මං කෑ ගහගෙන දුවන්න හදනකොටම සනුජගේ මැරයො දෙන්නෙක් මාව ඇදලා අරන් වෑන් එකට දා ගත්තා.මං කොච්චර බේරෙන උත්සහ කරත් මට හෙල්ලෙන්නවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ.ලොකු ලේන්සුවක් වගේ රෙද්දකින් මගේ කට ගැට ගහලා ඒ මිනිස්සු මාව හෙල්ලෙන්නෙවත් බැරි විදියට අල්ල ගත්තා.
අනේ දෙයියනේ මොන අපරාධයක්ද මේ සිද්ද වෙන්නෙ?අනේ මුන් මාව කොහාටද මේ අරන් යන්නෙ😭😭වටේ පිටේ කිසිම දෙයක් මට පෙනුනේ නෑ.ටික වෙලාවක් යද්දී මට සිහිය නැති වෙලා තිබුනා.
ආයෙමත් මට සිහිය එද්දී මං හිටියේ කොහෙදෝ මන්දා ගෙදරක.කට ගැට ගහලා මං පුටුවක වාඩි කරවලා.මගෙ අත් දෙකම පුටුවට තියලා ගැට ගහලා. මට හොදටම බය හිතුණා.සනුජ මාව මෙහාට ගෙනාවේ අනිවාර්යයෙන්ම මං ධනුජත් එක්ක තියන සම්බන්දෙ නතර නොකරපු හින්දා වෙන්න ඇති.සනුජ කියන්නේ මොන ජාතියේ මිනිහෙක්ද කියලා දන්න හින්දා මගෙ ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තා.
අම්මයි අප්පයි අයියයි මාව හැම තැනකම හොයනවා ඇති.😭😭මගේ බෑග් එක ලග තිබුනු මේසෙ උඩ තිබුනා.කොහොම හරි අමාරුවෙන් උත්සහ කරලා කරලා මං අත් දෙකම ලිහාගත්තා.ඊට පස්සෙ කටත් ලෙහාගෙන ඉක්මනට මගෙ බෑග් එක ඇරලා ෆෝන් එක අරගෙන ධනුජට කෝල් එකක් ගත්තා.
“හෙලෝ අනේ ධනුජ මං සත්‍යා……..”
“ඇ…..ඇයි සත්‍යා ඔයා ගොඩාක් කලබලෙන් වගේ?මොකද වුනේ?………”
“අනේ ධනුජ හවස මං ගෙදර එද්දී ඔයාගෙ…..ඔයාගෙ අයියා මාව වෑන් එකක බලෙන්ම දාගෙන කොහාටද මන්දා අරන් ආවා.අනේ ධනුජ මාව බේර ගන්න……..”😭😭📲
“දෙයියනේ……මට කියන්න ඔයාව කොහාටද ගෙනාවෙ?……..”📲
“මං දන්නෑ ධනුජ මේ කොහෙද කියලා. මාව මෙහාට ගේද්දිත් සිහියක් තිබුනෙ නෑ.මේක කොහේහරි ගෙදරක්.මං ඉන්නෙ උඩ තට්ටුවක වගේ.අනේ මාව බේර ගන්න ධනුජ……..”😭😭📲
“ඔයා බය වෙන්න එපා සත්‍යා.මං ඉක්මනට ඇවිත් ඔයාව බේර ගන්නවා. මගෙ රත්තරංට මොකුත් කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෙ නෑ……..”📲
එහෙම කියලා ඉක්මනට ෆෝන් එක කට් කරා.අනේ දෙයියනේ මාව බේර ගන්න.මං හොදටම ඇඩුවා.ටික වෙලාවක් යද්දී කවුරු හරි දොර අරින සද්දයක් ඇහුනා. මං හැරිලා බලද්දී මං ඉස්සරහට ආවේ සනුජ.මගෙ පපුව වේගයෙන් ගැහෙන්නට වුනා.
“ආහ්…..තමුසෙ කොහොමද ලෙහා ගත්තෙ?……..”
