මෙතනින් පැනලා ගිහිල්ලා මං කොහොමද ආයෙමත් මාමයි නැන්දයි ගාවට යන්නෙ?එයාලනෙ මාව දේෂාන්ට විකුණුවේ.මං ආපහු එහාට ගියොත් එයාලා ආයෙමත් මාව දේෂාන්ටම බාර දෙයි.මීට වඩා හොදයි එදා අම්මයි තාත්තයි එක්ක මාත් අර බෝම්බෙට අහුවෙලා මැරුනනම්.මං සතුටින් ජීවත් වුනේ බොහොම ටික කාලයයි.

මගෙ ජීවිතේට සැනසීමක් දැනුනේ මං පොඩ්ඩක් හරි සතුටින් හිටියේ ඉස්කෝලේ ගිය කාලෙදි විතරයි. පාසලටත් ගෙදරටත් මං හාත්පසින්ම වෙනස් චරිත දෙකක් වුනා.ඉස්කෝලේ රණ්ඩුවක් වුනොත් ප්‍රින්සිපල් සර් මුලින්ම හොයාගෙන එන්නෙ මාව.මොකද,මං රණ්ඩු කෙක්කක්.රණ්ඩු කරගෙන ගහගෙන අපි ගෑනු ළමයි සෙට් එක හිසේ කෙස් ගානට දණගහගෙන ඉදලා ඇති. ඉස්කෝලෙට මං කොයි තරම් මුරණ්ඩු චරිතයක් වුනත් ගෙදරට මං ගොඩාක් අහිංසක තැන්පත් කෙනෙක් වුනා.

“මෙයාට වැරදිලා වෙන්න ඇති අහිංසා කියලා නම දාන්න ඇත්තෙ…….”

ඉස්සර ඉස්කෝලේ ගුරුවරු මට කිව්වේ එහෙමයි.කොයි තරම් දඩබ්බර කෙනෙක් වුනත් මං හොදට ඉගන ගත්තා.ඒත් අවාසනාවකට මගෙ ඉගෙනීම සාමාන්‍ය පෙළින් පස්සෙ නිමා වුනා.

“නෝනා කෑම ගෙනාවා…….”

මගේ අතීතයේ මතකාවර්ජනය බිදුනේ නිවසේ මෙහෙකාරියකගේ කටහඩින්. කෑම බදුන මේසෙ උඩින් තියලා ඇය දොර වහගෙන එලියට ගියා.මං නිකමට වගේ වටපිට බලද්දී දැක්කා දේෂාන්ගෙ මොබයිල් ෆෝන් එක ඇද උඩ තියනවා. සමහර විට දේෂාන්ට ෆෝන් එක අරන් යන්න අමතක වෙන්න ඇති.එකපාරටම ක්ෂණික සිතුවිල්ලක් මගේ සිතට ඇතුළු වුනා.පොලීසියට කෝල් එකක් දීලා කියන්න ඕනි දේෂාන් මාව මෙහෙ බලෙන් හිර කරලා තියාගෙන ඉන්නවා කියලා.

ඌට හිරේ යන්න වෙයි බාල වයස්කාරියක් පැහැරගත්තාට.මං ඉක්මනට ෆෝන් එක අතට ගත්තා.කෝල් ගන්න හිතුවට මං පොලීසියේ නම්බර් එකක් දන්නෑනෙ.එතකොටම මට මතක් වුනා ලාච්චුවේ තිබ්බ ඩයරිය.මං ඉක්මනට ලාච්චුව ඇරලා ඒ ඩයරිය අරන් බැලුවා.ඒකෙ තිබ්බා පොලීසියේ කියලා ලියලා තිබ්බ නම්බර් එකක්.මං ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා. තප්පර කිහිපයක් රින්ස් යනකොට එහා පැත්තෙන් කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ කව්ද මේ?……..”📲

“අනේ සර් මං කතා කරන්නෙ අහිංසා කියලා ගෑනු ළමේක්.දේෂාන් සංජය කියන මිනිහා මාව පැහැරගෙන එයාගෙ ගෙදර හිරකරගෙන ඉන්නවා සර්.අනේ මාව බේර ගන්න සර්……..”😭📲

