සනුජ ගැන පොලීසියට කිව්වොත් මාව මරනවා කියලා සනුජ තර්ජනේ කරා.මට තියන ආදරේ හින්දා අම්මයි අප්පයි අයියයි පොලීසි ගියේ නෑ.ඒත් එයාලා මගෙ ජීවිතේ ගැන හිටියේ ලොකු බයකින්.

“සත්‍යා…..මං මේ තමුංට කියන අන්තිම පාර.කරුණාකරලා ඒ කොල්ල්ව අමතක කරලා දානවා……..”😠😠

“අනේ මට බෑ අප්පා ධනුජව අමතක කරන්න.මට ධනුජ නැතුව ජීවත් වෙන්න බෑ.මාව මැරිලා යයි අප්පා…….”😭😭

අප්පා මොන තරම් කිව්වත් මට බෑ ධනුජ නැතුව ජීවත් වෙන්න.පුංචි කාලෙ ඉදන්ම මං අම්මයි අප්පයි කියන දේ හොදට ඇහුවා.මං එයාලාට ගොඩාක් කීකරුවයි ජීවත් වුනේ.ඒත් මේ ප්‍රශ්නෙදි මං එයාලට අකීකරු වුනා.ධනුජගෙන් තොර ලෝකයක් ගැන මට හිතන්න මට බෑ.මං අඩාගෙනම කාමරේට ගියා.ටිකක් වෙලා යද්දී අයියා කාමරේට ආවා.

“කියන දේ අහලා ධනුජව අමතක කරන්න චූටි.එයාලා කවදාවත් මේකට කැමති වෙන්නෙ නෑ.ඔයාගෙ ජීවිතේට එයාලා කරදරයක් කරයි චූටි………”

මගේ ඔලුව අත ගාමින් අයියා බොහොම කරුණාවෙන් එහෙම කිව්වා.මට හිතා ගන්න බැරි ඇයි දෙයියනේ මිනිස්සු අපිට මෙහෙම බෙදලා සළකන්නේ?දෙමළ වුනත් අපි එයාලා වගේ ඇට ලේ මස් නහර වලින් හැදිච්ච මිනිස්සු නේද?😢😢

“අනේ මට ධනුජ නැතුව ඉන්න බෑ අයියෙ. අපි දෙමළ වුනා කියලා ඇයි මිනිස්සු අපිට මෙහෙ සළකන්නෙ?මං දෙමළ වුනත් පුංචි කාලෙ ඉදන්ම සිංහල කෙල්ලෙක් වගේනෙ ජීවත් වුනේ……..😥😥

“මට මතකයි චූටි.ලොකු නංගියි මායි හැදුනු පිලිවෙල වගේ නෙවෙයි ඔයා හැදුනේ.දෙමළ වෙලා අපි තෛපොංගල් වලට කෝවිල් යද්දී ඔයා ගියේ පන්සලට. අපි ඉට්ලි,තෝසෙ කනකොට ඔයා කෑවෙ කිරිබත් කැව්ම්.ඔයා හැමදාම සිංහල ජාතියට ගොඩාක් ලංවුනා.මට හිතුණා ඔයා කවදාහරි තමන්ගෙ සහකරුවා විදියට සිංහල කොල්ලෙක්ව තෝර ගනියි කියලා……..”

“ධනුජව නැති වුනොත් මට පිස්සු හැදෙයි අයියෙ……..”😭😭

“මට ඔයාට කියන්න තියෙන්නෙ අමාරුවෙන් හරි හිත හදාගන්න කියලයි. සනුජ ආයෙමත් ඔයාට කරදර කරයි.ඒ හින්දා පරිස්සමින් ඉන්න.තනියම කොහේවත් යන්න එපා……..”

