විහාන්..ඇයි ඔයා තේරුම් නොගන්නෙ..ඔයා ඔහොම වැඩ වලම එල්ලීගෙන ඉද්දි මට මොකද වෙන්නෙ..ඔයා මැරි කලේ මාවද..නැත්තම් ඔයාගෙ මහ ලොකු රාජකාරිද..”
ඒ නිකේශි..විහාන්ගෙ වයිෆ්..හැමදාම නිකේශ්ගෙ මේ වචන ටික අහල අහල දැන් විහාන්ට ඒව කට පාඩම්.විහාන් වෘතියෙන් ලේකඛයෙක්.ඒ නිසා විහාන් චුට්ටක් කාර්ය බහුලයි.ඒත් ඉතින් ඒක නිකේශිට දැණිල තියෙන්නෙ විවාහ වෙලා අව්රුදු හතරකටත් පස්සෙ.
විහාන් කියන්නෙ තමන්ගෙ මහන්සියෙන් රටේ තැනක් හදාගත්ත කෙනෙක්.ඉතින් විහාන්ට නිතරම තමන්ගෙ ලේඛන කලාව වෙනුවෙන් කාලය වැය කරන්න වුණා .මුලදි නිකේශි වුනත් කිව්වෙ හැමදේටම වඩා තමන්ගෙ වෘතිය ජීවිතේ වැදගත්කම තියාගන්න කියල .ඒත් දැන් නිකේශිට ඒ කිසිම දෙයක් මතක නැහැ.
විහාන් කාර්ය බහුලයි කියල නිකේශි වෙනුවෙන් කාලය මිඩංගු නොකලෙ නැහැ.පුලුවන් හැම මොහොතකම විහාන් නිකේශි වෙනුවෙන් කාලය වැය කලා.ඈ එක්ක ඇවිදින්න යන්න ..ඈ ආස කෑම ගෙනත් දෙන්න..ඒ ආදරේ සුව විදින්න විහාන්ට අමතක වුණේ නෑ.
ඒ හැමදේම කරලත් නිකේශි හෙව්වෙ විහාන්ගෙ අඩුපාඩුවක් විතරයි .කොල්ල කරන කිසි දෙයක් නිකේශිට වටිනාකමක් තිබුණෙ නැහැ.
“හරි දරුවො..
මෙහෙට එන්නකො..
දැන් මොකද කියන්නෙ ආ..ඔයා කියන්නෙ මං ඔයාට ආදරේ නෑ කියලද..”
නිකේශිගෙ රළු වචන ගානකට නොගන්න විහාන් අහන්නෙ කෙල්ලව අතින් ඇදල ළඟට ගන්න ගමන්.
“ආදරේ..
මොකක්ද ආදරේ විහාන්..
ආදරේ කියන්නෙ එක ඇදක් උඩ බුදියන එක නෙවෙයි..”
නිකේශි කිව්වෙ විහාන්ගෙන් මිදිල ඇදේ කෙලවරකින් ඉද ගන්න ගමන්.
“මොකක්ද කේශි ඔයා කියන්නෙ..
මං ඔයාට ආදරේ කලේ ඇදට විතරද..
ඔයා වෙනුවෙන් මං හැමදේම කරන්නෙ නැද්ද ආ..
ඔයාට ආදරේ නැද්ද..ඔයා ඉල්ලන දේ දෙන්නෙ නැද්ද..
ඔයා ලග ඉන්නෙ නැද්ද ..ඔහොම කතා කරන්නෙ ඇයි ඔයා..”
“අනේ යන්න විහාන් ..
ඔයාට ලොකු ඔයාගෙ රස්සාව විතරයි ..
මාව ලොකු නෑ ඔයාට ..”
“විකාර කතා නොකර ඉන්නව කේශි..
මං කොච්චර ප්රශ්න ඇති කරගන්නෙ නැතුව ඉන්න හැදුවත් ඔයාට ඕන ප්රශ්න ක්රියේට් කරන්න විතරයි ..
ඔයත් රස්සාවක් කරනවනෙ..
මං ඔයාට මුකුත් කියනවද..”
