තාත්තී අම්මි බබාට ගානවා.මේ මෙතන ගොඩාක් සිදෙනවා………”

ධනුජගෙයි මගෙයි තුනහමාරයි.හැබැයි චූටි දෝණිට දැන් අවුරුදු තුනහමාරයි.හැබැයි දග මල්ලක්.කොයි තරම් දග කරත් ඒ අපි දෙන්නගෙ පණ ඩිංග.

“ඇයි සත්‍යා නිකන් බොරුවට ළමයට ගහන්නෙ?……..”😠😠

“බොරුවට ගහන්න මට පිස්සු නෑ ධනුජ. පොඩ්ඩක් වත් කියන දේ අහන්නෙ නෑ. පඩිපෙළ බැහැලා පල්ලෙහාට දුවන්න හදනවා……..”😠😠

මං එහෙම කියද්දී ධනුජ කෙල්ලවත් වඩාගෙන පඩිපෙළ පැත්තට ගියා. තාත්තගෙ හුරතලේ තමයි දෝණිව නරක් කරන්නෙ?වැරැද්දකට මං පාරක් ගැහුවම කෙල්ල ටක්ගාලා දුවගෙන ගිහින් ධනුජට කියනවා.ධනුජත් ඉතිං වැරැද්ද හොයලා බලන්නෙ නැතුව මට බනිනවා.

අපි කසාද බැදලා අවුරුදු පහකට කිට්ටුයි.තාම ධනුජගේ අම්මයි තාත්තයි අයියයි අපිත් එක්ක තරහයි.අඩුම තරමෙ එයාලා ධනුජ එක්කවත් කතා කරන්නෙ නෑ.කාලයත් එක්ක එයාලා අපි දෙන්නට සමාව දෙයි කියලා හිතුවත් එහෙම වුනේ නෑ.එයාලා අපිට සනුජ අයියගේ වෙඩින් එකටවත් ඉන්වයිට් කරේ නැහැ.එක දවසක් හදිස්සියෙන්ම ධනුජට එයාගෙ යාලුවෙක් කෝල් කරලා කිව්වා ධනුජගේ අම්මට හොදටම සනීප නෑ කියලා.ධනුජ අම්මව බලන්න හොස්පිටල් එකට ගියා.මොන දේ සිද්ද වුනත් ඒ ධනුජගේ අම්මනෙ.ධනුජ ආපහු ගෙදර එනකල් මං බලන් හිටියා.හැබැයි ගිහින් පැයක් යන්න කලින් ධනුජ ආපහු ගෙදර ආවා.

“ධනුජ අම්මට මොකද වෙලා තියෙන්නේ?…….”

“වැඩක් නෑ සත්‍යා.එයාලා අපිත් එක්ක තාම ඉන්නෙ පුදුම තරහකින්.තාත්තා මට අම්මව බලන්න ඉඩ දුන්නෙ නෑ.මං හිතුවෙ අපිට දුව හම්බුනාට පස්සෙවත් එයාලා වෙනස් වෙයි කියලා.ඒත් එහෙම වුනේ නෑනෙ……..”

“අනේ දෙයියනේ.අපි දැන් මොකද කරන්නෙ ධනුජ?……..”

“මං හිතුවෙ නෑ මේ ප්‍රශ්නෙ මෙච්චර දුර දිග යයි කියලා.නිකමටවත් එහෙම හිතුනා නම්………”

එහෙම කියලා ධනුජ කියාගෙන ආපු දේ නැවැත්තුවා.දෙයියනේ😢😢ධනුජ ඒ කියන්න හැදුවෙ නිකමටවත් එහෙම හිතුණා නම් මාව කවදාවත් කසාද බදින්නෙ නෑ කියලද?මගෙ හිත හීල්ලුනා.

“කියන්න ධනුජ ඉතුරු ටිකත් කියන්න. ඔයා මාව කසාද බැදපු එක ගැන පසු තැවෙනවද?…….”😢😢

“පින් සිද්ද වෙයි සත්‍යා මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නවද?තමුසෙ හින්දා තමයි මේ සේරම.ශික්….මං හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා……..”😡😡

“මං ඔයාට කිව්වා ධනුජ කවදා හරි මෙහෙම දෙයක් වෙයි කියලා.එද ඔයා මං කියපු දේ ඇහුවා නම් මෙහෙම වෙන්නෙ නෑ.දැන් මගෙ පිට විතරක් වැරැද්ද පටවන්න ලෑස්ති වෙන්න එපා.මං බලෙන් ඔයාගෙ කරේ එල්ලුනෙ නෑ……..”😡😢