“ඔකේ.අපි ඉක්මනට එනවා……..”📲

කෝල් එක කට් කරාට පස්සෙ මට දැනුනේ පුදුම සැහැල්ලුවක්.තව ටිකකින් පොලීසියෙන් ඇවිත් මාව බේර ගනියි. මාමයි නැන්දටයිත් හිරේ යන්න වෙයි. කමක් නෑ උන් දෙන්නා මාව මේ තිරිසනාට විකිණුවට උන්ට දඩුවම් ලැබෙන්නම ඕනි.පැයක් දෙකක් ගියා තාම පොලීසියෙන් ආවෙ නෑ.ඒත් එකපාරටම දේෂාන් කඩාගෙන බිදගෙන කාමරේට ආවා.සමහර විට පොලීසිය මුගෙ පස්සෙන් පන්නන්න ඇති.හොද වැඩේ උඹට.මං ගාවට ආපු දේෂාන් ඇද උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා.

“තමුසෙ දන්නවද තමුසෙ දැන් කෝල් කරේ කාටද කියලා?…….”

හිනා වෙවී රකුසු මුහුණින් දේෂාන් පියවරෙන් පියවර මං ගාවට කිට්ටු වුනා. පිටි පස්සෙන් පිටි පස්සට ගිය මාව බිත්තියට හේත්තු වුනා.දෙයියනේ මොකක්ද මේ සිද්ද වුනේ?මං කෝල් කරලා තියෙන්නෙ පොලීසියට නෙවෙයිද?😭😭දේෂාන් එයාගෙ ෆෝන් එක මගෙ අතට දුන්නා.

“තමුසෙ ඉස්සෙල්ලා ගත්තු නම්බර් එකට කෝල් එකක් ගන්නවා…….”😡

වෙව්ලන දෑතින් මං ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.දේෂාන් එයාගෙ අතේ තිබ්බ අනික් ෆෝන් එක මට පෙන්නුවා.අනේ දෙවියනේ😱😭මං පොලීසියට කියලා කෝල් අරන් තියෙන්නෙ දේෂාන්ටමද?මගෙ අතේ තිබ්බ ෆෝන් එක උදුරලා ගත්තු දේෂාන් අත දිගෑරලා මගෙ කම්මුලට ගහලා මගෙ බෙල්ලෙන් අල්ලලා මාව බිත්තියට හේත්තු කරගත්තා.

“අනේ මගෙ බෙල්ල අතාරින්න මහත්තයා.අනේ රිදෙනවා.මාව මැරෙයි දෙයියනේ…….”😭😭

“උඹ හිතුවෙ මාව පොලීසියට මාට්ටු කරලා දෙන්නද?ආ…කියපිය බැල්ලි.තොට බෑ යකෝ මාව පොලීසියට අල්ලලා දෙන්න.පොලීසියේ ලොක්කත් අල්ලෙ නටවන්න පුලුවන් ජාතියෙ මිනිහෙක් මං. මීට පස්සෙ තෝ මේ වගේ වැඩ කරොත් මං උඹව මරලා දානවා……..”😡😡

එහෙම කියපු දේෂාන් මාව පැත්තකට තල්ලු කරා.බෙල්ල මිරිකගෙන හිටපු පාරට මට හොදටම කැස්ස හැදුනා.මං දිහා බලන් හිටපු දේෂාන් කාමරෙන් ගියා. අනේ මං වගේ එල වැස්සියෙක්.මට තිබුනේ 119ට කෝල් කරන්න.ශික්….මට ඒ වෙලාවෙ ඒක මතක් වුනේම නෑනෙ. දැන්නෙ මතක් වුනේ.මොනවා හරි කරලා මෙතනින් යන්න ඕනි.මූට මාව එපා කරවන්නම ඕනි.ඒත් මේ යකාට මාව එපා වෙන්නෙ නෑනෙ.අනේ මං මොන කරුමයක් කරාටද දෙයියනේ මට මෙහෙම වෙන්නෙ?මූ නම් මනුස්සයෙක් නෙමෙයි තිරිසනෙක්.

