මේකත් මට ලැබුනු ආරාධනාත්මක කතන්දරයක්. හැබැයි මේ කෙනාගේ නම එලිකරන්න මට අයිතියක් නෑ. ඒ නිසා ඒ කෙනාවත් ආදරෙන් මතක් කරන ගමන් අපි යමු ලස්සන කතාව මොකක්ද බලන්න.

ලොවම එපා වී….

රාත්‍රී දෙකයි. කේෂලා බොහොම හදිස්සියෙන් අසංකට කෝල් කලා. අසංක මේ වෙද්දී හොඳටම නිදි. වසනාවට අතේ ගෑවී ගෑවී තිබ්බ ෆෝන් එකේ දෙදරීම අසංකට දැනුනා.

” කේෂා…. හ්ම්ම්… කියන්න මම නිදාගෙන හිටියේ…”

” අසංක මම යනවා. මම යන්නම යනවා. මම මේ ගත්තේ අන්තිම වතාවට ඔයාගේ කටහඬ පොඩ්ඩක් අහන්න.”

” හෝව් හෝව්… මොකක්…. කේෂා මොකක්ද මේ කියවන්නේ… ළමයෝ…. පොඩ්ඩක් ඔහොම ඉන්න…. සන්සුන් වෙන්න…. මේ….”

” මට තව කියන්න දෙයක් නෑ අසංක මම මැරෙනවා… මට මේ හිටියා හොඳටම ඇති…. මම මැරෙනවා. අසංක….”

” මගේ…. කේෂා… අනේ හොඳ ළමයා වගේ පොඩ්ඩක් මං කියන දේ අහන්න.. පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ.. ආහ් ආන්න එහෙම… හරි හරි හෙමීට… “

මෙහෙම කියන ගමන් අසංක ඇදෙන් නැගිට යන්නට උනා.

” මට බෑ අසංක මේ ගෙදර මිනිස්සුන්ගේ කතා අහගෙන ඉන්න. මට බනිනවා…. මම ජරා ගෑනියෙක්ලු…. මම යනවලු එක එකා එක්ක. අදත් මට කනේ පාරක් ගැහුවා තුෂාර. අම්මත් කිව්වේ ඕකිට ඔහොම වෙලා මදි කියලා විතරයි. කොහොමද අසංක මම මේවා අහගෙන ඉන්නේ.”

” ළමයෝ… අනේ දරුවෝ අඬන්න එපා…. කියන දේ අහන්නකෝ… හරි හරි පොඩ්ඩක් අපි කතා කරමුකෝ… ඉස්සෙල්ලා. දැන් ඔයා කොහෙද ඉන්නේ…?”

” මම ඉන්නේ මගේ කාමරේ අසංක. තුෂාර අදත් බිලා ආවේ. ඒකටත් අම්මා බැන්නෙ මට. මුස්පේන්තු ගෑණි බැදපු දවසේ ඉදන් මගේ එකා විනාස වෙනවලු… ඔහොම බනින්නේ අසංක. කියන්නකෝ මං කොහොමද අහන් ඉන්නේ.”

” හරි ඔයා දැන් පොඩ්ඩක් මුහුණ පිහදාගෙන එන්නකෝ බැල්කනියට. හුළන් පොඩ්ඩක් වඳින්න. අපි කතා කරමු. කේෂි. ඔයාගේ හැම දුකක්ම මං අහගෙන ඉන්නම්. අපි හඳ එළියේ කතා කරමු.”

” හ්ම් අනේ ඒත් මට බෑ අසංක තවත් මේ ඉන්න. මෙහෙම හිටියොත් මං මැරිලා යයි.”

” හරි දැන් මං කිව්වා වගේ මූණ පොඩ්ඩක් හෝදගෙන එළියට එන්නකෝ.එළියට ආවොත් ඔයාට පොඩි සප්‍ රයිස් එකක් තියෙනවා.”

” ඒ මොකක්ද… ? අසංක.. ඉන්න මං ගන්නම්. මූණ හෝඳන් ඇවිත්.”