“අනේ පින් සිද්ද සනුජ මට යන්න දෙන්න. මට කරදර කරන්න එපා.මං අහිංසක කෙල්ලෙක්…….”😭😭🙏
අඩ අඩා වැදගෙනම මං එහෙම කියද්දී සනුජ මහ හයියෙන් හිනා වුනා.මං අඩාගෙනම පිටිපස්සෙන් පිටිපස්සට ගියා.
“උඹට මගෙ මල්ලිත් එක්ක පව්ල් කන්න මං ඉඩ තියන්නෙ නෑ.මං දැනගෙන හිටියෙ නෑනෙ මගෙ නෑනා වෙන්න ආවෙ මේ වගේ ලස්සන කෙල්ලෙක් කියලා……..”
මනමාල බැල්මක් මුව රදවාගෙන හිනා වෙමින් මං දිහා බලාගෙන සනුජ එහෙම කිව්වා.ධනුජ ලගින් ලාවට වගේ මත්පැන් ගදක් මට දැනුනා.අනේ දෙයියනේ මාව බේර ගන්න කවුරුවත් නැද්ද😭😭ධනුජ අනේ ඉක්මනට එන්න.
ධනුජ කොහොම හරි ඉක්මනට මං ඉන්න තැන හොයා ගන්න.😭😭හෙලවෙන්නවත් බැරි විදියට මාව බිත්තියට හේත්තු කරගත්තු සනුජ මගේ දෙතොල් උමතුවෙන් වගේ සිප ගත්තා.කොයි තරම් උත්සහ කරත් මට ඒ හැඩි දැඩි දෑත් එක්ක ඔට්ටු වෙන්න බැරි වුනා.දගලලා දගලලා මං සනුජව අහකට තල්ලු කරා.කෝපයෙන් වියරු වැටී සිටි සනුජ අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.
“අනේ මට යන්න දෙන්න සනුජ.අනේ මට මොකුත් කරදරයක් කරන්න එපා දෙයියනේ……..”😭😭🙏
මං කියපු දේවල් කනකටවත් ගත්තෙ නැති සනුජ මගෙ කොණ්ඩෙන් ඇදලා මාව ඇදට තල්ලු කරා.සනුජගෙන් මට සිද්ද වෙන්න යන විපැත්තිය දැනිලා මං කෑ ගහලා ඇඩුවා.😭😭මගේ පපුව ගැහෙන සද්දෙ පිටටත් ඇහෙන්න ඇති. ඇද හුන් කමිසයේ බොත්තම් ගලවමින් මා දෙසට පියමැන්න සනුජ මගේ දෙතොල් වලට බර වුනා.සනුජගෙන් මිදෙන්න මං උත්සහ කරත් මට ඒක කරගන්න බැරි වුනා.
“අනේ මාව අතාරින්න සනුජ.අනේ මේ අපරාදෙ කරන්න එපා දෙයියනේ.අනේ මාව බේර ගන්න…….”😭😭
මං කොයි තරම් කෑ ගැහුවත් කවුරුවත් ආවෙ නෑ මාව බේර ගන්න.මං ඇදලා හිටපු බ්ලව්ස් එක සනුජ කෑලි කෑලි වලට ඉරුවා.
“අතෑරපං යකෝ ඔය කෙල්ලව…….”😡😡
එකපාරටම මහ හයියෙන් ලගින්ම ඇහුනු ඒ සද්දෙත් මගේ ඇග උඩ හිටපු සනුජව කවුරුහරි ඇදලා අරන් බිම වැටෙන්න ගැහුවා.දෙයියනේ ධනුජ😱😱නිරුවත් ලමැද දෑතින්ම වහගෙන මං අඩාගෙනම ධනුජ ගාවට ගියා.ධනුජ මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා.
“ඔයාට මොකුත් කරදරයක් වුනේ නෑනෙ රත්තරං……..”
දෝතින්ම මගෙ කම්මුල අල්ලගෙන ධනුජ එහෙම ඇහුවා.මං නෑ කියලා හිස දෙපැත්තට වැනුවා.