හොද වැඩක් කරන්නම ඕනි.කන්නෙම නෑ.එහෙම හිතපු මං උදේට කෑවෙත් නෑ. දවල්ට කෑවෙත් නෑ.

“අනේ නෝනා මේ කෑම එක කන්න. නැත්නම් මහත්තයා ආවම නෝනට හොදටම බනියි.දන්නවනෙ මහත්තයගෙ හැටි?………”

මෙහෙකාරිය වූ දුලීකා මට එලෙස පැවසුවා.

“මේ ඔයාලා ඌට බය වුනාට මං ඕකට පොඩ්ඩක්වත් බය නෑ.මෙහෙම ඉන්නවට වඩා නොකා නොබී මැරෙනවා සැපයි. මගෙ ජීවිතේ කාලකණ්ණි කරපු පාහර නරුමයා,මැරෙන්න මොහොතක් හරි තියලා මට කරපු අපරාධෙට ඌ දඩුවම් විදින්න ඕනි……..”😡😡

මහ හයියෙන් කෑ ගහලා මං එහෙම කියද්දී දුලීකා හොදටම බය වුනා.

“අනේ කෑ ගහන්න එපා නෝනා මහත්තයට ඇහුනොත් එහෙම ලොකු විනාශයක් වෙයි……..”

“වෙච්චි දෙන්.අනේ මට පුලුවන් නම් මං ඕකව මරලා දානවා……..”

මං එහෙම කියලා අනික් පැත්ත හැරෙනකොට පිටි පස්සෙ හිටියේ දේෂාන්.පණ්ඩිතකමට කියෙව්වට දේෂාන්ව දැක්කම මං හොදටම බය වුනා. දුලීකාට ඔලුවෙන් යන්න කියලා කියපු දේෂාන් මං ගාවට කිට්ටු වුනා.

“කාවද උඹ මරනවා කිව්වෙ?ආ…. කියපිය……..”😡😡

“අනේ…..කාවවත් නෑ ම….මහත්තයා. අනේ ගහන්න නම් එපා………”

“එහෙනම් කාපිය මේක……..”

කෑම පිගන මගෙ අතට දීලා දේෂාන් මගෙ ඔලුවට පිස්තෝලෙ දික් කරා.අනේ දෙයියනේ මූ මාව මරලා දායිද?

“ඕක කාපිය.නැත්නම් මං තොගෙ ඔලුව කුඩු වෙන්න වෙඩි තියනවා.නොකා නොබී ඉදලා උඹට මැරෙන්න දෙන්න බෑ……..”😠😠

නොකා නොබී ඉදලා මට මැරෙන්න දෙන්න බැරි නම් මූ මට කොහොමටත් වෙඩි තියන්නෙ නෑ.එහෙම හිතපු මං පිගාන පැත්තකට කරා.

“මං කියපු දේ උඹට ඇහුනෙ නැද්ද?……..”

“තමුසෙ පුලුවන් දෙයක් කරනවා මං කන්නෑ……..”😠😠

කාටද යකෝ උඹ ඔය කතා කරන්නේ?…….”😡😡

“කාටද?උඹට තමයි කතා කරන්නෙ?……..”😠😠

දේෂාන්ගෙ චණ්ඩිකම් මැරකම් ඉදිරියේ මං නැමුනෙ නෑ.කොහොම හරි මූව මට්ටු කරන්නම ඕනි…..ඒත් එහෙම හිතුවත් මට දැන් හොදටම බඩගිනියි.වෙව්ලනවා වගේ.කෑම පිගාන පැත්තකින් තියපු දේෂාන් එයා ඇදලා හිටපු කලිසමේ බෙල්ට් එක ගලවලා ගත්තා.මගෙ පපුව ගැහෙන්න ගත්තා.😭😭මං දිහා කන්න වගේ බලාගෙන හිටපු දේෂාන් ඒ බෙල්ට් අරන් මට හොදටම ගැහුවා.

