙල්ලෙ බලපන් අර ලියුම් ඇවිත් තින්නෙ අපිටද කියල.
👧නැ අම්මේ අපිට නෙවේ.
👵හ්ම්ම්.. අයිය ලගදි ලියුම් කඩදාසියක්වත් එව්වෙ නැ. ගේ සින්න වෙන්න කලින් බේරගන්න ඕන අර ළමයවත් මොකුත් කිව්වෙ නැද්ද
👧අක්ක හම්බ උනා අම්මේ, අයියලගේ ගේ හදන නිසා මේ පැත්තෙ එන්න උනෙත් නැ කිව්ව. පුලුවන් විදියට ඉක්මනින් බැංකුවෙන් ගේ බේරල දෙන්නම් කිව්ව.
👵උඔ වගේ නෙවේ අයිය. හරි හොද එකා උබගෙ වැඩේ උදේට ඇද පැලද ගෙන ගින් රෑට ගෙදර එනෝ මොන තූත්ත කුඩියක යනවද කියල කව්ද දන්නෙ. මේ එකතැන් වෙලා ඉන්න මට පස්සෙන් ඇවිල්ල බලන්නද.
කොල්ල දක්ෂයා පවුලට ලැදී ඒකයි මං මේ ගේ රත්තරං බඩු තීන සේරම දීල රට යන්න උදව් කරේ ඒක හොද රටක් කොල්ල දියුණු වෙයි දෙයියන්ගෙ පිහිටින්. ඒකට උබ ඉපදුනත් හරි තාත්තත් මැරුණ. තූ තොපි වගේ කෙල්ලෙක් මගේම කරුමෙට ඉපදිලා
👧අනේ මගේ අම්මේ ඔහොම කතා කරන්න එපා. මන් ගාමන්ට් ගිහින් හොයා ගන්න සල්ලි වලින් අම්මගෙ බේත් වලට අපිට කන්න ගේන්නෙ. මං ජරා වැඩ කරල හම්බ කරන් නැ අම්මේ.
👵අනේ කන්න ඇයි මගේ පුතා එවන් නැද්ද කවුද දන්නෙ ඒ දෙන ඒවත් උබ යටිමඩි ගහගන්නවද කියල. පලයන් ගින් වතුර උණු කරපන් මට නාන්න. උදේ පාන්දර පටන් ගත්ත ඇඩියාව.
😖💧💧💭💭💭💭💧💧😖
මම මලී, ඒ හැමදාම මාත් එක්ක තරහක් හිතේ තියන් අයියට පණ වගේ ආදරේ කරන මගේ අම්මා. අම්ම හිතන් තාත්තා නැති උනේ මගේ කාලකණ්ණි කමට කියල. ඒත් තාත්තා නැති උනේ මං ඉපදිලා අවුරුද්ද ගියාට පස්සේ වකුගඩු අමාරුවෙන්.
අයිය මට පොඩි කාලෙ ඉදන් කරේ වෙනස්කම්, මාව පේන්න බෑ, බොරු වැරදි කියල අම්මට කියල මට ගස්සලා අයිය සතුටු උනා. අයිය බැදල රට ගියා. ඒ යන්න සල්ලි දුන්නෙ අම්මා. ඒ අපි හිටිය ගේ උගස් කරල. අයිය රට ගිහින් සල්ලි අක්කට එව්වට එයා අපිට දුන්නෙ නැහැ. අම්මගෙ හිත හදන්න අක්ක ගේ බේරල දෙනව කිව්වත් හම්බ උන වෙලේ මට ගොඩක් බැන්න. සල්ලි ඉල්ලන් එපා අයිය වෙනුවෙන් අම්මල මොකුත් කරල නැ. දැන්වත් අයිය රවට්ටලා සල්ලි ඉල්ලන් එපා මේ කසාදෙ කඩන් නැතිව පාඩුවෙ ඉන්න කියල.
පුලුවන් තරම් ගාමන්ට් එකේ මැශින් එක පාග පාග පුලුවන් විදියට ගේ උගස බේරගන්න මං විදින දුක දන්නෙ මන් විතරයි.
