පාරමී…..කොහොමද නංගි ඉතිං?…….”

ප්‍රසාද්ගෙ අක්කා කාමරේට එබෙමින් මට කතා කරා.

“ආනේ…මේ දුලානි අක්කනෙ.අක්කලා දැන්ද ආවෙ?කෝ පුතා?…….”

“පුතා පල්ලෙහා ඉන්නවා නංගී.එයාට නින්ද ගිහින් ගමන් මහන්සියටම…….”

දුලානි අක්කා ඇවිත් කාමරේ ඇදෙන් වාඩි වුනා.මට බයකුත් දැනුනා දුලානි අක්කා මගෙන් දරුවෙක් නැති එක ගැන මොනවහරි අහයි කියලා.මං වද ගෑනියෙක් කියලා මේ වෙනකොටත් ප්‍රසාද්ගෙ අම්මා දුලානි අක්කට කියලා ඇති.

“මොනවද නංගි ඔයා කල්පනා කරන්නේ?…….”

“මොකුත් නෑ අක්කෙ.අක්කලා ටික දවසක් ඉදලනෙ යන්නෙ.මං අක්කලාට කෑම ලෑස්ති කරන්නම්…….”

එහෙම කියලා මං කුස්සිය පැත්තට යන්න හැදුවත් දුලානි අක්කා මට යන්න නොදී මාව නතර කර ගත්තා.

“මට අම්මා ඔයාලා ගැන කිව්වා.මැරි කරලා දැන් අවුරුදු දෙකකුත් වුනානෙ. හොද ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බැලුවෙ නැද්ද?……..”

මං හිතපු තැනටම දුලානි අක්කා ආවා. මගෙ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ බව දුලානි අක්කත් දකින්න ඇති.😢😢

“ඩොක්ටර්ස්ලා කී දෙනෙක් ගාවට නම් යන්න ඇත්ද අක්කෙ.අනේ මන්දා මොන කරුමයක්ද මං මේ ගෙවන්නෙ කියලා. දරු පැටියෙක්ගෙ මුහුණ දකින්න මාත් ආසයි…….”😭😭

“අඩන්න එපා නංගි.ඉක්මනින් ඔයාට අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබෙයි…….”

දුලානි අක්කයි මායි කතා කර කර ඉන්න අතරේ ප්‍රසාද්ගෙ අම්මා කාමරේට ආවා.

“දුවේ යමු කෑම කන්න.පොඩි එකාත් බඩගින්නෙ ඇත්තෙ.එන්න…..මෙතන වද ගෑනුන්ව නලව නලව ඉන්නැතුව…….”

ප්‍රසාද්ගෙ අම්මගෙ වචන මගේ හදවත පසාරු කරගෙන ගියා වගේ මට දැනුනා. දෙයියනේ මොන කරුමයක්ද මං මේ ගෙවන්නේ?😭😭ඇයි මේ මිනිස්සු මේ විදියට මගෙ හිත රිද්දන්නේ.මං ගැන කාටවත්ම අනුකම්පාවක් නැද්ද?ප්‍රසාද්ගෙ අම්මයි අක්කයි කාමරෙන් ගියාට පස්සෙ මං බිත්තියේ ගහලා තිබ්බ පුංචි දරුවෙකුගේ පින්තූරෙ දිහා බලලා ඉකි බින්දා.

“පාරමී…….”

මං ගාවටම ඇවිත් ප්‍රසාද් කතා කරද්දියි මට ඇහුනේ.

“ඇ…..ඇයි ප්‍රසාද්?…….”

“අදත් අම්මා ඔයාගෙ හිත රිදෙන්න මොකුත් කිව්වද?…….”

“මට දැන් අම්මගෙ බැනුම් හොදට පුරුදුයි ප්‍රසාද්…….”😢😢

“අම්මගෙ පැත්තෙන් බලනකොට අම්මා වුනත් සීයට සීයක්ම වැරදියි කියන්න බෑ පාරමී.එයත් කැමති ඇති මගේ දරුවෙක්ව හුරතල් කරන්න.ඒත් තාම අවුරුදු දෙකක් ගත වුනා විතරයිනෙ. මොන තරම් බාර හාර වුනාද?ඩොක්ටර්ලා කී දෙනෙක් ගාවට නම් ගියාද?ඒ කිසිම දේකින් වැඩක් වුනේ නැහැනෙ……..”

ප්‍රසාද් ඒ කියපු දේවල් නිසා මට ඉවෙන් වගේ දැනුනා එයාට මාව එපා වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා.මගෙ ඇස් වලට දැන් කදුලු හොදට හුරුයි.දෙයියනේ මං වද ගෑනියෙක් කියලා ප්‍රසාද් මාව දික්කසාද කරයිද?😭එහෙම වුනොත් නම් ප්‍රසාද්ගෙන් වෙන් වෙලා මට ජීවත් වෙලා වැඩක් නෑ.

