සීතල උදුවප් මහේ නත්තල් දවසේ කොළඹ පෞද්ගලික රෝහලකදී මා පුංචි පුතෙකු බිහි කලෙමි.ප්‍රසාදුත් මමත් අප සියලු දෙනාම සිටියේ බලවත් සන්තෝශයකිනි.ප්‍රසාද්ගේත් මගේත් ලෝකයම අපේ පුතා විය.පුතා ලැබෙන්නට ගොස් මට ගොඩාක් අමාරු වූ නිසා දින හයක් පමණ මට රෝහලේ රැදී සිටින්නට විය.මා පුතා සමග නිවසට පැමිණියේ මුලු ලෝකයම ජයග්‍රහණය කරා වැනි අභිමානයකිනි.
“පාරමී…..ගොඩාක් ස්තූතියි මගෙ මැණිකට.මට මේ වගේ සතුටක් ලබා දුන්නට……..”
මගේ නලල සිපගෙන ප්‍රසාද් පුතාව වඩා ගත්තා.
“මගෙ චණ්ඩි පැටියා.කෝ බලන්න පුතා තාත්ති වගේ නේද?ම්ම්….මගෙ වස්තුව. තාත්ති ඔයාට ගොඩාක් ආදරෙයි……..”😘
ප්‍රසාද් පුතාට පණටත් වඩා ආදරෙයි. එයාගෙ වැඩේම පුතාව වඩාගෙන කාමරේ පුරාම ඇවිදින එකයි.
“පුතාට විතරනෙ ඉතිං ආදරේ දැන්.පුතා ගෙනාපු අපිට ආදරේ නෑනෙ.ඔහොම තමයි ඉතිං…….”😁😉
අහක බලාගෙන නෝක්කාඩු ස්වරයෙන් මං එහෙම කියද්දී ප්‍රසාද් පුතාව වඩාගෙන මං ගාවින් වාඩි වුනා.
“ඕං බලන්න පුතේ අම්මිගෙ තියන ඉරිසියාව.තාත්ති ආදරේ පුතාට විතරයිලු. තාත්ති අම්මිටත් ගොඩාක් ආදරෙයි…….”😉😀😘
එහෙම කියපු ප්‍රසාද් මගේ කම්මුල් සිප ගත්තා.මං දන්නවා එක දරුවෙක් නෙවෙයි දරුවො දුසිමක් ලැබුනත් ප්‍රසාද්ගෙ හිතේ මං ගැන තියන ආදරේ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ.එයා මට ගොඩාක් ආදරෙයි.
ටික කාලයක් යනකල් මට තනියම වැඩක් පලක් කරගන්න අමාරු වුනා.අපේ අම්මයි ප්‍රසාද්ගෙ අම්මයි ගෙදර ඉන්න නිසා ප්‍රශ්නයක් වුනේ නෑ.පුතාව නාවන්න එයාගෙ රෙදි හෝදන හැටි එහෙම හැම දෙයක්ම අම්මා මට කියලා දුන්නා.ඒ හැම දේකටම ප්‍රසාදුත් උදව් කරා.
“ආ අක්කෙ තමුසෙට දැන් හොදද?…….”
අපේ මල්ලිත් ආවා මාව බලන්න.
“අක්කට ඔහොමද පුතා කතා කරන්නෙ?…….”
අම්මා මල්ලිට සැර කරා.ඉස්සර වගේමයි තාමත් මල්ලි හදන්නෙ මාත් එක්ක රණ්ඩුවටමයි.ඒත් සහෝදර සෙනෙහසේ අඩුවක් වෙලා නෑ.
“දැන් නම් ටික ටික සනීපයි මල්ලි…….”
මල්ලි පුතාව වඩා ගත්තා.ටිකක් වෙලා යද්දී මාමගේ අතේ පුතාට නින්ද ගියා.
❤️❤️
අපේ පුතාට දැන් මාස දහයයි.දැන් නම් මට හොදටම සනීපයි.පුතාගෙ නම රෂිත් අභිශේක්.තාත්තා වගේමයි පුතාත් ඉතිං. හරිම මුරණ්ඩුයි.
“ප්‍රසාද්….බලන්නකෝ අනේ මේ ළමයා කරන දේවල්.පොඩ්ඩක් වත් කියන දේ අහන්නෙ නෑ……..”
“ඇයි මොකද වෙලා තියෙන්නෙ?…….”
“කවන්න ගත්තම කෑම ටික කන්නෙ හැම තැනකම විසික් කරනවා.කන්න ගියාම වෙනම යුද්දයක් කරන්න ඕනි……..”
“ඉතිං එහෙම තමයි.තාම අවුරුද්දක්වත් නෑ ළමයට.ඔය වයසට ඔහොම තමයි. ඔච්චර කෑ ගහන්න තරම් දෙයක් වුනේ නෑනෙ……..”😠
ඔව් ඉතිං මෙයාට මොකද?මං එපායැ කාමරේ අස් කරලා අතු ගාන්න.පොඩි කාලෙ ඉදලම හුරතල් කරලා ලොකු වෙනකොට කියන කිසිම දෙයක් අහනෙකක් නෑ.ඕනි මගුලක් වෙන්නතෑ කියලා හිතාගෙන මං එතනින් නැගිටලා ගියා.