විහාන් ඇහුවෙ ඇද මතින් නැගිටලා ගිහින් නිකේශිගෙ මූණ දිහා බලන ගමන්.නිකේශිට දෙන්න උත්තර නැහැ.ඇත්ත..නිකේශිත් ජොබ් එකක් කරනවා..ඇගේ රැකියාව නිසා දවස් ගනන් ගෙදරින් පිට ඉන්නවා..ඒත් විහාන් කවදාවත් නිකේශිට වරදක් කියලවත් සැක කරලවත් වාද කරලවත් නැහැ .
හැමදාම රාත්රිය ගෙවෙන්නෙ මූණු දෙක එල්ලගෙන ඇදේ දෙපසෙ.විහාන් නිකේශි ළගට කිට්ටුවෙන්නෙ තරහ වෙලා ඉන්න අකමැති නිසා.කොල්ලට ඕන වුණේ අනිත් ගෙවල්වල අඹුසැමියන් වගේ හැමදේම තේරුම් අරන් එකිනෙකා එක්ක සමගියෙන් ජීවත් වෙන්න.ඒ නිසාම හැමදේම අමතක කරලා විහාන් කෙල්ල ළගට ලං වුණත් නිකේශි ඒකත් දැක්කෙ වරදක් විදියට .
“එහාට වෙලා නිදාගන්න අනේ..
ඔයාට ඕකට විතරයි මාව ඕන…”
එහෙම වෙලාවට නිකේශි කියන්නෙ එහෙම .කෙල්ලගෙ ඒ කතාවෙන් හැමදේම එපා වෙන කොල්ල ආයෙත් ඇදේ පැත්තකට වෙන්නෙ බර හුස්මකුත් අල්ලලා.දැන් දැන් විවාහ ජීවිතේ නිරසයි කියලයි කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම දැණුනෙ.
……………………………………………………………………………………..
“විහාන් අද මං එද්දි චුට්ටක් පරක්කු වෙයි හොදේ…
නිකේශි කියන්නෙ කඩිනමින් ලෑස්ති වෙන ගමන්.
“අද මොකක් හරි ලොකු වැඩක්ද කේශි..”
විහාන් අහන්නෙ පොරවනය අස්සෙන් ඔලුව එලියට දාල.
“ඔව් අනේ..
අලුත් ප්රජෙක්ට් එකේ වැඩක්..
අලුත් ක්ලයන්ට් කෙනෙක් එනවා..
එයා එක්ක ලොකු මීටින්ග් එකක් අද…”
නිකේශි කියන්නෙ කණ්නාඩිය ඉස්සරහට වෙලා මේකප් දාන ගමන්.කෙල්ල දැන් තව ටිකක් ලස්සන වෙලා කියලයි විහාන්ට හිතුනෙ.කොල්ල ඇදෙන් බැහැල ඇවිත් කෙල්ලව පිටිපස්සෙන් තුරුල් කරගත්තෙ ඒ කන් පෙත්තකුත් ලාවට සිප ගන්න ගමන්.
“ඕ ශිට් විහාන් ..
බලන්නකො ඔයා මේකප් එකත් අව්ල් කරා..
එහාට යන්නකො අනේ..”
නිකේශි කිව්වෙ මූණත් ඇද කරන්.
“මගෙ කෙල්ලට මේකප් ඕන නෑ..
මේකප් නැතුව තමයි ගොඩක් ලස්සන..”
විහාන් කියනවා..එතකොට නම් නිකේශිගෙ මූණට හිනාවක් එනවා..මොකද ගෑණු හැමතිස්සෙම කැමති තමන් ලස්සනයි කියල අහන්න .ඒක තමයි ගෑණු ගතිය.
“මං හිතුවෙ අද එලියට යන්න ඔයා එක්ක..
ඒත් ඉතින් ඔයා බිසීනෙ..”
විහාන් කියන්නෙ කෙල්ල එක්ක ඇත්තටම දවසම ගත කරන්න ප්ලෑන් කරන් හිටපු නිසා.ඒත් නිකේශිගෙ වැඩ වලට බාධා කරන්න විහාන් කැමති නෑ.
“අනේ අද බෑ බබා..
අද මං යන්නම ඕන..”