“ප්‍රසාද්…….”

“ඇයි?……..”

“අපි තව ටික කාලයක් බලමු.ඊට පස්සෙවත් අපේ බලාපොරොත්තුව ඉශ්ට වුනේ නැත්නම් අපි තීරණයක් ගම්මු.මං හින්දා ඔයාගෙ ජීවිතේ නාස්ති වෙන්න මං ඉඩ දෙන්නෙ නෑ ප්‍රසාද්…….”😥😥

“මොකක්ද තමුසෙ ගන්න හදන තීරණේ?……..”😠😠

“මං ඔයාට ඩිවෝස් එක දෙන්නම් ප්‍රසාද්. මං වගේ වද ගෑනියෙක් එක්ක ජීවත් වෙලා වැඩක් තියනවද?මං හින්දා ඔයාගෙ ජීවිතේ කාලකණ්ණි කරගන්න එපා…….”😭😭

මං එහෙම කියනකොට ප්‍රසාද්ට ගොඩාක් කේන්ති ගියා.මං හිටියේ හුගාක් බය වෙලා.ප්‍රසාද් නැති ජීවිතයක් ගැන මට හිතාගන්නවත් බැහැ.ඒත් මගේ කරුමෙට ප්‍රසාද් පලි නෑනෙ.😫😫

“මේ අහපං පාරමී…..මං උඹට හොද හිතින් මේ කියන්නෙ.මගේ ජීවිතෙන් ඈත් වෙලා යන්න හදන්න හිතන්නවත් එපා. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ පාරමී. දරුවෙක් උපදින්නෙ නෑ කියලා මට බෑ ඔයාව දික්කසාද කරන්න.අපි තව අවුරුද්දක් බලලා වැඩක් නොවුනොත් දරුවෙක් අරන් හදා ගම්මු…….”

“ඔයාගෙ අම්මා කවදාවත් එහෙම දේකට කැමති වෙන්නෙ නෑ ප්‍රසාද්.එයාට ඕනි ඔයාගෙ ලෙයින් මගේ බඩේ හැදුනු දරුවෙක්ට ආච්චි වෙන්න……..”😥😥

“එයා මගෙ අම්මා වුනාට අපේ පව්ල් ජීවිතේට ඇගිලි ගහන්න එයාට බෑ.මං අම්මලාට ඕනි විදියට ජීවත් වෙන්න ලෑස්ති නෑ පාරමී…….”


“මේ අහපං පුතේ ඔය ගෑනිව දික්කසාද කරපං.ඕකිට කවදාවත් බෑ උඹට දරුවෙක් දෙන්න.වද ගෑනියෙක් එක්ක ජීවත් වෙලා වැඩක් තියනවද?උඹට හොද තැනකින් කසාදයක් කරලා දෙන්නම්…….”

දෙයියනේ ප්‍රසාද්ගෙ අම්මා හදන්නේ මාව ප්‍රසාද්ගෙන් වෙන් කරන්න නේද?අනේ ඇයි මේ අසරණ මටම මෙහෙම සිද්ද වෙන්නෙ?😭😭ප්‍රසාද්ගෙයි අම්මගෙයි කතාවට මං කාමරේ ලග ඉදන්ම හොරෙන් සවන් දුන්නා.

“මට බෑ අම්මෙ පාරමී ව දික්කසාද කරන්න.දරුවෙක් වදන්න බෑ කියලා මං කොහොමද එයාට එච්චර ලොකු අසාදාරණයක් කරන්නෙ?……..”

“එතකොට උඹ හදන්නෙ ඔය වද ගෑනිත් එක්ක හැමදාම ජීවත් වෙන්නද?බලපං දරුවෙක් නැති ජීවිතේකින් වැඩක් තියනවද?උඹේ අක්කට දැන් දෙවනි ලමයත් ලැබෙන්න ඉන්නෙ.මේ ගෑනිට තාම බැරි වුනා එක ලමේක් වදන්න.මං උඹට එකක් කියන්නම් පුතේ උඹ ඔය ගෑනිත් එක්ක තව දුරටත් ජීවත් වුනොත්
උඹට මේ අම්මා නැහැයි කියලා හිතා ගනිං……..”

“අනේ අම්මෙ….ඔයා මොනවද මේ කියන්නෙ?ඔයාටත් දුවෙක් ඉන්නවා නේද?ඇයි පාරමී දිහා තමන්ගෙ දුවගෙ දිහා බලනවා වගේ බලන්න බැරි?…….”

“අනේ පුතේ උඹ මගෙන් මොකුත් අහගන්න එපා.උඹට උඹේ අම්මට වැඩිය මේ වද ගෑනිව ලොකු වුනා නේද?මට උඹ එකක් කියපන්?…….”