එදා ඒ සිද්දිය අපේ ජීවිත ගොඩාක් වෙනස් කරා.අවුරුදු පහකට ආසන්න කාලයක් සතුටින් සමගියෙන් පව්ල් ජීවිතේ ගෙවපු මායි ධනුජයි අතර රණ්ඩු සරුවල් ඇති වුනා.හැමදාම ධනුජ ගෙදර ආවෙ හොදටම බීලා යි.ඒ ඇවිත් මට හොදටම ගහනවා.දුවව අම්මා ගාවට ගිහින් තියනවා හැමදාම රෑට.කොයි තරම් තේරුම් කරලා දෙන්න හැදුවත් ධනුජ වෙනස් වුනේ නෑ.හැමදාම ගුටි කාලා කාලා උදේට නැගිටිද්දී මුලු ඇගම රිදෙන්න ගන්නවා.ධනුජගේ මේ ගුටිබැට හමුවේ මං ජීවත් වුනේ ජීවිතේ ගැන හොදටම කල කිරිලයි.

අන්තිමට සිද්ද වුනේ ආදරයේ නාමයෙන් අවුරුදු පහක් හොදින් පව්ල් කාපු මායි ධනුජයි කොළඹ අලුත්කඩේ උසාවියේදී නීත්‍යානුකූලව දික්කසාද වෙමින්.අඩලා අඩලා කදුලින්ම මගෙ ජීවිතේ දිය වෙලා ගිහිල්ලා.අවුරුදු හතරක් වෙච්චි මගේ දුවව අයිති වුනේ මට.උසාවියෙන් ධනුජට නියම වුනා මට වන්දියක් දෙන්න.ඒත් මං ඒක ප්‍රතික්ෂේප කරා.මාව දික්කසාද කරපු මාවයි දරුවවයි අතරමං කරපු මිනිහගේ සල්ලි වලින් තව දුරටත් මට යැපෙන්න උවමනාවක් නෑ.

ධනුජ මට මෙහෙම කරයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ.මං ගැන හිතන්න බැරි නම් අඩුම තරමෙ එයාට දරුවා ගැන හිතන්නවත් තිබුනා.දැන් දරුවා තාත්තා ගැන අහනකොට මං මොනවද දෙයියනේ කියන්නෙ😭😭මං ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියනවා.ඒ මගෙ දරුවා.මොන ප්‍රශ්නෙ ආවත් මං මගෙ කෙල්ලව හොදට හදා ගන්නවා.

එදා ධනුජ මාව දික්කසාද කරද්දී මාව දැනගෙන හිටියෙ නැති වුනාට මං දෙමස් ගැබිනියක්.ඒත් මං ආපහු හැරිලා ඒ ගැන ධනුජට කිව්වෙ නෑ.මට සසරම කලකිරිලයි තිබ්බේ.

වසර පහකට පසුව👇👇👇

දරුවො දෙන්නෙක් එක්ක තනි වුනු මට අම්මයි අප්පයි ආපහු විවාහ යෝජනාවක් ගෙනාවා.මං ඒකට කැමති වුනේම නෑ. ඒත් ඒ මනුස්සයා කසාද බැදලා දික්කසාද වෙච්චි දරුවෙක් එක්ක තනිවුනු කෙනෙක්.අන්තිමට මං දරුවො දෙන්නා ගැන හිතලා ඒ කසාදෙට කැමති වුනා.

එයා පැතුම් මාධව නාමල්ගම.මට වඩා අවුරුදු අටක් වැඩිමහල්.සිංහල කෙනෙක්.එයාගෙ දුව මගේ දුවට වඩා අවුරුදු හතරක් වැඩිමහල්.ඒ දුව දන්නවා මං එයාගෙ ඇත්ත අම්මා නෙවෙයි කියලා.ඒත් ඒ කෙල්ල මට එයාගෙ අම්මට වගේම සැළකුවා.අපි පස්දෙනා හරිම සතුටින් සන්තෝශෙන් ජීවත් වුනා. පැතුම්ගේ පව්ලෙ අය සිංහල වුනාට එයාලා අතරේ කවදාවත් ජාති ආගම් කුලභේද තිබුනේ නෑ.

අවුරුදු පහකට විතර පස්සෙ මට ධනුජ ගැන ආරංචි වුනා.මාව ඩිවෝස් කරලා ධනුජට එයාගෙ අම්මයි තාත්තයි වෙන කෙල්ලෙක්ව බන්දලා දීලා.එයාලා ඇමරිකාවෙ සතුටින් ජීවත් වෙනවලු.

ධනුජ විනාශ කරපු මගෙයි දරුවො දෙනගෙයි ජීවිතේට පැතුම් ගොඩාක් ලස්සන කරා.අපි පස් දෙනා ගොඩාක් සතුටින් ගොඩාක් හොදින් ජීවත් වුනා.

අවසානයි💐💐💐