ඇයි මැණික මේ ඇස්දෙකෙ කදුළු අසනිපයාක්වද්ද.

අනෙ අපි මෙහෙන් යමු මහාත්තයො කුලියට ගෙයාක් අරාන් හරි.

ඇයි පැටියො එහෙම කියාන්නෙ මෙ සගරයාක් වගේ ගෙයාක් තියාගන.

මං අතින් පිගානක් වැටුනා කියලා ඔයාලගේ අම්මා මට නොසැහෙන දෙවාල් කියලා බැන්නා.අම්මා තාත්තා නැති කාලකණ්ණි පුස් ගැණියෙක්ලු ගෙදරට අපු දවසෙ ඉදාන් වගතුවාක් නැතිලු.මං එච්චර පවු කරියාක්ද මහාත්තයො.

ආ අපු ගමාන්ම දොණි ඇන්දා පුතාන්ඩියාගෙ කණෙන් තිබ්බාද.ඉතින් මං බොරුවාක් කිව්වාද ඇත්තනෙ කිව්වෙ.අපේ කාලේ ගැණු ළමයෙක් මුලින් හම්බෙන්නාත් බෑ එ ගෙදරට වගතුවාක් නැහැ කියලා කොන් කරලා තියාන්නෙ.

අනෙ අම්මෙ දැ එ කාලෙ නෙමෙයි එන්න එන්න හැමදෙම වෙනස් වෙනවානෙ.අනිත් එක අනුටායි මටයි ඔනතරම් කල් තියනවානෙ තව වැඩි වයසකුත් නැහැනෙ.

උඹට මට වඩා අද ඉයෙ අපු ගැණි ලොකු වුනා.අනෙ දෙයියනෙ තාත්තාත් නැතුව දරුවො උස් මහාත් කරෙ මෙකටද.

අනෙ අම්මෙ පිගානට ඔච්චර ඔහොම වෙනවාද.අපි හෙට එක පිගානකට පිගාන් දහයක් වුනාත් ගෙමු.

ඔව් උඹටත් ඔනෙ කොහොම හරි ගැණි බෙරගන්න.උඹ ඉක්මනි තිරණයාක් ගනි එක්කො මෙ අම්මා එහෙම නැත්තාන් අද ඉයෙ හම්බුන ඔය කාල කණ්නි ගැණි.

අනෙ අම්මෙ මගේ පැත්තාත් පොඩ්ඩක් හිතාන්නකො.මවත් අනුවාත් අම්මාට කිසි අඩුවාක් කරාන්නෙ නැහැනෙ.දරුවෙක් තාම ලැබුනෙ නැහැ කියලා අපි දෙන්නා දුකෙන් නෙමෙනම් එච්චරනෙ.අම්මා හතර පොයටම සිල් ගන්නවා නෙද තෙරුම් ගන්න බැයිද පොඩ්ඩක්.

හතර පොයටම සිල් ගත්තා කියලා ඇහැ කණ වහාගනද ඉන්න කියාන්නෙ.උඹලාගෙ තාත්තාත් නැතුව උඹයි නංගි ඇහැ කණ පියාන් හැදුවානම් උඹලා නැ මෙලහකටත්.

අම්මා මුලින් මුලින් එහෙන් මෙහෙන් ඇනුම් පද කිවාත් අම්මාට හරි පොටක් අල්ල ගන්න බැරුව හිටියෙ.අනු අතින් පිගාන බිදුනාට පස්සෙ හිතෙ කැකැරි කැකැරි තිබුන සියලුම දෙවාල් අනුට කියලා බැනලා තිබුනා.එකට එකම හෙතුව මායි අනුයි කසාද බැඳලා අවුරුදු තුනාක් ගත වුනාත් දරුවෙක් නැති එක.කරාන්න පුළුවාන් හැම දෙම කරා.වදින්න පුළුවාන් දෙවිවරුත් වැන්දා.දොස්තර වරුනම් කිව්වෙ අපේ වයස තියන නිසා තව ටිකාක් බලාන්න කියලායි.

අම්මා මුලින් අනුට හරි අදරෙන් හිටියෙ අනුත් එහෙමයි.අනෙ වරදක් කියාන්න බැ අම්මාගේ වැඩායි මගේ වැඩායි සියළුම දෙවාල් හොදින් බලලා කරා.අම්මාත් හරි අසාවෙන් හිටියෙ දරු හුරතල් බලාන්න.එත් එ හිණෙ ටිකෙන් ටික කල් යද්දි අම්මා වෙනාස් වෙන්න ගත්තා.කොයි වෙලෙත් ඇගට නොදනි හින්ට් පාස් කරා.

මං හවස වැඩ ඇරිලා ගෙදරට එද්දි හැමදාම අනු මොකාක් හරි දෙකට මුණ එල්ලගන අඬනවා.

අනෙ රත්තරං මහාත්තයො මං කොහොමද මෙ දෙවාල් විදදාරාගන ඉන්නෙ.අතු ගැවත් මොනදෙ කරාත් ඔයාලගේ අම්මාට මං වැරදි ලගින් යන හැම වෙලෙම මොකාක් හරි දෙයාක් කියලා බනිනවා.එ විතරාක් නෙමේ තුක් නොදකින් කලකණ්නි ගැනි තො මගේ ඇස් දෙකට පෙන්න එන්න එපාලු .කොහොමද රත්‍තරං මහාත්තයො මං තව දුරටාත් මේ ගෙදර ඉන්නෙ.

ඉන්න බැයිනම් පලයාන් යන්න තව අපට පවු නොදි.

අනෙ අම්මෙ අනු කියාන්නෙ මගේ කසාද ගැණි.මගේ ජිවිතෙ විනාශ වෙලා යනවා දකින්නද අම්මාත් කැමති.අම්මාට අපි ඉන්න එක වධයක්නම් අපි යන්නම් කොහෙ හරි.

උඹ ඉන්න එකනම් වධයක් නෙමෙයි එත් උඹ ඔය ගැණිත් එක්ක මේ ගෙදර ඉන්න එක වධයක්.මේ ගෙදර තව කෙල්ලෙක් ඉන්නවානෙ එකිත් දිග දෙන්න ඔනැනෙ නෙද.