මගේ ඔලුව අත ගාලා අයියා කාමරෙන් ගියා.ඇස් වල කදුලු පිහදාගෙන මං බැල්කනියට ගියා.වෙනදා නම් මං මේ බැල්කනියට ඇවිත් සිංදු කියනවා.ඒත් ධනුජගෙයි මගෙයි ආදරේට එයාගෙ දෙමව්පියන් විරුද්ධ වුනාට පස්සෙ කවදාවත් මගෙ කටින් සිංදු පිටවෙලා නෑ. ෆෝන් එක රිං වෙන සද්දෙ ඇහුනු නිසා මං ඉක්මනට කාමරේට ගියා.කෝල් එක එන්නේ ධනුජගෙන්.

“හෙලෝ ධනුජ……..”📲

“සත්‍යා….ඔයා හොදින් නේද මැණික.මට ඔයා නැතුව ඉන්න බෑ……..”📲

“මටත් ඔයා නැතුව ජීවත් වෙන්න බෑ ධනුජ.අනේ මට පිස්සු හැදෙයි……..”😭📲

“අපෙ අම්මලා එයාලගෙ තීරණේ කවදාවත් වෙනස් කරන්නෙ නෑ සත්‍යා. අපෙ අයියා දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ……..”📲

“මට සමාවෙන්න ධනුජ.අයියා ඔයාත් එක්ක තරහ වුනේ මං හින්දනේ……..”📲

“ඒකට කමක් නෑ සත්‍යා.අයියා මාත් එක්ක තරහ වෙලා හිටියා කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ.අපි තීරණයක් ගම්මු රත්තරං…….”📲

දෙයියනේ ධනුජ කියන්න හදන්නේ වේදනාවෙන් හරි පහුගිය අතීතය අමතක කරමු කියලද?😭😭

“අනේ ධනුජ…….”😥📲

“සත්‍යා…..මං කියන්න හැදුවෙ අපි වෙන් වෙමු කියලා නෙවෙයි.කොයි තරම් උත්සහ කරත් අම්මලා අපිට කැමැත්ත දෙන්නෙ නෑ.එයාලාට ඕනි දෙයක් කරගන්න කියලා අපි හොරෙන්ම මැරි කරමු……..”📲

“ඔයාගෙ කීමට මං කවදාවත් විරුද්ධ වෙන්නෙ නෑ ධනුජ.ඒත් එහෙම කරා කියලා ඔයාගෙ දෙමව්පියෝ අපිට හොදින් ඉන්න දෙයිද?මට බයයි ධනුජ……..”😥📲

“එයාලා ගැන මං බලාගන්නම් සත්‍යා.අපි මැරි කරාට පස්සෙ එයාලට අපිව වෙන් කරන්න බෑනෙ.මං ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නම්……..”📲


මං හොරෙන් හොරෙන් ධනුජව මීට් වුනා. ඒ හැම වෙලාවකම අපි කතා කරේ අපි දෙන්නා ගැනයි.මගෙ අප්පයි අම්මයි කැමති නෑ ධනුජගෙ දෙමව්පියන්ගෙ අකමැත්තෙන් මේ කසාදෙ කෙරෙනවට.

රෑට කාලා ඉවර වෙලා අප්පයි අම්මයි ටීවි බල බලා ඉන්නකොට කව්දෝ මන්දා දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.මං ගිහින් දොර ඇරලා බලද්දී කෙලින් හිටගන්නවත් පණ නැතුව හොදටම ඩ්‍රින්ක් අරගෙන වැනි වැනී මං ඉස්සරහ හිටියේ ධනුජ.උහුලගන්න බැරි තරම් මත්පැන් ගදක් ධනුජ ගාවින් මට දැනුනා.

“ස….ත්‍යා…..ම…..ට…..ඔයා……නැ……තුව……ඉන්…..න…..බෑ…….”

වැනි වැනීම වැටෙන්න ගිය ධනුජව මං අල්ලගෙන ගේ ඇතුළට එක්කන් ආවා.

“දෙයියනේ මේ මොකද?මේ ළමයා හොදටම බීලා නේද?…….”

