💗බිරිඳගේ විලාපය

💗”ඇයි මැණික කකුල් රිදෙනවද?……..”

කකුල් දෙක හොදටම ඉදිමිලා.ඇවිදින්න හරිම අමාරුයි.ගෙදර හැම වැඩක්ම ප්‍රසාද්ගෙ අම්මා කරන නිසා මට මහන්සි වෙන්න දෙන්නෙ නෑ.

“කකුල් ඉදිමිලා ප්‍රසාද්.ඇවිදින්න ගොඩාක් අමාරුයි……..”

“චුට්ටක් ඉන්නකෝ ඔහොම……..”

එහෙම කියලා ප්‍රසාද් කාමරෙන් ගිහින් විනාඩි පහකට විතර පස්සෙ බාජනේකුත් අරන් කාමරේට ආවා.

“ඔහොම වාඩි වෙලා ඉන්නකෝ මැණික. මං ඔයාගෙ කකුල් දෙක තවන්නම්. ගොඩාක් රිදෙනවද……..”

මාව ඇදෙන් වාඩි කරවලා ප්‍රසාද් බිම වාඩි වෙලා මගේ කකුල් දෙක තවන්න පටන් ගත්තා.පව් මට ප්‍රසාද් ගැන දුකත් හිතුණා.එයා මාව ගොඩාක් පරිස්සමට බලා ගන්නවා.

“අනේ ඔයා පව් මහත්තයෝ.දැන් ඔය ඇති.මේ කාලෙට මෙහෙම තමයි ඉතිං……..”

“ඉන්න තව ටිකක් තවමු.ගොඩාක් අමාරුයි නම් අපි ඩොක්ටර් ගාවට යමු……..”

“අනේ ඕන්නෑ ප්‍රසාද්.එහෙම ගොඩාක් අමාරු නෑ.මේ කාලෙට කොයි ගෑනිටත් මෙහෙම තමයි ඉතිං………”

කකුල් දෙක තවලා ඉවර වෙලා ප්‍රසාද් ඇදේ වාඩි වෙලා මගේ ඔඩොක්කුව උඩින් ඔලුව තියාගත්තා.

“තව කොච්චර කාලයක් බලන් ඉන්න ඕනිද මේ පැටියා අපි ගාවට එනකල්.මට ඒ දවස එනකල් ඉවසන්න බෑ…….”

මගේ කුස අතගාන ගමන් ප්‍රසාද් මගෙන් එහෙම ඇහුවා.

“මේ මාස ගානත් ඉවසපු එකේ තව මාස එකහමාරක් විතර ඉවසන්න මහත්තයෝ……..”

එකපාරටම දොරට තට්ටු කරන සද්දයක් ඇහුනු නිසා ප්‍රසාද් ටක්ගාලා ගිහින් දොර ඇරියා.

“මහත්තයාට ඉක්මනට පල්ලෙහාට එන්නලු……..”

නිවසේ මෙහෙකාරිය ඇවිත් එහෙම කියලා ඉක්මනට පඩිපෙළ බැහැලා පල්ලෙහාට ගියා.මාත් ඇදෙන් නැගිටලා ඉනට අත තියාගෙන ප්‍රසාද් ගාවට ගියා.

“ඇයි ප්‍රසාද් මොකද වෙලා තියෙන්නෙ?…….”

“යමු පල්ලෙහාට……..”

මාත් ප්‍රසාද් එක්කම එයාගෙ පස්සෙන් පඩිපෙළ බැහැලා සාලෙට ගියා.ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි දෙන්නයි සාලෙ හිටියා. තවත් කව්දෝ මන්දා ගෑනු කෙනෙකුයි අවුරුදු පහක හයක විතර පුංචි ගෑනු ළමේකුයි හිටියා.ඒ දෙන්නව දැකලා ප්‍රසාද් කලබල වුනා.

“පුතා….මේ ගෑනි කියන කතාවෙ තේරුම මොකක්ද?ඇත්තද මේක?කව්ද මේ ගෑනි?……..”😠

ප්‍රසාද්ගෙ තාත්තා ගොඩක් තරහින් ප්‍රසාද්ගෙන් එහෙම ඇහුවා.මට නම් හිතා ගන්නවත් බැරි වුනා මොකක්ද මේ වෙන්නෙ කියලා.

“ක….කව්ද මේ?…….”

ප්‍රසාද් එහෙම අහද්දී ඒ ගෑනු කෙනා හොදටම කේන්ති ගිහින් ප්‍රසාද් ගාවට ඇවිත් අත දිගෑරලා ප්‍රසාද්ගෙ කම්මුලට ගැහුවා.දෙයියනේ😱😱මට හොදටම බය හිතුණා.හිතට ආවෙ පුදුම තරහක්.මගේ මිනිහට අත උස්සන්න මේ ගෑනි කව්ද?මං ඒ ගෑනිගෙ බ්ලව්ස් එකේ කොලර් එකෙන් අල්ලලා ඇද්දා.😡😡

“උඹ කව්ද යකෝ මගෙ මිනිහට අත උස්සන්න?තෝ මොකාටද එන්න හදන්නෙ?…….”😡😡

මාව ප්‍රසාදුයි ප්‍රසාද්ගෙ අම්මයි ඒ ගෑනු කෙනාගෙන් අහකට ගත්තා.