අනුගේයි අම්මාගෙයි රංඩු නිසා මං දෙපැත්තකට හිරවෙලා හොදටම මානසිකව වැටිලා හිටියෙ.මහන්සි වෙලා ගෙදරට එනටිකටවාත් නිදහාසක් නැහැ.මං රැකියාව කරෙ විදුලිබල මණ්ඩලෙ. ගෙයින් ගෙට ගොස් බිල් දාන එක.අනු මට හම්බුනෙ එ වගේ බිල් දන්න යන අවස්තාවක.

එයාගෙ අම්මායි තාත්තායි දෙන්නාම විවහා දෙකාක් කරගන වෙනම හිටිය නිසා අනුගේ අම්මාගෙ අම්මා අනුව හදාවඩා ගන්නෙ කූඩම්මාගෙන් හො බාප්පාගෙන් වෙනස්කම් වෙයි කියන බයට.අර්තික අපහාසු තා මැද්දෙ පොල් අතු වියලා තමායි කිරි අම්මා අනුව රැක බලා ගන්නෙ.

මං අනු ඉන්න ගමට ගිය මුල්ම දවසෙ එක ගෙදරක් ගව මගේ හිත නැවතුනා අනිත් ගෙවාල් අලුත් වැඩියා කරලා හොදට තිබුනාත්.එක ගෙදරාක් මැටි බිත්ති බැදලා ඉට උඩින් හුනු තවරලා කඩා වැටෙන්න ඔන්න මෙන්න පොල් අතු අතරින් අහාසත් පෙනවා.

මං මුලිම්ම එ ගෙදරට පය ගහාපු දවස.මේන්න ලැයිට් බිල ගන්න.අබලන් වෙලා තියන ගෙ ඇතුලෙන් ලැයිට් බිල ගන්න අවෙ මගේ ඇස් එක පරටම නැවතුන ගමේ කමට ඇද පැලදලා හිටිය ලස්සන් කෙල්ල ගව.එ මුණ දැක්කාම මට පපුව පිච්චිලා ගියා.

ලයිට් බිලනාම් වැඩි මස දෙක්කින් ගෙවලා නැහැ.මේ මසෙත් ගෙව්වෙ නැත්‍තන් රතු බිලාත් එයි.මං එහෙම කිව්වෙ හිත රිදවාන්න හිතාගන නම් නෙමේයි.අමුතු අහිංසක බැල්මක් දලා මොකුත් නොකියා බිම බලා ගද්දි මගේ පපුව දෙදරලා වගේ ගියා.

අනෙ ඔවු මහාත්තයො මස දෙක්කින් ගෙවන්න බැරි වුනා.මේ සැරෙ කොහොම හරි ගෙවනවා පොල් අතු ටික වික්ක ගමාන්ම.කුදු ගහාගන වැහැරිච්ච චිත්තෙ අත් දෙක පිහ දාන ගමන් කිරි අම්මා කෙනක් ඇවිත් එහෙම කියාද්දි මගේ අනු කම්පාව තවාත් වැඩි වුනා.

මෙ ගෙදර තව කවුද ඉන්නෙ කිරි අම්මෙ.

මායි මගේ මිණි බිරි විතරායි මහාත්තයො පලා ටිකාක් විකුණලා පොල් අත්තක් වියලා ගන්න දෙකින් තමායි මෙ කෙල්ලත් බලාගන මාත් රැකෙන්නෙ.

මට තෙරුනා එ කෙල්ලගේ ඇතුලාන්තය ඇතුලෙ ලොකු අසරණ කමක් තියනවා කියලා.අම්මායි තාත්තයි එක්ක ඉන්න ඔන තැන කිරි අම්මා එක්ක විතරාක් ඉද්දි.

මහාත්තයා මෙ ගමට අලුත් වගේ

ඔව් කිරි අම්මෙ මං අද තමායි මාරුවක් අරගන අවේ.මං එහෙනම් ගිහින් එන්නම් කිරි අම්මෙ

හා හොදයි මහාත්තයො පරිස්සමින් ගිහින් එන්න.

පරිස්සමින් ගිහින් එන්න එ වචනෙ කොච්චර කරුණිකද..ඇස් අහකට ගත්තාත් මගේ හිතනම් එ කැලැ මලෙන් අහකට ගන්න බැරි වුනා.ඉට සති කිපයකට පස්සෙ මං අයෙත් එ ගෙදරට ගියා.

ආ කිරි අම්මා පොල් අතු වියනවාද.

ආ මෙ මහාත්තයා නෙද රතු බිලද මහාත්තයො සල්ලි ගෙවලා නැති හින්දා.

නැ කිරි අම්මෙ ලයිට් බිලට වධ වෙන්න එපා මං එක ගෙව්වා

අනෙ ඇයි මහාත්තයො අපි හින්දා එහෙම කරෙ මං මහාත්තයාට අසරණ කම කිව්වෙ මහාත්තයාගෙන් සල්ලි ගන්න හිතාගන නෙමෙයි.මං මෙ පොල් අතු ටික විකුණලා කොහොම හරි මහාත්තයාට සල්ලි ට්ක දෙනවා.

මං දන්නවා කිරි අම්ම අසරණ කම කිව්වෙ අසරණකමට මිසාක් වෙනදෙකට නෙමෙයි කියලා.එපා කිරි අම්මෙ එ සල්ලි මං ගන්න හිතාගන නෙමෙයි එහෙම කරෙ.මත් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ගෙ දුකක් මටත් තෙරෙනවා.

මගේයි මෙ කෙල්ලගෙයි දුක දැකලා අනු කම්පා කරාට මහාත්තයාට බුදු බව අත් වෙනවා.තෙ ටිකාක් දෙන්න සිනි ටිකාක් තියනවාද කියලා ඉන්න මං බලලා එන්නම් මහාත්තයො.

අනෙ එපා කිරි අම්මෙ.අපි වතුර ටිකාක් බොමු.මං වතුර ටිකාක් බොමු කියලා අදහාස් කරෙ. කෙල්ලෙ මේ මහාත්තයාට වතුර ටිකාක් ගෙනාත් දියාන්කො කියායි කියන අදහාසින්.

ඉන්න මහාත්තයො මං ගෙනාත් දෙන්නම් කෙල්ලත් නැහැ අද දහම් පාසල් දවසනෙ උගන්නාන්න ගිහින්.

