දෙයියන්ගෙ නාමෙට මට ඇත්ත කියන්න ප්‍රසාද්.අනේ ඇයි ඔයා මට මෙහෙම දුක් ගින්දර දෙන්නෙ?…….”😭😭

“මං ඔයාට හැම දෙයක්ම කියන්නම් පාරමී.කලබල වෙන්න එපා…….”

ප්‍රසාද් මොන තරම් දේවල් කිව්වත් මගෙ හිත ගොඩක් කලබල වෙලයි තිබුනේ.මං හීනෙකින්වත් හිතුවෙ නෑ ප්‍රසාද් මේ වගේ වරදක් කරපු කෙනෙක් කියලා.

“පාරමී…..මීට අවුරුදු හයකට විතර කලින් මායි නිර්මාලුයි බිස්නස් වැඩකට සුරංගිලාගෙ ගමට ගියා.ඒ දවස් වල ගමේ වෙච්චි රණ්ඩුවකට මාව පොලීසියෙන් හොය හොයා හිටියෙ.ඉතිං මං සුරංගිලා ඉන්න ගමට ගිහිල්ලා දවස් හත අටක් යනකල් ගෙදර ආවෙ නෑ.මාත් එක්ක නිර්මාලුත් එහෙ හිටියා.අපි නැවතිලා හිටියෙ නිර්මාල්ගෙ යාලුවෙක්ගෙ ගෙදරක.ඒ ගෙවල් ලගමයි සුරංගිලාගෙ ගෙවල් තිබ්බෙත්.වැවට නාන්න යනකොට මට කීප වතාවක්ම සුරංගිව මුණගැහිලා තියනවා. කතා කරලත් තියනවා.

මට ඒ ගැන එහෙම විශේෂත්වයක් තිබුනෙ නෑ.ඒත් සුරංගි මාත් එක්ක වැඩියෙන් කතා කරන්න එනවා කියලා මට දැනුනා.ඒ දවස් වල සුරංගිට ගමේ කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබුනා.ඒ කොල්ලව තමයි සුරංගි මැරි කරේ.දවසක් හදිස්සියෙන්ම සුරංගි අපි ඉන්න ගෙදරට ආවා.එදා නිර්මාලුත් යාලුවත් ගෙදර හිටියෙ නෑ. සුරංගි මට ඇවිත් කිව්වා එයාට ගෙදරින් අර කොල්ලව බදින්න කියලා බල කරනවලු.මට කියලා උගෙ අතක් පයක් කඩලා දාන්න තමයි සුරංගි එදා ඇවිත් තියෙන්නෙ.

මං කිව්වා මට ඒක කරන්න බෑ කියලා.ඒත් සුරංගි ගෙදර යන්න බෑ කියලා කිව්වා.බලෙන් හරි මං සුරංගිව ගෙදර යවා ගන්නයි හැදුවේ.මං සුරංගිව එලියට දාලා දොර වැහුවා.එකපාරටම මහා වැස්සක් කඩන් වැටුනා.

එලියෙ ඉදලා සුරංගිව හොදටම තෙමිලා.සුරංගි
දොර අයිනට වෙලා තෙමි තෙමි ඉන්නවා. මට දුක හිතිලා මං දොර ඇරලා කිව්වා ගෙට ඇවිල්ලා වැස්ස පායපුවම යන්න කියලා.වැස්සට සුරංගිව හොදටම තෙමිලා වෙව්ලන්න පටන් ගත්තා.මං මගෙ ටවල් එකක් සුරංගිට දීලා පිහදාගන්න කියලා ඇදුමකුත් දුන්නා ඇද ගන්න.අකුණු ගහගා වැස්ස හින්දා එකපාරටම කාමරේ ලයිට් ගියා.බය වෙච්චි පාරට සුරංගි මගෙ ඇගට පැන්නා.

මටත් කරගන්න දෙයක් නෑ.මං සුරංගිව අතෑරියෙත් නෑ.එයා මාව අතෑරියෙත් නෑ. ආයෙ කරන්ට් එක ආවෙ විනාඩි දහයකට විතර පස්සෙ.ඒ විදියට සුරංගිව දැකලා මට මොකක්ද වගේ වුනා.මාත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක්නෙ පාරමී.අපි ඒ හැගීම් වලට වහල් වුනා.ඒත්……සුරංගි කියන්නෙ පිරිසුදු කෙල්ලෙක් නෙවෙයි. දවස් පහකට පස්සෙ මායි නිර්මාලුයි ගෙදර ආවා.

