“චේතනා මං කියන දේ චුට්ටක් තේරුම් ගන්න බලන්න. ඔය වැඩෙන් අපි හැමෝම අමාරුවේ වැටෙන්න පුළුවන්.”
ඇද විට්ටමට කොට්ටය හේත්තු කරන ගමන් අසංක කියන්නට විය.
“බෑ අසංක බෑ. මං ගත්ත තීරණයක් ආයේ වෙනස් කරන්න මම කැමති නෑ. මම හොඳට හිතලා ඒ තීරණය ගත්තේ.”
අමනාපයෙන් ඈ කියන්නට විය.
වෙනදා වගේම යාන්තමට අඳුර වැටීගෙන එද්දී ගෙදරට ආවා අසංක ඉක්මනින් වැඩ ඉවර කරගෙන කාමරේට ගියේ චේතනා එක්ක නිදහසේ ටිකක් කතා කරන්න ඕන නිසාමයි…
“අසංක” අසංක කියන්නේ චාම් ගතිගුණ තියෙන නිහතමානී සරල මනුස්සයෙක් . ඒ වගේම රජයේ ආයතනයක ලිපිකරුවෙක්. අසංක චේතනාව විවහ කර ගන්නේ විවහ යෝජනාවකින්. මධ්‍යස්ථ අධ්‍යාපනයක් ලබපු චේතනා නම් රැකියාවක් කරන්නේ නෑ….
අසංක මේ විවහය ඇතුලේ සතුටක් ලබපු වාර වලට වඩා විඳවන, දුක්වෙන ,වේදනා විඳින වාර අපමණයි. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි චේතනාගේ වැඩ නිසා.. චේතනා හිතන පතන විදිය අසංකට ගැළපුනේම නෑ…ඒ වගේම අසංක වැරැද්දක් පෙන්නුවත් චේතනා ඒක පිළිගන්න සූදානමකුත් නෑ.. චේතනා කලේ චේතනාට ඕන දේ විතරමයි…
*පසුදා උදෑසන
“අසංක හෙට මම සුරේකා එක්ක වීසා හදන වැඩේට යනවා . මට සල්ලි ටිකක් මදි. පුළුවන් නම් ලක්ෂ එකයි දහයක් වගේ දෙන්න පුළුවන් ද? ඉතුරු ටික මම දාන්නම්.”
නිදන කාමරයේ දොරට හේතු වෙන ගමන්ම චේතනා කියන්නට විය.
“කොහේ තියෙන ඔච්චර සල්ලියක්ද චේතනා ?කාලා බීලා ළමයට උගන්නලා කාර් එකට ගත්ත ලෝන් එක ගෙව්වාම මහ ලොකු ඉතුරුවක් තියෙනවද අපිට? පිස්සු වැඩ නොකර ගෙදරට වෙලා ඉන්න.”
නිල් පාට ටයි පටිය බෙල්ල ළඟට තද කරන ගනන් කණ්ණාඩිය දිහා බලාගෙනම ඔහු කියන්නට විය…..
මහ ලොකු ආදායමක් නැති වුනාට චේතනාව රට යවන්න තරම් අගහිඟකම් අසංකගේ පවුල ඇතුලෙ තුබුනේ නෑ.. නිවසට යාබඳ නිවසේ චේතනාගේ මිතුරිය රට යන්න සූදානම් වෙන බව දැන ගත්ත චේතනාටද ඒ උවමනාව හිතේ ලැඟුම් ගත්තේ සෑම විටම අනෙකාට වඩා ඉහළින් ජීවත් වෙන්න ඕන කියන මාන්නයෙන් චේතනාව ජීවත් වෙන නිසාමයි…..
“අනේ මේ අසංක ඔයාගේ ඔය සොච්චම් පඩිය මට ඕනෙ නැ. මම මගේ වළල්ලක් උකස් කරලා ඒ වැඩේ කර ගන්නම්..මාත් ජොබ් එකක් කරා නම් ඔයාගේ ඔය ගෑස් බලන්න ඕනෙ නෑ නෙහ් “
තව තවත් උලුහස්සට බරවී අමනාප ස්වරයෙන් චේතනා කියන්නට විය..
“චේතනා මේ ගේ ඇතුලේ ඔයාගේ සල්ලි මගේ සල්ලි කියලා වෙන් කරලා නෑ. ඕන දේකට සල්ලි ඔයාට ගන්න පුළුවන්. එදා ඔයා බල කල නිසා ණය වෙලා හරි මම කාර් එකත් ගත්තා නෙහ්.. ඒත් ඔයා රට යන එකට මම කැමත්ත දෙන්නේ නෑ.. ඔයා රට ගියාම චූටි දූට මොකද වෙන්නේ?”
ඇද උඩ ඉඳ ගන්න ගමන් අසංක වේගයෙන් කියාන් යන්නට වූයේ උදේ පාන්දරම මේ ප්‍රශ්නය නිසා මනසට ඇති වුන පීඩනය නිසාමයි.
