ආ අක්කෙ කොහොමද දැන් තමුසෙට?……..”

ගොඩ කාලෙකට පස්සෙ මල්ලි ඇවිත් හිටියා මාව බලන්න.ඉස්සර වගේ තමයි සහෝදර සෙනෙහසේ කිසිම අඩුවක් වෙලා නැහැ.

“මං හොදින් ඉන්නවා මල්ලි.තනියමද ආවෙ?…….”

“ඔව් අප්පා.අම්මයි තාත්තයි වෙන දවසක එයි.මං මේ වෙන ගමනක් යන ගමන් අක්කව බලලා යන්න ආවෙ……..”

“වෙන ගමනක් කිව්වෙ කොහෙද?…….”😉

“ඒක තමුසෙට වැඩක් නෑනෙ……..”

“ආ…..අනිවාර්යයෙන්ම කෙල්ලෙක් හම්බෙන්න වෙන්න ඇති.මේ ඒක නෙවෙයි මගෙ නෑනා ලස්සනයිද?…….”

“අවුලක් නෑ ලස්සනයි.හැබැයි දැන්මම අම්මට එහෙම කියන්න එපා.මං ශේප් එකේ කියන්න ඉන්නෙ.බාල්දි පෙරලෙයිද දන්නෑනෙ ඉතිං……..”

“හරි ඉතිං කියන්නකො එයාගෙ විස්තර……..”

“කෙල්ලට තාම අවුරුදු දාසයයි.මේ අවුරුද්දේ ඕලෙවල් කරන්නෙ.එක්සෑම් ඉවර වෙනකන් ඉන්නෙ……..”

“ඇයි එතකොට එයා ඒලෙවල් කරන්නෙ නැද්ද?……..”

“එච්චර දුරට ඉගන ගන්න එයාලට වත්කමක් නැල්ලු……..”

“තමුසෙව බාලඅපරාධ වලට අහු වෙයිද දන්නෑ.පරිස්සමින් ඉන්නවා.මං දන්නවනෙ මගෙ සහෝදරයගෙ හැටි…….”😁😂

“අනේ එහෙම කියන්න එපා අක්කෙ.කටේ කිරි සුවද ගිය නැති අහිංසක ළමයි අපි…….”😁🤣

“ආ මල්ලි දැන්ද ආවෙ?…….”

ප්‍රසාදුත් අපි ගාවට ආවා.

“ඔව් අයියෙ දැන් ආවෙ.මං මේ ටව්මට යන ගමන් අක්කව බලලා යන්න ආවා…….”

🌹🌹

“සල්ලි ටිකක් දීලා ශේප් කරගන්න බලපන්.පාරමී දැනගත්තොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ.පාරමී ඉන්න තත්වෙත් එක්ක එයාට දුකක් දෙන්න බෑ මචං.පව්…දරුවෙක් නෑ කියලා අවුරුදු දෙකහමාරක් තිස්සෙ එයා පුදුම දුකක් වින්දෙ……..”📲

බැල්කනියට වෙලා ප්‍රසාද් කාටදෝ මන්දා කලබලෙන් වගේ කෝල් කරනවා. බාතෲම් එකේ ඉදලා එලියට ආපු මට ඒ කතා කරන දේවල් හොදට ඇහුනා.මගේ නමත් කියනවා හොදට ඇහුනු නිසා මං හොරෙන් අහගෙන හිටියේ හිටියා ප්‍රසාද් මොනවද ඒ කියන්නේ කියලා.එහා පැත්තෙන් කියන දේවල් මට ඇහුනෙ නැතත් ප්‍රසාද් කියන දේවල් මට හොදට ඇහුනා.

“මං පාරමීට ගොඩාක් ආදරෙයි බං.මට ඒකි නැති ජීවිතයක් ගැන හිතාගන්න බෑ. උඹ මොකක් හරි දෙයක් කරලා ඒකි මෙහෙ එන එක නවත්තපං……..”📲

එහෙම කියලා කෝල් එක කට් කරපු ප්‍රසාද් කල්පනා කරන්න පටන් ගත්තා.කා ගැනද ප්‍රසාද් ඒ කිව්වෙ?🤔🤔ඒකි මෙහෙ එන එක නවත්තපං කිව්වෙ කවුරු හරි ගෑනියෙක් ගැනද?…….නෑ ප්‍රසාද් කවදාවත් මට එහෙම කරන්නෑ.එයා මට ගොඩක් ආදරෙයි.

“ආ…..පාරමී…..ඔයා නෑවද?…….”

ප්‍රසාද් කතා කරේ වචන පැටලෙමින් වගේ.ඒ කතා කරගත්තු දේට ප්‍රසාද් ගොඩාක් බයෙන් වගේ ඉන්නෙ.අනේ මන්දා මට අහන්නත් හිතයි.ඒත් ඉතිං මේ යකාට කේන්ති ගියොත් මාව කන්න හදයි.

“මේ….ඔව් නෑවා ප්‍රසාද්…….”

සැහැල්ලු ගව්මක් ඇදගෙන මං මිදුලට ආවා.මිදුලෙ අඹ ගහේ ගෙඩි පිරිලා.මට හිතුණා අඹ ගෙඩියක් ලුණුත් එක්ක කන්න.එතකොටම ප්‍රසාද් පිහියකුත් අරන් ආවා.

“ආ මේ ලුණු ටික ගන්නකො.මං අඹ කඩලා දෙන්නම්.හැබැයි දවල්ට බත් කන්න ඕනි හරිද?…….”