මං නිර්මාල්ට කිව්වා සුරංගි ගැන හොයන්න කියලා.මාස පහකට විතර පස්සෙයි නිර්මාල් සුරංගිව දැකලා තියෙන්නෙ.එතකොටත් සුරංගිට දරුවෙක් ලැබෙන්න ඉදලා තියෙන්නෙ. එයා අර කොල්ලව කසාදත් බැදලා.මට හොදටම විශ්වාසයි ඒ ළමයා මගෙ නෙවෙයි……..”

මං ලගට වෙලා ප්‍රසාද් කියපු දේවල් විශ්වාස කරන්නද නොකරන්නද කියලා මට හිතාගන්න බැරි වුනා.

“ඔයාට මාව විශ්වාස නැද්ද පාරමී.මං කියපු දේවල් බොරු නෙවෙයි.මං වැරදිකාරයෙක් කියලා හිතලා මාව දාලා යන්න නම් හදන්න එපා.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ පාරමී……..”

“මං ඔයාව දාලා යන්නෙ නෑ ප්‍රසාද්.ඒත් සුරංගි පොලීසි ගියොත් එහෙම අපි මොකද කරන්නෙ?…….”

“මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ අප්පා……..”

“කරන්න නම් දෙයක් තියනවා ප්‍රසාද්.ඒක කරොත් ඔයා වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න පුලුවන්……..”

“ඒ මොකක්ද පාරමී?…….”

“අපි සුරංගිගෙ හස්බන්ඩ් හම්බවෙන්න යමු.ඊට පස්සෙ හොස්පිටල් එකට ගිහිල්ලා ඩී එන් ඒ ටෙස්ට් එකක් කරලා බලමු ඒ ළමයා කාගෙද කියලා…….”

මං එහෙම කිව්වම ප්‍රසාද්ගෙ මුහුණේ සැනසිලිදායක පෙනුමක් මතු වුනා.

“ඔයාට ගොඩක් පිං පාරමී.මට කලින් මෙහෙම දෙයක් මතක් වුනේම නෑනෙ……..”

“අපි දැන්මම යමු ප්‍රසාද්.මට දරුවා ලැබෙන්න කලින් මේ ප්‍රශ්නෙ විසදගන්න ඕනි……..”

මායි ප්‍රසාදුයි නිර්මාලුයි වාහනේම සුරංගිලාගෙ ගෙදරට ආවා.සුරංගියි මහත්තයයි දරුවයි ගෙදර හිටියා.අපිව දැකලා සුරංගි හොදටම කලබල වුනා.

“ප්‍ර….ප්‍රසාද් මහත්තයා ඇයි මෙහෙ ආවෙ?……..”

එවලෙම වගේ සුරංගිගෙ මහත්තයාත් එලියට ආවා.

“එන්න ගේ ඇතුලට.ඔයාලව හම්බවෙන්න මං එන්නයි හිටියෙ…….”

ගේ ඇතුළට ගිහින් වෙච්චි දේවල් ගැන කතා කරා.

“මිස්ටර් නාමල් මට ඔයා ඇත්ත කියන්න. මේ ළමයා ඔයාගෙ නේද?……..”

ප්‍රසාද් එහෙම කියපුවම නාමල් කල්පනා කරා.

“ඔව් ප්‍රසාද් මහත්තයා.මේ ළමයගෙ ඇත්තම තාත්තා මම…….”

අනේ දෙයියනේ ඒ කියන්නෙ මගෙ ප්‍රසාද් වරදක් කරලා නෑ.මට පුදුමාකාර සැනසීමක් දැනුනේ.

“එහෙනම් කතා කරන්න සුරංගි.ඇයි ඔයා කිව්වෙ මේ දරුවා මගේ කියලා.කතා කරන්න……..”