“ඔය නෝනා නම් මාව කව්ද කියලා දන්නෙ නැතුව ඇති.ඒත් මේ මහලොකු මිනිහා කව්ද කියලා තාම ඔය නෝනා දන්නෙ නෑ.මගේ ජීවිතේ විනාශ කරලා මාව අතරමං කරා.මේ ඉන්නෙ ඔහේ මට දීපු තෑග්ග ප්‍රසාද් මහත්තයා.මේ ඔයාගෙ තාත්තා දුවේ……..”😡😭

අඩ අඩා තරහින්ම ඒ ගෑනි ප්‍රසාද් ඉදිරියේ කියපුවා අහලා මට දෙයියො සිහි වුනා. මොනවද දෙයියනේ මේ සිද්ද වෙන්නෙ?මේ ගෑනි මොනවද මේ කියන්නෙ?නෑ…නෑ ප්‍රසාද් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නෙ නෑ.මගෙ හිත තිබුනේ හොදටම කලබල වෙලා.

“අනේ ප්‍රසාද් මේ ගෑනි මොනවද මේ කියන්නෙ?මේක බොරුවක් නේද?අනේ කතා කරන්න ප්‍රසාද්……..”

මං ප්‍රසාද්ගෙ අතින් හොල්ලලා කතා කරත් ප්‍රසාද් කතා කරේ නෑ.දෑතින්ම ඔලුව බදාගෙන සෙටියෙන් වාඩි වුනා.

“එයා තව මොනවා කතා කරන්නද නෝනා.එයාගෙ හිත දන්නවා එයා මට කරේ අපරාධයක් අසාදාරනයක් කියලා. මගෙ ජීවිතේ විනාශ කරලා දරුවෙක් දීලා මාව අතරමං කරලා තමුසෙ මෙතන කසාද බැදලා සන්තෝශෙන් ජීවත් වෙනවා නේද?අවුරුදු පහක් තිස්සෙ මං මේ දරුවත් එක්ක පුදුම දුකක් වින්දෙ……..”😡😭😭

“පුතා කතා කරන්න.කව්ද මේ ගෑනි. ඇත්තද මේ ගෑනි කියන මේ කතා?……..”

ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි දෙන්නම එහෙම අහද්දී ප්‍රසාද්ට තව දුරටත් නිහඬව ඉන්න බැරි වුනා.

“සුරංගි….මේ අහනවා මගෙන් තමුසෙට අසාදාරණයක් වුනා කියලා මං පිළිගන්නවා.ඒත් අවලමේ ගිහිල්ලා හදා ගත්තු ළමයි උස්සගෙන මං ගාවට එන්න එපා.මට හොදටම විශ්වාසයි මේ ළමයා මගෙ නෙවෙයි කියලා……..”😡😡

⚡⚡අනේ දෙවියනේ ප්‍රසාද් මොනවද මේ කියන්නේ😢😢ඒ කියන්නෙ මේ ගෑනු කෙනා මෙච්චර වෙලා කියපු දේවල් ඇත්තද?ප්‍රසාද් මෙච්චර කාලයක් තිස්සෙ මාව රවට්ටලාද තියෙන්නෙ?😭😭

“තමුංට හොදක් සිද්ද වෙන්නෙ නෑ ප්‍රසාද් මහත්තයා.තමුංගෙ අර යාලුවා නිර්මාල් සැරින් සැරේ ඇවිත් මට තර්ජනේ කරා මේ දරුවත් අරගෙන මේ ගෙදරට එන්න එපා කියලා.මෙතන මේ අහිංසක ගෑනිවත් රවට්ටලා කසාද බැදගෙන දැන් ඉන්නවා මෙතන උපාසකයා වගේ.මේ දරුවා තමුංගෙ ප්‍රසාද් මහත්තයා.මටයි මගෙ දරුවටයි වෙච්චි අසාදාරනේට මං පොලීසි යනවා……..”😡😡

“තාත්තී…..බබාව වදා ගන්නකෝ……..”

ඒ පුංචි දරුවා අත් දෙකම දික් කරගෙන ප්‍රසාද් ගාවට ආවා.මං හිටියේ ගොඩාක් කලබල වෙලා.