නිකේශි එහෙම කියල විහාන්ගෙ නලලත් ඉබලා තමයි ඔෆිස් යන්නෙ.කෙල්ල ගියාට පස්සෙ කොල්ලට ගොඩක් පාළුයි.ඔහේ අතනට මෙතනට වෙවී විහාන් හිටියෙ ඒ පාළුව කොහොමහරි දරාගෙන .
රෑ ජාමකදි නිකේශි ගෙදර ආවෙ .කෙල්ලට හොදටම මහන්සී.නිකේශි ආව ගමන් කලේ වොශ් රූම් එකට රිංග ගත්ත එක.පැයකට විතර පස්සෙ එලියට ආව නිකේශි එහෙමම ඇදට වැටුනෙ විහාන් ගැන මුකුත්ම හොයන්නෙ නැතුව.
නිකේශිට මහන්සි ඇති.එහෙම හිතපු විහාන් කෙල්ලට ඩිස්ටර්බ් නොකර නිදා ගන්න දුන්නෙ විහානුත් එහෙමම නින්දට යන ගමන්.
………………………………………………………………………………………….
“කේශි..අද අම්මලගෙ ගෙදර ගිහින් එමු නේද ..
කාලෙකින් එහෙ ගියෙත් නෑනෙ..”
විහාන් කිව්වෙ නිවාඩු පාඩුවෙ දෙන්නම ගෙදර ඉන්න වෙලාවක .ගොඩක් දුරට මෙහෙම වෙලාවල් එන්නෙ කලාතුරකින්.එක්කො කොල්ල බිසී එක්කො කෙල්ල බිසී.මෙහෙම දවසක තමයි කොහෙ හරි යන්න ..අම්ම තාත්ත බලන්න යන්න නිදහසක් ලැබෙන්නෙ.
නිකේශි හිටියෙ ෆිල්ම් එකක් බල බල .කෙල්ල විහාන් දිහා බැලුවෙ ඔලුව විතරක් හරවලා.
“ඔයාලගෙද..”
කෙල්ල අහනවා..
“ම්ම්ම්.ඔව්..”
කොල්ල කියන්නෙ කෙල්ල ලගට ඇවිත් කෙල්ලගෙ උකුලෙන් ඔලුව තියාගෙන .
“ඔයාට ඉතින් මතක් වෙන්නෙ එහෙ යන්න විතරයි ..
අපෙ අම්මයි තාත්තයි බලන්න ඔයාට ඕන නෑනෙ..”
නිකේශි කියනවා..
“ඇයි ළමයෝ අපි දැන් සති දෙකකට කලින් නේද අම්මල බලන්න ගියේ..
මං අපෙ ගෙදර ගියේ නෑ මාස ගානකින්..”
“ඔව් ..ඔව්..ගියෙ නෑ මාස ගානකින්..
කව්ද දන්නෙ බිසී බිසී කියන්නෙ එහෙ රිංගල ඉදල එනවද කියල ..”
“මොනාද කේශි මේ ඔයාගෙ කතා..
හරි ..හරි ..දැන් රන්ඩු වෙන්න ඕන නෑ..
අපි අපේ ගෙදර ගිහින් ඔයාලගෙ ගෙදරත් ගිහින් කොහෙ හරි ගිහින් ඩිනර් එකත් අරන් එමු..”
විහාන් කියන්නෙ කෙල්ලගෙ හිතත් හදල දවසත් හොදින් ගෙවාගන්න ඕන නිසා.
“ඇයි මුලින්ම ඔයාගෙ ගෙදර ..
ඇයි අපේ ගෙදර බැරි..
කොහොමත් පලවෙනි තැන ඔයාගෙ අයට තමා..
මට කොහෙවත් යන්න ඕනත් නෑ..
ඩිනර් එක ඕනත් නෑ..”
නිකේශි එතනින් යන්නෙ අතේ තිබුණ රිමෝට් එකත් පොලවෙ ගහල .නිකේශි යන දිහා විහාන් බලන් හිටියෙ කලකිරීමෙන් .කොයිතරම් හොදින් ඉන්න හැදුවත් නිකේශි එක්ක එහෙම ඉන්න එක ලේසි වුණේ නැහැ .