“ඔය ඕන තරම් ළමයි අම්මලා නැතුව තාත්තා එක්ක හැදෙන්නේ.. හදිසියේවත් මම මැරුනොත් ඔයා ළමයව තනියෙන්ම හදා ගන්නේ නැද්ද?
චේතනා එකට එක කියාන් යන්නට විය..
“ඒක වෙනස් කරන්න බැරි දෙයක් චේතනා. ඒත් මේක වෙනස් කරන්න පුළුවන් තීරණයක්. ගෑණු දරුවෙක් ඉන්න අම්මෙක් මීට වඩා වගකීම් ගන්න ඕන. අනෙක් එයා ගෑණු ළමයෙක් චේතනා….”
වැඩට යන්නට මත්තෙන් හිත් අමනාවකමක් ඇති වී අවසන්.. ඒත් චේතනාගේ තීරණයේ වෙනසක් නෑ..
==========මාස හයකට පසු==========
” ඒජන්සියකට අහු වෙලා ලක්ෂ තුනක්ම නාස්ති වුන නිසා මම මේ කල්පනා කලේ රට නොයා මල් බිස්නස් එකක් කරන්න. මගේ යාලුවෙක් ඉන්නවා නුවරඑළියෙන් මල් ගෙන්නන එයා එක්ක ජොයින් වෙලා කරන්න පුළුවන්”
කෑම මේසය මත වූ පාන් පෙත්තක් අතට ගන්න ගමන් චේතනා කියන්නට විය.
“අනේ චේතනා තවමත් ඔයා පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? නිම්නා කාර් එකක් ගත්තා කියලා මාත් එක්ක රණ්ඩු කරලා කරලා ඊට වඩා හොඳ කාර් එකක් ගෙනාවා.. ලීසිං ගෙවා ගන්න බැරිව ඒකත් ලීසිං එකෙන් ඉස්සුවා.. රත්තරං බඩු උකස් කරලා රට යන්න හැදුවා රට ගියෙත් නෑ බඩු ටිකත් සින්න උනා. දැන් ගේ ඉඩම උකස් කරලා දරුව එක්ක මහ පාරට බහින්න වැඩ සිද්ද කරන්න තමා ඔයා මේ හදන්නේ?”
“අනේ අසංක වැඩක් පටන් ගන්න කලින් ඔයාගේ කට ඉස්සර කරලා නාහෙන් අඬන නිසාමයි වගතුවක් නැත්තේ. ඔයා මොනවා කිව්වත් මගේ නමට තියෙන ඉඩමෙන් මම බිස්නස් එක කරනවා.. ආයේ මේ ගැන කතා කරන්න ඕන නෑ.”
තරහින් ඉඳගෙන සිටි පිටුවෙන් නැගිට්ට චේතනා හෑන්ඩ් බෑග් එක අතට ගත්තේ ඔප්පු බෑගයට දා ගන්න ගමන්මයි.
==========මාස තුනකට පසු==========
“අසංක ඔය බෑ බෑ කිව්වට දැන් පේනවද මල් බිස්නස් එකෙන් ලැබෙන ලාබය. දෝණිගේ ස්කූල් ෆීස් පවා රන් වෙන්නේ ඒකෙන් නෙහ්.”
චේතනා සමච්චලයට වගේ අසංකට කියන්නට වුයේ අතේ වූ සල්ලි ගණින ගමන්මයි.
“හ්ම්.. ලාබයක් තියෙනවා නම් හොඳයි ඉතින් .මම එපා කිව්වේ පවුල ගැනම හිතලා මිසක් මගේ වාසියට නෙවේ චේතනා..ඔයා තේරුම් නොගන්න දේත් ඒක නෙහ්.”
අතේ වූ තේ කෝප්පය හිස් කරන ගමන් ඔහු කියන්නට විය.
“මම මල් වලට වැඩි ආයෝජනයක් කරන්න ඉන්නේ අසංක. ඒ ලාබෙත් අපිටම නෙහ්”
“කරන දෙයක් කල්පනාවෙන් චේතනා. මිනිස්සු හරි වෙනස් අපි හිතනවට වඩා.”
කල්පනා කරමින් ඔහු කියන්නට විය.
“ඇති ඇති නවත්ත ගන්න අසංක.”
ඇය තරමක් තරහෙන් කියන්නට විය.
අසංක හොඳ ඉදිරි දැක්මක් එක්ක සැලසුම් සහගතව වැඩ කරන නිසාම අසංකට ගොඩක් දුර පේන්නේ වර්තමානයේ ඉදං අනාගතය ගැන සාස්තර කියනවා වගේ . ඒ වගේම අසංක සමාජය එක්ක ගැටෙන නිසාම මිනිස්සුන්ගේ කපටිකම් හොදාකාරවම දනී. නමුත් ඒ කිසිම දෙයක් චේතනාට වැදගත් නොවන්නේ මාන්නයෙන් ඇස් අන්ධ නිසාමයි…
========මාස කිහිපයකට පසු ========
“නිමාෂා මල් ගේන ලක්ෂ තුනක් ඉල්ල ගත්තා. මම මේ ටිකේම කෝල් කලා ෆෝන් වැඩ නෑ.. මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නෑ.. ඔයා හෙට ෆ්‍රී නම් අපි නිමන්තිගේ ගෙවල් පැත්තේ ගිහිං එමුද?”
