ඔලුව කැක්කුම නොහැදී තිබුනොත් තමයි පුදුමෙ.ඊයෙ බීලා ආපු හැටියට. ඔහොම බීලා ප්‍රශ්න විසදන්න බෑ ධනුජ……..”
ඇදේ කොනක ඉදගෙනම මං ධනුජට ඒ විදියට කිව්වා.
“මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ සත්‍යා. ඒ දුකටයි මං ඊයෙ බිව්වෙ.එයාලට ඕනි දෙයක් කරගන්න කියලා අපි මැරි කරමු……..”
මගේ ඔඩොක්කුව උඩින් ඔලුව තියාගෙන ධනුජ එහෙම කිව්වා.මං හිමිහිට ධනුජගේ ඔලුව අතගෑවා.
“දැන් හොද ළමයා වගේ මූණ කට හෝදගෙන මේ කිරි එක බීලා ඉන්න.මං නලලෙ බාම් ගාන්නම්……..”
ධනුජ කිරි එක බීලා ඉවර වුනාට පස්සෙ මං නලලෙ බාම් ගාලා පෙනඩෝල් පෙති දෙකකුත් බොන්න දුන්නා.
“චූටි……අප්පා කතා කරනවා……..”
අයියා කාමරේ ළගට ඇවිත් එහෙම කිව්වා.මං ධනුජත් එක්කම සාලෙට ගියා. හැමෝම වාඩි වුනාට පස්සෙ අප්පා කතා කරන්න පටන් ගත්තා.
“දැන් ඔයාලගෙ තීරණේ මොකක්ද?……..”
“මට සත්‍යාව අමතක කරන්න බෑ අංකල්. මට සත්‍යාව මැරි කරන්න ඕනි. අංකල්ගෙයි,ආන්ටිගෙයි ආශිර්වාදෙ විතරක් අපිට හොදටම ඇති……..”
“නෑ පුතා.ඔයාලගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත නැතුව අපි කොහොමද මේවට ඉඩ දෙන්නෙ?ඔයා හිතනවද එහෙම කරොත් එයාලා ඔයාලා දෙන්නට හොදින් ඉන්න දෙයි කියලා?………”
“එයාලා සත්‍යාව ලේලි කරගන්න අකමැතියි වගේම මං ජීවත් වෙලා ඉන්නවා දකින්නත් කැමතියි.මං අන්තිම පාරට ඒ දෙන්නත් එක්ක කතා කරලා බලන්නම්……..”
“ජීවිතේ නැති කරගන්නවා වගේ මෝඩ වැඩ නම් කරගන්න එපා පුතා.ඔයා කොහොම හරි එයාලගෙ කැමැත්ත ගන්න බලන්නකො………”
රෑ වෙලා මං ධනුජට කෝල් එකක් දුන්නා.
“හෙලෝ ධනුජ,ඔයාගෙ අම්මයි තාත්තයි මොකද කියන්නෙ?……..”📲
“වැඩක් නෑ සත්‍යා.මාව මැරුවත් එයාලා මේ කසාදෙට කැමති වෙන්නෙ නෑ කියලා කිව්වා.මේ අතරෙ මෙයාලා මාව කෝස් එකකට ඇමරිකාවට යවන්න හදනවා……..”📲
අනේ දෙයියනේ😢😢ධනුජ රට ගියොත් මං කොහොමද එයා නැතුව ජීවත් වෙන්නෙ?
“ධනුජ……ඔයාගෙ තීරණේ කියන්න.ඔයා මොන තීරණේ ගත්තත් මං තරහා නෑ. ඔයා ඇමරිකා යන්න.මං ගැන හිතන්න එපා……..”😢📲
බොහොම අපහසුවෙන් මං ඒ වචන ටික කියා ගත්තා.අපිට එකතු වෙන්න බැරි වුනාට ධනුජට අනාගතයක් තියන්න ඕනි.