ඕං ඉතිං.අඹ කඩලා දෙන්නත් මේ යකා මට නීති දානවා.😁😀

“හා ඉතිං මං කන්නම්.හොද ඉදිච්චි ගෙඩියක් කඩලා දෙන්නකෝ…….”

ප්‍රසාද් ගහට නැගලාම අඹ කැඩුවා.ටිකක් වෙලා යද්දී ප්‍රසාද්ගෙ යාලුවා නිර්මාල් ආවා.

“ආ මචං උඹ ගොඩ කාලෙකට පස්සෙනෙ.පාරමී….මේ ටික ඔයා ගේ ඇතුළට අරන් ගිහින් කන්න…….”

ප්‍රසාද්ට ඕනි වුනේ මාව කොහොම හරි එතනින් යවා ගන්න.මං කාමරේට ගිහින් බැල්කනියෙ ඉදන් හොරෙන් වගේ පල්ලෙහා බලාගෙන හිටියා.දෙන්නා කතා වෙන දේවල් මට ඇහුනෙ නැතත් ප්‍රසාද් ඉන්නෙ මොකක් හරි ලොකු ප්‍රශ්නෙකින් කියලා මට තේරුනා.ඉස්සෙල්ලා ෆෝන් එකෙන් කතා කරන්න ඇත්තෙත් ඒකමයි. නිර්මාල් ගියාට පස්සෙ ප්‍රසාද් කාමරේට ආවා.

“නිර්මාල් අයියා ආවෙ ඇයි ප්‍රසාද්?…….”

“ඌට ප්‍රශ්නයක් පාරමී මේ කෙල්ලෙක්ගෙ……..”

“ඉතිං මං ගැන මොනවද ඔයාලා ඉස්සෙල්ලා ෆෝන් එකෙන් කතා කරේ?……..”

මං එහෙම කිව්වම ප්‍රසාද් ගොඩක් කලබල වුනා.

“ඔයා ගැන මොකුත් කිව්වෙ නෑ පාරමී…….”

“බොරු කියන්න එපා ප්‍රසාද්.මට හොදටම ඇහුනා ඔයා කියපුවා.ඒකි මෙහෙ එන එක කොහොමහරි නවත්තපං කිව්වා. පාරමී මේ ගැන දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ කිව්වා.කා ගැනද ඔයා ඒ කිව්වෙ?……..”

“ඔයාට පිස්සුද පාරමී.මං එහෙම කිව්වෙ නෑ.නිර්මාල් යාලු වෙලා ඉන්න කෙල්ලගෙ දෙමව්පියෝ ඌට කැමති නෑ.ඒ ගැන ඌ මාත් එක්ක කතා කරේ.ඔයා ගැන මොනවා කියන්නද?……..”

“බොරු කියන්න එපා ප්‍රසාද්.මට බයයි ඔයාව මට නැති වෙයිද කියලා.අනේ එහෙම නම් වෙන්න දෙන්න එපා.මට ඔයාව නැතුව ජීවත් වෙන්න බෑ……..”

ප්‍රසාද්ගෙ පපුවට තුරුල් වෙලා ඇඩුම් ස්වරයෙන් මං එහෙම කියද්දී ප්‍රසාද් මගෙ ඔලුව අත ගෑවා.

“මාව ඔයාට කවදාවත් නැති වෙන්නෙ නෑ පාරමී.මං ඔයාගෙ විතරමයි.බොරුවටනෙ මේ බය වෙලා තියෙන්නෙ……..”

දෝතින්ම මගෙ මුහුණ අල්ලලා එහෙම කියද්දී මං ප්‍රසාද්ව විශ්වාස කරා.ඔව් ප්‍රසාද් කවදාවත් මට බොරුවක් කරන්නෙ නෑ.

දරුවා ලැබෙන්න තව තියෙන්නෙ මාස තුනයි හින්දා දරුවට ඕනි කරන හැම දෙයක්ම මායි ප්‍රසාදුයි ගිහිල්ලා ගෙනාවා. කාමරේ අලුතින් සූදානම් කරා.තව මාස තුනකින් එන්න ඉන්න අලුත් අමුත්තාව පිලි ගන්න හැමෝම හිටියේ මග බලාගෙන.

“ඇයි මැණික මේ බය වෙලා වගේ?…….”

“මොකුත් නෑ ප්‍රසාද්…….”

“ඔයා කැමති නම් අපි ටික දවසක් ඔයාලගෙ ගෙදර ගිහිල්ලා ඉදලා එමු…….”

“අනේ හා😀😀අපි අද හවසට යමු…….”

ප්‍රසාදුයි මායි හවස අපේ ගෙදර යන්න පිටත් වුනා.කාරෙකේම අපිව ගෙනත් ඇරලුවේ ගුණපාල මාමා.

“අනේ…..පුතාලා ගොඩ කාලෙකින්නෙ මෙහෙ ආව?එන්න පුතේ……..”

අම්මට ගොඩක් සතුටුයි මායි ප්‍රසාදුයි ආපු එකට.තාත්තා දැන් වෙනදා වගේම දුවලා පැනලා ගොවිතැන් වැඩ කටයුතු කරනවා.

කාලා බීලා හවස පහමාරට විතර අපි ගග පැත්තට ගියා.ගමේ සමහර මිනිස්සු අපි දිහා බැලුවෙ මහ අමුතු තාලෙකට. එයාලා හිතන්න නැතුව ඇති ප්‍රසාද් හොද මනුස්සයෙක් වෙයි කියලා.

මතු සම්බන්දයි