“මේ අහනවා සුරංගි තමුං දැන්මම මේ ළමයව අරන් මෙහෙන් යනවා.එක එකාට කියලා ළමයි හදාගෙන එන්න එපා ඒ කුණු මගේ ඇගේ ගහන්න.පොලීසියට බැරි නම් ඕනි මගුලක යනවා……..”😡😡

ප්‍රසාද් එහෙම කියපුවම මෙච්චර වෙලා තරහින් කෝපයෙන් හිටපු ඒ සුරංගි කියන ගෑනු කෙනා ප්‍රසාද්ගෙ දෙපා පාමුල අඩාගෙන වැද වැටුනා.

“අනේ පින් සිද්ද වෙයි ප්‍රසාද් මහත්තයා මගේ දරුවව භාර ගන්න.මේ ඔයාගෙ දරුවා.මෙච්චර කාලයක් තිස්සේ මං හැමෝගෙන්ම ඇනුම් පද ජරා කතා ඇහුවා.ගමේ හැමෝම අවජාතකයා කියලා මගේ දරුවව කොන් කරනවා. ඕනම තැනක මං දිවුරන්නම් ප්‍රසාද් මහත්තයා මේ අපි දෙන්නගෙම දරුවා……..”😭😭

“මං උඹට කිව්වා සුරංගි කරුණාකරලා උඹ මෙහෙන් මේ ළමයවත් අරන් පලයන්. මට හොදටම විශ්වාසයි උඹ මේ කියන්නෙ බොරු මේ ළමයා මගෙ නෙවෙයි……..”😡😡

දෙයියනේ මෙච්චර කාලයක් තිස්සෙ මං මේ තරම්ම රැවටීමක්ද වෙලා තියෙන්නෙ.
තව දුරටත් මට මේ කතා අහගෙන ඉන්න බැරි වුනා.සුරංගි අඩ අඩා ළමයවත් අරගෙන ගියා.මං කාමරේට ගිහින් මහ හයියෙන් ඇඩුවා.අනේ මොන පාපයක් කරාටද දෙයියනේ මට මෙහෙම වෙන්නෙ?මං ප්‍රසාද්ට කොයි තරම් ආදරේ කරාද?ඇයි ප්‍රසාද් මාව මෙහෙම රැවැට්ටුවේ?😭😭

“පාරමී…….”

මගේ ඔලුව අතගාමින් ප්‍රසාද් මට කතා කරා.

“අනේ ඇයි ප්‍රසාද් ඔයා මට මෙහෙම කරන්නෙ?මං ඔයාට මොන තරම් ආදරේ කරාද?අනේ මට මෙහෙම කරන්න එපා ප්‍රසාද්.මට ඇත්ත කියන්න ඒ දරුවා ඔයාගෙ නේද?……..”😭😭

“නෑ මගෙ රත්තරං.මං මේ ඇත්තමයි කියන්නෙ.ඒ ළමයා මගෙ නෙවෙයි……..”

ප්‍රසාද් කොහොම කිව්වත් මගෙ හිත පුරාම රැව් පිලිරැව් දුන්නෙ අර සුරංගි කියන ගෑනු කෙනා කියපු දේවලුයි.මං ප්‍රසාද්ගෙ අත් දෙකම අරන් මගේ කුස මතින් තිබ්බා.

“අපේ දරුවා නමින් දිවුරන්න ප්‍රසාද්. කියන්න ඒ දරුවා ඔයාගෙද?……..”

“නෑ පාරමී.මේ දරුවා පල්ලා ඒ ළමයා මගෙ නෙවෙයි……..”

“මං ඔයාව විශ්වාස කරන්නම් ප්‍රසාද්.ඒත් ඔයා මාව රැවැට්ටුවා.ඔයා මාව කසාද බැන්දෙ තවත් අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාශ කරලද?ඇයි ඔයා එහෙම දෙයක් කරේ ප්‍රසාද්?………”😢😢

“මං ඔයාව රැවැට්ටුවෙ නෑ පාරමී.මගෙ අතින් සුරංගිට වරදක් වුනා තමයි.ඒත් අපි මැරි කරන්න කලින් සුරංගි එයාගෙ නෑදෑ වෙන කෙනෙක්ව මැරි කරා.ඒකයි මං මේ දේවල් ඔයාට කිව්වෙ නැත්තෙ……..”

“ඔයා වැරැද්දක් කරලා තියෙන්නෙ ප්‍රසාද්. ඔයාට තිබ්බෙ සුරංගිව කසාද බදින්න. ඔයාට පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද ඔයාගෙ අතින් සිද්ද වෙච්චි අසාදාරණේට සාදාරණයක් ඉශ්ට කරන්න……..”😢😢

“මායි සුරංගියි අතරේ ආදර සම්බන්දයක් තිබ්බෙ නෑ පාරමී.සුරංගි කියන්නෙ හොද අහිංසක කෙනෙක් නෙවෙයි……..”

“එහෙනම් ඔයා ඒ කෙල්ලව රේප් කරාද?…….”

මතු සම්බන්දයි

Advertisment