ප්‍රසාද් එහෙම අහද්දී සුරංගි හිටියේ ගොඩාක් බය වෙලා.කපටි ගෑනි.😠

“මට සමාවෙන්න ප්‍රසාද් මහත්තයා මේ දරුවා ප්‍රසාද් මහත්තයගෙයි කියලා බොරු කිව්වට.මං එහෙම කිව්වෙ මේ දරුවගෙ ජීවිතේ බේර ගන්න……..”😭😭

“ඒ කිව්වෙ?……..”

“දරුවගෙ පපුවෙ හිලක් තියනවා ප්‍රසාද් මහත්තයා.ලොකු ඔපරේෂන් එකක් කරන්න ඕනි කිව්වා දරුවව බේර ගන්න. ඒ ඔපරේෂන් එකට ලක්ශ දහයක් විතර යනවා කියලා දොස්තර මහත්තයා කිව්වා. ඒකයි සල්ලි ගන්න මං මෙහෙම කරේ. මට සමාවෙන්න ප්‍රසාද් මහත්තයා……..”

අපි ආපහු ගෙදර ආවේ ඒ දරුවට ඔපරේෂන් එකට යන ලක්ශ දහය දෙන්න පොරොන්දු වෙලයි.පව් මං ප්‍රසාද්ව සැක කරේ.එයා මට ගොඩාක් ආදරෙයි.

“මොනවද මං දිහා බලාගෙන කල්පනා කරන්නෙ?……..”

ප්‍රසාද් එහෙම අහපුවම මට පුංචි ලැජ්ජාවකුත් දැනුනා.

“වැඩේමයි බලන්න.නපුරු යකා……..”😁

“කව්ද යකා?ආ……..”😠

“ඔයා තමයි යකා……..”😁

“දෙන්නෙ මැට්ටිට දෙකක්.තමුසෙ ගොඩාක් ලස්සනයි පාරමී.අල බෝලයක් වගේ……..”

“අල බෝලයක්?අර බෙන් ටෙන් කාටූන් එකේ ඉන්න අල බෝලයද?…….”🤣😁😂

“ආ බබා කාටුනුත් බලලා තියනවද?…….”

❤️❤️

දරුවා ලැබෙන්න දීලා තියන දින වලට තියෙන්නෙ තව මාසයක් හින්දා මේ කාලෙ මං හිටියෙ ගොඩාක් පරිස්සමින්.ප්‍රසාදුත් මේ දවස් වල ගෙදරමයි හිටියෙ.මං ගොඩාක් විවේකීව හිටපු නිසා ප්‍රසාද් තමයි මාව නාවන්නෙත්.අලුත් අමුත්තා පිලි ගන්න ගෙදර හැමෝම හිටියේ මග බලාගෙනයි.අපේ අම්මත් මට දරුවා ලැබුනම ටික දවසක් මෙහෙ නවතින්න එනවා කිව්වා.

“අක්කේ…….”

“ආ මල්ලි එනවා…….”

ගොඩ කාලෙකට පස්සෙ මල්ලි ඇවිත් හිටියා මාව බලන්න.ඒ නිකන් නෙවෙයි. කෑම බීම ජාති ගොඩාක් අරගෙනයි.

“බලන්නකො ප්‍රසාද් මල්ලි කෑම ගෙනල්ලා ගොඩාරියක්…….”

“එහෙම තමයි අක්කලාට ආදරේ මල්ලිලා…….”

“කොහොමද මල්ලි අලුත් ජොබ් එක එහෙම?……..”

“වරදක් නෑ අක්කෙ හිතුවටත් වඩා හොදයි……..”

“ඒක නෙවෙයි මල්ලි ඔයා මේ දවස් ටිකේ අනුරාධ සර්ගෙ ක්ලාස් එක ලග හිටියා නේද?…….”

ප්‍රසාද් එහෙම අහද්දී මල්ලි ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.මල්ලි යන්න ඇත්තෙ එයාගෙ කෙල්ලව බලන්න.

“ආ ඔව් අයියෙ මේ……..”

“මොකක්ද මල්ලි කෙල්ලගෙ නම?……..”

“නිමාෂා සයුරංගි…….”

මතු සම්බන්දයි❤️❤️❤️

Advertisment