” නෑ නෑ ෆෝන් එක ඔහොම්මම තිබිච්චදෙන් ඔයා හෝඳගෙන එනකන්. තමුසෙව සුවර් නෑනේ… ඉක්මනට එනවා හරිද? මට තව වැඩ තියෙනවා….”

” හරි හරි ඉන්න එහෙනම්. ඉන්න පොඩ්ඩක්….”

කේෂි තමන්ගේ දුක තරමකට තුනී කරගත්තේ අසංකගේ වචන වලිනි. පුදුමය දනවන දෙයක් කියූ නිසාවෙන් කේෂිට තමන්ගේ හිටපු තත්ත්වය පවා අමතකව යයි. ඇය ඉක්මනින් මුහුණ තෙත් කරගෙන එළියට ඇදුනේ අසංක කියූ පුදුමය බලා ගැනීමේ අරමුණෙනි.

” හෙලෝ අසංක. හරි ඔන්න මං බැල්කනි එකට ආවා. හරි කෝ දැන් ඔයාගේ සර්පයිස් එක…? “

” ආහ්… පොඩ්ඩක් ඉන්න ඉතිං මම පෙන්නනම්… හරි දැන් ඔයා බලන්න අහස දිහා… ලස්සනට හඳ පායලා නේද…? රවුමට…”

” දැන් ඒකද මහ ලොකු සර්පයිස් එක ඔයාගේ. හඳ නෑ මෝඩයෝ… වලාකුළු වලට වැහිලා… “
” නෑ..නෑ… තව ටිකකින් පායයි… බලන්නකෝ හොඳට…”

” අසංක….. ඔයා…. අනේ ඔයාට පිස්සුද අනේ මේ මහ රෑ මෙහෙ එන්න.”

අසංක තමන්ගේ වාහනෙන් පැමිණ සිටියේ කේෂිගේ ගේ ඉස්සරහටයි. පාන්දර දෙක පමණ වූ නිසා පාරේ මැද නවතා ගත් කාරය තුළ හිද අසංක නැවත කතාව ඇරඹුවේය.

” ආහ්…. දැන් මේ මටයි පිස්සු…. ඒ…. අමතක වුනාද මම සයිකෑස්ට්‍රික්ස් කෙනෙක්…පිස්සෙක් නෙමෙයි.”

” අනේ මම හිතුවේ නෑ.. අසංක ඇත්තටම මට සමාවෙන්න. මම ගොඩක් කලබල වෙලා කෑගහලා ඔයාවත් ගෙන්නුවා නේද? “

” කොහොම හරි දැන් හද පෑව්වා නේද? ආහ්.. නැද්ද…? දැක්කනේ…”

” අනේ යනවා යන්න. පිස්සා… ඉස්සර වගේම තාම මොන්ගල් වැඩනම් ඉවරයක් වෙලා නෑනේද? අනේ අසංක ඉතින් මෙතනට ආපු එකේ පොඩ්ඩක් වාහනෙන් බැහැලා මූණ පෙන්නලා යන්නකෝ.”

” ආන්…. එතන තමා පොඩි අවුලක් තියෙන්නේ… මෙහෙම ඉදන් බලගන්න බැරිද….?ඉන්න ……මං කාර් එකේ ලයිට් එක දාන්නම්.”

” මොකක්ද ප්‍රශ්නේ…අනේ පොඩ්ඩක් එළියට එනවකෝ. කෝ ඔය හඳ වගේ පේන තට්ටේවත් බලාගන්න.”

” නෑ මං හදිස්සියට ආවට ඉන්නෙ නයිට් ශෝට පිටින්. ඒකයි අවුල. අනික මගේ තට්ටේ නෑ… තාම කොන්ඩේ තියෙනවා හරිද? …”

” අනේ අනේ එහෙනම් බලන්නම ඕනේ.. මම දැකලත් නෑනේ එහෙම එකක් ඇඳන් ඉන්නවා.”

“මේ මේ පිස්සු නටන්න එපා. පාරේ මිනිස්සු හූ තියයි මට.”