එලියට පේන්න නිකේශි කොයිතරම් අහිංසක සරල නිහතමානී චරිතයක් වුනත් ගේ ඇතුලෙදි ඒක හාත්පසින්ම වෙනස්.විහාන් කරන හැමදේම නිකේශිට පෙනුනෙ වැරදියට.හොද දේවල් වලත් වරදක් හොයල අරන් රන්ඩු වෙන්න නිකේශි හරිම දක්ශයි.ඇගේ මේ හැසිරීම් විහාන්ට තරහක් මානසික පීඩනයක් ගෙන ආවත් විහාන් උත්සාහ කරේ හැම මොහොතකම සැහැල්ලු වෙන්න.
………………………………………………………………………………………..
“විහාන් ..
ඔයා මොනා හරි ප්රශ්නෙකද..”
ඒ තමයි සවීනා..විහාන්ගෙ හොදම යාලුවො කියන ලිස්ට් එකේ ඉන්න කෙනෙක්.කෙල්ල ලස්සනයි .
“මුකුත් නෑ සවී.. චුට්ටක් ඔලුව රිදෙනවා ..”
විහාන් කිව්වෙ ටේබල් එකේ හිස රදවගෙන.
දැන් ටික දවසක ඉදන් විහාන්ගෙ හැසිරීම් හරි අමුතුයි කියල සවීනා දැක්කා.විහාන් කියන්නෙ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිතයක් කියල සවීනා තේරුම් අරන් තිබුණෙ .ඒ වගේම විහාන් වගකීම් හොදින් ඉටු කරන කෙනෙක් කියලත් සවීනා දන්නවා.අනිවාර්යයෙන් ගෙදර ප්රශ්නයක් නිසා විහාන් පීඩාවට පත් වෙලා කියල සවීන හිතුවා.කෙල්ල විහාන් එක්ක චුට්ටක් කතා කරන්න තීරණය කලේ ඒකයි.
“විහාන්.. මට චුට්ටක් කතා කරන්න පුලුවන්ද ..”
“ආහ්..ඔව් සවී.. කියන්න …”
“මං මෙහෙම අහනවට සමාවෙන්න .. මං දැන් ටික දවසක් තිස්සෙ බලන් ඉන්නෙ ඔයාගෙ හැසිරීම් චුට්ටක් අමුතුයි.. ඔයාට මොනවහරි ගෙදර ප්රශ්නයක් ද..
නිකේශි එක්ක මොනා හරි අව්ලක්ද..
අනේ මං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා.. මට තේරෙනවා ඔයා ලොකු පීඩනේක ඉන්නෙ.. ඔයාට පුලුවන් නම් ඔයාගෙ ප්රශ්නෙ මාත් එක ශෙයාර් කරගන්න.. ඒකෙන් ඔයාට සැහැල්ලුවක් දැනෙයි..”
සවීනා කිව්වා..විහාන් කෙල්ල දිහා බැලුවෙ හිනා වෙලා .ඒත් විහාන්ට ඕන වුණේ නෑ පව්ල් ජීවිතේ ප්රශ්න පිටට අරන් යන්න .තමන්ගෙ ජීවිතේ හෑල්ලුවට පත් කරගන්න.ඒ නිසා විහාන් හැමදේම හිත ඇතුලෙ හිරකරගෙන සමාජයට මුකුත් ප්රශ්නයක් නෑ කියලා පෙන්නුවා .
…………………………………………………………………………………………..
එකින් එක එකින් එක ප්රශ්න වැඩි වෙද්දි නිකේශි ටිකෙන් ටික ඈත් වෙද්දි විහාන් ජීවිතේ ගොඩක් කලකිරිල හිටියෙ.නිකේශි රන්ඩු කරන්නෙ හේතුවක් නැතුව.ඒක තමයි විහාන්ට ගොඩක්ම නිකේශ්ව එපා වෙන්න හේතුව.
විහාන් කොච්චර උත්සාහ කරත් නිකේශිගෙ පැත්තෙන් සපෝර්ට් එකක් නොලැබෙද්දි විහාන්ට දැණුනෙ ජීවිතේ රසට වඩා නීරසයි කියල ..