“ශික්….මට හරිම ලැජ්ජයි තමුසෙ මගෙ සහෝදරයා කියන්නත්.මේ කෙල්ලට මොනවා හරි කරදරයක් කරලා තිබ්බා නම් මං උඹව ඉතුරු කරන්නෙ නෑ……..”😡😡
ධනුජ සනුජට හොදටම බැන්නා.සනුජ මං දිහා තරහෙන් පුපුරා පුපුරා බලන් හිටියා.
“අනේ මාව ගෙදර ගිහින් දාන්න ධනුජ……..”😭😭
ධනුජ එයා ඇදන් හිටපු ජැකට් එක ගලවලා මට ඇන්දෙව්වා.ඊට පස්සෙ මාවත් එක්කරගෙන ඒ ගෙයින් එලියට ඇවිත් කාරෙකට නැග්ගා.
“ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා ධනුජ මගෙ ජීවිතේ බේර ගත්තට……..”🙏🙏
ධනුජ කාරෙක පාරෙ අයිනක නැවැත්තුවා.ඊට පස්සෙ මගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.
“මං ජීවත් වෙලා ඉන්නකල් ඔයාට කාගෙන්වත් කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ සත්‍යා……..”
“මට බයයි ධනුජ……..”😭😭
ධනුජගේ ඔඩොක්කුවේ මුහුණ හොවාගෙන මං ඇඩුවා.ධනුජ පාත් වෙලා කදුලු වලින් පෙගුනු මගෙ මුහුණ සිප ගත්තා.ඊට පස්සෙ මගෙ ඔලුව අත ගෑවා.
“අඩන්න එපා සත්‍යා.ඔයාට මං ඉන්නවා මැණික.පොඩ්ඩක් ඉන්නකෝ……..”
ඊට පස්සෙ කෙලින් ඉදගෙන මං සීට් එකට හේත්තු වුනා.කාරෙක ටික දුරක් පදවගෙන ගිය ධනුජ ලොකු රෙදි සාප්පුවක් ලග කාරෙක නතර කරලා මට ටිකක් ඉන්න කියලා ඒක ඇතුළට ගියා. විනාඩි පහලොවක් විතර ගියාට පස්සෙ මොකක්ද මන්දා පාර්සලයක් අරගෙන ධනුජ කාරෙක ලගට ඇවිත් දොර ඇරියා.
“සත්‍යා….මේ ඇදුම ඇද ගන්න.ඉක්මන් කරන්න………”
එහෙම කියලා ධනුජ එලියෙන් හිටියා.මං කාරෙක ඇතුලෙ ඉදන්ම ඇදුම් මාරු කරගත්තා.
“අපි යමු ධනුජ.ඔයා මාව ගේ ගාවින් දාන්න……..”
ධනුජ කාරෙක නිවාස සංකීර්ණයේ ගේට්ටුව ලගින්ම නතර කරා.
“මාත් එන්න ඕනිද?……..”
“එපා ධනුජ.අප්පා ඔයාටත් බනී.මං යන්නම්……..”😥😥
“හා මැණික.පරිස්සමින් යන්න…….”
මං ඉස්සිලා ධනුජගේ නලල සිප ගත්තා. ඊට පස්සෙ කාරෙකෙන් බැහැලා ගේට්ටුව ඇරගෙන පඩිපෙළ නැගලා ගේ ඇතුලට ආවා.අම්මයි අප්පයි අයියයි තුන් දෙනාම සාලෙ හයියෙන් කතා කර කර හිටියා.
“සත්‍යා……..”
“අනේ අම්මා…….”😭😭
“මගෙ දුවේ ඔයා කොහෙද ගියේ?අපි ඔයාව නැතුව මොන තරම් බයෙන්ද හිටියේ?මේ මහ රෑ වෙලා අපි ඔයාව හැම තැනකම හෙව්වා……..”😢😢
මාව තුරුල් කරගෙන අම්මා එහෙම කිව්වා.අඩ අඩාම වෙච්චි දේවල් සේරම කිව්වා.
“අනේ සත්‍යා….පුතේ ඔයා හොදින් නේද?…….”
“ඔව් අප්පා.හොද වෙලාවට ධනුජ ආවෙ. නැත්නම් මට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ……..”😢😢
මතු සම්බන්දයි