බිරිඳගේ විලාපය
🌹”පාරමී….පාරමී….ඔයාට මොකද වුනේ? ඔයා හොදින් නේද?……..”
මාව පැත්තකින් වාඩි කරවන ගමන් ප්‍රසාද් මාව වත්තන් කරගෙන ඇහුවා.
“අනේ මගෙ ඇගට පණ නෑ ප්‍රසාද්.ඔලුව කැරකෙනවා වගේ…….”
“අපි යමු හොස්පිටල්.ඔයාට අමාරුයි වගේ…….”
දෙයියනේ😭😭ප්‍රසාද් මගෙන් දික්කසාද වෙන්න හැදුවත් එයා මට ගොඩාක් ආදරෙයි.තව පැය කිහිපයකින් ප්‍රසාදුයි මගෙයි අතරෙ තියන නීත්‍යානුකූල බැදීම් ඉවත් වෙනවා.ඒත්….හදවතින් අපි දෙන්නව වෙන් කරන්න ඒ කිසිම දේකට බෑ.ප්‍රසාද් මට පණටත් වඩා ආදරෙයි.
“ඕන්නෑ ප්‍රසාද්.නඩුවට තව ටික වෙලාවයි නේද තියෙන්නෙ.මං මෙතනින් ටිකක් වාඩි වෙලා ඉන්නම් එතකොට අඩු වෙයි…….”
අමාරුවෙන් හරි මං එහෙම කිව්වත් මට හිටගෙන ඉන්නවත් පණ නෑ.වෙව්ලන්න වගේ එනවා.
“මෙන්න මෙහෙ එනවා පාරමී.හිටගෙන ඉන්නවත් පණ නෑ.මට ඕන්නැති නඩුවක් නෑ යමු හොස්පිටල්……..”😠😠
ප්‍රසාද් මාව බලෙන්ම වගේ හොස්පිටල් එකට එක්කන් ආවා.ප්‍රසාද්ගෙ අම්මා ප්‍රසාද්ට හොදටම බැන්නා.වෛද්‍යවරයා මාව පරීක්ෂා කරන අතරතුරේ ප්‍රසාද් එලියට වෙලා හිටියා.
පැය බාගයක් විතර යද්දී ප්‍රසාද් මං ගාවට ආවා.ප්‍රසාද්ගෙ මුහුණේ ලොකු සතුටක සේයාවක් තිබ්බා.ඒ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුනා.මට හිනාවෙන්න පුලුවන් කමක් නෑ.මගේ හැම සතුටක්ම මගෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා ඉවරයි.
“ඩොක්ටර්….මොකද කිව්වෙ ප්‍රසාද්?……..”
රෝගී බව අතරෙම මං ප්‍රසාද්ගෙන් එහෙම ඇහුවා.ප්‍රසාද් පහත් වෙලා මගේ නලල සිපගෙන මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.මට හිතා ගන්න බැරි වුනා මොකද මේ වෙන්නෙ කියලා.
“මැණික අවුරුදු දෙකහාමාරකට පස්සෙ අපේ බලාපොරොත්තුව ඉශ්ට වෙලා තියනවා.මගේ සුබ පැතුම් මැණික…….”😘
“මෙ…ම්…..ඔ…….”
“මගෙ මැණික එයා අපි ගාවට ඇවිත්. මගෙ වස්තුව දැන් අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ……..”😀😚
මගේ කුසට අත තබමින් ප්‍රසාද් එහෙම කියද්දී මගෙ හිතට දැනුනු සතුට මට වචන වලින් කියාගන්න බැරි වුනා.සතුට වැඩි කමට මං ප්‍රසාද්ව බදා ගත්තා.අනේ දෙයියනේ😀😚අවුරුදු දෙකහාමාරකට පස්සෙ දෙවියො අපේ මූණ බැලුවා.අනේ මගෙ වස්තුව මං ගාවට ඇවිත්.මට මීට වඩා තව සතුටක් නෑ.😚😘
“අපි යමු මැණික දැන් ගෙදර.මං ඔයාව මගෙ ඇස් දෙක වගේ බලා ගන්නවා…….”
“අම්මා දන්නවද ප්‍රසාද් මේ ගැන?……..”
“තාම නෑ.අපි ගෙදර ගිහිල්ලාම කියමු. එයාලා ගොඩාක් සන්තෝශ වෙයි…….”
ප්‍රසාද් මාව පරිස්සමින් වාහනේට නග්ග ගත්තා.