ආ එහෙමද කිරි අම්මෙ නංගි ස්කොලෙ ගිහින් ඉවරද.

අර එලෙවල්ද ඔලෙවල්ද කියලා විභහාගයක් තියෙන්නෙ එකෙන් පස්සෙ ගියෙ නැහැ කෙල්ල විභහගෙන් තෙරුනාත්.

අපරාදෙනෙ කිරි අම්මෙ.

ඔව් මහාත්තයො මත් කට කැඩෙනකම් කිව්වා.කිරි අම්මා තවත් දුක් විදිනවා බලාන් ඉන්න බැ කියලා ජොබ් එකාක් කරාන්න ඔනෙ කිව්වෙ.එකට යන්නත් ඔය වයස හරි යනකම් මට උදාවු කරගන බලාගන ඉන්නෙ.

මං මෙහෙම අහන එක හරිද මන්දා.

ඔන දෙයාක් අහාන්න මහාත්තයො.

ඇත්තටම නංගිගෙ අම්මාටයි තාත්තාටයි මොකද වුනෙ.

කෙල්ලගෙ අම්මා පොඩි කලෙ ඉදාන්ම හිතුවක් කරායි.එපා කියාද්දි අකමැති කට යුත්තක් කරගන ගිය දවසෙ ඉදන් දුක් විදිනවා.මෙ කෙල්ල හම්බෙලා ටිකාක් දවස් ගියාම මුන්ගේ අම්මා රට ගියා.රට ගිහින් ටිකාක් දවස් ගියාම කෙල්ලගෙ තාත්තා වෙන ගැණියක් ගෙදරට ගෙනාපු නිස මේ කෙල්ලට වෙනාස්කම් කරායි කියලා මං ගවට ගත්තා.මෙකිගෙ අම්මා අවෙත් රට ඉදාන් වෙන මනුස්සයෙක් එක්ක.අපු කාලෙම කෙල්ල ඉල්ලුව මං දුන්නෙ නැහැ ඔන්න ඔකායි කතාව මහාත්තයො.

එතකොට නංගිගෙ අම්මායි තාත්තායි දැ නංගි බලන්න එන්නෙ නැද්ද

.වුන්ට කොහෙද මහාත්තයො එකට වෙලාවක් උන් උන්ගෙම ලොකවාල් හදාගන වෙනම දරුවො.

එතකොටම තමා පොත් දෙක තුනකුත් පපුවට තුරුල් කරගන කැලැ මල අවේ.මං දිහා පුදුමෙන් වගේ බලලා බිම් බලාගෙන ගේ ඇතුලට ගියා.ටිකාක් වෙලා බලාන් හිටියාත් එළියට එයි කියලා වැඩක් වුනෙ නැහැ.

අන්තිමට මං කිරි අම්මාගෙන් සමු අරන් යන්න තිරණය කරා.එ වුනාට මං සතියකට දෙක්කට පාරක්නම් එහෙ යන්න පුරුදු වෙලා හිටියෙ කිරි අම්මාත් මත් එක්ක ගොඩක් හිතවත් වෙලායි හිටියෙ එත් කැලැ මලනම් වචනයාක් කතා නැ හොරෙන් බලලා අහක බලා ගන්නවා.

දවසක් යද්දි කිරි අම්මා හිටියෙ නැහැ කැලැ මල විතරායි.

කිරි අම්මෙ කිරි අම්මෙ.මං කිප සැරයක්ම කතා කරාත් ඔහෙ නැහැ සද්දයක්.නිකමට වගේ සලෙට එබුනෙ දොර ඇරලා තිබුන නිසා.අම්මෙ මෙච්චර කතා කරලාත් ඇහිච්ච නැති ගනට ඉන්න හැටි.ඇයි මං ටිකාක් දුක සැප බලලා යන්න එන එක කරදරයක්ද.මං එ වචනෙ අහාල උත්තරයක් ගන්න මුණ දිහා බලාන් ඉන්නවා.පෑනෙන් මෙසෙ කටු බලි අදිනවා විතරායි උත්තරයාක් නැහැ.

අනෙ මට සමාවෙන්න මං හිතුවෙ කතා කරාන්න පුළුවාන් කියලා.අන්න එ පාරනම් උත්තරයක් ලැබුනා

ඉතින් ඔයා මට නෙමෙනෙ කතා කරෙ කිරි අම්මාටනෙ.

ආ එකද මේ

මං ඔයාට කතා කරාන්නෙ මොකාක් කියලාද.අයියො එ පාරත් උත්තරයක් නැහැනෙ.

ඔයාට කැමති විදිහකට කතාකරන්න.

ම් ඔයාගෙ නම කියලා කතා කරාන්නවත් තිබුනා නම දන්නවානම්.ඇයි නම කියන්න කැමති නැද්ද.

එහෙම එකාක් නැහැ.

එහෙනම් නම කියාන්නකො.කො ඉතින් නම කියාන්නෙ නැහැනෙ මෙසෙ කුරුටු ගානවා ඇරෙන්න..

මුලිම්ම ඔයාගෙ නම කියාන්නකො

මම ඉදුවර.

ඔයා

අනුත්‍තරා

අම්මෙ නම අහාගන්න තිබුන අමාරුවාක්.හරි හරි ඔයාගේ වැඩක් කරගන්න කිරි අම්මා අපුවාම කියාන්නකො මං අවා කියලා.ආ මෙ බඩු ටික අරාන් තියාන්න.

ඇයි ඇත්තටම මෙහෙම අපිට මෙදෙවල් ගෙන්නෙ.

පැහිච්ච කම් නැතුව මෙ ටික ගන්න මගේ කිරි අම්මා බලන්න එද්දි අත හොලවා හොලවා එන්න පුළුවාන්ද.

මුල් කලෙදිනම් අනුගෙ කටින් උත්තරයක් ගන්න අමාරු වුණා.පස්සෙ පස්සෙ මං දුක සැප බලාන්න නොවරදවා යද්දි කිරි අම්මාටයි අනුටායි මව නැතුවම බැරි වුනා.මං ගියෙ නැති වුනාම ඇයි අවෙ නැත්තෙ කියලා දෙන්නා කතා වෙනවාලු.

කිරි අම්මා මගේ කටෙ සද්දෙ ඇහුනා විතරායි අනු එළියට අවෙ බඹරයක් වගේ.