“කරදරයක් නෙවෙයි සල්ලි ටිකත් අරං මාරු වෙලා ඇති. හරි කමක් නෑ හවසට යමුකෝ බලන්න”
ඔහු එසේ කීවේ දෙගිඩියාවකින්.
=============එදින හවස==========
“මම කිව්ව නෙහ් චේති. දැං හරි නෙහ් ඔයාගේ මහ ලොකු යාලුවා ඔයාගේ සල්ලි ටික ගත්තට පස්සේ රටෙත් නෑ”
ඔහු තරහෙන් කියන්නට විය.
“නවත්ත ගන්න අසංක මගේ ඔලුව පුපුරන්න රිදෙනවා”
ඔලුව දෑතින් බදාගෙන ඈ කියන්නට විය.
“මම කිව්වා ඕවා වෙන්න කලින් චේතනා. දැන් කොහොමද ණය ගෙවන්න්… ඉඩම බේර ගන්නේ?දෝණිට උගන්නන්නේ? මගේ පඩියෙන් මේ සේරම කරන්න බෑ..ඔයාගේ වැරදි නිසා තමා මේවා මෙහෙම උනේ චේති.”
අසංක දැඩි ස්වරයෙන් කියමින් කාමරේට ගියේ හිතේ වේදනාව, තරහව දරා ගැනීමට අපහසු බැවින්ය.
කාලය ගෙවිලා යනවාත් එක්කම අසංකගේ හිත පිරිලා තිබුනේ දැඩි පීඩනයකින්. ඒ නිසාම කාර්‍යාලයේ ලිපි ගොනුවල යම් වරදක් අසංකගේ අතින් සිදු වී ඔහුගේ රැකියාව අහිමි වූනේ ගෙදර ප්‍රශ්න තව තවත් වැඩි කරන ගමන්මයි. රැකියාව අහිමිවන අතර වාරයේ මහන්සියෙන් ගොඩනගා ගත්ත නිවස සින්න වෙන්න තව දින කිහිපයයි. පවුලේ වියදම ,දරුවාගේ අධ්‍යාපන වියදම, විතරක් නොව අසනීපයක් වුනාම බොහෙත් හේත් ගන්නවත් අතේ සතයක් ඔවුන් ළඟ නැත. චේතනාගේ ක්‍රියාවන් නිසා ඒ තරමටම ඔවුන් අසරණ වී හමාරය..
දරා ගත නොහැකි ණය බරකින් මිරිකී සිටි අසංකට නොහිතපු මොහොතක මෙලොවින් යන්නට සිදුවූයේ ඇති වූ හෘදයාබාධයක් නිසාවෙන්. ඔහුගේ දේහය තැම්පත් කිරීමට පවා පොළොවෙන් බිම් අගලක්වත් නොතුබුණ චේතනාට පිහිටට සිටියේ ඈ කාලයක් තිස්සේ අමනාපකමින් සිටිය ඇගේ එකම සහෝදරයා පමණයි.
අවමඟුල් කටයුතු අවසන් වූ පසු චේතනාට දරුවා සමඟ මහ ගෙදරට යන්න සිදු වූයේ හිසට සෙවනක්, දරුවට රැකවරණයක් නැති නිසාමයි . මේ අතරේ චේතනාට රැකියාවක් කරන්නට සිදු වූයේ දරුවාගේ පාසල් වියදම් පවතින බැවිනි .. අවසානයේ මේ ආකාරයේ අවාසනාවන්ත ඉරණමක් ඇති වුනේ තමන්ගේ වරදින්මයි කිය ඇයගේ සිත නිතර නිතර වද දෙන්නට වූ නිසාම ඇයට කිසිදු මොහොතක සැනසීමක් නම් ලැබුනේම නැත..
තමන්ගේ ආදායම රුපියල් සීයක් නම් අනූවක් වියදම් කරලා රුපියල් දහයක් හෝ හැකි පමණින් ඉතිරි කරන්න ඕන.. ඒ වගේම කෙනෙක් දෙයක් කළ පමණින් තමාත් ඒ දේ කළ යුතු නෑ. අනෙක් කෙනා අභිබවා යන්න ඕනත් නෑ.. සතුට තියෙන්නේ එතන නෙවෙයි. තමන්ට පුළුවන් විදියට සරව ජීවත් වෙන තැනයි ජිවිතය ,සතුට, ආදරය රැදිලා තියෙන්නේ ……
ස්තූතියි
අමාලි විජයන්ති