“මගෙ යකා අවුස්සන්න ලෑස්ති වෙන්න එපා සත්‍යා.මං මේ කොහොම හරි බලන්නෙ අපි දෙන්නට මේ ප්‍රශ්න වලින් ගැල වෙන්න ක්‍රමයක් ගැන.ඔයා විකාර කියෝනවා……..”😡📲
“එහෙනම් ඔයාම කියන්න ධනුජ මං මොනවද කරන්න ඕනි?ඔයා කියන ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි………”📲
“එහෙනම් හෙට උදේ නවය වෙද්දී අයිඩින්ටි කාඩ් එක අරගෙන නෙත්මි බුක්ශොප් එක ලගට එන්න.එච්චරයි ඊට වැඩිය මොකුත් අහන්න එපා.ඔයා එනකල් මං බලන් ඉන්නවා……..”📲
එහෙම කියලා ධනුජ කෝල් එක කට් කරා.ඒ කියන්නේ ධනුජ හදන්නේ හෙට මාව හැමෝටම හොරෙන් කසාද බදින්නද?අම්මයි අප්පයි දැනගත්තොත් මොනවා වෙයිද?එයාලට මේ ගැන කිව්වොත් මට ධනුජව සදහටම අහිමි වෙයි.නෑ….මට ධනුජව නැතුව ඉන්න බෑ. මං ධනුජ කියන දේ කරනවා.
ධනුජගේ දෙමව්පියන්ගේ විරෝධය මැද්දේ එයාලටයි මගේ දෙමව්පියන්‍ටයි හොරෙන් අපි කසාද බැන්දා.අපේ විවාහය වෙනුවෙන් සාක්ශියට අත්සන් කරේ ධනුජගේ යාලුවො දෙන්නෙක්.
“දැන් අපි මොකද කරන්නෙ ධනුජ?……..”
මං බයෙන්ම ධනුජගේ අතේ එල්ලිලා එහෙම ඇහුවා.
“හනිමූන් යමු……..”😁😉
මෙච්චර ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා. මේකාට කිසිම ගානක් නෑනෙ අම්මපා. මගෙ බඩ පපුව දනවා.
“විහිලු කරන්න එපා ධනුජ මේ වෙලාවෙ……..”
“විහිලු නෙවෙයි බං මං කිව්වෙ.බැන්දට පස්සෙ හනිමූන් යන්නැද්ද?……..”😄😚
“හරි හරි.ඊට කලින් හිතන්න ධනුජ. ඔයාගෙ අම්මටයි තාත්තටයි අපි මොනවද කියන්නෙ?මට බයයි……..”
“අපි දැන් අපේ ගෙදර යමු.ගිහින් එයාලට මේ ගැන කියමු.එයාලා මාව ගෙදරින් පැන්නුවොත් අපි ඔයාගෙ අම්මයි තාත්තයි ගාවට යමු.එයාලා ඔයාව ගෙදරින් පැන්නුවොත් නිවාස සංකීර්ණයේ ඔයාලගෙ ගෙදර ඉස්සර තියන ගෙදර අපි පදිංචි වෙමු……..”
හැම ප්‍රශ්නෙකටම ධනුජ උත්තර හොයාගෙන.අනේ මන්දා ධනුජ හිතන විදියටම මේ දේවල් මෙහෙම ලේසියෙන් විසදෙයිද?
මායි ධනුජයි ධනුජගේ ගෙදරට ආවා.මං හිටියේ ධනුජගේ අතින් අල්ලගෙනමයි. මගෙ පපුවත් ගැහෙනවා බය වැඩිකමට. හරියටම හරි.ධනුජ කියපු විදියටම හැම දෙයක්ම සිද්ද වුනා.
“මේ පුතේ උඹට මේ දෙමළ ගෑනිත් එක්ක පව්ල් කන්න ඕනි නම් අම්මයි තාත්තයි සහෝදරයයි නෑ කියලා හිතා ගනිං.අපේ පරම්පරාවෙයි පව්ලෙයි නම්බුව, ගෞරවය නැත්තටම නැති කරා උඹ මේ දෙමළ ගෑනියෙක්ව කසාද බැදගෙන………”😡😡
ධනුජගේ අම්මා අපිට හොදටම බැන්නා.
“ධනුජ…..මේ අහපං උඹ උඹේ ඇදුම් ටික අරන් දැන්මම මෙහෙන් පලයං.අපේ පොඩි පුතා මැරුණා කියලා අපි හිතා ගන්නම්.අද මේ මොහොතේ ඉදන් උඹ අපේ දරුවෙක් නෙමෙයි……..”😡😡
ධනුජගේ තාත්තයි අම්මයි දෙන්නගෙම අන්තිම තීරණේ වුනේ ඒකයි.ධනුජ එයාගෙ ඇදුම් බෑග් එකත් අරගෙන මගේ අතින් අල්ලගෙන ඒ ගෙදරින් එලියට බැස්සා.