කිරි අම්මා ලග ගෙදරක කැවුම් උයාන්න ගියානෙ.

ඇයි ඔයා ගියෙ නැත්තෙ ඉතින්.

ඔයා බැරිවෙලාවත් මෙහෙ ඇවිත් කවුරුත් හිටියෙ නැත්තාන් අපහු යනවානෙ.

මං ගැනත් එහෙනම් හිතනවා ඇ.

හිතනවා හිතනවා.අපි හිතුවා හරි ගිහින්වද්ද අවෙ නැත්තෙ කියලා.

ඔවු අනෙ අපේ අම්මා මට මනමාලියක් හොයලානෙ.එ නිසා දැන් එන්න වෙනවා අඩුයි.මං එහෙම කිවෙ නිකාන් අනුගෙ මුණ එක පාරටම වෙනාස් වෙලා අහිංසක බැල්මකින් මං දිහා බලලා බින් බලා ගත්තා.

ඇයි අනු මොකද වුනෙ.

තව ටික දවසකින් ඔයා මනමාලි ගෙනාපුවාම එන්න බැරි වෙනවානෙ.

ආ එකද එක ඉතින් කාට වුනාත් පොදුයිනෙ.ඔයා වෙන කෙනෙක්ගෙ මාන මාලියාක් වුනාම මටත් එහෙමනෙ.

මං කවදාවත් නොබැද ඉන්නවානෙ එතකොට හරිනෙ.එත් ඔයා බඳිනවානෙ.

මත් වෙන කෙනෙක් නොබැද ඔයා බඳිනවා එතකොට හරිනෙ.

මො මො මොකාක්ද.නැ මෙ අච්චි දැම්ම එන්නැති වෙයි නෙද ඇහුවෙ

නැහැ නැහැ එහෙම දෙයාක් නෙමේයි කිව්වෙ.

එහෙනම් කොහොම දෙයාක්ද කිව්වෙ.

අර බඳින කතාවක් කිව්වෙ.

ඇත්තටම මං කියපු හැමදෙම ඇහිලා එක විතරාක් නැහුනෙ කොහොමද.මගේන් තව පරාක් එ වචනෙ අහාගන්න නෙද තියන කපටි කම.කියාන්නම ඔනෙද.

හ්ම්

එහෙනම් මගේ ඇස් දෙක දිහා බලාගන්න.

මට ලැජ්ජායි.

ලැජ්ජායිනම් කියාන්නෙ කොහොමද.

ම් හරි.

මට මේ ලොකෙ ඔයා තරම් හරියන එකම මනමාලියාක්වත් නැහැ වස්තු කැටෙ.මගේ හිත පපුව මැද්දෙ නතර වුනෙ ඔයාව දැක්ක මුල් දවසෙමයි.එදා ඉදාන් කවදාවත් මෙ හිත අහාකට ගත්තෙ නැහැ කවදාවත්.මං එකයි එදා ඉදාන් අද වෙනකම්ම අවෙ ඔයාගෙ දුක සැප බලාන්න.ඔබෙ ජිවිතෙ මට මගේ ජිවිතෙමායි මගේ ආදරේ ඔබටයි මේ දිවි තුරා.

ස් ස් දැන් ලැජ්ජායි කිව්වා නෙද ඇස් දෙක දිහා බලාන් ඉන්නෙ මගේ කතාව ඉවරායි දැන්.

ඔය ඇත්තමද මට එච්චරටම අදරෙ කරනවාද.

ඔව් මගේ මැණික ඇත්තටම.

අනු එක පාරම මව තුරුල් කරගන පපුවට මුණ තිබ්බෙ මොහොතක්වත් හිතන්නෙ නැතුව.

අම්මාගෙ කිරි බිවා මට මතක නැහැ.තාත්තා අදරෙන් කතා කරාත් මට මතක නැහැ.එ නිසා ඔයාගෙ හදවතෙ උණුහුම අදරෙ දැනෙනවා මට මහාත්තයො.

අනෙ මහාත්තයො මේ අසරණිට මහා මෙරක් තරම් අදරෙ දිලා කවදාවත් දලා යන්න එපා.කිරි අම්මා ඇරුනාම මටම කියලා මගේ ජිවිතෙම ලැබුනා වගේ.එ ජිවිතෙ නැති වුනොත් මට මොනවා වෙයිද දන්නෙ නැහැ.

ලං වුනෙ කවදාවත් වෙන්වෙන්න හිතාගන නෙමේයි මැණික කවදත්. මොනදෙ වුනාත් මං ඔයාලග ඉන්නවා පැටියො.

මට බයායි.

ඇයි මැණික එ.

මං වගේ අම්මා තාත්තා නැති ඉන්න හිටින්න තැනක් නැති දැවැද්දට කියලා දෙන්න දෙයාක් නැති කෙනෙක් බඳිනවාට ඔයාලගෙ අම්මා කැමති වෙයිද මහාත්තයො.

අනෙ කවදාවත් එහෙම නැහැ අපේ අම්මා හරි හොදායි මැණික. මට විශ්වාසයි ඔයාට කැමති වෙනවා කියලා අම්මා හොයන්නෙත් මට හොද බිරිදාක්.ඉතින් ඔයා වගේ ගමේ හැදිලා හොදට දුක අදුරන කෙනෙක් විතරායි මට ගැලපෙන්නෙ.
.

අපි දෙන්නාට අපේ අම්මාත් කැමති උනා.කිරි අම්මාට අකමැති වෙන්න දෙයාක් තිබුනෙ නැහැ.අනු හොදින් බලාගනි කියලා විශ්වාස කරා.මං පොඩිවට අනුලාගෙ ගෙදරත් හැදුවා.අපි සමන්‍ය ගණට වෙඩින් එකත් ගත්තා.අනු මට භාර දෙනවෙලෙ කිරි අම්මා කිව්වා.මගේ රත්තරං පුතෙ මගේ අහිංසකාවි ඔයාට අද ඉදාන් භාර දෙනවා.අම්මායි තාත්තායි නැති වුනාට පස්සෙ මං ගහක් ගලක් වගේ බලා ගත්තෙ.කෙල්ලට සැරදාන්නවත් දෙයාක් නැහැ හැම වැඩෙම හොයලා බලලා කරයි.මගේ මැණික හොදින් බලාගන්න.මං කිරි අම්මාට පොරොන්දු වුනා හොදින් බලා ගන්නවා කියලා.