විහාන් හිටියෙ විහාන් ලියපු කතාවක අවසානය ලියමින්.විහාන්ගෙ ෆෝන් එකට මැසේන්ජර් මැසේජ් වගයක් එන්නෙ විහාන්ගෙ දැහැන බිදල දාල.විහාන් ෆෝන් එක අතට අරන් ඒ මැසේජ් ටික බලන්නෙ නිකේශි වෙන්න ඇති කියල හිතාගෙන .
ඇත්තටම ඒ නිකේශි තමයි .ඒත් ඒ මැසේජ් එවපු කෙනා නෙවෙයි.ඒ මැසේජ් වලට ඇවිත් තිබුණෙ ෆොටෝස් වගයක් .ඒ ෆොටෝස් වල හිටියෙ නිකේශි..ඒකත් තවත් පිරිමියෙක් එක්ක.ඒ කව්ද කියන්න විහාන්ට අමාරු වුණේ නෑ.ඒ විහාන්ගෙ හොදම යාලුවෙක් වුණ තේජාන්.
විහාන්ට බලන්න බැරි තරම් පිලිකුල් ඒ ෆොටෝස් දිහා විහාන් අමාරුවෙන් බලන් හිටියෙ පුදුමාකාර කලකිරීමකින්.
නිකේශි ඔෆිස් එකේ ඉදන් ගෙදර ආවෙ විහාන් ඇවිත් පැය කීපයකට පස්සෙ.විහාන් පුලුවන් තරම් සැහැල්ලු වෙන්න උත්සාහ කරේ නිකේශිට ගොඩක් ආදරේ කරපු නිසා.විහාන්ට ඕන වුණා නිකේශිට වරද තේරුම් කරල දීල ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න .
“කේශි..”
“ම්ම්ම්”
“අද මොකද පරක්කු ..”
“වැඩ ගොඩයි විහාන් ..”
“මහන්සිද ඔයාට ..”
“ටිකක් විතර ..”
“අද එලියට යමුද ම්ම්.. වෙනසකටත් එක්ක..”
“අනේ බෑ විහාන් .. නිදිත් මතයි..”
“එන්නකො එහෙනම් .. වෙනද වගේ පපුව උඩින් නිදාගන්න ..”
“මොකද මේ අද කවදාවත් නැති ආදරයක්..”
“ඇයි එහෙම කියන්නෙ.. විහාන් ඔයාට ආදරේ කරේ නැද්ද ..”
“කරා.. ඉස්සර ..”
“ඇයි දැන් ආදරේ නෑ..”
“දන්නෑ..”
“ඇයි දන්නෑ කියන්නෙ..”
“මට දැනෙන්නෑ..”
“කොහොමද කේශි ඔයාට දැනෙන්න ආදරේ කරන්න ඕන.. කියන්නකො බලන්න ..”
විහාන් අහනවා..කේශි කල්පනා කරනවා..
“ඕක ඔච්චර කල්පනා කරන්න දෙයක්ද..”
විහාන් අහනවා..
“ඉන්න මං කියන්නම්..”
“හා කියන්නකො.. මං අහන් ඉන්නම්..”
“ඔයා ඉස්සර වගේ මට ආදරේ නෑ.. ඉස්සර ඔයා මට කෝල් ගන්නවා.. මැසේජ් කරනවා..”
කෙල්ල කියනවා..
“ඉතින් දැනුත් කෝල් කරනවනෙ.. මැසේජ් කරනවනෙ..”
විහාන් කියනවා..
“ඔව් ඒ වෙලාවට මම බිසීනෙ.. ඔයා මට බිසී නැති වෙලාවට ගන්නෙ නෑනෙ..”
“ඉතින් ළමයෝ ඔයාට පුලුවන්නෙ මට කෝල් බැක් කරන්න ..”
“එහෙම කරන්නැ ඉතින්.. මොකද ඔයත් වැඩනෙ..”
නිකේශි කියනවා.
“හ්ම්ම්..හරි තව මොනවද..”
“තව ඉතින් ඔයා බිසී.. ඔයාට ජොබ් එක නිසා ගොඩක් වෙලාව නෑ.. එතකොට …ඕව තමයි ..”
