01 වන කොටස⚡❤️

🔥”අතාරිනවා මාව.උඹලට බෑ යකෝ මාව කූඩුවට දාන්න.බලපන් බලපන් උඹලාට බෑ මාව එක පැයක් කූඩුවෙ දාලා තියන්න.අපේ බොස් උඹලට යහතින් ඉන්න ඉඩ දෙන එකක් නෑ.උඹලා අපේ බොස් ගැන තාම හරියට දන්නෙ නෑ……….”

කව්ද මේ කෑ ගහන්නෙ?ගෙදර කියලා හිතාගෙන පොලීසියෙ මේ විදියට චණ්ඩිකම් පෙන්නන්නෙ කව්ද?🤔😡😡එහෙම හිතාගෙන මං දොරත් ඇරගෙන එතෙන්ට ගියා.

“සාජන් ධම්මික කව්ද මේ?තමුන් කව්ද? මේ පොලීසිය තමුන්ගෙ ගෙදර කියලා හිතාගෙනද ඔහොම කෑ ගහන්නෙ?සංවරව ඉන්න පුරුදු වෙනවා………”😡😡

මං ඒ මනුස්සයගෙ කමිසෙ කොලර් එකෙන් අල්ලලා එහෙම කිව්වා.ඒ පාර ඒ මිනිහා මං දිහා බලලා මහ හයියෙන් හිනා වුනා.කිසිම බයක් සැකක් නැතුව මේ විදියට හැසිරෙන්න මේ මිනිහා කාගෙ කව්ද?

“මැඩම්…..මෙයා රෙක්සිගෙ ගෝලයෙක්. මෙයාගෙ වාහනේ තිබිලා මත්ද්‍රව්‍ය තොගයක් හම්බුනා.මෙයා අපේ අයට අයටත් ගහන්නයි හැදුවෙ?………”

“පොලිස් නිළදාරියෙකුට අත උස්සලා වැඩ වරද්ද ගන්න එපා තමුං.මං තමුසෙ ගැන බලා ගන්නම්.ධම්මික මෙයාව දාන්න කූඩුවට……..”

“මේ මැඩම් තමුංට මාව එක පැයක් කූඩුවෙ තියන්න බෑ.පුලුවන් දෙයක් කරනවා………”😠😠

ඒ පුද්ගලයා කූඩුවේ යකඩ කූරු අල්ලන් එසේ කෑ ගසන්නට විය.මා ඔහුව ගනං නොගෙන මගෙ පුටුවට ගොස් වාඩි වී ධම්මිකට කතා කලෙමි.

“රෙක්සි කියන්නෙ කව්ද ධම්මික?මොන විදියෙ කෙනෙක්ද?මට එයා ගැන සේරම විස්තර කියන්න………”

“මැඩම් රෙක්සි කියන්නෙ බිස්නස්මන් කෙනෙක්.පාතාල චන්ඩියෙක්.මැරයෙක්. ඌ ගාව සෑහෙන්න පිරිසක් ඉන්නවා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාර කිහිපයක්ම ඌ කරගෙන යනවා………”

“ඒ දේවල් වලට විරුද්ධව ඇයි මෙච්චර කාලෙකට පොලීසියෙන් නීතිය ක්‍රියාත්මක නොකලෙ?ඇයි කලින් හිටපු ඒස්පී ඔය රෙක්සි කියන් කෙනාව අත්තඩංගුවට ගත්තෙ නැත්තෙ?………”😠

“මැඩම් රෙක්සි කියන්නෙ අපිට හිතා ගන්නවත් බැරි තරම් බලයක් තියන කෙනෙක්.එයාට මැති ඇමතිවරු පොලීසියෙ ඉහල නිළදාරියො හොදට අදුරනවා.ඒ හැම කෙනෙක්ම රෙක්සිගෙ සල්ලි වලට යටයි.බලන්න මැඩම් තව ටිකෙන්………”

ධම්මික එහෙම කියනකොටම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවා.

“හෙලෝ………”📞

“ඒඑස්පී සහස්‍රා රෙක්සිගෙ ගෝලයෙක් අත්තඩංගුවට ගත්තද දැන්?………”📞

කතා කරන්නෙ ඩීඅයිජී විජේසුන්දර සර්.

“ඔව් සර්.මිනිහගෙ නම ශාන්.අපි මිනිහව අත්තඩංගුවට ගත්තෙ බඩුත් එක්කමයි. මේ සැරේ මිනිහට බේරෙන්න බෑ.අපි නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා………”📞

“ඔෆිසර් සහස්‍රාගෙ දක්ෂතාවය අපි අගය කරනවා.දැන් කරුණාකරලා ශාන් ව නිදහස් කරන්න.අපිට ඉහලින් ඕඩර් එකක් ලැබිලා තියනවා……….”📞

“ඒත් සර්………”📞

“ඔෆිසර් සහස්‍රා කරුණාකරලා ඔයාට කියපු දේ කරන්න……….”😠📞

එවර ඩීඅයිජී විජේසුන්දර සර්ගෙ හඩ තරමක් දැඩි විය.මා සිතුවා නිවැරදිය. බලවතාගෙ බලවත්කම් හමුවේ නීතිය ඔවුන්ට සෙල්ලමක් වී ඇත.