කිරි අම්මාවත් අපි ගාවට ගන්න හැදුවාත් කැමති වුනෙ නැහැ උපන් තැන දලා යන්න.එත් මයි අනුයි හැම මොහොතකම ඇවිත් කිරි අම්මා ගැන හොයලා බැලුවා.

අපි බැඳලා අවුරුද්දකට පස්සෙ කිරි අම්මා පපුවෙ අමාරුවකින් නැති වුනා.එදා මිනි වල ලග ඉදාන් අනු ගොඩාක් හයියෙන් කෑ ගගහා ඇඬුවා.

අනෙ මගේ කිරි අම්මෙ ඔයා කොච්චර දුක් විදලාද මං බලාගත්තෙ.රැ දෙගොඩ හරියක් වෙනකම් පොල් අතු වියලා මව බලා ගත්තා.අද මව දලා සදහාටම යනවා.අනෙ සුදු මහාත්තයො මට දැන් ඔයා විතරායි ඉන්නෙ.මට මේ දුක විද දරාගන්න බැහැ .මං තුරුලට අරාන් ඔළුව අත ගගා එ හිත සැනසෙවුවා මටාත් දුකායි ගොඩාක්.

එ විදිහට තමායි මුල් අරම්භ යෙ ඉදාන් අවුරුදු තුනක අදරෙ ගෙවුනෙ.අම්මා අනුට සැරදාලා ළමයි නැති එකට බැන්නාට මමනාම් කවදාවත් සැරදලාවත් වචනයක් කිව්වෙ නැහැ.එක අනුගේ විතරාක් නෙමෙයි අපි දෙන්නාගෙම අවාසනාව .අනික මට අනුගේ කදුළු දකින්න බැහැ.

දෙපැත්තක හිරවෙලා තිරණයක් ගන්න බැරුව හිටපු මට.දවසක් මං වැඩ ඇරිලා එද්දි අනු නිදියගන හොදටම අඬනවා.මුණෙ පාරවල්.අම්මා අල්ලගන ගහලා.මට දුක හිතුනා තරහාකුත් අවා.මං දන්නවානෙ අම්මාගෙ වැරැද්ද කියලා.මං මොහොතක්වාත් හිටියෙ නැහැ ලොරියක් ගෙන්නගන බඩු ටිකාක් දාගන ගෙදරින් එන්න ලැස්ති වෙද්දි අම්මා අඬන්න ගත්තා.

මං හිතුවෙ නැහැ රත්තරං පුතෙ උඹ ගැණියෙක් හින්දා දහාදුක් විදගන හදපු අම්මා දලා යයි කියලා කවදාවත් හිතුවෙ නැහැ.මං හැමදෙම කිව්වෙ උඹෙ යහාපත ගැන හිතලා උඹෙ ජිවිතෙ විනාශ වෙයි කියන බයට.

අම්මා පොළව හැපි හැපි අඬාද්දි දුකායි එත් මං කසාද බැන්ඳෙ මොන දෙ වුනාත් දලා යන්නෙ නැහැ කියන පොරොන්දුවත් එක්ක නෙ.එ නිසා මං හිත ශක්තිමත් කරගන එළියට බැස්සා.මායි අනුයි ගියෙ කිරි අම්මායි හිටපු ගෙදරට.

අම්මා ගැන මට දුකායි අනු ඉන්නවා අම්මා නැහැ අද මං ගව .එ ගැන හිතලාම මට පොඩ්ඩක් තරහා යන ගතියක් තිබුනා

මහාත්‍තයො රැ වෙන්න එනවා නා ගන්නෙ නැද්ද රැ වෙලා නාන්න හොද නැහැ.

මෙක මොන මඟුලාක්ද කොයි වෙලෙත් මහාත්තයො ගගත්ත ගමාන්මයි.මට මගේ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැද්ද.

අනෙ මහාත්තයො මට සමාවෙන්න මම වැරදි දෙයාක් කිව්වෙ නැහැනෙ. කවදාවත් නැතුව ඔහොම බැන්නාම මගේ පපුව පසාරු කරාන් ගියා වගේ.අනු එහෙම කියලා අර අහිංසක බැල්ම දලා ඇස් පොඩි කරාන් ගිහින් වෙනාත් තැනකින් ඉදගන බලාන් ඉද්දි මටම තෙරෙනවා මගේ වැරැද්ද කියලා.

මට සමාවෙන්න මගේ මැණික.මට ටිකාක් තරහා යනවා.

මං තරහා නැහැ මහාත්තයො මන් දන්නවා අම්මා මතක් වෙනවා කියලා.

අනෙ මගේ මැණික උම්ම්ම

මායි අනුයි ගෙදරින් ගිහින් මාස පහාකට විතර පස්සෙ නංගි ඇවිත් එයාගෙ වෙඩින් එක කිව්වා.නොයා බැරි නිසා මයි අනුයි දෙන්නාම ගියා.එදා මායි අනුයි දැක්කාම අම්මා මව බදාගන ඇඬුවා අනුගෙනුත් සමාව ගත්තා අම්මා තමායි බොරුවට කලබල වුනෙ කියලා.මටායි අනුටායි අයම එන්නත් කිව්වා.

අනුත් කිව්වා ඔව් අපි යමු මහාත්තයො නංගි ගියාම අම්මා තනිවෙලානෙ.අම්මාගෙයි තාත්තාගෙයි අදරෙ වින්දෙ නැතාත් ඔයාලගෙ අම්මාගෙ දුක තෙරෙනවා දරු දුකට තමායි අම්මා කලබල වෙලා මට බැන්නෙ කියලා.

මායි අනුයි අයමත් මහා ගෙදර පදිංචි උනා.අම්මො එ පාරනම් මගේ හිතට ලොකු නිදහසක් දැනුනා.අම්මායි අනුයි පුදුම බැඳිමකින් හිටියෙ.කොයි වෙලෙත් දුව අම්මා කියාගත්ත ගමාන්මයි.අනුට වැඩාක්වත් තනියෙන් කරගන්න දෙන්නෙ නැහැ.අනුත් හරිම සතුටින් හිටියෙ.සමහර දවස් වලට අම්මා අනුව අම්මාගෙ කාමරෙටත් එක්කාන් යනවා රැ දෙගොඩ හරියාක් වෙනකාන් අගිය තොරතුරුයි රටෙ ලොකෙ දෙවලුයි හුටු හුටුව මටාත් ඉටවඩා දෙයාක් නැහැ.