” පාරේ මිනිස්සු නෑ මෝඩේ…. එන්නයි කිව්වේ එළියට…”

” හරි හරි… ඔන්න ආවා.”

” අනේ හරි ශෝක් හරියට පොඩි එකෙක් නාන්න ඇදලා වගේ….”

“අනේ මේ කේෂි… විහිළුවට ගත්තද ඒ පාර… කොහොමද මං මේම ලස්සනයි ද….? සලමන් කාන් වගේ ඉන්නවා නේද? “

” අනේ ඔව් ඔව්….. ඩයපිටික් හැදිලා ඉන්නකොට ඔහොම තමයි ඔයාගේ සලමන් කාන්.”

” බල්ලොත් බුරනවා බං… මම නගිනවා කාර් එකට.”

” හා හා නගින්න. අම්මලා ඇහැරුනොත් මටත් කෑගහයි.”

“හරි දැන් ඔයාගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුනානේ. එහෙනම් මං යන්නද කේෂි…”

” අනේ අසංක. ඔයා මුකුත් නොකියම. මුකුත් අහන්නෙත් නැතිව මගේ හිතේ තිබ්බ දුක නැති කරලා දැම්මා.මම මහ හයියෙන් හිනත් උනා. බලන්නකෝ ඔයා කරපු දේ.”

” එහෙම තමයි. අපි වගේ යාලුවෝ ලබන්න පිං කරලා තියෙන්නත් ඕනේ නැතුව බෑ.”

” ඇති ඇති දැන් විහිලු කලා. අර බල්ලා තාම බුරනවා. ඒ ගෙදර අය ලයිටුත් දැම්මා අසංක ඔයා දැන් යන්න. යන ගමන් මට කතා කරන්න.”

” ආන්… ඒ පාර මාව එලවනවත් එක්ක…”

” අනේ එහෙම දෙයක් නෑ… කවුරුහරි දැක්කොත් ඔයාට හොඳ නෑනේ…. අනික්ද් ඔයා ඉන්නේ නයිට් සෝටක් ඇදලනේ…”

” හරි හරි දැන් ඒවා වැඩක් නෑ… ඔයා ඇදට යන්න. දැන් නිදාගන්න….. මමත් වාහනේ ගෙදරට දලා එන්නම්. “

” අනේ…. ඔයා ආයේ ගන්නවා නේද? අසංක….?”

” ඔව් ඔව්…. කේෂි මම ගන්නම්…. බායි …..”

දුරකතනය විසන්ධි කරපු කේෂි බොහොම සතුටෙන් ඇදට ගොඩවුනා. ඇයට තිබ්බ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දාපු අසංක මේ රෑ ජාමේ කරපු විකාර වැඩ මතක් කර කර ඇය තනියෙන්ම හිනා වුනා.

” මහ පුදුම මනුස්සයෙක්. ඩොක්ටර් කෙනෙක් කියලා ගාණක්වත් නෑනේ. මේ මහ රෑ… අර නයිට් ඩ්‍රස් එක පිටින් මාව බලන්න ආවනේ… අනේ ඉතින් මං ගැන එහෙම හරි බලන්න ඉන්නේ අසංක විතරයි. අසංක දන්නවනම් එහෙම එයාට මේ ගෙදර උන් බනින විදිය. මා එක්කවත් කතා කරන එකක් නෑ එහෙනම්. පුදුම හිතක් ඒක නම්. සාන්තුවරයෙක් වගේනේ. ඒ කතාවට නිවෙනවා. මං කොච්චර අවුල් වෙලාද හිටියේ. මාව කන්ට්‍රෝල් කලානේ වචනෙන් දෙකෙන්…. පුදුම මනුස්සයෙක්. මට හිතෙනවා වෙලාවකට තුෂාරගෙන් ඩිවෝස් වෙලා අසංකගෙන් අහන්න. මාව තේරුම් ගත්ත මිනිහෙක් ළඟ වැටීගෙන ඉන්න තිබ්බත් ඇති මට…”

මෙහෙම හිත හිත හිටපු කේෂිට නින්ද ගියේ නොදැනිමයි. අසංක ඇවිත් කෝල් ගත්තත් වැඩක් උනේ නෑ. අසංකත් අනික පැත්ත හැරිලා නිදා ගත්තා. අසංකට කේෂි ගැන තිබුනේ අනුකම්පාවක් ඒ වගේම පොඩි කාලේ ඉදන් තිබ්බ යාලුකම අසංක ගොඩක් ලොකු දෙයක් විදියට දැක්කා.කේෂිගේ ඕනම දේකදී අසංක නෑ බෑ නොකියා හිටියා.