“ධම්මික ඩීඅයිජී විජේසුන්දර සර් කියනවා ශාන්ව නිදහස් කරන්නලු.මේ අයට නීතිය සෙල්ලමක් වෙලා.හැම දෙයක්ම පගාවට යටයි.බඩුත් එක්ක අහු වෙලත් මූව නිදහස් කරන්නලු………”😡😡

දැවෙන කෝපයෙන් මං එලෙස පැවසුවෙමි.

“මං මැඩම්ට කියන්න ගියෙත් ඒකම තමයි.රෙක්සිගෙ සල්ලි වලට බලලට හැමෝම යටයි………”

“හැබැයි ඔය රෙක්සිව එක පාරක් හරි මගෙ අත් දෙකෙන්ම මාංචු දාලා කූඩුවට දානවා.මං මේ ඩිපාට්මන්ට් එකෙන් යන්න මොහොතක් හරි තියලා මං ඌට පෙන්නන්නම් මේ සහස්‍රා සේනානායක කියන්නෙ කව්ද කියලා……….”😡😡

“මං නම් හිතන්නෙ නෑ මැඩම්ට ඒ දේ කරගන්න පුලුවන් වෙයි කියලා.ඒත් එහෙම කරොත් ඒක ලොකු ජයග්‍රහණයක්……..”

“ගිහින් ශාන්ට එන්න කියන්න………”

“හා මැඩම්………”

විනාඩි කිහිපයකින් ශාන් මගෙ ඉදිරිපිටට පැමිණෙන්නට විය.ඔහුගේ මුහුණේ වූයේ සරදම් සහගත සිනහවකි.😆😆

“මැඩම් මං මැඩම්ට කිව්වනෙ එක පැයක්වත් කූඩුවට දාලා තියන්න බෑ කියලා………”😆😆

“යන්න කලින් තමුං මේකත් හොදට අහ ගන්නවා ශාන්.තමුසෙ ගිහින් තමුසෙගෙ මහ ලොකු බොස් රෙක්සිට කියනවා මං ලගදීම ඌ ඉන්න තැනට ඇවිත් මගේ අත් දෙකෙන්ම ඌට මාංචු දාලා බල්ලෙක් වගේ මේ කූඩුවට දානවා කියලා.මේ පුටුවෙ හිටපු අනික් නිළදාරියො රෙක්සිගෙ ජරාවට යට වුනාට මේ සහස්‍රාව කවදාවත් උගෙ සල්ලි වලට ගන්න බෑ.අන්න ඒක මතක් කරලා ඌට කියනවා………”😡😡

“හොදයි මැඩම් මං කියන්නම්……..”


“මැඩම් මැඩම්………”

සාජන්ට් ධම්මික කලබලෙන් වගේ ඔෆිස් රූම් එකට දුවගෙන ආවා.

“ඇයි ධම්මික මොකද මේ?………”

“මැඩම්…..රෙක්සි ඇවිත්………”

“ඉතින් ඇයි ඕකට ඔච්චර බය වෙන්නෙ? ධම්මික තමුං අමතක කරන්න එපා තමා පොලිස් නිළදාරියෙක් බව………”😡😡

“සමාවෙන්න මැඩම්………”

“හ්ම්ම්.එන්න කියනවා රෙක්සිට………”

තප්පර කිහිපයකින් රෙක්සි මා ඉදිරිපිටට පැමිණියා.මා බලාපොරොත්තු වූවාට රෙක්සි පෙනුමෙන් ඉතාමත් වෙනස් කෙනෙක් වූවාය.මා බලාපොරොත්තු වූයේ අවුරුදු පනහක පනස්පහක පෙනුමැති කලු මහත සැර පරුෂ පෙනුමැති නිළදාරියෙකි.එහෙත් මොහු අවුරුදු තිහක පමණ සුදු උස මහත උඩු රැව්ල හිමි පුද්ගලයෙකි.එක්වරම කිසිම ගරු සරුවක් නොමැතිව ඔහු මා ඉදිරිපිට වාඩි විය.මට මහත් කේන්තියක් ඇති විය.

“මැඩම් මං රෙක්සි.රෙක්සි රාමනායක……..”

“ඔව් ඉතිං මොකටද මාව හම්බෙන්න ආවෙ?……..”

කිසිම වෙනසක් නොපෙන්වා මා එලෙස ඔහුගෙන් ඇසුවෙමි.මේසයේ වීදුරුවට තට්ටු කරමින් ඔහු මා ඇමතුවේය.

“මේක හොදට අහගන්නවා මැඩම්.තමුන් වැඩිය ඉදිමෙන්න එපා.එහෙම වුනොත් මට සිද්ද වෙනවා තමුන්ගෙ අත්තටු දෙක කපලා දාන්න.මගේ වැඩ වලට අත දාන්න ඇවිත් ඔය සුදු මූණ කැත කරගන්න එපා. මැඩම් මැඩම්ගෙ පාඩුවෙ ඉන්න……”😡😡

කිසිම බියක් නොමැතිව ඔහු එසේ පවසද්දී මගෙ කේන්තිය පාලනය කරගන්නට මට නොහැකි විය.පොලීසියේ අනෙකුත් නිළදාරීන් අප දෙස බලා සිටිනවා මම දුටුවෙමි.පුටුවෙන් නැගිටගත් මා රෙක්සි ඉදිරියට ගොස් අත දිග හැර ඔහුගේ කම්මුලට පහරක් ගැසුවෙමි.

මතු සම්බන්දයි

Advertisment