එත් දවසක මං ගෙදර එද්දි අම්මා නිදි කතාවක් නැහැ.මං අනුගෙන් ඇහුවා මොකද කියලා.අනු කිව්වා අනු අතින් වතුර එකාක් හැලිලා අම්මා ලිස්සලා වැටුනා වැඩිය අමාරුවාක් නැහැ කියලා.මං එ පාර අය අම්මා ගවට ගිහින් ඇහුව පාර අම්මා ඉකි ගහා ගහා ඇඬුවා.

පුතෙ මව ස්පිරි තාලෙට ගෙනියාන්න මට අමාරුයි දුව මාව තල්ලු කරා වතුර ගොඩෙ කියලා.මගේ ඇස් එ පාරනම් අනුතරා දිහාට අවා.අනුත්තරා අම්මාට අමාරු නැහැ කිව්ව දෙට.මට එ වෙලෙ හිතුනා අම්මාත් එක්ක හිත යටින් තරහා තියාන් ඉදලා තල්ලු කරාන්න ඇති කියලා.අනුත් ගොලු වෙලා.

ඇත්තද අර අම්මා කියන දෙ.

ම ම මහාත්තයො.

කලකණ්නි ගැහැණි උඹ ඔය වගේ ජරා ගැහැණියාක් කියලා මං කවදාවත් හිතුවෙ නැහැ.මං අව තරහාට අනුට ගහාගන ගහාගන ගියා.අම්මා ඔළුව උස්සන ඔට්ටු වෙන ගමාන් කිව්වා අනෙ ඔය කෙල්ලට මොකුත් කරාන්න එපා තව ටික්කින් ඇරිලා යයි කියලා.

මට එ වචනාත් එක්ක තව තරහා ගියා මං කණටායි බඩටායි ගැහුවා.අනු හෙල්ලෙන්නෙවත් නැතුව අත් දෙක පාතට දගණ විද දරාගන හිටියා.මික්වාත් කිව්වෙ නැහැ.කට තද කරගන සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න.එත් ඇස් දෙකෙන් කදුළු ගලනවා.තව තො බොරුවටාත් අඬනවාද තො ඔච්චර විදදරාගන ඉන්නෙ වැරැදක් කරපු නිසානෙ.ම බඩට ගහාන ගමන් කිව්වා තොට මේ බඩෙන් දරුවෙක්වාත් හදාන්න බැරි තොගෙ කලකණ්නි කම නිසා කියලා.

මං අනුගෙ රෙදිත් එළියට ඇදලා දලා කිව්වා තො වගේ ගැණියක් මේ ගෙදර ඉන්න ඔනෙ නැහැ.අම්මා මුලින් කිව දෙවාල් ඇත්ත.මගේ අම්මා මරාන්නනෙ කොහොම අහරි හැදුවෙ කියලා.තව කිව්වා තොට පොඩි කාලෙම අම්මාගෙ තාත්තාගෙ අදරෙ නැති වුනෙ තොගෙ උප්පත්තියෙ මුසල කමට.එහෙව් ගැණියෙක් කොහොමද දෙමාවුපියෙක්ගෙ අගේ දන්නෙ කියලා.

ම රෙදි ටික එළියට ඇඳලා දලා අනුවාත් අතින් ඇදන් ගිහින් එළියට ඇදලා දැම්මා.එ වෙලෙවාත් අනු මොකුත්ම කිව්වෙ නැහැ ඇස් දෙකෙන් කදුළු ගලනවා විතරායි.

අම්මා කිව්වා පුතෙ සැරවුනා වැඩි නෙද කාත් කවුරුත් නැති අසරණ කෙල්ලනෙ කියලා.මං කිව්වා ඔය වගේ ගැණුන්ට ඔහොම කරනවා ඇරෙන්න වෙන මොනවාද කරාන්නෙ කියලා.

අම්මා එ වෙලෙ හොස් පිටල් එකට එක්කාන් යන්න හැදුවාත් හෙට උදෙ වෙනකාම් බලමු කියලා මට කියලා තෙල් ටිකාක් ගාගත්තා.මගේ හිත ටිකාක් එක්කසු වෙන්න දිලා මං එළියට ගිහින් බැලුවාත් අනු පෙන්න හිටියෙ නැහැ ඇදුම් ටිකාත් අරාන් ගිහින් මට දුකාක් ඇති වුනාත් අගිය කියපු දෙවල් එක්ක.අම්මට කරපු වැඩෙ නිසා මං හිත පාලනෙ කර ගත්තා.

අම්මා පහුවදා අමාරුවෙන් වගේ නැගිට්ටාත් හොස්පිටල් එකට අරාන් ගියා බය වෙන්න දෙයාක් නැහැ කිව්වා අමාරුව තියෙන්නෙ තැල්ම තියන නිසා කියලා බෙහෙත් වගයාක් ලියලා දුන්නා.

අනු ගැන මං හොයලා බැලුවෙ නැහැ.කාලයක් යද්දි අනු දික්කසාදෙ දලා එවලා තිබුනා.අම්මා එ වෙලෙ කිව්වා පෙනවාද මෙකි දික්කසාදෙ දලා වෙන මිනිහෙක් ඇති කියලා.කොහොම හරි කැමැත්තෙන් වෙන්වෙන නිසා නඩුවක් තිබුනෙ නැහැ.කොහොම හරි අනුගෙන් මං වෙන්වුනා හැබැයි අනුවනම් මං දැක්කෙ නැහැ.

අම්මා මටත් බලකරා කසාදයක් කරගන්න දැන්වාත් දරු හුරතල් බලාන්න කියලා.අම්මාගෙ මතෙට ඉඩ දිලා මං පාඩුවෙ හිටියා.කොහොම හරි අම්මා කෙනෙක් මට හොයලා තිබුනා.එයා දෙදුනු.කොහොම හරි මං දෙදුනුට කැමති වුනා.

අපේ මගුල් ගේ දවසෙ මගේ හිතෙ යමාක් දොන් කාර දුන්නා.