“මං කොච්චර බිසී වුනත් ඔයා වෙනුවෙන් කාලය වැය කරනවනෙ කේශි.. මට වඩා ඔයා බිසීනෙ..
එහෙම කියල ඔයාගෙ ආදරේ අඩුවෙලා කියල මම හිතන්නෙ නෑනෙ..
ඉස්සරත් මං මේ විදියමයි.. දැනුත්..
ඒත් මෙතන තියෙන්නෙ වෙන ප්රශ්නයක් ..
අපි ආදරේ කරල මැරි කලත් අපිට අපි තේරුම් ගන්න බෑ.
අපේ ගැලපෙන තැන් වලට වඩා නොගැලපෙන තැන් වැඩියි.. ඒත් අපිට උත්සාහ කරන්න පුලුවන් ඒව හදාගන්න ..”
විහාන් කියනවා..
“හ්ම්ම් වෙන්න ඇති..”
නිකේශි එහෙම කියල විහාන් ගෙ පපුව උඩම නිදාගන්නවා.විහාන් ගොඩක් කල්පනා කරනවා.නොගැලපෙන දෙන්නෙක් කොහොමද ගලපගෙන ජීවත් වෙන්නෙ කියල .ඒ වගේම නිකේශි වෙන පිරිමියෙක් ළගට ගිහින් තමන් ළගට වෙලා මුකුත් වුණේ නෑ වගේ ඉන්නෙ කොහොමද කියල විහාන් කල්පනා කරනවා.ඒ අහිංසක මූණ පිටිපස්සෙ තියෙන නරක කොල්ල විතරයි දකින්නෙ.
විහාන් කොච්චර උත්සාහ කරත් නිකේශි දිගින් දිගටම තේජාන් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ විහාන්ගෙ හැම උත්සාහයක්ම අසාර්ථක කරමින්.
………………………………………………………………………………………
“මට මේව දරාගන්න බෑ සවී.. නිකේශි මෙහෙම කරන්නෙ ඇයි කියන්න මං දන්නෙ නෑ.. මට කරන්න දෙයක් හිතාගන්න බෑ…”
විහාන් හැමදේම සවීනට කියන්නෙ පීඩනේ දරාගන්න බැරිම තැන.
“කලබල වෙන්න එපා විහාන් .. අපි බලමු මොකද වෙන්නෙ කියල .. නිකේශිව හදාගන්න උත්සාහ කරමු..”
සවීනා කියනවා..ඒත් විහාන් ඉන්නෙ මානසිකව ගොඩක් වැටිලා..විහාන් නිකේශිව තේරුම් ගන්න වගේම නිකේශිට විහාන්ව තේරුම් කරන්න හදන හැම මොහොතකම ඈ හැසිරෙන්නෙ කවදාවත් දෙන්නට දෙන්න ආදරේ කරල නෑ වගේ.ඒත් විහාන් නිකේශි වෙනුවෙන් විදවන තරම් දැනන් හිටියෙ සවීනා විතරයි . නිකේශිට වඩා විහාන් ගැන තේරුමක් සවීනට තිබුණා .
……………………………………………………………………………………..
“විහාන්.. මට කතා කරන්න පුලුවන්ද ..”
නිකේශි ඇහුවෙ විහාන් ළගින් වාඩි වෙලා.
“කියන්න කේශි..” විහාන් ඇහුවෙ නිකේශි දිහා බලලා.නිකේශි කොච්චර වැරදි කලත් විහාන් නිකේශිට එක වචනයකින්වත් රිද්දලා නැහැ .
“මට මෙහෙම ජීවත් වෙන්න බැහැ..”
නිකේශි කියනවා..
“කොහොමද ..”
විහාන් අහනවා.
“මේ විදියට රන්ඩු වෙවී..”
“ඉතින් කව්ද රන්ඩු වෙන්නෙ.. මමද..ඔයාද..”
“දෙන්නම.. මට මගේ ජීවිතේ ගත කරන්න ඕන සැහැල්ලුවෙන්.. නිදහසේ.. හිනාවෙලා …”
.
නිකේශි කිව්වා..විහාන් නිකේශි දිහා බැලුවෙ තියුණු බැල්මක් .