“පාරමී…..මොකද මේ ළමයා අඩන්නෙ?……..”
“මට කිසිම වැඩක් කරගන්න දෙන්නෙ නෑ ප්‍රසාද්.කොයි වෙලේ බැලුවත් අඩනවා. වඩාගෙන ඇවිදලා පුරුදු වෙලා.කැව්වට කන්නෙ නෑ.දවස තිස්සෙම එයාව වඩාගෙන ඉදලා කව්ද මෙතන තියන වැඩ ටික කරන්නෙ?……..”😠😠
“ඉතිං තමුසෙ ළමයට ගැහුවා?……..”😡😡
“ඔව් පාරක් ගැහුවා තමයි.ඔයා වගේ මට බෑ මෙයාව හුරතල් කරන්න……..”😠😠
මං එහෙම කිව්වම ප්‍රසාද්ට හොදටම කේන්ති ගියා.පුතාව වඩාගෙන කදුලු පිහදාලා මං ගාවට ආවා.
“ආයෙ ළමයට අතක් උස්සලා තිබ්බොත් මං තමුසෙගෙ අත් දෙකම කඩනවා…….”😡😡
කඩයි.කඩයි කියලා තමයි බය.😁
“මොනවද තමුසෙ කුටු කුටු ගාන්නෙ?…….”
“මොකුත් නෑ…….”
❤️❤️
අපේ පුතාට දැන් හොදට ඇවිදින්න පුලුවන්.අපේ අතේ එල්ලිලා ඇවිදපු වැටි වැටි ඇවිදපු පුංචි පුතා දැන් හොදට දුවලා පැනලා ඇවිදිනවා.එයාට දැන් අවුරුදු තුනයි.පුතා නම් ප්‍රසාද්ගෙ කපාපු පලුවක් තමයි.
“කොල්ලා කෝ?…….”
ප්‍රසාද් මගෙන් එහෙම ඇහුවා.
“පුතා අම්මා ගාව ප්‍රසාද්.අද තාත්තාත් ගෙදර නැති නිසා අම්මා පුතාගෙන් ඇහුවා ආච්චි ගාවට දොයියන්න එනවද කියලා.කොල්ලා පැනපු ගමන්ම අම්මා ගාවට ගියා…….”
“කවද්ද මල්ලිගෙ වෙඩින් එක?……..”
“ලබන මාසෙ දාසය තියෙන්නෙ.මේ දවස් වල අම්මටයි තාත්තටයි කිසිම විවේකයක් නෑ.වෙඩින් එකට ලෑස්ති වෙනවනේ……..”
ඇදෙන් වාඩි වෙලා ප්‍රසාද් මාව එයාගෙ පැත්තට ඇදලා ගත්තා.මං ප්‍රසාද්ගෙ පපු තුරුලේ ගුලි වුනා.
“ඔයාට ගොඩාක් පිං මැණික මට මෙහෙම ජීවිතයක් දුන්නට.ඔයා මගේ ජීවිතේට ආවෙ නැත්නම් මට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.ඉස්සර මං ගත කරේ කිසිම වගකීමක් නැති රස්තියාදුකාර ජීවිතයක්.ඔයා මාව ඒ කාලකණ්ණි ජීවිතෙන් මාව මුදවගෙන හොද මනුස්සයෙක් කරා රත්තරං. ආදරෙයි මැණික උඹට හැම් ආත්මෙකදීම……..”😘😘
මගේ සිරුරට එබෙමින් එසේ මිමිණූ ප්‍රසාද් ඒ දෙතොලින් මගේ දෙතොල් සිප ගත්තා.ඒ දෙතොල් වල පහස මගේ ආත්මෙට නැවුම් මිහිරක් එක් කරා.ඒ දෑගිලි මගේ මගේ පිට පුරාත් පපු පුරාත් රටා මවද්දී මා තව තවත් ඒ උණුසුමට ගුලි වුනේ ඒ පහසට මගේ සිත වැඩි වැඩියෙන් ආයාචනා කල නිසායි………..මේ අයුරින් හෝරා කිහිපයක්ම ගෙවෙන්නට ඇති.මධ්‍යම රාත්‍රියේ මහා ධාරානිපාත වර්ශාවක් ඇදහැලෙන්නට විය.මාවත් තුරුල් කරන් ප්‍රසාද් නිදාගන්නට විය.
වසර පහකට පසුව👇👇👇
අපේ පුතාට දැන් අවුරුදු අටයි.මං දැන් අවුරුද්දක පුංචි දුවෙකුගේත් අම්මා කෙනෙක්.දූගෙ නම ෂාරදී සහන්‍යා. ප්‍රසාද්ගෙයි මගෙයි ජීවිත තව ලස්සන වූයේ අපේ දරුවන් අපේ ලෝකෙට ආ පසුවයි.අපි හැම්දාමත් ගොඩාක් ආදරෙන් සෙනෙහසින් සන්තෝශෙන් ජීවත් වුනා.
සමාප්තයි