අනෙ මහාත්තයො මෙ අසරණිට මහාමෙරක් තරම් අදරෙ දිලා කවදාවත් දලා යන්න එපා .කිරි අම්මා ඇරුනාම මට ඉන්නෙ ඔයා විතරායි.

ලං වුනෙ කවදාවත් දලා යන්න නෙමෙයි මැණික කවදාවත් දලා යන්නෙ නැහැ.

මට බයායි මහාත්තයො

ඇයි මැණික

ඔයාලගේ අම්මා මට අකමැති වෙයි කියලා.

කැකැරෙන වචනත් එක්ක හිත පාලනෙ කරගන මං දෙදුනු කසාද බැන්දා.සමහාරක් මතක එක්ක මගේ හිතෙ ජිවත් වෙන්නෙ දෙදුනු නෙමෙයි අනු කියලා දැනුනාත් එ වෙද්දි මං දෙදුනු කසාද බැඳලා ඉවරනෙ.කාලයක් අපි සතුටින් හිටියා පස්සෙ දෙදුනු අම්මාත් එක්ක දබර වෙන්න ගත්තා.

හැමදාම දෙන්නාට දෙන්නා වලි එක ගෙදර බත් දෙකාක් ඉදෙන්න ගත්‍තා.මට දෙපැත්තෙම බත් කන්න සිද්ද වුනා.එකට දෙදුනු කැමති වුනෙ නැහැ.බයිනවා කොයි වෙලෙත් මට එ වෙලාවල් වලට අනු ගොඩාක් මතාක් වුනා ගැහුවාත් වචනයාක්වත් කියාන්නෙ නැහැනෙ.

දවසාක් අම්මා කිව්ව දෙයාක් නිසා මට මගේ ජිවිතෙම එපා වුනා.මං තරම් කලකණ්නියෙක් නැහැ කියලාත් හිතුනා.

මට සමාවෙයන් රත්තරං පුතෙ අර අසරණිට දුන්න ගිණ්දර තමායි අපිට මේ පත්තු වෙන්නෙ.එද එ අසරණි මව තල්ලු කරෙ නැහැ.වතුර හැලිලා මයි ලිස්සුවෙ.මට එ වෙලෙ අමාරුවාක් තිබුනෙ නැහැ.පොඩ්ඩක් කොණ්ද ඇනුනාට.එ අහිංසකි පැය ගානක් තෙල් ගැවා.මං කිව්වා අමාරුවාක් නැහැ ටිකාක් හන්සි වෙලා ඉන්නම් කියලා.මං එ අසරණිත් එක්ක හොදින් හිටියෙ නරකින් ඇත් කරාන්න බැරි නිසා.

අනෙ දෙයියනෙ ඇයි ඇයි අම්මෙ මෙච්චර අපරාදයක් කරෙ.ඔච්චර අදරයාක් දිලාත් මට තෙරුම් ගන්න බැරි වුනා කැලැ මල මගේ.අනෙ අසරණි කොහෙ ඉන්නවා ඇද්ද.

මට එ පාපෙ කවදාවත් ඉවර කරගන්න බැහැ පුතෙ.මයි උඹෙ ජිවිතෙ විනශ කරෙ එ අසරණි නෙමේයි.

දෙදුණු අම්මා එක්ක කතා කර කර ඉන්නවා දැකලා අම්මාගෙයි පුතාගෙයි කුමත්‍රනෙ මොකාක්ද කියලා ඇහුවා.වෙනදා මොනවා කිව්වාත් බය ගුල්ලෙක් වගේ ඉන්න මන් තිබුන තරහාට දෙදුනුට ගැහුවා.මගේන් බෙරෙන්න දිව්වෙ නැත්තන් මගේ අතින් මැරුන් කලා.

දෙදුනු එදා රැ ලග ගෙදරක නැවතිලා ඉදලා තියෙන්නෙ.දවස් දෙක්කට පස්සෙ පොලිසියෙනුත් අවා මං මරණ්න හැදුවා කියලා පැමිණිලි දලා.කාන්තා හිංසනය යටතෙ මං අත් අඩංගුවටත් ගත්තා අන්තිමට මට හිර ගෙදරත් දවස් තුනක් තපින්න වුනා.එ විතරාක් නෙමේයි මං නොකරපු වැරදිත් දලා මට දික්කසාද නඩු දලා.අම්මායි මායි ගෙදර තියාගන කුර වධ හිංසා කරාලු හරියට කන්න අදින්නවාත් දුන්නෙ නැතිලු.

අම්මා හින්දානෙ මේ හැමදෙම අම්මාට. මට එදා පොඩ්ඩක් හිතාන්න තිබුනා.කවදාවත් මට වචනෙකින්වත් සැර දලා නැති අසරණි එ වගේ දෙයාක් කරායිද කියලා.නංගි බැන්ඳාට පස්සෙ අම්මා තනි වෙලා අපි යමු කිවෙත් අනුමායි.හිතෙ කිසිම කහටක් නැතුව අම්මාගෙ වැඩත් කරා.ඇයි එ ටික එදා මට හිතාන්න බැරි වුනෙ.අම්මා ගැන තියෙන්නෙ පුදුම කලකිරිමාක්.

පල දෙද්දි හැම පැත්තෙම්ම පල දුන්නා.නංගිට හම්බුන දරුවාත් මන්ධ මානසික දරුවෙක්.එ නිසා නංගිගේ විවහායත් දෙදරලා ගිහින් ගෙදරට අවා.තමුන්ගේ දුවට වුන දෙත් එක්ක අම්මාටත් හොදට තෙරෙනවා.අනු පන්නපු දවසෙ ඉදාන් කැවද බිවාද කියලා හොයලා නොබලපු මං හැම තැනම හෙව්වා කකුල් දෙක ගව වැද වැටෙන්න එච්චරායි මට කරාන්න ඉතුරු වුනෙ.

එත් එ අසරණි මට හොයා ගන්න බැරි වුනා.අන්තිමට අනුයි කිරි අම්මායි හිටපු වහලා තියන ගෙදරට ගියා තොරතුරක් හොයා ගන්න පුලුවන්ද කියලා.ඔව් තොරතුරක් ලැබුනා.බොද වෙලා ගිය ලිවුම් කඩදහියක්.