“අනේ මහත්තයා ගහනවා එපා දෙයියනේ රිදෙනවා.අනේ එපා……..”😭😭

තෝ දැනගනිං තොට ඕනි විදියට මාත් එක්ක නටන්න බෑ.මං කියන විදියට උඹ හිටියෙ නැතනම් ඊලග දවසෙ උඹට මං මෙහෙම නෙවෙයි කියන්නෙ………”😡😡

ඒ බෙල්ට් පාරවල් වැදිලා ඇග හැම තැනකම රිදෙන්න පටන් ගත්තා.කෙලින් හිටගන්නවත් බැරුව මං අඩ අඩාම බිම වැතිරිලා හිටියා.අවුරුදු දාහතක් වගේ පුංචි වයසකදී මං කොහොමද දෙයියනේ මේ වගේ දුකක් වේදනාවක් දරා ගන්නෙ? මගෙ ඉරණම කකවදාවත් මේ විදියට විසදෙයි කියලා මං හීනෙකින්වත් හිතුනෙ නෑ.

“කෝ නැගිටින්න නෝනා……..”

නිවසේ මෙහෙකාරිය වූ දුලීකා පැමිණ මාව නැගිට්ටවා වත්තන් කරගෙන ඇදෙන් හාන්සි කෙරෙව්වා.

“ඉන්න නෝනා මං නෝනගේ ඇග තවන්නම්.මං නෝනට සුද්ද සිංහලෙන් කිව්වා මහත්තයත් එක්ක එකට එක යන්න එපා කියලා.කෝ ඉතිං නෝනා මං කියන එක ඇහුනෙ නෑනෙ.බලන්න ඇග හැමතැනකම තුවාල වෙලා……..”

මං ඇදන් හිටපු ගව්ම අයින් කරලා උණු වතුරෙන් ඇග තවපු දුලීකා මට වෙනිවැල්ගැට කෝප්පයක් ගෙනත් දුන්නා බොන්න කියලා.

“අනේ මට ඕවා බොන්න බෑ.හරිම තිත්තයි……..”

“එහෙම කියලා බෑනෙ දරුවො මේක බොන්න.එතකොට ඔය ඇගේ අමාරුව අඩු වෙලා යයි……..”

කොහොම හරි අප්පිරියාවෙන්ම මං ඒක බිව්වා.මට සීට් එක පොරවලා දුලීකා කාමරෙන් ගියා.ඇදේ එහාට මෙහාට පෙරලෙන්න බැරි තරමට ඇග රිදුම් දෙන්නට වුනා.කෙදිරි ගගා හිටපු මට නින්ද ගියේ රෑ එකොලහට විතර වගෙයි.


දවස් තුන හතරකින් දේෂාන් මාව හොයාගෙන ආවෙ නෑ.ඒක මට ලොකු සැනසීමක් වුනා.මාව මෙහාට අරන් ඇවිල්ලා දැන් සති දෙකක් විතර වුනා.මේ සති දෙකට මං මේ කාමරෙන් එලියට ගිහිල්ලා නෑ.කූඩුවක හිර කරලා ඉන්න කිරිල්ලියක් වගේ මං ජීවත් වුනේ.

“නෝනා…..මහත්තයා කිව්වා නෝනව ටිකක් එලියට එක්කන්‍ යන්න කියලා……..”

දුලීකා ඇවිත් එහෙම කියද්දී මට සතුටකුත් දැනුනා.මං ඉක්මනට සෙරෙප්පු දෙකක් දාගෙන කාමරෙන් එලියට ගියා.දුලීකා ත් මං පස්සෙන්ම ආවා.පඩිපෙළ බැහැලා පල්ලෙහා තට්ටුවට ඇවිත් එලියට ආවා.

මං හිතුවට වඩා මේ ගෙදර ලස්සනයි.හරියට හෝටලයක් වගේ.ගෙයි මිදුල ගොඩාක් ලොකුයි.එක එක ජාතියෙ පලතුරු,මල් ගස් වත්ත වටේටම තිබ්බා.වත්තෙ කොනේ මුර කුටි තුනක් තිබ්බා.ඒවයේ මුරකාරයො හිටියා.වත්ත වටේටම මහා විශාල උස තාප්පයක් තිබ්බා.මෙතනින් පැනලා යන්න නම් මේ ආත්මෙදි බැරි වෙයි.මං හිමිහිට වත්තේ මල් ගස් අතරේ ඇවිද්දා.දුලීකාත් මං ගාවින්ම ආවා.