මං ධනුජව අල්ලගෙන සෙටිය උඩින් ඉන්දෙව්වා.මං කවදාවත් දැකලා නෑ ධනුජ මේ තරම් ඩ්‍රින්ක්ස් අරන් ඉන්නවා.

“දුව…..මේ දරුවව ගෙදර යැව්වා නම් හරි. කතා කරන්න පුලුවන් සිහියකින් නෙවෙයිනෙ ඉන්නෙ.මෙච්චර බීලා කාරෙක කොහොම ඩ්‍රයිව් කරගෙන ආවද මන්දා……..”

“අනේ අප්පා ප්ලීස් ධනුජව අද මෙහෙ තියා ගම්මු.මේ විදියට එයාව ගෙදර යවන්න එපා.මට බයයි මගදි අනතුරක් වුනොත් එහෙම……..”

බීමතේ වෙරි වෙලා ධනුජ මං ගැන කියව කියව හිටියා.මට ධනුජ ගැන දුක හිතුණා.

“අම්මෙ ධනුජට මගෙ කාමරේ ඉන්න දෙමු.මං අම්මාගෙ ගාවින් ඉන්නම්……..”

අයියයි මමයි ධනුජව වත්තන් කරගෙන මගේ කාමරේ ඇදෙන් තිබ්බා.

“පව්.මේ කොල්ලා ඔයා ගැන පිස්සු හැදිලා ඉන්නෙ චූටි……..”

එහෙම කියලා අයියා කාමරෙන් ගියා.මං කුස්සියෙන් දෙහි කෑල්ලක් ගෙනත් ධනුජගේ ඔලුවෙයි යටි පතුල් වලයි ඇතිල්ලුවා.වෙරි මර ගාතෙ ධනුජ එක එක දේවල් කියෙව්වා.මාව නැති වුනොත් එයා මැරෙනවා කියලත් කිව්වා.අයියා ධනුජගේ ඇදුම් මාරු කරවලා සරමක් ඇන්දෙව්වා.ටිකක් වෙලා යද්දී ධනුජට හොදටම නින්ද ගිහින් තිබුනා.මං අම්මා ගාවින් නිදා ගත්තා.

❤️❤️

මං උදේ පාන්දරින්ම ඇහැරිලා කිරි වීදුරුවකුයි වතුර වීදුරුවකුයි අරන් ධනුජ ගාවට ගියා.ධනුජ තාමත් හිටියේ හොදටම නිදාගෙන.මං ට්‍රේ එක මේසෙ උඩින් තියලා ධනුජව ඇහැරෙව්වා.

“ධනුජ…….ධනුජ නැගිටින්නකෝ අනේ……..”

පිටට අත තියලා හොලවලා හොලවලා බොහොම අමාරුවෙන් මං ධනුජව ඇහැරෙව්වා.ඇස් පොඩි කර කර ඔලුව අල්ලගෙන ධනුජ නැගිට්ටා.

“මෙ….කව්ද මගෙ ඇදුම් මාරු කෙරෙව්වේ?……..”

“අයියා.ඇයි බය වුනාද?……..”😁😁

“නෑ.ඔයා කොහෙද නිදා ගත්තේ?………”

“අම්මා ගාව……..”

“අපරාධෙ මං ගාවින් නිදා ගන්න තිබ්බෙ……..”😁

“හොදට හිටියි……..”😄😊

“ඒ මොකෝ?……..”

ධනුජ මාවත් තුරුල් කරගෙන ඇදට වැටුනා.මට බය හිතුණා අම්මා කාමරේට ආවොත්.

“අනේ එපා ධනුජ.අම්මා එයි.කෝ…කට හෝදලා මේ කිරි එක බීලා ඉන්න……..”

“ඔලුව කැක්කුමයි වගේ අප්පා……..”

මතු සම්බන්දයි🎀🎀🎀