මං මේ අකුරු ටික ලියාන්නෙ දවසක මහාත්තයාට මව හොයාගන්න බැරුව.අපි හම්බුන තැනට නිකමට හරි ඇවිත් බැලුවොත් හම්බෙන්න.මං කොච්චරනම් ඔයා එනකම් බලාන් හිටියාද මගේ මහාත්තයො.ඔයා එදා මගේ අතින් අල්ලාන් ගිහින් එළියට ඇදලා දාද්දි මට මන්වාත් නැහැ කියලා හිතුනා.ඔයා දන්නෙ නැද්ද මහාත්තයො මං කරුවලට ගොඩාක් බයායි කියලා.මං ඔයාලගේ අම්මාට මොකුත් කරෙ නැහැ හිණෙකින් හිතලවාත් නැහැ.මං එදා ගොලු වෙලා බලාන් හිටියෙ.ඔයාලගේ අම්මා මට ගොඩාක් අදරෙ දැනෙන්න දිලා ඔයාට අරවාගේ දෙයාක් එක පාරම කියාද්දි මට අදහා ගන්න බැරිවුනා.ඔයාත් අදරෙන් වැලද ගත්තු අත් දෙකෙන් මට එච්චරටම ගහාද්දි දුක හිරවෙලා වචනයාක්වත් කියාගන්න බැරි තරම් ගොළු වුනා.ඔයා මට ගහපු හැම පාරටම මට රිදුනෙ නැහැ මහාත්තයො මගේ හිතට ඇරෙන්න.මගේ බඩට ගහලා කලකණ්නි ගැහැනි කියාද්දි මටත් හිතුනා මං කත් කවුරුත් නැති කාලකණ්නි ගැනියක් කියලා.මං කාත් කවුරුත් නැති කලකණ්නි ගැහැනියක් වගේ ඔය ගෙදරින් එළියට බැස්සෙ මැරෙනවා කියලා හිතාගන.

මං මැරෙණ්න සියදහාස් පාරක් හිතුවාත් එ හැමවෙලෙම මට හිතුනෙ බැනලා හරි යන්න ඔයා එයි කියලා.සති ගානක් බලාන් ඉදලා බැරිම තැන මං තිරණෙ කරා මැරෙණවා කියලා.එත් මහාත්තයො මට මැරෙණ්න ඉඩ දුන්නෙ නැහැ අපේ පුංචි පැටියා.මට දරුවෙක් ලැබෙන්න අවා.මට එ වෙලෙ හිතුනා මං තනිවෙලා නැහැ කියලා.ඔයාගේ අම්මාට මට වඩා හොද කෙනෙක් හොයලා දෙන්න වුවමනා නිසා.මං ඔයාට දික්කාසදෙ එවනවා.අය කවදාවත් අපිට එකට ජිවාත් වෙන්න බැහැ රත්තරං මහාත්තයො අපේ හිත් කැඩුනා.මව හොයාන්න මහාන්සි ගන්න එපා.මං පාරක් පාරක් ගාණෙ හිගාකාල හරි දරු පැටියා හදාගන්නවා.මට ඔයා කවදාවත් අමතක වෙන්නෙ නැහැ මේ ඇස් වලා කදුළු නැහැ තවදුරටත් අඬාන්න.

මුළු හදින්ම ඔබට පෙම්කලෙ කවදාවත් වෙන්වෙන්න නොවෙයි
මේ ඇස් පියවෙනා තුරා නැහැ අමතක වෙන්නෙ
දුකාක් දැනුන දා කදුලින් මුව තෙත් වෙන්නෙ
කදුළුත් නැති දා කොහොමද දුක උහුලාන්නෙ

වෙන කෙනෙක් බැඳලා සතුටින් ඉන්න මහාත්තයො.ඔයා ඇරෙන්න මට වෙන කෙනෙක් නැහැ.කවම දාක හරි අපේ අතිතෙ එකතු කරායි මේ පැටියා.කවම දාක හරි තාත්ති හොයාන් එයි අපේ පුංචි පැටියා.
තෙරුවාන් සරණායි මගේ රත්තරං මහාත්තයාට.

අනේ මගේ සද මගේ පපුව පැලෙන්න එනවා දෙයියනෙ.ඔයා කොහොමද දරු පැටියෙකුත් එක්ක හැල හැප්පිම් මැද ජිවාත් වෙන්නෙ.මං මහා පව්කාරයෙක.මං අද දඬුවාන් විදිනාවා රත්තරං අපේ පැටියා කවදා හරි හොයාන් අපු දවසට නිදහාසක් දැනෙවි එතකාන් බලාන් ඉන්නවා.

නිමි

පණටත් වඩා අදරෙ කරලා බදිනවා දරුවො නැත්ත කලකණ්නි ගැහැනියක්.නැන්දාම්මාගෙනම් අනිවාරෙන් ගැරහුමට ලක් වෙනවා.ගමේ මිනිස්සුන්ට උදෙ මුලිච්චි වෙන්න බැහැ දවසම කලකණ්නි වෙනවා.ළමයි නැති කමට අද ගැහැනු කිදෙනෙක් දික්කසාද කරනවාද.තමාන්ගෙ ලෙලිට වුන දෙ තමුන්ගේ දුවට වුනොත්.අම්මාට පුලුවාන්ද කලකණ්නි ගැනියක් විදිහට තමුන්ගෙ දුව පිළිගන්න.මගේ කතා මං සවේදි කරනවා.නැත්තාන් ඔය පපු කැවුතු වලට දැනෙන්නැහැනෙ.

මං රචකයෙක් නෙමේයි.මට දැනෙන හැගෙන දෙවාල් තියනවා එක තව කෙනෙක්ට කියලා දෙන්නයි මට ඔනෙ.මගේ කතා ගොඩාක් තියනවා කියවලා නැත්තාන් කියවාන්න කියවලා ඉවර වෙද්දි වෙනස් මනුස්සයෙක් කරාවි. සතුටුයි කතා බලාන්න අක මැති අය පවා මගේ කතා කියවනවා.කතාව දිගවැඩි එ නිසා මෙතනින් එහාට මොකුත් කියාන්නැහැ.typ වැරදි ඇති හා දැන් මව කන්න බලාන්න එපා.බලන අයට බුදු සරණයි රවන අයට දෙවි පිහිටායි.

Advertisment