“ඒකෙනුත් බේරුනා.දැන් නැන්දම්මයි මාමණ්ඩියි මොනවා කියයිද දන්නෑ……..”😀😊
ධනුජට නම් හැම දෙයක්ම විහිලු.මගෙ පපුව ගැහෙන්න එනවා.කාරෙකේම අපි දෙන්නා අම්මයි අප්පයි ගාවට ඇවිත් හැම දෙයක්ම කිව්වා.ධනුජගේ අම්මයි තාත්තයි තරම් මගේ අම්මයි අප්පයි දරුණු වුනේ නෑ.ඒත් එයාලා මට හොදටම බැන්නා.
“කෑ ගහන්න දෙයක් නෑ අප්පා.මෙයා මෙහෙම දෙයක් කරයි කියලා මට හිතුණා………”😠😠
එහෙම කිව්වෙ මගෙ අයියා.
“දැන් ඔයාලා ඉස්සරහට මොනවද කරන්න හිතාගන්න ඉන්නෙ?දැන් කොහේද යන්නෙ?……..”
“අංකල්…..ඉස්සරහ ගෙදර හිටපු කට්ටිය ඊයෙ මෙහෙන් අයින් වෙලා ගියානෙ.මං අයිතිකාරයත් එක්ක කතා කර ගත්තා.ඒ ගේ අපි ගත්තා……..”
දින තුනකට පසුව👇👇👇
ධනුජයි මායි නිවාස සංකීර්ණයේම ජීවත් වෙනවා.අපියි මගෙ අම්මලායි දැන් අසල් වැසියෝ.උදෙන්ම ධනුජ වැඩට යනවා. හවස පහ විතර වෙනකොට ධනුජ ගෙදර එනවා.උදේ හතරාමාරට විතර මං නැගිටලා උයනවා.
“අසල්වැසියන්ගෙන් ප්‍රශ්න නෑ නේද සත්‍යා?……..”😂😊
“අපෝ නෑ ධනුජ.එයාලයි අපියි හොද ෆිට්……..”😀😁
“ඒක හොදයි…….”😀😀
“දුව……..”
මට කතා කරමින් අම්මා ගේ ඇතුලට ආවා.
“එන්න අම්මා?……..”
“ආ….මං මේ පැණි වලලු වගයක් හැදුවා. ඔයාලටත් ගෙනාවා……..”
“අනේ……තැන්ක්‍යූ අම්මා.මං ගොඩාක් ආසයි මේවට……..”
මං අම්මට වාඩි වෙන්න කියලා තේ එකක් හදලා දුන්නා.
“කොහොමද පුතා අපේ කෙල්ල ගේ දොර වැඩ එහෙම හොදයි නේද?පුතාට හොදට සළකනවා නේද?……..”
“අවුලක් නෑ හොදයි අම්මෙ.ඒත් වෙලාවකට මට කනක් ඇහිලා ඉන්න නෑ. කියෝනවා කියෝනවා ඉවරයක් නෑ……..”😁😂
“අනේ ධනුජ ඔය බොරු කියන්නෙ අම්මෙ.මං එහෙම කියවන්නෙ නෑ……..”😊
අම්මා ගියාට පස්සෙ මං ධනුජගේ කනින් ඇල්ලුවා.
“අම්මට මොනවද ඒ කිව්වෙ ඉස්සෙල්ලා?……..”
“ආව්…..මගෙ කණ අතෑරපන් ගෑනියෙ. තෝ හදන්නෙ මගෙ කණ ගලවන්නද?……..”
“අනේ සොරි ධනුජ.මං හිතුවෙ නෑ එච්චර රිදුනා කියලා……..”😫
“සොරි තමයි හිටපියකො අද මං උඹට……..”
ධනුජ මොකක්ද කරන්න හදන්නෙ කියලා මට දැනුනා.මං දුවන්න හදනකොටම ධනුජ මගෙ අතින් ඇදලා මාව සෙටිය උඩට පෙරලගෙන මගේ තොල හැපුවා.
“ඌයි ධනුජ…..ඒක නම් මට රිදුනා. කොටියා…….”
“දන්නෙ නෑ තාම මේ කොටියගෙ හැටි…….”
“අපෝ දන්නවා දන්නවා……”
“බඩගිනියි හලෝ කන්න මොනවා හරි හදනවකෝ……..”
“ඉතිං එහාට යන්න.මං කොහොමද නැගිටින්නේ…….”
මං නැගිටලා කුස්සියට ගියා කෑම උයන්න.