” ගුඩ් මෝනින් අසංක. අනේ මට නින්ද ගියා. ඔයා කොල් කරලා තිබ්බා. අනේ සමාවෙන්න. මම දන්නවා ඔයා මුලු රෑම ඇහැරගෙන ඉන්න ඇති. ඔයාට එහෙම ඇහැරුනාට පස්සේ නින්ද යන්නේ නෑනේ… මං එන්නද අද ඔයාගේ ක්ලීනික් එකට. මට කියන්න දෙයක් තියෙනවා. බුදුසරණයි. කෝල් එකක් ගන්නම් දවල් වෙලා.”

සවස 3 ට තිබූ සායනයේදී දෙදෙනා යළිත් මුනගැහුණි.

” ඩොක්ටර් අසංක. “

” නිම්මි… පොඩ්ඩක් එළියෙන් ඉන්නවද? මේ මගේ යාලුවෙක්…”

” හරි ඩොක්ටර්… සොරි මැඩම්…”

” අම්මේ බලන්නකෝ මෙයා තියාගෙන ඉන්න නර්ස්ලගේ ලස්සන.”

” මේ ඔය මං දාගත්ත අය නෙමෙයි මෙහෙන් දෙන අය. ඉතින් ඊයේ මොකද උනේ… ? මාවත් ඇහැරවගෙන අන්තිමට එයා නිදි…”

” අනේ… සොරි සොරි ඒකටනම්. මට නින්ද ගියා. ඔයා නිසා තමයි. ඔයා ආවේ නැත්තම් ඊයේ මම මොනා කරගනීද දන්නේ නෑ.”

” හරි ඉතිං මොකද අද මෙහෙ ආවේ.. ඔයාට එහෙම මෙන්ටලි අවුලක් නෑනේ. ඩිප්ප්‍රේෂන්ද?”

” නෑ… අසංක මම ආවේ ඇත්තටම මේක අහලා දැනගන්න. ඔයා මං ගැන සෑහෙන කෙයා කරනවා. මං කියන හැමදේකදිම මගේ පස්සෙන් හිටියේ ඔයා. ඇත්තටම ඔයා නැතුව මට මුකුත් කරගන්න බෑ. මම කැමති….”

” එස්කියුස්මී…. ඩොක්ටර්… පොඩ්ඩක් එන්න පුලුවන්ද…? “

එළියේ සිටියේ තවත් කාන්තාවකි. ඇය පැමිණ අසංකට කතා කලාය. ඒ විගසම අසංක පුටුවෙන් නැගිට,

” ආහ්… තරූ…. මෙහෙ එන්න… මේ මගේ පේර්ෂන් කෙනෙක් නෙමෙයි. මේ ඉන්නේ මගේ හොඳම යාලුවා. කේෂි…. කේෂි මේ තරූ… මගේ ෆියොන්සේ…”

” ආහ්… මේ ඔයාගේ කේෂිද…? නයිස්ටු මීට් යූ… මට මෙයා ඔයා ගැන ගොඩක් කියලා තියෙනවා…. අසේ… බෝඩ් මීටින් එක 5 ට ඊට කලින් ඉවර කරලා එන්න. මම ඒක කියන්න ආවේ…. කේෂි අපි හම්බෙමුකෝ වෙලාවක… මං අද පොඩ්ඩක් බිසී… ගිහින් එන්නම්… බායි.”