“නෝනගෙ නම මොකක්ද?…….”

මට නෝනා කියලා කිව්වට දුලීකා මගෙ අම්මගෙ වයසෙ විතර ඇති.

“අහිංසා සංදීපනී…….”

“අනේ හරිම ලස්සන නමක්නෙ…….”

“මේ ඒක නෙවෙයි.දේෂාන් මහත්තයා මාව මේ විදියට හිරකරගෙන ඉන්නෙ ඇයි?මං එයාට කිසිම වරදක් කරල නෑ…….”

“අනේ මං ඒක දන්නෑ නෝනා.මහත්තයා මෙච්චර කාලෙකට ගෑනු ළමේක්ව මේ ගෙදරට අරන් ආවා නම් ඒ නෝනා විතරයි……..”

නෑ ඒක නම් වෙන්න බෑ.ඒත් මං හිතුවෙ දේෂාන් සංජය කියන්නේ කසාද බැදපු මිනිහෙක් කියලා.මොකද දේෂාන්ට අවුරුදු තිහක් විතර ඇතිනෙ.මං හැමදාම අහපු එකම ප්‍රශ්නෙ ඇයි මාව මෙහාට ගෙනාවෙ කියලයි.ඒත් ඒකට කවදාවත් මට උත්තරයක් ලැබුනෙ නෑ.

විනාඩි දහයක් විතර යද්දී කලු පාට ඩිෆෙන්ඩර් එකක් ගේට්ටුවෙන් වත්තට ඇතුල් වුනා.කලු පාට කලිසමයි කෝට් එකයි ඇදන් ඒකෙන් බැස්සෙ දේෂාන්. දේෂාන් අපි ඉන්න පැත්තට ආවා.මං අහක බලා ගත්තා.

“දුලීකා ගිහින් මෙයාව ලෑස්ති කරන්න. ගමනක්‍ යන්න තියනවා……..”

“මට කොහෙවත් යන්න බෑ……..”😠😠

හිතුවක්කාර විදියට මං එහෙම කිව්වම දේෂාන්ට කේන්ති ගියා.ඒත් දුලීකා මගෙ අතින් අල්ලගෙන කාමරේට ආවා.

“නෝනා බාතෲම් එකට ගිහින් නාගෙන මේ ඇදුම ඇද ගන්නකො……..”

ලා දම් පාට ශල්වාර් එකක් මට ගෙනත් දුන්න දුලීකා එහෙම කියලා ගියා.මං බාතෲම් එකට ගිහින් හොදට නාගෙන ආවා.දේෂාන් මාව කොහේ එක්කන් යන්න හදනවද දන්නෑ.යන්න බෑ කිව්වොත් ඌ මට ආයෙමත් ගහයි.ඒ හින්දා මං ඒ ඇදුම ඇද ගත්තා.

පැයක් විතර යනකොට දේෂාන් මාවත් එක්කරගෙන වාහනේට නැග්ගා. කොහේද යන්නෙ කියලා ඇහුවත් මට මොකුත්ම කිව්වෙ නෑ.මාවත් එක්කරගෙන ලොකු හොටෙල් එකක කාමරේට ආවා.

ඒ කාමරේ හිටියේ අවුරුදු තිස්පහක විතර ගෑනු කෙනෙක්.ඒ ගෑනු කෙනා මං දිහා බලලා හිනා වුනා.මගෙ හිත බයෙන් පිරිලයි තිබ්බෙ.දේෂාන් හදන්නේ මාව ගනිකා මඩමකට විකුණන්නද?අනේ දෙවියනේ මේ තිරිසන් මිනිහා මට මොනවද මේ කරන්න හදන්නේ?😭😭

“ෂම්මි…..මෙයා ගැන තමයි කිව්වෙ.ලබන අවුරුද්දෙ දිහාට තමයි වැඩේ සිද්ද වෙන්නෙ……..”

දේෂාන් ඒ ගෑනු කෙනාට එහෙම කිව්වා. මං හිටියේ බයෙන් වෙව්ලමිනුයි.