“ඉතින් දැන් මගෙන් මොනවද ඒකට වෙන්න ඕන..”
විහාන් අහනවා..නිකේශි නිහඩයි..විහාන් නිකේශි දිහා බලාගෙනම ඉන්නවා..
“අපි මේ බැම්ම ලිහල දාමු.. මට ඩිවෝර්ස් එක ඕන..”
නිකේශි කියනවා..විහාන් ගැස්සෙනවා..කවදාවත් බලාපොරොත්තු නොවුන වචන වලට විහාන්ගෙ පපුව ගොඩක් රිදෙනවා..ඒත් විහාන් ඒ බවක් පෙන්නන්නෙ නෑ..විහාන් ශක්තිමත් පිරිමියෙක්.කඩා වැටීම් සීයක් ආවත් විහාන්ට පුලුවන් ඒ කඩා වැටීම නොපෙන්වා ඉන්න.විශේෂයෙන් තමාව ප්රතික්ශේප කරපු කෙනෙක් ඉස්සරහා ශක්තිමත්ව ඉන්න විහාන්ට පුලුවන් .
“දැන් මගෙන් ඈත් වෙලා ගිහින් ඔය හොයන ජීවිතේ තියෙන්නෙ තේජාන් ළගද කේශි..”
විහාන් ඇහුවෙ හරිම සන්සුන්ව..නිකේශි ගෙ ඇස් උඩ ගියේ විහාන්ගෙ ඒ වචන වලට.
“වි..විහා..න් “
“කියන්න කේශි.. එහෙමද..
එහෙනම් මගේ කිසිම බාධාවක් නෑ.. මොකද ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි.. ආදරේ කරන කෙනා වෙනුවෙන් අපේ සතුට කැප කිරීම..
ඔයාට මාව දැනෙන්නෙ නැතුව ඇති.. ඒ නිසා ඔයාගෙ හිත තේජාන් ළග නවතින්න ඇති.. ඉතින් ඔයාගෙ සතුට ඒක නම්.. ඒ සතුට ඔයාට දීලා මාත් සතුටු වෙන්නම්..
උසාවි ගිහින් අපහාස කරන් ඔයා එක්ක තර්ක කරන් ලබා ගන්න මට දෙයක් නෑ..
මං ඩිවෝර්ස් එක දෙන්නම් …
සතුටින් ඉන්න…”
විහාන් ඒ ටික කියල එතනින් නැගිට්ටෙ නිකේශිගෙ ඔලුවත් අතගාල .නිකේශි හිටියෙ ගල් වෙලා වගේ.
උසාවියෙදි විහාන් කිව්වෙ නිකේශිගෙන් අයින් වෙන්න කැමති කියල විතරමයි.නිකේශිට පුංචිම අපහාසයක් විහාන් කරේ නැහැ.හරිම උපේක්ෂාවෙන් හැමදේම දරාගෙන විහාන් උසාවියෙන් එලියට බැස්සෙ නිකේශිවත් අවසාන වතාවට ආදරෙන් තුරුල් කරගෙන .
………………………………………………………………………………………….
කාලය ගත වුණා .විහාන් හිතින් වැටුනත් ඒ හැමදේම දරාගන්න හයියක් නොදැනීම විහාන් ළග රැදුණා.ඒ සවිනි.විහාන් වැටෙන හැම මොහොතකම සවිනි විහාන්ට හයියක් වුණා .වාරුවක් වුණා .විහාන්ගෙ අම්මගෙන් පස්සෙ විහාන්ව හරියටම තේරුම් ගත් එකම කෙනා සවිනි.
ඒ යාලුකම,ඒ බැදීම ශක්තිමත් ආදර කතාවක් බවට පත්වුණේ කාටත් නොදැනීම .විහාන් සවිනිට ආදරේ කලේ කාටත් පේන්න.හැමෝටම පේන්න.හරිම විවෘතව ..ඒ ආදරේ හරි ලස්සනට ගලාගෙන යද්දි නොයෙක් අය නොයෙක් කතා කිව්වා..විහාන් එක ගෑණියෙක් රවට්ටලා තවත් කෙනෙක්ට ලං වුණා කිව්වා.ඒත් විහාන් ඒ කිසිම දේකට උත්තර දෙන්න ගියේ නැහැ.