“ඒ මොකක්ද?…….”

“එක්කො උඹ මේ ගෑනිව ඉක්මනට දික්කසාද කරලා දාපන්.එහෙම බැරි නම් මේ අම්මා මැරුණා කියලා හිතා ගනිං…….”

අම්මා එහෙම කියද්දී ප්‍රසාද් ටිකක් වෙලා කල්පනා කරා.අනේ දෙයියනේ ප්‍රසාද් මොනවා කියයිද?😢😢

“හරි අම්මෙ.මං පාරමී එක්ක කතා කරන්නම්…….”

“මොනවද උඹ ඒකිත් එක්ක කතා කරන්නෙ?මට උඹ කෙලින් උත්තරයක් දීපන්…….”

“මං ලෑස්තියි පාරමීව දික්කසාද කරන්න. හැබැයි මට ආයෙමත් කසාද බදින්න බෑ එච්චරයි…….”

අනේ දෙයියනේ ප්‍රසාද්😱😱ඔයා මොනවද මේ කියන්නේ?අනේ මං කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නෙ?😭😭ප්‍රසාද්ගෙ අම්මා කාමරෙන් ගියාට පස්සෙ මං කාමරේට ගියා.ප්‍රසාද් හිටියේ කල්පනා කරමින්.

“පාරමී….ඔයා කෑවද?…….”

“නෑ……”

“යමු කන්න……”

“මට කන්න බෑ ප්‍රසාද්.ඔයා කන්න.මට බඩගිනි නෑ…….”

“ඔයාට අම්මා මොකුත් කිව්වද?…….”

ප්‍රසාද් මගෙන් එහෙම ඇහුවෙ සැකේකින් වගෙයි.

“අම්මා ඔයාත් එක්ක කියපුවා මං අහගෙනයි ප්‍රසාද්.කමක් නෑ මං හිත හදාගන්නම්.දික්කසාදෙට මං කැමතියි…….”

“අම්මගෙන් බේරෙන්න බැරි කමටයි මං එහෙම කිව්වෙ පාරමී.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අපි වෙනම ගෙයක් අර්න් පදිංචි වෙමු අම්මලාට ඕනි දෙයක් කර ගන්න කියලා…….”

“ආ…මං අහගෙන හිටියෙ පුතේ උඹේ කතාව.උඹ හදන්නේ මේ වද ගෑනිව තියාගන්නද?……..”😡😡

ප්‍රසාද්ගෙ අම්මා අපි දෙන්නා ගාවට ඇවිත් හොදටම කෑ ගහලා බැන්නා.

“අනේ අම්මෙ පින් සිද්ද වෙයි මෙතනින් යන්න…….”😠😠

“හරි මං යන්නම් පුතේ.හැබැයි පුතේ උඹ මේ වද ගෑනිත් එක්ක ජීවත් වුනොත් මේ අම්මා එක මොහොතක් වත් ජීවතුන් අතර ඉන්නෙ නෑ.අන්න ඒක හොදට මතක තියාගනිං……..”😠😠

මාසයකට පසු👇👇👇

ප්‍රසාද්ගෙ අම්මගෙන් බේරෙන්න බැරිම තැන අමාරුවෙන් හරි හිත හදාගෙන අපි දික්කසාද වෙන්න තීරණය කරා.මං හිටියේ මරණෙට ඔන්න මෙන්න වගෙයි. ප්‍රසාද්ගෙන් වෙන් වෙලා මට ජීවත් වෙන්න බෑ.මගෙ පපුව පැලිලා මාව මැරිලා යයි දෙයියනේ.😭😭

අද ප්‍රසාද්ගෙයි මගෙයි නඩු දිනේ.අපි උසාවි යන්න ලෑස්ති වුනා.මේ දවස් ටිකේ මං හිටියේ ගිනි ගොඩාක් මැද්දෙ වගේ.

පැයක ගමනකින් පස්සෙ අපි සියලු දෙනාම උසාවි භූමියට ආවා.මං හිටියේ මරණයට ගෙනියන කෙනෙක් වගෙයි. පැයක් පමණ අපි සියලු දෙනාම උසාවි භූමියේ රැදී සිටියා.මං ගාවින් ප්‍රසාදුත් හිටියා.පෙරදින රාත්‍රියේ ඉදන් කාපු නැති නිසාද මන්දා මගේ ඔලුව කැරකෙන්න වගේ අරගෙන ඇගට පණ නැති වෙලා ගියා.එක්වරම මට ක්ලාන්තෙ ගතියක් දැනිලා මාව ඇදගෙන වැටෙන්න යද්දී ප්‍රසාද් මාව අල්ල ගත්තා.

මතු සම්බන්දයි

Advertisment