“අනේ මහත්තයා මාව ආපහු හිටපු තැනටම ගෙනියන්න.අනේ මොකක්ද මේ කරන්න හදන්නේ?මං මහත්තයා කියන ඕනම විදියකට ඉන්නම්.අනේ මාව එක්කන් යන්න.මට බයයි මහත්තයා……..”😭😭

මං දේෂාන්ගෙ අතේ එල්ලිලා අඩ අඩා එහෙම කිව්වා.දේෂාන් මාව ගනං ගත්තෙවත් නෑ.කමෝන් ඩාලිං කියලා අර ගෑනු කෙනා මගේ දිහා බලලා මොනවදෝ පොතක ලියා ගත්තා.පැය දෙකකින් පස්සෙ දේෂාන් මාව ගෙදරට එක්කන් ආවා.

මං හිටියෙ ගොඩාක් බියෙන්.මගෙ හිත කිව්වෙම දේෂාන් ඒ ගෑනු කෙනාත් එක්ක හව්ල් වෙලා මාව ගනිකා මඩමකට විකුණන්න හදනවා කියලයි.

“අනේ මට ඇත්ත කියන්න මහත්තයා ඔයාලා මට මොකක්ද මේ කරන්න හදන්නෙ?කව්ද අර ගෑනු කෙනා?……..”

“උඹ මට පොරොන්දු වුනා නේද මං කියන විදියට ඉන්නවා කියලා.එහෙනම් මගෙන් මැරුම් කන්නෙ නැතුව මං කියන දේ කරපං……..”😡😡

දේෂාන් කාමරෙන් ගියාට පස්සෙ මං කල්පනා කරේ ඉස්සරහට මගේ ජීවිතේට මොනවා වෙයිද කියලයි.මං කාමරේ දොර ගාවට ගියා.හොද වෙලාවට කාමරේ දොර ලොක් කරලා තිබ්බෙ නෑ.මං දොර ඇරගෙන එලියට ආවා.

මං ඉන්න කාමරේට ටිකක් එහායින් දේෂාන් ඉන්න කාමරේ තියෙන්නෙ.මං හිමිහිට ඒ කාමරේ ලගට ගියා.මට ඇහුනා දේෂාන් කාත් එක්කද මන්දා ෆෝන් එකෙන් කතා කරනවා.

“මොනවා කරන්නද බං.වෙලාවකට මටත් එහෙම හිතෙනවා.තාම අවුරුදු දාහත වුනාට බලපන්කො කට නිකන් මහ ගෑනියෙක්ගෙ වගේ.කොච්චර කරත් මේ හු### මට බයක් නෑනෙ බං.ඒත් ඊයෙ නම් හොටෙල් එකට ගිය පාර නම් බය වුනා.හැම දේකටම කලින් මේ හු#### ගෙ කටේ සද්දෙ අඩු කරලා ඉන්න ඕනි. නැත්නම් මට කනක් ඇහිලා ඉන්න හම්බෙන එකක් නෑ……..”

යකෝ මූ මට නේද හු## කියලා කුණුහරපෙන් බනින්නෙ?ඒ කියන්නෙ මං මූට බය නෑ කියලා මූත් දන්නවා. බිත්තියට කන තියාගෙන මං අහගෙන හිටියා.එහා පැත්තෙන් කියන දේවල් ඇහුනෙ නැතත් මට දේෂාන් කියපු දේවල් හොදට ඇහුනා.ඒ දුරකථන සංවාදය අවසන් වුනාට පස්සෙ මං කාමරේට ආවා.

♥️♥️

“තමුසෙගෙ උපන් දිනේ කවද්ද?……..”

“ඇයි අහන්නෙ?……..”

“අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් මට කියලා කන පලා ගන්නෙ නැතුව……..”😠

“2003.10.15……..”

“මගෙන් උපන් දිනේ ඇහුවෙ අවුරුදු දහ අට සම්පූර්ණ වුනාට පස්සෙ මාව මරන්නද?මට දැන්ම මැරෙන්න බෑ……..”

“ඒක තීරණේ කරන්නෙ මං.උඹ මං කියන විදියට හිටපන්කො……..”

මතු සම්බන්දයි