මොකද ඔහු වැරදි නැහැ.ඉතින් ඔහුට ඔප්පු කරන්න ඕන වුණේ නැහැ.හැමදේම හිනාවෙලා දරාගත්ත විහාන් සවිනි එක්ක යුගදිවියට එලබෙන්න තීරණය කලේ තව තවත් අවදානය ඔහුත් සවිනිත් වෙත යොමු වෙද්දි.
කොච්චර මඩ ගැහුවත්,කොච්චර දේවල් කිව්වත් විහාන් නිකේශිට අපහාස කලේ නෑ.ඔහු හැම වෙලාවකම කිව්වෙ ඒ මම කාලයක් ආදරේ කරපු කෙනා.ඒ නිසා ඇයට අපහාස කරන්න මට බැහැ කියල .
සවිනි හැමදේම උපේක්ෂාවෙන් දරා ගත්තේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් දෙදෙනාගේ ඇති ආදරයත් තේරුම් ගැනීමත් නිසා.කිසිම වෙලාවක සවිනිට විහාන් ගැන අහිතක් ඇති වුණේ නෑ.ඔහු නිකේශි සම්බන්ධ විවේචන වලදී නිශ්ෂබ්ද ඇයි කියල සවිනි ප්රශ්න කලේ නෑ.ඒ වෙනුවට ඈ කලේ හැමදේකටම විහාන් ට හයියක් අත්වැලක් වුණ එක.
…………………………………………………………………………………………
ලස්සන දවසක ලස්සන උදෑසනක විහාන් සවිනි කාගෙත් ආශිර්වාදය මැද යුගදිවියට පා තැබුවා.කව්රු මොනදේ කිව්වත් වැටුණ ජීවිතේ ඔහු යලි ගොඩ නගා ගත්තා..ලස්සන ,ඔහුව තේරුම් ගත් හැමදේටම වඩා ගතිගුණ ලස්සන බිරිදක් විහාන් ලබා ගත්තේ ඔහුගේ දෛවය ඒ විදියට ලියවී තිබුණ නිසා.
අවසානයි❤️❤️❤️
අවසාන වශයෙන් කියන්න ඕන එක දෙයක් ..අපි අව්රුදු ගනන් ආදරේ කරල විවාහ වුනත් ඒ ජීවිතේ ඇතුලෙ හරියට එකිනෙකා ගැන තේරුම් ගැනීමේ හැකියාවක් නැත්තම් කවදාවත් ඒ ජීවිතේ සාර්ථක වෙන්නෙ නෑ..ඒ වගේම තමයි නොගැලපීම් තියාගෙන එකට ඉන්නවට වඩා හොදයි එකිනෙකාට දුක් නොදී වෙන්වෙලා යන එක.
අපේ සමාජයේ මිනිස්සු හොයන්නෙම අනුන්ගෙ ජීවිත ගැන.ඒත් ඒ ජීවිත ඇතුලෙ ඇත්ත කතාව කව්රුත් දන්නෑ.අන්න අර ගෑනි ආයෙ මිනිහෙක් අරන් අන්න අර මිනිහ ආයෙ ගෑනියෙක් අරන්..ඔන්න ඕකයි තත්වෙ.ඒත් හිතන්න..දික්කසාද වුණා කියල ඒ ජීවිතේ එතනින් ඉවර වෙන්නෙ නෑ..හරි කෙනා ජීවිතේට ආවම දික්කසාද එකක් නෙවෙයි දෙකක් වුනත් ඒ කෙනාව බාරගන්න වෙනවා..අපි අපේ ඉරණම ලියාගෙන ඉන්නෙ කල පව් පින් අනුව..ඒක නිසා ඒ වෙන්න තියෙන දේවල් අනිවාර්යයෙන් වෙනවා..ඒකට කාටවත් දොස් කියල වැඩක් නෑ..අනික දික්කසාද වුණා කියල ජීවත් වෙන්න අයිතියක් නැත්තෙත් නෑ….
දිල් රූ ✍️