එහෙම කියා තරූ යන්නට ගියා. කේෂි තාමත් කට වහගන්නටවත් අමතකව එලෙසම හිටගෙන සිටියි.

” කොහොමද…..? හොඳද…. මම කියන්න හිටියේ ඔයාට… කොහෙද මේ ටිකේ ඔයා හොඳ මූඩ් එකක හිටියේ නෑනේ.. ඉතිං මම ඔයාට කිව්වේ නෑ…”

” ආ… ඔව් ඔව් ඒක ඇත්ත. මම මගේ දුක කිව්වට ඔයා ගැන වචනයක්වත් ඇහුවේ නෑනේ. එයත් ඩොක්ටර් කෙනෙක්ද අසංක…?”

” ඔව් ඩොක්ටර් තමයි… බට් එයා තමා මේ මැනේජ්මන්ට් එකේ වැඩ බලන්නේ. මේ හොස්පිට්ල් එකේ ලොක්කාගේ දුව ඔය. හරි හොඳයි. කිසිම ආඩම්බර කාරකමක් නෑ.. හරියට ඔයා වගේ…. පොඩ්ඩක් සැරයි….තව…”

“අසංක මට යන්න ඕනේ… මට පරක්කු උනා. ඔයාටත් මීටින් එකක් කිව්වානේ…. මම යන්නම්. ප්ලීස් මට එකම එක හෙල්ප් එකක් ඕනේ.”

” මොකක්ද කේෂි කියන්න…”

” එකම එක පාරක් මාව තද කරලා බදාගන්න. ප්ලීස්… “

” කේෂි මොකද මේ.. ආහ් කමක් නෑ එන්නකෝ… හ්ම්ම්… හරි… දුක් වෙන්න එපා… ඔයාගේ ඕනම ප්‍රශ්නෙකදී මම ඉන්නවා ඕන දෙයක් කියන්න. මම එන්නම්.”

කේෂි මුකුත් නොකියාම කදුලු පුරෝගෙන යන්න ගියා. අසංකත් මුකුත් නොතේරුනු ගානට සිටියත්, සියල්ල තේරුම් අරන් නිහඩ වුනා.

කේෂි තමන්ගේ වාහනේට වෙලා ඉකි ගහගහ ඇඩුවා. තමන් හිතේ තියන් හිටපු දේවත් කියාගන්න බැරුව එන්න උනත් අසංකගේ උනුහුමෙන් හිත නිවා ගත්ත කේෂි ආදරේ හිතේ තියාගෙන යන්න ගියා.

අපි කාට කාටත් ඉන්නවා එක වචනෙකින් හරි හිත නිවන එක ස්පර්ශයකින් හරි සැනසෙන කෙනෙක්. ඒ කෙනා තමන්ගේ වෙච්ච අයට ඒ ආදරේ අඩුවක් නැතුව ලැබුවට. මේ කතාව ලියන මාත් මේ කතාව ලියන්න කියපු කෙනත් සමහර විට මේක කියවන ඔබත් ඒ වගේ ආදරේක අඩුවක් තියෙන අය වෙන්න පුලුවන්.

ජිවිතේ හරිම පුදුමාකාරයි. අපිව සනසපු අය වෙන අයගේ තුරුලක සැනසෙනවා උපේක්ෂාවෙන් බලාඉන්නවා කියන්නෙම භාවනාවක් වගේ දෙයක්. ඉතින් මේ ගීතයෙනුත් මතක් කරන්නෙ ඒවගේම සිද්ධියක්….

ලොවම එපා වී….. ලොවම කලකිරී…..
තැවී දැවී හිදිනා වේලේ….
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ…..

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ…..

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන්වුණු සිත උණුසුම් වේ…..

ගීතය ගායනා කළේ ආත්මීය කාන්තා හඬ විශාරද නන්දාමාලනිය විසින්.

ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ.

සංගීතය නැසීගිය මර්වින් පෙරේරා මහතාගේ…

ලස්සන හිතට වදින ගීතයක් අනිවාර්යයෙන් අහලා බලන්න.ඔයාට දැනෙන දේත් පහලින් ලියාගෙන යන්න.