“එතකොට දැන් දික්කසාද වෙන්නෙ නැද්ද?……..”😁😁
ප්‍රසාද්ව අවුස්සන්න හිතාගෙන මං එහෙම ඇහුවා.ප්‍රසාද් රවලා මං දිහා බැලුවා.😠
“මට ඔයාගෙන් දික්කසාද වෙන්න කොහෙත්ම උවමනාවක් තිබ්බේ නෑ පාරමී.අම්මා හින්දයි මට ඒක කරන්න සිද්ද වුනේ.අපි දික්කසාද වුනත් මං ඔයා ලගට එන එක නවත්තන්නෙ නෑ.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ පාරමී……..”
“හොද වෙලාවට ඉටු දෙවියෙක් වගේ දරු පැටියා මගේ කුසට ආවෙ.නැත්නම් මට මොනවා වෙයිද කියලා මට හිතා ගන්නවත් බැහැ……..”
“දැන් පහුගිය දේවල් අමතක කරන්න පාරමී.ආයෙ ඔයාට මොකුත්ම කියන්න කාටවත්ම බෑ…….”
කතාවෙන් කතාවෙන්ම අපි ගෙදරට ආවා.ප්‍රසාද්ගෙ අම්මයි තාත්තයි සාලෙට වෙලා කතා කර කර හිටියා.අපි දෙන්නව දැකලා ප්‍රසාද්ගෙ අම්මා තරහින් පිපුරුවා.😡😡ප්‍රසාද් මගෙ අතින් අල්ලගෙන ගෙට ඇතුල් වුනා.
“ආ…කුමාරිහාමි බොරු කලන්තයක් අරගෙන මගෙ පුතාව රවට්ටගෙන නඩුව තවත් කල් ගත්තා නේද?උඹට බෑ මාව තම්බන්න.අදම උඹ මේ ගෙදරින් පලයන්. වද ගෑනියෙක් ඉන්නැද්දී ගේත් එක්ක මූසලයි.කිසිම වගතුවක් නෑ……..”😡😡
සුපුරුදු පරිදි ප්‍රසාද්ගෙ අම්මගේ බැනිල්ල පටන් ගත්තා.ප්‍රසාද් හිනා වෙලා මගෙ අතින් අල්ලගෙන අම්මා ලගට ගියා.
“පාරමී මේ ගෙදරින් කොහේවත් යන්නෙ නෑ අම්මෙ.අම්මා දන්නවද ඔයයි තාත්තයි දෙන්නම ආච්චියි සීයයි වෙන්නයි යන්නේ………”
“මොකක්??උඹට පිස්සුද පුතේ?එහෙම වුනේ කොහොමද?පාරමීට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ……..”
“අම්මා මොන පදනමේ ඉදන්ද එහෙම කියන්නෙ?දරුවෙක් ලැබෙන්න අවුරුදු දෙකහමාරක් පරක්කු වුනා කියලා ඒ ගෑනි වදයි කියලා කොහොමද කියන්නෙ? කසාද බැදලා අවුරුදු දහය පහලව ගිහින් දරුවො ලැබෙන ගෑනු ඉන්නවා.අපිටත් ඒ සතුට අවුරුදු දෙකහාමාරකට පස්සෙ ලැබුනා.මේ බලන්නකො බොරු නම්……..”.
හොස්පිටල් එකෙන් දුන්නු වෛද්‍ය වාර්තාව ප්‍රසාද් අම්මට පෙන්නුවා. ඒක බලලා අම්මගෙ ඇස් උඩ ගියා.එයා මං දිහා බැලුවේ පරාජිත බවකින්.
“අනේ මට සමාවෙන්න දුවේ……..”
ප්‍රසාද්ගෙ අම්මා මාව බදාගෙන අඩන්න පටන් ගත්තා.
“අඩන්න එපා අම්මෙ.දැන් අම්මගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙන්නනෙ යන්නෙ.පරණ දේවල් අමතක කරමු.මං අම්මත් එක්ක තරහ නෑ……..”
ප්‍රසාද්ගෙ අම්මා මට දැන් වෙනදා වගේම ආදරෙයි.අපේ අම්මයි තාත්තයි මල්ලියි කිහිප සැරයක්ම ඇවිත් මාව බලලා ගියා. මට කන්න ආස හිතෙන හැම දෙයක්ම ප්‍රසාද් මට ගෙනත් දෙනවා.
“මොකෝ මැණික උඩ බලාගෙන කල්පනා කරන්නේ?…….”
“ප්‍රසාද් ඔයා කැමති දුවෙක්ටද?පුතෙක්ටද?…….”
“දුවලා දෙන්නයි පුතාලා දෙන්නයි ඕනි…….”