අම්මා වැටිල එකතැන් උනාට පස්සෙ හැමදාම අම්මගෙ වැඩ කරල, කෑම හදල වැඩට ගිහින් පණ යනකම් වැඩ කරලා ගෙදර ඇවිල්ලත් වැඩ කරන මට ජීවිතේ විදිනවට වඩා විදවීමට සිද්ධ උනත් අම්මට මන් ගැන පොඩි අනුකම්පාවක් නැති හැටි ගැන පුදුම දුකක් අසරණ කමක් ඇති උනත් මන් හිත හදන් හැම ප්‍රශ්නයකටම මුණ දුන්න.
👵 අම්මා අපි කාල ඉදිමු.
👧අදත් උබේ සම්බලයි කරවලයි. මට දැන් ඔය කෑම කාලම එපා වෙලා.
👧අනේ අම්මේ පඩි හම්බ උනාම මං ගේනවනෙ. අදට මේම කන්න අම්මේ.
👵ඔව් ඔව් උබට ඉතින් මොකද, අයාලෙ ගිහින් හොදට කාල එනව ඇතිනෙ. අනේ මගේ පුතා හිටියනම් මෙහෙම වෙන්නෙ නැ. ඔන්න ඕක අරන් පලයන් මෙතනින්.
💧💧💧💧💧💧💧💧💧💧
වසරකට පසු..
කෙල්ලෙ උබ දැන් ගෙදරට නාකි වෙන්නද කල්පනාව මොකෙක් හරි හොයාගෙන බැදපන්. හොද වැදගත් මිනිස්සු උබ වගේ ගෑනු ගන්න එකක් නෑ අයාලෙ යන. නමට හරි මිනිහෙක් ඕන නිසා මොකෙක් හරි බැදපන්. නැත්තම් අපි උබව බන්දල දුන් නැ කියල අපිට මිනිස්සු කතා කියයි.
👧අනේ මට බදින්න බෑ අම්මේ. මන් ගෙදර ඉන්නම් අම්ම බලාගෙන. මන් නැතිව අම්ම බලාගන්නෙ කව්ද
👵මන් වැඩි කාලයක් ඉන්නෙ නැ. මොකද උබේ කල්පනාව මේ ගේ ඉඩ කඩම් මැරෙනකම් බුක්ති විදින්නද. ඒව කොහෙද මේව මන් මගේ කොල්ලගෙ නමට ලියල ඉවරයි. ඌ කතා නොකරට ගේ බේරල යුතුකම් ඉටු කරා.
( අම්ම හිතන් ඉන්නෙ ගේ උගස බේරුවෙ අයිය කියල. ගේ උගස බේර ගන්න විදපු දුක දන්නෙ මන් විතරයි )
👧අනේ මට මේව ඕන නෑ අම්මේ. මන් තිරණයක් අරන් ඉවරයි. අම්ම ඉන්නකම් අම්ම බලාගෙන ජිවිතේ ඉතිරි කාලය මෙහෙනි කෙනෙක් වෙන්න.
👵උබ මහණ උනොත් සාසනයත් ඉවරයි. මට ඔන්න ඔය වතුර එක දියන්.
……………..
අදටත් අයිය රට ගියාට පස්සෙ අපි උන්නද මලාද කියල බැලුවෙවත් නැ. මට අම්මට හැමදේම කියල ගේ උගස බේරුවේ මන් කියල කියන්න තිබුනා ඒත් අම්මගෙ අන්තිම කාලේ විදවන්න දෙන්න මට බෑ. අදටත් අම්ම බලාගෙන ඉන්නෙ අයිය එනකම්. අම්ම මට මොන වෙනස්කම කරත් මන් එයාට ගොඩක් ආදරේ. මට මේ ඉඩ කඩන් වලට ආසවක් නෑ. පෙර ආත්මයක කර පවට මේ ආත්මෙ මන් විදවන්න උනත් කිසිම සතුටක් නැතිව. ආයේ ඒම නොවෙන්න පින් කරගන්න ඕන. මට ඕන මෙහෙනි කෙනෙක් වෙන්න. ඉතිරි කාලයවත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. මට පුලුවන් විදියට අම්මගෙ ජීවිතේ ඉතිරි කාලය හොඳින් බලා ගන්නව. හැමදාම ආදරෙන්.
-නිමි-
️📝 ශශි ඩයස්