“අම්මෝ හතරක්😱😱ඔයා නම් කියයි ප්‍රසාද්.මේ එක්කෙන් නැතුව මං වින්ද දුකක්.තව පොඩ්ඩෙන් මං ඉවරයි…….”
“ආයෙ කවදාවත් ඔයාට ඒ වගේ දුක් විදින්න ලැබෙන්නෙ නෑ පාරමී.දැන් පුංචි පැටියෙක් එන්නනෙ ඉන්නෙ……..”
ආදරෙන් මගේ කුස සිපගන්න අතරේ ප්‍රසාද් එහෙම කිව්වා.මං බලාපොරොත්තු වුනාටත් වඩා ලොකූ ආදරයක් මට ප්‍රසාද්ගෙන් ලැබුනා.ඒ ආදරේ සංසාරෙ පුරාවටම මං ප්‍රාර්ථනා කරා.
“යමු පාරමී කෑම කන්න……..”
“අනේ බෑ ප්‍රසාද්.ඔයා ගිහින් කන්න.මට බඩගිනි නෑ……..”
“ඒ මොකෝ බඩගිනි නැත්තෙ?මේ කාලෙ දෙන්නෙකුට ඇති වෙන්න කන්න ඕනි කියලා අම්මා කිව්වා.එනවා කන්න……..”
මේ යකාට කොහොම තේරුම් කරලා දෙන්නද?මට සමහර කෑම අප්පිරියයි කන්න බෑ කියලා.කෑම වල සුවද එද්දීත් මට වමනෙ යන්න එනවා.
“මට අප්පිරියයි ප්‍රසාද්.අනේ ඔයා ගිහින් කන්න……..”
“එහෙනම් ඔයාට මොනවද කන්න පුලුවන් කියලා කියන්නකො මං ගෙනත් දෙන්නම්.බඩගින්නේ ඉන්න නම් එපා. පව්නෙ අපේ පැටියා……..”
“එහෙනම් මට ලුණු කුඩුයි මිරිස් කුඩුයි දාලා අඹ ගෙඩියක් ගෙනත් දෙන්න……..”
“ඒවා කාලා බඩ පිරෙන්නෙ නෑනෙ මැණික.බත් පොඩ්ඩක් හරි කමුකො.මං කාමරේට ගෙනත් කවන්නද?……..”
“මට එපා.ඔයා කන්න……..”
එහෙම කියලා මං අනික් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවා.ප්‍රසාද් ඇවිත් මාව නැගිට්ටෙව්වා.
“අනේ රත්තරනේ පොඩ්ඩක් හරි කමු.ඊට පස්සේ මං අඹ ගෙනත් දෙන්නම්……..”
“මට එපා……..”😡
කේන්තියත් එක්ක එහෙම්මම කියලා අනික් පැත්ත හැරිලා ඇස් තද කරලා වහ ගත්තා.
“මගෙ යකා අවුස්සන්නෙ නැතුව කෑම කන්න එනවා පාරමී.මෙච්චර වෙලා හොදින් කිව්වා අහන්න බෑනෙ. බඩගින්නෙ ඉන්න හොද නෑ කියලා කොයි වෙලේත් කියනවා.කියන දේ අහන්න බෑ පොඩි එකෙක් වගේ………”😡😡
ප්‍රසාද්ට හොදටම කේන්ති ගිහින් මට බනිද්දී බයටම මගෙ ඇස් වලින් කදුලු වැටුනා.😥😥
“මේ මොකද මේ කෑ ගහන්නෙ පුතේ?…….”
ප්‍රසාද්ගෙ අම්මටත් ඇහිලා ප්‍රසාද්ගෙ කටේ සද්දෙ.
“කොච්චර කිව්වත් අහන්නෙ නෑ අම්මෙ. පොඩි එකෙක් වගේ.කන්න කතා කරාම කන්න බැරිලු.නොකා නොබී ඉන්න හොද නෑ කිව්වම මෙයාට කන්නම බෑ කියනවා. අනින්න හිතෙනවා දත් ටික බඩට යන්න……..”😁😡
“පිස්සුද පුතේ ඔහොම බනින්නෙ බඩදරු අම්මා කෙනෙක්ට.මේ කාලෙ ඔහොම තමයි.කන්න බොන්න බෑ අප්පිරියාව දැනෙනවා.කෑ ගහන්න එපා මේ දරුවට ඔහොම පව්.හිත රිද්දන්න හොද නෑ.ආස දෙයක් කියන්න දුවේ.මං හදලා දෙන්නම්……..”
මතු සම්බන්දයි